Watch Trailer

Aby (2017) Sinhala Subtitles | සිහිනය පසුපස පියඹමින්..! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න තවත් අලුත්ම මලයාලම් ෆිලුමක් අරගෙන මම ඉක්මනින්ම ආවා.මේක අයිතිවෙන්නේ Comedy Drama ප්‍රභේද වලට.ඇත්තටම Comedy ප්‍රභේදයට අයත් වුනාට මේක බොහොම සංවේදී ලස්සන කතාවක් තියෙන චිත්‍රපටයක්.ඒක නිසා බොහොම ආසාවෙන් එක දිගට බලන්න පුළුවන් වෙයි.ඒ වගේම ෆිලුමෙන් ලොකු බල ගැන්වීමක් ලබා දෙනවා කියලා කියන්න පුළුවන්. ඒ නි…

ඔන්න තවත් අලුත්ම මලයාලම් ෆිලුමක් අරගෙන මම ඉක්මනින්ම ආවා.මේක අයිතිවෙන්නේ Comedy Drama ප්‍රභේද වලට.ඇත්තටම Comedy ප්‍රභේදයට අයත් වුනාට මේක බොහොම සංවේදී ලස්සන කතාවක් තියෙන චිත්‍රපටයක්.ඒක නිසා බොහොම ආසාවෙන් එක දිගට බලන්න පුළුවන් වෙයි.ඒ වගේම ෆිලුමෙන් ලොකු බල ගැන්වීමක් ලබා දෙනවා කියලා කියන්න පුළුවන්. ඒ නිසා අනිවාර්යෙන්ම මේකත් බලන්න කියලා මුලින්ම ආරාධනා කරනවා!

එබී කියන්නේ විශේෂ අවශ්‍යතා තියෙන ළමයෙක්.ඒත් මෙයාගේ හැසිරීම  සාමාන්‍ය ළමයින්ගෙන් ලොකු වෙනසක් නෑ .මෙයාට පොඩි කාලේ ඉඳලම ලොකු හීනයක් තියෙනවා.ඒ කවදාහරි දවසක අහසේ පියාඹන්නයි,තමන් විසින්ම ගුවන් යානයක් හදන එකයි.ඉතින් මෙයාගේ රෝගී තත්ත්වයත් එක්ක මෙයා පොඩි කාලේදි  ගස් වලින් තාප්ප වලින් පැනලා පියාඹන්න උත්සාහ කරනවා.එබී සාමාන්‍ය වයසේදී කතා නොකරන නිසා එයාගේ දෙමව්පියෝ හිතන්නේ එයාට කතා කරන්න බෑ කියලා.ඒත් වෛද්‍යවරුන්ගේ මඟ පෙන්වීමත් යටතේ මෙයාව විශේෂ පාසලකට දාලා උගන්නවා.මේ අතර මෙයා ටිකෙන් ටික කතා කරන්න හුරුවෙනවා.මෙයාට මුලින් කිසිම යාලුවෙක් නෑ .මෙයාගේ අම්මා තමයි හැම දේකදිම මෙයා ගාව ඉන්නේ.එබීත් තමන්ගේ අම්මට ගොඩක් ආදරෙන් ඉන්නවා.එබීගේ තාත්තා වැඩ කරන්නේ රක්ෂණ සමාගමකට.එයා එබීගේ ආබාධය වාසියකට අරගන්න එයාවත් තමන් එක්ක වැඩට අරගෙන යනවා.එක දවසක් තාත්තගේ ලියකියවිලි වගයකින් එබී කඩදාසි රොකට් හදලා යවනවා.ඒකෙන් තාත්තට හුඟක් තරහා ගිහින් එයා එබීට හොඳටම සැර වෙනවා.එතැනදී මැදිහත් වෙන එබීගේ අම්මට තාත්තා හොඳටම ගහනවා.ඉතින් මින් පස්සේ සිද්දවෙන සිද්දියත් එක්ක එබීගේ ජීවිතය ගොඩක් වෙනස් වෙනවා.

