Watch Trailer

Gold (2016) with Sinhala Subtitles | රත්තරන් සොයා [සිංහල උපසිරසි සමඟ]

හායි කස්ටිය.. කොහොමෙයි ඉතින්. ඔන්න එහෙනම් සචියා නැවතත් කරලියට පැමිණෙන්නයි මේ සූදානම. කොටින්ම කිව්වොත් ඉතින් මේ තමයි මම මේ අවුරුද්දෙ ෆිලුමකට කරන පලවෙනි උපසිරසිය. ඉතින් මේකට සබ් එක කරෙත් සෑහෙන්න අමාරුවෙන්. මොකද විභාග වැඩ නිසා වෙලාවක් හොයාගන්න එක පිදුරු ගොඩෙන් ඉදිකට්ටක් හොයාගන්නව වගේ වැඩක්. ඒ වගේම කිය…

GOLD 2016

හායි කස්ටිය.. කොහොමෙයි ඉතින්. ඔන්න එහෙනම් සචියා නැවතත් කරලියට පැමිණෙන්නයි මේ සූදානම. කොටින්ම කිව්වොත් ඉතින් මේ තමයි මම මේ අවුරුද්දෙ ෆිලුමකට කරන පලවෙනි උපසිරසිය. ඉතින් මේකට සබ් එක කරෙත් සෑහෙන්න අමාරුවෙන්. මොකද විභාග වැඩ නිසා වෙලාවක් හොයාගන්න එක පිදුරු ගොඩෙන් ඉදිකට්ටක් හොයාගන්නව වගේ වැඩක්. ඒ වගේම කියන්න ඕන මම කරන්න හිටපු තවත් ෆිලුමක් වෙලාව නැති නිසා වෙනස් සහෝදරයෙක්ට කරන්න බාර දෙන්න වුණා…ඒකත් ඔයාලට ලගදිම හම්බවේවි. හරි ඉතින් මගේ බයිල ඇති. යමුකො එහෙනම් කතාව ගැන කියන්න…

ඉතින් 2017 ජනවාරි 27 වෙනිද ඇමරිකාව ඇතුලු ලොව පුරා විකාශය වෙන්න පටන්ගත්ත මේ සුපිරි ෆිලුම අධ්‍යක්ශණ්‍ය කරල තියෙන්නෙ Syriana (2005) ,Havoc (2005) වගේ සුපිරි චිත්‍රපටි රැසක්ම අධ්‍යක්ශණ්‍ය කරල තියන  Stephen Gaghan. ඉතින් මේ ෆිලුම දැනට ලබාගෙන තියන ආදයම අමරිකානු ඩොලර් මිලියන 7.1ක්. ඒ වගේම ඉතින් කියන්න ඕන මේකෙ ප්‍රධනාම චරිතය වන Kenny Wells කියන චරිතයට රංගනයෙන් දායක වෙන්නෙ Interstellar (2014), The Wolf of Wall Street (2013) වගේ සුපිරි චිත්‍රපටිවලට රංගනයෙන් දායක වුණ සුපිරි නලු Matthew McConaughey. ඒ වගේම ඉතින් මේකෙ තවත් ප්‍රධාන චරිතයක් ඉන්නව. ඒ තමයි Michael Acosta. Edgar Ramírez කියන කෙනා තමයි ඒ චරිතයට පණ පොවන්නෙ. ඒ වගේම ඉතින් ඔයාල කවුරුත් දන්නව ඇතිනෙ Jurassic World (2015) චිත්‍රපටියෙ ප්‍රධාන නිලිය විදිහට රංගනයෙන් දායක වුණ සුපිරි නිලි Bryce Dallas Howard. ඉතින් එයාම තමයි මේ චිත්‍රපටියෙත් කේ කියන ප්‍රධාන නිලියට රංගනයෙන් දායක වෙන්නෙ. ඔය විස්තර කිව්වට අමතක උනානෙ මේ ෆිලුම Adventure, Drama, Thriller ගණයට අයත් වෙනව වගේම IMDb අගය 6.5ක් තියනව කියල කියන්න. ඒ වගේම ඉතින් ඔයාලට MCU එකේ Ant-Man (2015) ෆිලුමෙ  Darren Cross කියන චරිත ක ඇතිනෙ. අන්න ඒ චරිතයට පණ පොවපු Corey Stoll කියන සුපිරි නලුවත් අපිට මේකෙ දි මුණ ගැහෙනව Brian Woolf විදිහට. දැන්නම් ඉතින් මේ විස්තර කියනකොට කස්ටියට මේ ෆිලුම අනිවාර්යෙන්ම බලන්න හිතිල ඇති….

