මම අද බයිස්කෝප් සහෘදයන් වෙනුවෙන් ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් මළයාලම් චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය 2019 වසරේ දෙසැම්බර් මස 12 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Mamangam (2019) මේහි අධ්‍යක්ෂනය M. Padmakumar අතින් සිදු කරන ලද අතර,තිර රචනය Sajeev Pillai සහා Shankar Ramakrishnan අතින්…

මම අද බයිස්කෝප් සහෘදයන් වෙනුවෙන් ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් මළයාලම් චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය 2019 වසරේ දෙසැම්බර් මස 12 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Mamangam (2019) මේහි අධ්‍යක්ෂනය M. Padmakumar අතින් සිදු කරන ලද අතර,තිර රචනය Sajeev Pillai සහා Shankar Ramakrishnan අතින් සිදුවිය. දෙබස් Shankar Ramakrishnan අතින් නිර්මානය විය. මේහි ප්‍රධාන නලුවන් ලෙස සුපිරි මළයාළම් නළු Mammootty / Unni Mukundan සහා Achuthan B. Nair රංගනයෙන් දායක වේ. මේහි ප්‍රධාන නිළිය ලෙස සුරුපි ඉන්දිය නිළි Prachi Tehlan රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Siddique / Tarun Arora / Mohan Sharma / Sudev Nair / Anu Sithara / Kaniha / Manikandan R. Achari / Suresh Krishna / Iniya / Vipin Mangalashery / Saranya Anand වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.
සටන් / නාට්‍යමය සහා ඉතිහාස කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 7.2/10 ලැබි ඇති අතර, මේම චිත්‍රපටය සදහා දරා ඇති පිරි වැය IND Rs. 450,000,000 වේ. ලෝව පුරා ලැබු ආදායම $837,421 වේ. විනාඩි 157 කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට.
එහෙනම් වෙනද වගේම මේකට උපසිරසි ගන්වන්න අවස්ථාව සලසා දුන්න හසන්ත වික්රමරත්න අයියටත්, බයිස්කෝප් ඇඩ්මින් මණ්ඩලයටත්. විශේෂයෙන් කියන්න ඕනි මේක මං කරන්න අහද්දි බාර අරන් තිබ්බ කවිෂල් රසින්ත මලයටත් බොහොම තුති මම කරන්නද අහද්දි එයා මට මේක කරන්න ලබා දුන්නට. ඒ වගේම විශේෂයෙන්ම අපේ සසිත් සදරුවන් අයියටත්, හසිත මදුෂාන් අයියටත් බොහොම ස්තුති වන්න වෙනවා. ඒ වගේම විශේෂයෙන් මතක් කරන්න ඕන අපේ පුබුදු පුසන්න අයියවත්. එයා තමා මට මේ වැඩ අස්සෙ නිසා ලිපිය ලියන්න උදව්වක් දුන්නේ.
Mamangam (2019) චිත්රපටය හා එහි පසුබිම පිලිබද බිදක්.
දැන් මේ ඉදිරිපත් කරන්න යන Mamangam (2019) නිර්මාණය වෙලා තියෙන්නෙ තිරුනවයාහි භාරතප්පූලා ඉවුරේ 18 වන ශතවර්ෂයේ සමරනු ලැබූ මාමන්කම් උත්සවය පදනම් කරගෙනයි. මෙම උත්සවය පවත්වන්නේ හින්දු කෝවිලක් වෙන තිරුනයාවෙහි නව මුකුන්ද පන්සල මුල් කර ගෙනයි. මෙම උත්සවය වඩාත් උත්කර්ෂවත් අන්දමින් සමරනු ලැබුවේ හින්දු ප්‍රධානීන් වන කෝලිකේඩ් වංශිකයන් සහ සමුතිරි වංශිකයන්ගේ වියදමින්ය. මෙම උත්සවය සමුතිරීවරුන්ගේ ආගමික උත්සවයක් පමණක් නොවූ අතර කේරළයේ බලවත්ම ප්‍රධානීන් ලෙස ඔවුන්ගේ සියලු විචිත්‍රත්වය හා බලය ප්‍රදර්ශනය කිරීමේ අවස්ථාවක්ද වුණා. ගංගා දේවතාවිය පෙරාර් වෙතට බැස ඇති බවත්, ඇගේ ආශ්චර්යමත් පැමිණීම නිසා ගංගාව බොහෝ ශුද්ධ වූ බවත් මාමන්කම් වාසීන් විශ්වාස කර තිබෙනවා. මෙම උත්සවය සෑම වසර 12 කට වරක් පවත්වනු ලබන අතර විශාල ආර්ථික, සමාජීය හා දේශපාලන වැදගත්කමක් දරනවා. මේ තියෙන්නෙ එහි රූප කිහිපයක්.



