Watch Trailer

Air Force One (1997) | ජනාධිපතිව පැහැරගනී… [සිංහල උපසිරසි සමඟ]

1997 වසරේ තිරගත වූ ක්‍රියාදාම ගණයේ චිත්‍රපටයක් වන මෙය දේශපාලන සායමද තැවරුණු කදිම සලරුවකි. එයාර් ෆෝස් වන් යනු ඇමෙරිකානු රාජ්‍ය නායකයා තමන්ගේ රාජකාර කටයුතු සඳහා භාවිතා කරන නිල මට්ටමේ ගුවන් යානයයි. එයාර් ෆෝස් වන් හි ඇතුළත දිව යන්නේ රුසියානු ත්‍රස්ත කණ්ඩායමක් විසින් මොස්කව් බලා පිටත්වන ඇමෙරිකානු ජනාධිප…

Air force one 1997

1997 වසරේ තිරගත වූ ක්‍රියාදාම ගණයේ චිත්‍රපටයක් වන මෙය දේශපාලන සායමද තැවරුණු කදිම සලරුවකි. එයාර් ෆෝස් වන් යනු ඇමෙරිකානු රාජ්‍ය නායකයා තමන්ගේ රාජකාර කටයුතු සඳහා භාවිතා කරන නිල මට්ටමේ ගුවන් යානයයි. එයාර් ෆෝස් වන් හි ඇතුළත දිව යන්නේ රුසියානු ත්‍රස්ත කණ්ඩායමක් විසින් මොස්කව් බලා පිටත්වන ඇමෙරිකානු ජනාධිපතිවරයා සහ එම පවුලේ සාමාජිකයන් ගුවන් යානය තුළදීම පැහැරගැනීමත් සමග උදාවන තත්වයක් වටාය. රුසියනු ත්‍රස්ත කණ්ඩායමක් වන මෙම කණ්ඩායමට ගුවන් යානයට ඇතුල් වීමට රාජ්‍ය අංශයේ නිලධාරියෙකුගේ සහාය ද ලැබෙයි. මොවුන් මෙම පැහැර ගැනීම සිදු කරන්නේ කලකට පෙර සිරභාරයට ගන්නා එම ත්‍රස්ත කල්ලියේ නායකයා වන ජෙනරාල් රාදෙක්ව නිදහස් කරගැනීම සඳහා ඇමෙරිකානු රජයට බලපෑම් කිරීමටයි. මොවුන් ඉතා සාර්ථකව එම පැහැර ගැනීම සිදු කරතත් ඉන් පසුව උදාවන තත්වයන් යටතේ ඔවුන්ගේ සැලසුම් සියල්ල‍ භංගත්වයට පත්වන්නේ කලකට පෙර සොල්දාදුවෙකු වූ ජනාධිපතිවරයා, තමන් විසින්ම වික්‍රමාන්විත ආකාරයට තම කණ්ඩායම බේරා ගැනීමට දරන උත්සාහය නිසාවෙනි.

ත්‍රාසජනක සිනමා රීතියකට අනුව තිරයට නැගුණු මෙහි තිර රචනය ඇන්ඩෘ ඩබ්ලිව් මාලෝවේගෙනි. අධ්‍යක්ෂණය වොල්ෆ්ගැන්ග් පීටර්සන්ගෙනි. ඇමෙරිකානු ඩොලර් මිලියන 80 ක පිරිවැයක් දරා තනන ලද මෙම සලරුව තිරගතවීමේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 380 ක් වැනි ඉහළ ආදායමක් උපයාගනිමින් සාර්ථකත්වයට පත් වූවකි. Harrison Ford, Gary Oldman, Glenn Close යන නළු නිළියන් පණ පොවන මෙය අනූව දශකයේ එවකට ඇමෙරිකානු රාජ්‍ය නායාකයා වූ බිල් ක්ලින්ටන්ගේ පවා පැසසුමට ලක් වුණු අතර මෙය එම වසරේදීම නවකතාවක් ලෙසින් ද නිකුත්විය. ජාත්‍යන්තර සම්මාන හා වෙනත් සම්මාන 16 කට නිර්දේශ වූ මෙම සලරුව විශිෂ්ට ගණයේ සිනමා කෘතියකි.

Air Force One (1997) on IMDb

 

 

800 MB කොපිය මෙතනින් බාගන්න

557867d2971d24de567434b019e46841a9051096 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,884 downloadsDownload Air.Force_.One_.1997.baiscopelk.zip49 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දමිත් තරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

දමිත් තරංග

Subtitles

1,884 downloadsDownload Subtitles49 KB

29 comments

  1. tthha

    1 tnx

  2. නලින් පෙරේරා

    ස්තුතියි දමිත් සහෝ..