ඉතින් කතා සාරාංශයට පොඩ්ඩක් ගිහින් බැලුවොත් මේකෙ ප්‍රධාන චරිතය වෙන කෙනී කියන්නෙ එයාට පරම්පරාවෙන් උරුම වෙච්ච පතල් කර්මාන්ත ආයතනයක අයිතිකාරයෙක්. කොටින්ම කිව්වොත් ගොඩක් උත්සාහවන්ත මනුස්සයෙක්. ඉතින් මෙයාට සල්ලි ප්‍රශ්න නිසා ගොඩක් බාධා තියනව දියුණු වෙන්න. අපි කාටත් බාධා තියනවනෙ ජීවිතේ ඉස්සරහට යනකොට. මේ අතරෙ මෙයාට මුණ ගැහෙනව දක්ශ භූ විද්‍යඥයෙක් වන Michael Acosta කියන කෙනාව. ඉතින් එයා පතල් සම්බන්ධව විශේෂ හැකියාවන් තියන කෙනෙක්. ඉතින් මේ දෙන්න හවුල්කාරයො විතරක් නෙවෙයි හොදම යාලුවො. ඉතින් මේ ජෝඩුව ඉන්දුනීසියාවෙ තවම සීමා මායිම්වත් ලකුණු නොකල භූමියක පතලක් හොයාගෙන යනව. ඉතින් අපේ භාශාවෙන් කිව්වොත් ඉන්දුනීසියාවෙදි මේ අය සෑහෙන්න කට්ටක් කනව මේ පතල හොයාගන්න. ඉතින් අවසානෙදි එයාලට මේ පතල හමුවෙනව. ඒ වගේම එයාල දියුණු වෙනව. ඒ වගේම කේ කියන්නෙ කෙනීගෙ පෙම්වතිය. ඒත් එකපාරටම එයාල දියුණු උනාට එයාලට ආපහු බාධාවන් එන්න පටන්ගන්නව මේ ව්‍යපාරයට. ඒත් ඉතින් එයාල මේ සෙල්ලම ලේසියෙන් අතහරියිද?????ඒත් ඉතින් මේ කතාවෙ හිතාගන්න බැරි අවසානයක් තමයි තියෙන්නෙ.සේරම කතාව කියන්න ගියොත් නිකන් හරි නෑ වගේ. එහෙනම් ඉතින් මේ සුපිරි ෆිලුම ඔයාලටම බලන්න කියල ආරාධනා කරනව.

ඒ වගේම කියන්න ඕන බ්ලූරේ කොපියක් ආවම ඒකටත් ඉක්මනටම සබ් එක අප්ඩේට් කරල දෙන්නම්. ඉතින් මගේ මේ උපසිරසියයි තව උපසිරසි දෙකකුයි ඉදිරියෙදි එන්න තියනව. ඒවයින් පස්සෙනම් ඉතින් මම පොඩ්ඩකට උපසිරසි නිර්මාණකරණයෙන් ඈත් වෙනව. වෙන හේතුවක් නිසා නෙවෙයි. මගේ විභාග වැඩ නිසා. ඒත් ඉතින් මම මේ ලිපියත් අවසන් කරන්නෙ වෙනද වගේම ‘තවත් උපසිරසියකින් හමුවෙමු’ කියල. එහෙනම් ඉතින් සියලුම දෙනාට ජයින් ජයම වේවා…..

