මගේ නම, වරුන්. වෘත්තියෙන් කෝකියෙක්. ගොඩක් දෙනෙක් කියනවා මගේ කෑම රසයි කියලා. ඒ වගේම, ගොඩක් දෙනෙක් එනවා මගේ කෑම කාලා යන්න. මොකද, මං ටිකක් විශේෂ පුද්ගලයෙක්. ඒ කිව්වේ, මගේ ඇස් දෙකම පේන්නේ නැහැ. උපතින්ම නම් නෙමෙයි. අවුරුදු පහළොවේදී, හදිසියේම මගේ පෙනීම නැතිවෙලා ගියා. එදා ඉඳන්, අවුරුදු දහයක් තිස්සේ, අන්ධක…
මගේ නම, වරුන්. වෘත්තියෙන් කෝකියෙක්. ගොඩක් දෙනෙක් කියනවා මගේ කෑම රසයි කියලා. ඒ වගේම, ගොඩක් දෙනෙක් එනවා මගේ කෑම කාලා යන්න. මොකද, මං ටිකක් විශේෂ පුද්ගලයෙක්. ඒ කිව්වේ, මගේ ඇස් දෙකම පේන්නේ නැහැ. උපතින්ම නම් නෙමෙයි. අවුරුදු පහළොවේදී, හදිසියේම මගේ පෙනීම නැතිවෙලා ගියා. එදා ඉඳන්, අවුරුදු දහයක් තිස්සේ, අන්ධකාරය විසින් මගේ ජීවිතය ගිලගෙන ඉන්නවා. දෑස් නොපෙනුනත්, අවට පරිසරය ගැන හොඳ අවබෝධයක් මට තියෙනවා. විශේෂයෙන්ම, දෑස් අන්ධතාවයෙන් පසුව, ශබ්ද හඳුනාගැනීමට සහ ගඳ/සුවඳ පිළිබඳව සුවිශේෂී අවබෝධයක් මට උරුම වෙලා තියෙනවා. මේ නිසාම තමයි, නගරයේ ඉන්න හොඳම කෝකියා විදියට හැමදෙනාගේම කීර්ති ප්‍රශංසා පවා හිමිවුණේ.
දවසක්, නොසිතූ වෙලාවක, නොසිතූ විදියේ අමුත්තියක්, මගේ අවන්හලට එනවා. ටිකෙන් ටික මාත් එක්ක හිතවත් වුනු මේ නාදුනන අමුත්තිය, වැඩි කාලයක් නොගොස්ම, මගේ හදවත මගෙන් උදුරගන්නවා. නමින් කියනවා නම්, දීපා. දෑස් නොපෙනෙන නිසාවෙන් දැකගැනීමට නොහැකි වුනත්, මටත් දීපා නොමැතිව මොහොතක් හෝ සිටීමට නොහැකි තත්වයක් ඇතිවෙනවා.
ටික දවසක් ගතවෙද්දී මට තේරුනා දීපා ටිකක් අමුතු වෙලා කියල. මගේ බලවත් පෙරැත්ත නිසාම එයාට ඇතිවෙලා තියෙන ප්‍රශ්නය ගැන, එයා මාත් එක්ක කිව්වා. මං පොරොන්දු වුනා, මට පුළුවන් විදියට එයාට උදව් කරන්නම් කියල. නමුත්, ඒ පොරොන්දුව මට කවදාවත් ඉෂ්ඨ කරන්න ලැබුනේ නැහැ. මට, හදිසි අනතුරක් වෙනවා. අනතුර වෙලා, සුමාන තුනකට පස්සේ තමයි මට සිහිය එන්නෙ. සිහිය එනකොටම අහන්න ලැබුනේ සුභ ආරංචියක්. මට, නැවත පෙනීම ලබාදෙන්න, දොස්තර මහත්වරුන්ට පුළුවන්ලු. ඒ නිසා, මට සිහිය නැතිව හිටපු කාලයේදීම, මගේ දෙමව්පියන්ගේ අවසරය ඇතුව, මට අක්ෂි ශල්‍යකර්මයක් කරලා තිබුනා. අවුරුදු දහයකට පස්සේ, ලෝකය දිහා ඇස් ඇරලා බලන්න මට පුළුවන්කම ලැබුනා. හිනාවෙන්නද, නැත්නම් කෑගහලා අඬන්නද කියලා මට හිතාගන්න බැරිවුණා. ඒත් එක්කම මට මතක්වුනා, මගේ ආදරණීය දීපා. මං, එයාට උදව් කරනවා කියලා වෙච්ච පොරොන්දුව.