ඇයි එහෙම එබීගේ ජිවිතය වෙනස් වෙන්නේ? එබී තමන්ගේ හීනය කොහොම ඉටු කරගනියිද? මේකෙදි එයා වටේ ඉන්න අය එයාට කොහොම බලපායිද?විශේෂ දරුවෙක් කියලා හැඳින්වුණු එබීගේ ඉරණම කොහොම විසඳෙයිද? මේ දේවල් බොහොම සංවේදී විදියට ෆිලුමේ සටහන් වෙලා තියෙනවා.

ඇත්තටම මේ ෆිලුමේ ප්‍රචාරක පටය බලලා හිතාගෙන හිටියේ මේක බලන්න ඕනේ නෑ කියලා.ඒත් කිහිපදෙනෙක්ම මේකට උපසිරැසියක් ඉල්ලලා තිබ්බ නිසා අන්තිමට ෆිලුම බැලුවා.එතකොටයි තේරුනේ මේක මඟ ඇරුනනම් අපරාදේ නේද කියලා.ඔය විදියටයි ටිකක් පරක්කු වෙලා හරි උපසිරැසිය හැදිලා මෙහෙම පළවෙන්නේ.මං හිතන්නේ අනිත් ලස්සන මලයාලම් ෆිලුම් වලින් වගේම සුන්දර අත්දැකීමක් ඔයාලට මේකෙන් ලබාගන්න පුළුවන් වෙයි.මේකේ බොහොම ලස්සන ගීත පහකුත් ඇතුලත් වෙනවා.ඒ වගේම මේකෙන් ජීවිතයට දෙයක් එකතු කරගන්නත් පුළුවන් වෙයි.ඒ නිසා දෙපාරක් නොහිතා මේක බලන්න කියලා ආයෙත් ආරධනා කරනවා! ඒ වගේම සබ ගැන අදහසකුත් පල්ලෙහායින් දාගෙන යන්න!

තවත් ෆිලුමකින් ආයෙත් හමුවෙමු.එතෙක් ඔබට ජය!

NEW

Aby (2017) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 TamilRockers.im – ABY (2017) Malayalam DVDRip x264 500MB ESUBS
TamilRockers.im – ABY (2017) Malayalam DVDRip x264 700MB ESUBS

ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

1,510 downloadsDownload ABY-2017.zip106 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/01/TharinduRRasanga1-e1485642059118.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තරිඳු රසාංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitles by

තරිඳු රසාංග

Subtitles

1,510 downloadsDownload Subtitles106 KB

23 comments

  1. thisal

    හොදම story නම් ඉතින් මලයාලම් තමා තැන්ක්ස් මචන්

  2. එල්.සී. දමැල්

    බොහොම ස්තුතියි සහෝ උපසිරසට.. බලන්නනම් දැන් ෆිල්ම් තොගයක්ම ගොඩගැහිලා :( ඔන්න මේකත් Download කරගන්නව Free වේලාවක බලන්න...

  3. Palitha de Silva

    බොහොම ස්තුතියි....

  4. Nelson

    Good Work Friend, Thanks!

  5. Kantha_DLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    -----ස්තූතියි-----

  6. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  7. Chalana

    thnx bro...

  8. SPD

    බොහොම ස්තුතියි සහෝ උපසිරසියට. ෆිලුම බාගන නම් ගොඩක් දවස්. සිංහල සබක් එක්කම බලන්න හිතාගන බැලුවේ නෑ. හැමදාම කියනවා වගේ අදත් කියන්න තියෙන්නේ මලයාලම් නම් තරිඳු රසාංග කියලා තමයි. ජයවේවා සහෝ..!

  9. Kulanjana Maduranga

    niayamai…malayalam nm aniwa balanawa.thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  10. ආසිරි ප්‍රියන්ත (හේවා)

    මටත් ලගකදී ඉදලා දැනගන්න ලැබුනා මලයාලම් බදු සුපිරියි කියලා.
    දෙක තුනක්ම බැලුවා. සුඔඉරියි නේන්නම්.
    මේකත් ඔන්න බලන ගොඩට දාගත්තා.
    අනික කොමඩියෙන් පණිවිඩ දෙන ෆිල්ම් සුපිරියි.
    සබට තැන්ක්ස් හොදේ. මෙන්න ගන්නවා.

