Watch Trailer

Spider-Man 2 (2004) Sinhala Subtitles | යකඩ මකුලුවට එරෙහිව [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් වේවා සියලුම බයිස්කෝප් රසිකයන්ට. මේ මගේ තුන්වන උපසිරැසි නිර්මාණයයි. මේ පාර මම ගෙනාවේ අපි හැමොම වගේ බලලා, කට පාඩම් තියෙන Spider Man චිත්‍රපට මාලාවේ පළමු වර්ෂන් එකේ 2වන කොටසයි. මේ කොටසට උප සිරැසි නිර්මාණය කරන්න මාව උනන්දු කලේ වෙන කවුද..! වෙන කවුරුත් නෙවෙයි. බයිස්කොප් අඩවියේම අපි කවුරුත් දන්න…

ආයුබෝවන් වේවා සියලුම බයිස්කෝප් රසිකයන්ට. මේ මගේ තුන්වන උපසිරැසි නිර්මාණයයි. මේ පාර මම ගෙනාවේ අපි හැමොම වගේ බලලා, කට පාඩම් තියෙන Spider Man චිත්‍රපට මාලාවේ පළමු වර්ෂන් එකේ 2වන කොටසයි. මේ කොටසට උප සිරැසි නිර්මාණය කරන්න මාව උනන්දු කලේ වෙන කවුද..! :D වෙන කවුරුත් නෙවෙයි. බයිස්කොප් අඩවියේම අපි කවුරුත් දන්න “විකියා” සහෝ තමයි. මිට කලින් බයිස්කොප් අඩවියේම “නවින්ද ප්‍රමෝද්” සහෝදරයා මේම කථා මලාවේ පලමු කොටස සිංහල උපසිරැසි සමග ම ගෙනවා කස්ටියට මතකද දන්නේ නැ. එහෙම නැත්නම් මෙතනින් ගිහින් ඒ කො‍ටසත් බාගත කරගෙන ඉන්න මොකද මේ කථා පෙ‍ළෙම එකට එකක් සම්බන්ධයි.

2002 වසරේ නිර්මාණය කරපු Spider Man චිත්‍රපටය ලෝකය පුරා ගොඩක් ප්‍රසිද්ධියට පත් වුනා වගේම 2වන කො‍ටසත් එනකම් එකල රසිකයන් පුල පුලා බලාගෙන හිටියා. මමත් එහෙම හිටියා මතකයි. එක නිසාම 2004 ජුනි 30 වනදා සියලුම රසිකයන්ගේ බලාපොරොත්තු ඉටු කරමින් Spider Man -2 ලොව පුරා ප්‍රදර්ශණය විම ඇරඹුවා. IMDB වල 7.5 අරගන්න සමත් වෙලා තියෙන මේම බයිස්කොප් එක Action | Fantasy ගණයට වර්ග කරලා තියෙනවා. මෙයත් පළමු බයිස්කොප් එක අධ්‍යක්ෂණය කල Sam Raimi ගේම වැඩක්.මෙම Spider Man චරිතය මුලින් නිර්මාණය කලේ MARVEL චිත්‍ර කථා නිර්මාණය කරන සමාගමකින්. ඉතින් වේලා අන්තිමට බයිස්කොප් සිරියස් එකක්ම නිකුත් වෙලා මේ වෙනකොට බයිස්කොප් හතරක්ම නිකුත් වෙලා තියෙනවා. ඉතින් ඔන්න ඔහොමයි උනේ කිව්වලු.!

හොදෙයි එහෙම නම් මම දැන් බයිස්කොප් එක පැත්තට හැරෙන්නම්. පළමු කථාවේ දි තමයි Spider Man කෙනෙක් ඇති වෙන හැටි, ඔහුට මුහුණ දෙන්න වෙන අභියෝග මොනාද. ඔහුගේ පෙම් පළහිලව්ව ඇතිවෙන හැටිත් බලන්න ඇතිනේ. එවගේම Spider Man ගේ හතුරා වුනේ ඔහුගේ හොදම යාළුවා “හැරි” ගේ තාත්තා. ඔහුගේ දුෂ්ඨ නාමය උනේ ග්‍රින් ගොබ්ලින්. දෙවන කථාව ගැන කිව්වොත් Spider Man නොහොත් පිටර් පාකර්.පීසා බෙදන්නෙකු ලෙස රැකියව කරමින් හොයේ කාලය ගත කරනවා. තමන්ගේ ආදරය කියා ගන්න බැරුව ලත වේවි, හිතින් පෙම් කරමින් දුර ඉදන් ඇය දෙස බලමින් :D ඉන්නවා.

ඔය අතරේ පිටර් පාර්කර්ට හමුවෙන වා අලුත්ම දුෂ්ඨයෙක්. එ ඩොක්ටර් ඔක්ටෝපස්. ඔහු කරනවා නව සොයා ගැනිමක්. ඔහු සොයා ගැනිමෙන් බලාපොරොත්තු වන්නේ මිනිස් සංහතියේ යහාපත වෙනුවෙන් විශාල කාර්ය්‍යක් ‍ඉටු කරන්නයි. නමුත් වෙන්නේ එකේ අනික් පැත්ත. පර්යේෂනය අතරතුර සිදුවන අනතුරකින් ඔහු නිතරගයෙන් Spider Manගේ හතුරෙක් වෙනවා. මේ අතර පිටර් ආදරකථාවත් ටික ටික ගලා ගෙන යනවා. පිටර් ගේ ගැණු මනුස්සයා වටේ ගිහින් අන්තිමට මොකක් කරගනිද?පිටර් ට ඩොක්ටර් ඔක්ටෝපස් ගෙන් බෙරේන්න පුළුවන් වෙයිද.? පිටර් සමාන්‍ය මිනිසෙකු බවට පත්වෙයිද?

ඔහුගේ ආදරේ ඔහුට හිමි වෙයිද? ඔය එකි නොකි මෙකි හැම ප්‍රශ්ණෙකටම පිළිතුරු මේම Spider Man -2 බයිස්කොප් එකේ අන්තර්ගත වෙලා තියෙනවා.! 3වෙනි කථාවටත් (අද හෙටම ඒකත් දෙනවා) මේකෙන් පාරක් කපා ගෙනම තමයි බයිස්කොප් එකේ අවසාන කරන්නේ.

ඉතින් බලපු, නොබලපු හැම දෙනාටම මේවර සිංහල උප සිරැසි සමගම මේම බයිස්කොප් එක බලන්න ආරාධනා කරනවා.!උපසිරැසි වල අඩුපාඩු වෙතොත් සාමාව භජනය කොට සිටිනවා. එහෙනම් සියලුම ආදරණිය බයිස්කොප් හිතවතුන්ට ලබන්නා වු 2013 වසර කිරියෙන් පැණියෙන් ඉතිරි. සතුට, සැනසුම ලගා වේවා. යැයි මම එක සිතින් ප්‍රාර්ථනා කරනවා.

නැවතත් මෙවන් වු අගනා බයිස්කෝප් උපසිරැසියක් සමග හමුවෙමු.!

අදහසකුත් අතහැරන් යන්න..!!

Shadow People (2013) on IMDb

 

 

24,951 downloadsDownload Spider-Man-2-2004-BR.zip127 KB

width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නලින් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

24,951 downloadsDownload Subtitles127 KB

0 comments

No comments yet.

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.