ඒත් දෙයියනේ, මං කොහොමද දීපව හොයාගන්නෙ. එයාගේ ෆොටෝ එකක්වත්, ලිපිනයක් වත්, කිසිම විස්තරයක් තිබුනේ නැහැ. එයාගේ, දුරකථන අංකය වැඩ කලෙත් නැහැ. කොච්චර හෙව්වත්, දීපා කියන්නෙ කවුද කියලා හොයාගන්න බැරිවුනා. දීපා කියන්නේ, මගේ හිතේ මවාගත්ත මායාවක්ද? මට, මාවම රුස්සන්නේ නැතිව ගියා. මං තුල කලින් ඉඳපු, සරල පුද්ගලයා නැතිවෙලා ගියා.
දීපාගේ මතකය අමතක කරලා, හිත හදාගන්න ටික කාලයක් ගියා. ඒත්, ඔන්න එතකොටම ආයෙත් නාදුනන පුද්ගලයෙක් මගේ අවන්හලට ආවා. හිතන්න පුලුවන්ද කවුද කියලා? දීපාගේ තාත්තා. මගෙන් ඉල්ලුවේ එකම එක දෙයයි. ‘දීපාව පැහැරගෙන ගිහිල්ලා, පුළුවන්කමක් තියෙනවා නම්, එයාව බේරලා දෙන්න..’ කියලා. දෙවතාවක් නොහිතා, උදව් කරන්න මං ඉදිරිපත් වුනා. මේ නිසාම, යළිත් කවදාවත් නිවැරදි කිරීමට අපහසු වරදක් වෙනවා. මගේ මුළු ජීවිතයම, ඇසිපිය ගසන ක්ෂණයෙන් උඩි යටිකුරු වී යනවා. අගක් මුලක් තේරුම් ගන්න බැරි උගුලකට මාව අහුවෙනවා.
මෙම වංකගිරියෙන් මිදීමට ඇත්තේ එකම එක මාර්ගයක් පමණයි. මේ අභිරහස විසඳීම. අතිශය සංකීර්ණ ලෙස පැටලුණු නූල් බෝලයක් බඳුවූ අභිරහසක්, පියවරින් පියවර විසඳමින්, මම ගැටළුවේ අභ්‍යන්තරයටම ගමන් කළා. අවසානයේ, දෑස් අදහාගත නොහැකි පිළිතුරක් මට ලැබුණා. මාව විශ්වාස කරන්න, මගේ කතාව ඇහුවොත් නම්, කවදාහරි කාටහරි උදව්වක් කරන්න කලින්, ඔයාලත් දෙපාරක් සිතා බලාවි. මොකද, ඒ තරම් ගැඹුරු අගාධයක තමයි මාව වැටුනේ. එහෙනම්, මාත් එක්ක එකතුවෙන්න…අගක් මුලක් තේරුම් ගත නොහැකි, සිත ව්‍යාකූල කරවන, අතිශය ගැඹුරු අභිරහසක් විසඳීමට මට සහය වෙන්න.
Action සහ Thriller යන ලේබලය යටතේ, 2017 වර්ෂයේ ජනවාරි මස 13 වෙනි දින තිරගතවීම අරඹමින්, Imdb දර්ශකයේ 8.2 ක ඉහලම අගයකින් සමන්විත වන අනගි සලරුවක්…සම්මානනීය නළු, Kalaiyarasan සහ Janani Iyer, Shivada යන නිළියන්ගේ ප්‍රධාන රංගන දායකත්වයෙන් හැඩ වැඩ ගැන්වුණු චිත්‍රපටයක්… මීට ප්‍රථම ඔබ වෙත තිලිණ කරන ලද, Dhuruvangal Pathinaaru (2016) චිත්‍රපටය මෙන්ම, දමිළ සිනමාවෙන් බිහිවූ ඒ හා සමාන තවත් විශිෂ්ට සිනමා නිර්මාණයක් …සෙනෙහෙ සිතින් සියළු දෙනා වෙත පිදීමට, අවසරයි සියළු බයිස්කෝප් රසික රසිකාවියන්ගෙන්….