    ඉස්සර බැලුවා මෙක ආයේ සුපිරිම කථාවක් තමයි..

    ජය වේවා!

  3. කැලුම් ගුණසේකර

    මං බලපු සුපිරි ම චිත්‍රපටයක් මේක. ස්තුතියි සහෝ උපසිරැසියට.

  4. ශාන් විමුක්ති [විමා]

    මේක පට්ට ෆිල්ම් එකක්
    බොහොම ස්තුතියි උපසිරසි ලබාදුන්නට

  5. sajith

    සින්හල දුන්න නිසා බලන ඕනා කතාව හොද එකක් වගෙයි රෙටින් එහෙමත් හොදයිනේ එකනිසා බලනවා ....තැන්ක්ස් බයිස්කොප් උපසිරසි ගන්නපු යාලුවටත් ස්තුතියි.ඉස්සරහත් තවත් සබ් කරන්න සක්තිය ලැබෙන්න ඕනා ..............

  6. malin

    පරණ පට්ට Film එකක්. Thanks. Trabulance වගේ නමක් තියෙන මේ වගේම පරණ Plane Hijack Film එකක් තියෙනවා. හොයල දුන්නොත් එළ.

  7. SaDuN dAnUsHkA

    නියමයි
    උපසිරැසියට තුති

  8. sameera

    Thnx saho...

  9. thisal

    තැන්ක්ස් තැන්ක්ස් පරන උනත් මේවා තමා සුපිරි

  10. වරුණ රංගජිත් (වරූ)

    තැන්කු..
    ඉදිරියටම යමු...
    ජය..

  11. ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽

    හද්ද පරණ වුනත් පට්ට සුපිරි ෆිලුමක් තමයි මේක.
    බලලා නැති අය බැළුවොත් හොඳයි.
    මට හිතට අල්ලපු එකක්.

    බොහෝම ස්තුතියි උපසිරැසියට. :)

  12. Sisira Hegoda

    Thanks.

  13. Niyo

    sub එකට ගොඩක් ස්තුති සහෝදරයා !!!

    අලුත් films වලට sub දෙනව වගේම මේ වගේ පරණ හොද ෆිල්ම්ස් වලටත් sub දෙන්න ඕන.එහෙම කරන එක ගොඩක් හොඳ වැඩක්.90-2010 කාල වල ආපු හොඳ rates තියන ෆිල්ම්ස් ගොඩක් තියෙනවා ඒවා sub එකක් එක්ක බැලුවම තමයි ඇත්තටම රස විදින්න පුළුවන් වෙන්නෙයි කතාව හරියටම තේරුම් ගන්න පුළුවන් වෙන්නයි(Inception, Usual suspects වගේ ) ... ඕනනම් දෙන්නම් list එකක් :D
    ඉස්සරහටත් එහෙම ඒවා වැඩිපුර දෙන්න පුලුවන්නම් නියමයි !! ජයවේවා !

  14. kanthaDLA

    ඔබට තුති.
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  15. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  16. Kulanjana Maduranga

    elazzzzzzzzzz....subata thanks DAMITH saho.digatama sub demu.jaya wewa............

  17. XXX

    mama mulinma hall 1ka balapu film 1. thaknz!!!

  18. indika

    ස්තුතියි සහෝ..... :)

  19. “චූටී මල්ලි”

    මාත් සෙට් උනොත් බලන්න ඔනි
    එල එල
    සබට තුති
    ඔබට ජය..................

  20. w a thilak

    මෙම චිත්‍රපටය මෙතරම් ප්‍රමාදවී හෝ ලබාදීම පිළිබදව මාගේ බලවත් සතුට පළකරමී.මතක හැටියට ලිබර්ටි එකෙ මේක ආපු දවස්වලම බැලුවා.හැරිසන්පෝඩ්ගේ විට්නස්ට් චිත්‍රපටයත් දෙන්න

  21. Nandana

    Thank U DAMITH.

  22. චන්දිම අමරසිංහ

    නියමයි සහෝ…ස්තුතියි..
    උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
    දිගටම නරගෙන යුම..
    ජයවේවා..!

  23. රොයිලි

    බොහොම ස්තූතියි දමිත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  24. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  25. rathnayake

    thankz machn

  26. Nimesh Dilhan

    dn site eke ads wadayak welane....mukuth karanna ba ads enawa....

  27. Chandimal Kariyapperuma

    Thanks for the subtitles. Keep up the good work.

  28. Anonymous

    1080p walatath sab wada [thanks]

  29. Anonymous

    Thanks Brother