Watch Trailer

Alai Payuthey (2000) with Sinhala Subtitles | මුහුදු රැල්ල! [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාලුවනේ? අවුරුදු පහට පස්සේ ආයෙත් උපසිරසියක් කරන්න පුලුවන් වෙයි කියලා හිතුවේ නෑ. මේක මගේ අටවෙනි උපසිරසිය. මේ දවස් වල එලියට බහින්නේ නැතිව ගෙදරම ඉන්න. නිවැරැදි සෞඛ්‍ය පුරුදු පවත්වාගන්න. කොරෝනා වසංගතය මේ ලෝකයෙන් ඉක්මනින් තුරන් වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරමු. Alai Payuthey 2000 වසරේ අප්‍රේල් 14…

කොහොමද යාලුවනේ? අවුරුදු පහට පස්සේ ආයෙත් උපසිරසියක් කරන්න පුලුවන් වෙයි කියලා හිතුවේ නෑ. මේක මගේ අටවෙනි උපසිරසිය. මේ දවස් වල එලියට බහින්නේ නැතිව ගෙදරම ඉන්න. නිවැරැදි සෞඛ්‍ය පුරුදු පවත්වාගන්න. කොරෝනා වසංගතය මේ ලෝකයෙන් ඉක්මනින් තුරන් වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරමු.

Alai Payuthey 2000 වසරේ අප්‍රේල් 14 වෙනි දින සිනමා තිරයට නිකුත්වූ මෙම චිත්‍රපටය ප්‍රවීණ දමිල චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු වන මනිරත්නම්ගේ නිර්මාණයකි.මනිරත්නම්ගේ නිර්මාණ ගැන ඔයාලට අමුතුවෙන් කියන්න ඕනි නෑනේ. පරණයි කියලා නොබලා ඉන්න එපා. ලස්සන ආදර කතාවක් මේකේ තියෙන්නේ. ජීවිතයට එකතු කරගන්න දේවල් කීපයකුත් මේ චිත්‍රපටයේ ලස්සනට දිගහරිනවා. ප්‍රධාන චරිත මාධවන් සහ ශාලිනී රගදක්වනවා. සංගීත අධ්‍යක්ෂණය A.R රහ්මාන්. ගොඩක් ලස්සන සිංදු කීපයක්ම අඩංගු වෙනවා මේ බයිස්කෝපයේ. IMDB දර්ශකය 8.3 ලෙස සටහන් මෙම චිත්‍රපටය ලොව පුරා දමිල චිත්‍රපට ලෝලීන්ගේ ආදරය දිනාගෙන තියනවා.

කතාව පැත්තට පොඩ්ඩක් යමු. දඩබ්බර තරුණයෙකු සහ දඩබ්බර තරුණියක අතර ඇතිවන ආදර කතාවක් මේ චිත්‍රපටය පුරාම දිවයනවා. ආදරය හමුවේ දෙමාපියන්ගෙන් ඇතිවන බලපෑම්, විරෝධතා රාශියකට මේ දෙන්නා මුහුණ දෙනවා. කතාව ගොඩක් කියන්න යන්නේ නෑ. වැඩක් නැති වෙනවනේ. කෙටියෙන් කිව්වොත් මේකෙ එක ෆයිට් එකක්වත් නෑ. (එහෙම ටැමිල් චිත්‍රපටයක් හොයාගන්න ලේසි නෑ) කොමඩිත් නෑ. මේක Romance Category එකට තමයි වැටෙන්නේ. එහෙනම් හැමෝම පරිස්සමට ගෙදර ඉන්න. හැමෝටම නිරෝගීමත් ජීවිතයක් ප්‍රාර්ථනා කරනවා. ලගදීම තවත් උපසිරසියකින් හමුවෙමු.

2011 අග‍ෝස්තු 4 නදීර රසදත් සොහොයුරා විසින් පල කළ ලිපිය

මෙය මාගේ ප්‍රථම ලිපියයි. මම අද ඔබලාට හදුන්වා දෙන්නෙ දමිළ චිත්‍රපටයක්. ඔබ කවුරුත් හොඳින් දන්න සුප්‍රසිද්ධ අධ්‍යක්ෂක මනිරත්නම්ගේ චිත්‍රපටයක්. ඵ් වගේම මෙහි සංගිතය සුපිරි සංගිතඥ ඒ.ආර්.රහමාන්ගෙන්. මෙය තිරගත වුයේ 2000 අ‍ප්‍රේල් මාසයේ 4 වෙනිදා. මම හිතනවා බොහෝ දෙනක් නරඔලා ඇති කියලා. හැබැයි නැවත නැවතත් නරඔන්න පුළුවන් චිත්‍රපටයක්. (මම නරඔලා තියෙනවා 15.56 වාරයකට වැඩි ප්‍රමාණයක්) මෙහි ප්‍රධාන නළුවා මාධවන් වන අතර ප්‍රධාන නිළිය ශාලනි.ඒ වගේම මෙහි ගීත විශිෂ්ටයි!!!

මෙම චිත්‍රපටය හරහා ඔබට හිතන්න යමක් දෙනවා. ඵනම් අපි විවාහ වෙනවා, නමුත් ඊටත් කලින් අපි ඵ් ආස කරන ගෑනු ළමයා හොයාගෙන ඵයාව හම්බවෙන්න පැය දෙක තුන කට්ට කළා නොයෙකුත් බාධක මැද්දෙ කොහොම හරි අන්තිමට විවාහ වෙනවා. නමුත් ඊට පස්සෙ මොකද වෙන්නෙ? කථාව ලුහුඩින් මෙසේයි. කාර්තික් යනු ඉහළ මධ්‍ය පාන්තික තරැණයකි. ශක්ති යනු රජයේ දුමිරිය සේවයේ සුළු රැකියාවක නියුතු පියකුට දාව උපන් පවුලේ බඩපිස්සියයි. ඇය වෛද්‍යවරියක් විම සදහා අධ්‍යාපන හදාරයි. මේ අතර ඇයට කාර්තික් විවාහ මංගල්‍යයකදි මුණ ගැසෙයි. ඉතින් ඊ‍ට පස්සෙ ? චිත්‍රපටය නරඔලාම කථා කරමු නේද?

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි සියළුම HD පිටපත් සඳහා අදාළ වේ.

2,995 downloadsDownload Alaipayuthey-2000.zip43 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ නිලාන් රාජපක්ෂ ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2014-06-13
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

නිලාන් රාජපක්ෂ

Subtitles

2,995 downloadsDownload Subtitles43 KB

11 comments

  1. නිරෝෂ්

    ස්තුතියි නිලාන් සහෝ.ජයවේවා!

    1. Isuru minipa

      Thanks broo puluwannam madhavan ge minnale film eka denna supiri love story ekak

  2. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :) :) ...
    ජය වේවා.!

  3. නිරෝෂ්

    පුලුවන්නම් මනිරත්නම්ගෙ සබ් දීලා නැති අනික් ෆිල්ම්වලටත් දෙන්න. Yuva / Aaytha Ezhuthu වගේ ඒවට

  4. ranga

    tnx

  5. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

    1. nilan100

  6. indika75

    thanks..

  7. isuru srinath sjs

    බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට .. !!

  8. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  9. ශසිත් සඳරුවන්

    සබට තුති වේවා...
    දිගටම සබ් දෙමු ආ...
    ජය!