Watch Trailer

Aiyyaa (2012) with Sinhala Subtitles | ආදරයේ සුවද [සිංහල උපසිරැසි සමඟ]

මේකට තිබ්බ රේටිංස් අඩු නිසාත් ආපු කාලේ ඕඩියන්ස් එකෙන් තරමක් ලැබුනෙ නෙගටිව් කමෙන්ට්ස් නිසාත් බලන්නැතුව අත ඇරලා තිබුන ෆිල්ම් එකක්.. ඒත් රාණි ඉන්ටවිව් එකකදි කියනවා එයාගෙ ෆිල්මොග්‍රැෆියෙන් ” අයියා ” චිත්‍රපටය කියන්නෙ ෆ්ලොප් නොවිය යුතු චිත්‍රපටයක් කියලා. ඉතින් ඒකත් නිසාම බලන්න ඕනි කියලා හිතුනා. බැලුවට ප…

මේකට තිබ්බ රේටිංස් අඩු නිසාත් ආපු කාලේ ඕඩියන්ස් එකෙන් තරමක් ලැබුනෙ නෙගටිව් කමෙන්ට්ස් නිසාත් බලන්නැතුව අත ඇරලා තිබුන ෆිල්ම් එකක්.. ඒත් රාණි ඉන්ටවිව් එකකදි කියනවා එයාගෙ ෆිල්මොග්‍රැෆියෙන් ” අයියා ” චිත්‍රපටය කියන්නෙ ෆ්ලොප් නොවිය යුතු චිත්‍රපටයක් කියලා. ඉතින් ඒකත් නිසාම බලන්න ඕනි කියලා හිතුනා. බැලුවට පස්සෙ තමයි හිතුනේ කලින් බැලුවෙ නැත්තෙ අපරාදේ කියලා. කතාව හරි සරල විනෝදකාමී එකක්. ඒ වගේම බොලිවුඩ් චිත්‍රපට වල තරමක් අඩුවෙන් කතා කරන Female Desires ගැනත් මේකෙ කතා කරලා තිබුනා. ඒ වගේම අපි අනන්‍තවත් චිත්‍රපටවල නිළියක් Showcase Material එකක් විදියට යොදා ගන්නවා දැකලා තිබුනත් නළුවෙක්ව ඒ වගේ යොදා ගන්නවා දකින්නෙ හරිම කලාතුරකින්. ඒත් මේකේ නං නළුවාව තමයි Showcase Material එකක් කරලා තිබුනේ. කතාව පැත්තට ගියොත් මීනක්ෂි කියන්නෙ මධ්‍යම පාන්තික මරාඨි පවුලක කසාද බඳින වයස ඔන්න මෙන්න පහු වෙන්න තියෙන කෙල්ලෙක්. මෙයාගෙ ගෙදර ඉන්නෙ අම්මායි තාත්තායි මල්ලියි රෝද පුටුවක ඉන්න ආච්චියි. මීනක්ෂි කියන්නෙ ෆැන්ටසි ලෝකෙක ජීවත් වෙන කෙල්ලෙක්. මෙයාගේ ජීවිතේම සිනමාවේ ඉන්න නළු නිළියෝ. මීනක්ෂිගෙ අම්මාට ඕනි කොහොම හරි ඉක්මන්ටම දුවව බන්දලා දෙන්න. ඒ නිසා පත්තරේ මංගල යෝජනාවකුත් දානවා. විවිධ මනමාලයො කොච්චර බලන්න ආවත් ඒ පවුල් වලින් මීනක්ෂිට කැමති වෙන්නෑ. ඔය අතරේ එක කෝලේජ් එකක පුස්තකාලයාධිපති විදියට රැකියාවක් ලැබෙනවා. මෙයාට වැඩ කරන්න ලැබෙන්නෙ මයිනා කියන කෙල්ලෙත් එක්ක. මයිනාත් මීනක්ෂි වගේම පිස්සු චරිතයක්. මං නං ෆිල්ම් එකෙන් ආසම මයිනාගෙ චරිතෙට. ඔය අතරෙ පුස්තකාලේට එනවා සූර්යා කියලා චිත්‍ර ශිල්පියෙක්. සූර්යා ගාවෙන් එන සුවඳට තමයි මීනක්ෂි වශී වෙන්නේ. කොච්චර වශී වෙනවද කිව්වොත් අල්ලපු පොත් පවා ඉඹලා බලනවා. ලේන්සුව වැටුනත් ඒක තියා ගන්නවා. මීනක්ෂි බලාපොරොත්තු වුන පෙනුමක් තමයි සූර්යාට තියෙන්නෙත්. මීනක්ෂි කොච්චර පස්සෙන් ගියත් සූර්යා එයාව ගනං ගන්නෙවත් නෑ. ඔය අතරේ මීනක්ෂි බලන්න ආව මාධව් කියන කොල්ලා කැමති වෙනවා මීනක්ෂිව බදින්න. එතනින් එහාට වෙන්නෙ මොකක්ද කියලා දැන ගන්න නම් අනිවාර්යයෙන් ෆිල්ම් එක බලන්න. හොඳ කොමඩි ෆිල්ම් එකක්. මම පෞද්ගලිකව මේකෙ ආස මීනක්ෂිගෙ මල්ලිගෙයි මයිනාගෙයි චරිත දෙකට. උන් දෙන්නා හෙන ආතල්. ඒවගේම රාණි මුඛර්ජි මීනක්ෂිගෙ චරිතෙට හොද සාධාරණයක් කරලා තිබුනා. කොමික් ටයිමින් ටික මරු. ඒ වගේම හොද Lust Expressions ටිකකුත් තිබ්බා. ඒ වගේම රාණිගෙ බෙලී ඩාන්ස් ටික් මරු. රාණිගෙ නර්තන හැකියාවෙන් වැඩක් ගත්ත විරල අවස්ථාවක් තමයි. අගා බායි, ඩ්‍රීමම් වේකපම්, සවාර් ඩොලර් සිංදු තුනෙම ඩාන්ස් මරු. ඒ වගේම තමයි මේකෙ රාණි ශ්‍රී දේවි, රේඛා, මදුරි ඩික්ෂිත්, ජූහි චාව්ලා යන මහා නිළියන් සිව් දෙනාව අනුකරණය කරන්න තිබ්බ තැන් ටිකේ හොදටම අනුකරණය කරලා තිබුනා. සූර්යා ලෙස රගපාපු ප්‍රිත්විරාජ් සුකුමාරන්ට නම් චිත්‍රපටයෙ ලොකු දෙයක් කරන්න තිබුනේ නෑ. Showcase Material එකක් වගේ තමයි. දෙබස් තිබ්බෙත් අඩුවෙන්. හැබැයි මේකෙ එයා හොට්. මට නං ඉතින් ෆිල්ම් එක සෙට්.. බලපු අය ඔයාලගෙ අදහසුත් කියන් යමු. බලපු නැති අය කැමති නං බලන්න.

October (2018) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසිය DVDRip පිටපත් සඳහා ගැලපේ.

 

5,309 downloadsDownload Aiyyaa.2012.SinhalaSubs.Baiscopelk.zip94 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලක්ෂාන් යටිවැල්ල” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2012-11-11
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

5,309 downloadsDownload Subtitles94 KB

0 comments

No comments yet.

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.