෴ජය෴

 

Gold (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසි DVDScr / BR පිටපත් සඳහා අදාළ වේ.

3,248 downloadsDownload Gold-2016.zip56 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/03/Sachith-Lakshan.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සචිත් ලක්ෂාන්(සචී)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

සචිත් ලක්ශාන්

Subtitles

3,248 downloadsDownload Subtitles56 KB

32 comments

  1. Sohan jayasooriya

    Thanx bro sub ekta exam ekath hondin karanna

  2. Kantha_DLA

    නිරතුරුවම අලුත්ම චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙන ඔබට
    .............. මාගේ ප්‍රණාමය........
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    -----ස්තූතියි-----

  3. Sajith Anthony

    උපසිරැසියටම බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  4. නිරෝෂ්

    ස්තුතියි සචිත් සහෝ.ජයවේවා !

  5. mithun

    ආසාවෙන් බලාගෙන ආව තව කොපි නෙ හොද රිප් අපූම ඔන අප්ඩෙට් මෙක ඔන්න.. ඔයාගෙ සියලු වැඩකටයුතු සාර්ථක වේවා කියාපතනව ඉස්සරහටත් උපසිරැසි දෙමු..

  6. Dulanga

    Thanks

  7. Udara Damith B/K

    ස්තූතියි........

  8. Web-බුවා

    br ආවාම බලමු සහෝ! උපසිරැසියට ස්තූතියි.
    මං කොහොමත් "පාතාල" සම්බන්ද caseවලට කැමතියි. ;)

    ජය! :)

  9. shehan

    thanks bndenakan balan indiye

  10. anujaya

    mewa balanna puluwan copida?mewa mona magulakata danmama danawada.film ekak balanna ona full quality eken.ubata hadissi unata apata hadissi na

    1. tharindu

      uba kata wahagena hitahan eya kohoma hari sab eka dunnan ne uba balapan hoda copy apuwahama ethakan iwasapiya anith ewunta karadara karanna epa pau ban sub eka hadanna mun kochchara mahansi wenawada film ekak apuwahama sub eka danawa thama magul walata newiyi danne

    2. vikum s kavinda

      ade katawahagena palako yanna. uba dannawada sub hadanna kochchra amaruda kiyalaaa... yako ubata balanna barinam balanna epaa... sachiyae උත්සාහ wath agayapan...

  11. Kulanjana Maduranga

    niayamai…br 1ka enakm innawa.thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  12. එල්.සී. දමැල්

    Thanks උපසිරසට... බ්ලූරේ කොපියම බලනවා...

  13. Palitha de Silva

    thankyou verymuch..

  14. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  15. wije

    PATTA FILUMA MACHO THANKS

  16. Asiri Mahalaksha

    Thanks Bro..

  17. Bandula

    Thanks

  18. deshan

    මේක බ්ලූ රේ වලට අප්ඩේට් කරල දෙන්නකෝ, බොහොම ඉස්තූතී

  19. sumeda

    bluray update karala denna macho thanks

  20. sas

    blue ray wada na 0bytes pennanee bro

  21. mithun

    Bluray apdet ekata thx wawa onna aragatta

  22. රන්සර

    සබ් එකට බොහෝම ස්තුතී සහෝ…

  23. Viraj

    sub ekata thanks saho..

  24. vikum s kavinda

    sub ekata ස්තුතියී drooo

  25. Vihanga Raveen

    patta saho. digatama demu

  26. Lanka Lions

    සුපිරි

  27. C. R. ජයලත්

    නියමයි සහෝ ජය වේවා!!!!!!

  28. chathuradinesh

    THank

  29. Supun shanika

    ස්තූතියි බ්‍රෝ

  30. Thimira Randima

    thanks sub ekata