    1. Imesh Akalanka

      mata torrent link eka denawada?

    2. SPD

      E218AD197583FF875D4972559EABB6F54551C650

  11. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ!
    ජය වේවා!
    බුදු සරණයි!

  12. සචින් කෙවින්

    මලයාලම් තියා ටීවී එපියක් බලන්නෙත් බොහොම අමාරුවෙන්. සෙකන්ඩ් ශයි මගුලක් නිසා. හොඳ ලිපියක් දීලා තියෙනවා. ඒක නිසා රෑකට හොරෙන් හරි බලන්න ඕනි. බොහොම ස්තුතියි සහෝ සබට :) දිගටම කරගෙන යමු. එල.

  13. SPD

    පුංචි ඉල්ලීමක් කරලා යන්න තමයි ආයෙත් මේ පැත්තට කොමෙන්ටුවක් දාන්න ආවේ. මේ ෆිලුමත් මම ඉල්ලුවා. ඒ ඉල්ලීමට ගරු කරලා මේක අපිට ලබා දුන්නට නැවත වරක් ස්තුතියි. පුලුවන්නම්Two Countries(2015) ෆිලුමටත් සබක් දෙන්න බලන්න. සුපිරිම කොමඩියක් මේක.. බොහොම ස්තුතියි.
    ජය වේවා...!

  14. Tharaka

    ෆිල්ම් එක දැනුයි බලලා ඉවර වුනේ. හරිම ලස්සනයි. ඉතින් නරඹලා ඉවර වුනාම කමාන්ටුවක් කොටන්නම හිතුනා. ඇත්තටම අපගේ ජීවිත වලට මෙවැනි සිනමාපට තුලින් කෙතරම් දේවල් ඉගෙනගන්න තියනවාද කියා මට සිතෙනවා. මම ලඟදී බයිස්කෝප් එකෙන් දැක්ක හොඳම ෆිල්ම් එක මේකයි කියලාත් කියන්න පුළුවන්. ඉදිරියටත් මේ වගේ හොඳ, අර්ථාන්විත චිත්‍රපට වලට සබ් ලබා දෙන්න සහෝ. සිංහල උපසිරැසියට නැවතත් ගොඩාක් ස්තූතියි! ජයවේවා! බුදු සරණයි!

  15. D.Chamara

    bohoma sthuthi sahooo

  16. Mahesh

    wenasma widihe film ekak
    malayalam ewa kohomath ehemane
    ekane api balannath asa
    tawath lassana malayalam film walata sub karanna
    bohoma sthuthi...!!!
    jaya wewa !!!

  17. Krishan Madusanka

    මෙතෙක් ඔයාල උපසිරැසි ගන්වපු මලයාලම් ෆිල්ම් කොහොමද ගන්නේ

    1. තරිඳු රසාංග

      baiscopedownloads.com සයිට් එකෙන් ලේසියෙන්ම ගන්න පුළුවන් සහෝ,එහෙම නැත්නම් මේ හැම ෆිලුමක්ම වගේ තියෙනවා tamilrockers.lv එකේ.

  18. Bandara 1976

    මේ වගේ හොඳ චිත්‍රපට වලට සබ් ලබා දෙන්න සහෝ. සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි! ජයවේවා!

  19. sgdm

    Thanks......good luck!

  20. නිමල් දිසානායක

    දුක හිතෙන, මිනිස්කම පිරුණු ෆිල්ම් එකක්.
    බාගෙන ගොඩක් කල්. ගබඩාවේ තියාගෙන ඉනදලා ,බලලා- බලලා එක දවසකම තමයි ෆිල්ම්ස් ගොඩකට කමෙන්ට්ස් දමන්නේ. ඒකයි පරක්කු වෙන්නේ. මගේ බ්ලොගයත් ලියන්න තියෙන නිසා. ස්තුතියි තරිඳු.
    තව හොඳ ෆිල්ම්ස් ගොඩකට සබ්ස් දෙන්න!