Due to copyright issues, we do not provide any torrent links.
www.TamilRockers.mx – Adhe Kangal (2016)
ලබා දී ඇති උපසිරසි සියලුම HDRip පිටපත් සඳහා අදාළ වේ.
6,773 downloadsDownload Adhe-Kangal-2017.zip69 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/05/SisilaPrasad.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිසිල ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සිසිල ප්‍රසාද්
Subtitles
43 comments
Global
thisal
උපසිරසියට ස්තුතී
අනුෂ්ක දිල්ශාන්
thank u bro
Nirodha uthpala
Sisila aiiyage nam mona katada thx for sub aiyaaa digatama demu obata jaya
Kantha_DLA
නිරතුරුවම අලුත්ම චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙන ඔබට
.............. මාගේ ප්‍රණාමය........
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
-----ස්තූතියි-----shasith sandaruwan
උපන් දිනය දවසෙම දුන්න උපන්දින තෑග්ගට බොහොම ස්තූතියි.
ඒ වගේම සුභ ම සුභ උපන්දිනයක් වේවා සිසිල සහෝ...
දිගටම සබ් දෙමු ආ...
ඉක්මනටම පළමු කඩඉම පාස් කිරීමට හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
ඔබට ජය!Sohan jayasooriya
Thanx aiye sub ekata
Prabodha Madhusankha Hettiarachchi
Thank u bro sub ekata....
Chalana Rukshan
thnx bro...
chanaka jayasuriya
thanks bro sub ekata jayawewa
maheshbabu
ela bro......wenada wagema oya denne suppa movie
Thili
aiye ouage sub ekak nam aniwa balanawa.oua denne patta film ne.gd luck aiye.ohoma yan api balan innawa tawa patta fipm denakam.
Chamara
Pubudu Dilranga
ජයවේවා මචන් දිගටම ඔහොම යමු :*
ටැමිල්,තෙලිගු ෆිල්ම් තව දානවනම් පට්ට :)Tharaka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
ජය වේවා!
බුදු සරණයි!pasindu
සබට ස්තූතී.........................!
තව පට්ට තෙලිඟු,ටැමිල් ෆිල්ම් දාමු සහෝ.......................!Kulanjana Maduranga
niayamai…thanks SISILA saho..sub ekata..digatama sub demu.jaya wewa……
Wajira Buddhika
උප සිරසට තුති..............ජය වේවා!!!!!!!!
Palitha de Silva
thankyou verymuch..
Menu
Thank you
එල්.සී. දමැල්
ස්තුතියි සිසිල!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
LAKSHAN
thankz bro, apa wenuwen karana mehewarata ...............jayen jaya.....thawa thawath sub apa wenuwen laba deemata obata shakthiya diarya labewa............
D.Chamara
බොහොම ස්තුතියි සහෝ.......
Kithsiri Rathnayaka
Thank You!
SUDAM_ST
ELMA AAAAAAAAAAAAAAAA.
Chami.S
Thanks...
පුබුදු
Bogan ෆිල්ම් ඒකටයි Ennodu Vilayadu ෆිල්ම් ඒකටයි උපසිරැසි දෙනවද
kalpa
ela machan meka patta. machan Bogan ekatai Ennodu Vilayadu ekataith Sub denna puluwanda ?
laKMal
Niyami niyamai................. Bogan akath one habai
Gayan
Sub ekata thank's saho. Jayawewaa!
Nuwan
ai me film eka download karanna denne naththe.? sub eka witharaine download karanne denne
dilan lakmal
Thanks bro.ada thama gatte film eka.pattaa ekak wenna ethi kiyala hithenawa.ela
nirosha
samaanya tamil film walin wenasunu niyama film ekak. ewara wenakan eka husmata balanna puluwan.
mekata sub dipu ekata thanks. happy new year 2017lakshan
බොහොම පිං සහෝදරයා
kasun sandaruwan
:-) :-) :-) :-)
සබට ස්තූති!
ජයින් ජෙයම වීවා
:-) :-) :-) :-)asitha
elama saho thanks
malith
Ela ela
Chamantha harsha
THanks
chathurangi93
kalekin hoda film1k labuna kyla hitenawa. niyamai. Thankz
Juanluis
Thank
සාරංග ජේ. ලියනගම
Thanks
Anonymous
thanks
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

උපසිරසියට ස්තුතී . ඔබ ඇතුළු Baiscop සැමට ජයෙන් ජය..!