මේ ඓතිහාසික කතාව පාදක කරගෙන මේ Mamangam (2019) නිර්මාණය අධ්‍යක්ෂණය කරන්නෙ M. Padmakumar විසින්. මුලින් මෙය අධ්‍යක්ෂණය කරන්නට නියමිතව තිබුණේ සජීව් පිල්ලෙයි විසින්. මෙහි නාමය වන Mamangam නමින් 1979දී චිත්‍රපටයක් නිෂ්පාදනය වී ඇති අතර නැවත මේ නම ලබා ගැනීම සඳහා අවසරයද ලබා ගෙන තියෙනවා. මෙම චිත්‍රපටය තුළ කලරිපායට්ටු සටන් කලාව ඉදිරිපත් කරන අතර නළු නිළියන්ද මෙම කලරිපායට්ටු සටන් කලාව සහ අශ්වයින් පැදීම සඳහා පුහුණුව ලබා තියෙනවා. මෙම කලරිපායට්ටු නූතන කේරළයේ ආරම්භ වූ ඉන්දියානු සටන් කලාවක් වන අතර ඉන්දියාවේ දැනට ඉතිරිව ඇති පැරණිතම සටන් කලාව යැයි විශ්වාස කෙරෙනවා. මෙය ක්‍රි.පූ. 3 වන සියවසේ පමණ ආරම්භ වූවක්. මෙම සටන් කලාව උතුරු හා දක්ෂිණ වශයෙන් කොටස් දෙකක් පවතිනවා. උතුරු විලාසය වඩක්කන් කලාරි ලෙසද තේක්කන් කලාරි ලෙසද හැඳින්වෙනවා. මේ සටන් කලාවට නිල ශාස්ත්‍රය වගේම ආයුර්වේදයත් ඇතුළත් වෙනවා. මේ තියෙන්නෙ ඒ සටන් කලාවේ පින්තූර ටිකක්.




මේ සටන් කලාව බොහොමයක් චිත්‍රපටවලටත් යොදාගෙන තියෙනවා. ඒ අතරට Asoka (2001), The Myth (2005), The Last Legion (2007), Kerala Varma Pazhassi Raja (2009), Manasara (2010), Urumi (2011), Commando (2013), Bajirao Mastani (2015), Baaghi (2016), Padmaavat (2018), Kayamkulam Kochunni (2018), Junglee (2019) අයත් වෙනවා. මට හිතුන විදියට නම් මේ සටන් කලාව අපේරටේ අංගම් කලාවට බොහෝ දුරට සමානයි.
2h 37min ක ධාවන කාලයක් සහිත මෙය IMDb ශ්‍රේණිගත කිරීමෙන් 6.7 ක් වගේම Google පරිශීලකයින්ගේ 80%ක අගයකුත් ලබාගෙන තියෙනවා. මේ සිනමා පටය Action, Drama, History ඛාණ්ඩයන්ට වර්ග කොට ඇති අතර මෙහි Mammootty, Achuthan, Unni Mukundan, Siddique, Prachi Tehlan, Anu Sithara, Kaniha යන නළු නිළියන් චරිත නිරූපණය කරනවා. ගීත රචනා කර ඇත්තේ M. Jayachandran විසිනි. මුලින්ම මලයාලම් භාෂාවෙන් රූගත කරන ලද මෙය දෙමළ, තෙළිඟු සහ හින්දි භාෂාවෙන් හඬ කවන ලද අතර මේ සියල්ලම 2019 දෙසැම්බර් 12 වන දින ලොව පුරා එකවර තිරගත කරල තියෙනවා. ඒ වගේම කෝටි 55කින් නිෂ්පාදනය කළ මෙය ලොව පුරා තිරගත කිරීමෙන් කෝටි 135 ඉක්මවූ ආදායමක් උපයා තියෙනවා.
ඒ වගේම මේ චිත්‍රපටයේ රංගනයෙන් දායක වන Mammootty, Unni Mukundan සහ Manikuttan යන අය තම ශරීරයන් චිත්‍රපටයට අවශ්‍ය පරිදි පරිවර්තනය කරගෙන තිබෙනවා. 2018 පෙබරවාරි මාසයේ මුලින් රූගත කිරීම් අරඹා තිබුනත් 2019 ජනවාරි මාසයේදී පද්මකුමාර් අධ්‍යක්ෂක ධුරයට පත්වීමෙන් පසුව, චිත්‍රපටයේ රූගත කිරීම් මුල සිටම ආරම්භවෙලා තියෙනවා. මරුඩු වල අක්කර 18 ක භූමි භාගයක පැරණි පරිසරය ප්‍රතිනිර්මාණය කර ඇති අතර මෙය ඉදිකිරීම සඳහා කම්කරුවන් දහසකට ආසන්න සංඛ්‍යාවක් යොදාගෙන ඇති අතර එහි වියදම කෝටි 5 ක් පමණ වෙනවා. චිත්‍රපටයේ යුධ අනුපිළිවෙල නෙටූර් වල අක්කර 20 ක භූමි භාගයක රූගත කරන ලද අතර එය කම්කරුවන් 2000 ක් පමණ විසින් ඉදිකරන ලද අතර කෝටි 10 ක වියදමින් සිදු කොට තිබෙනවා. නෙටූර්හි නිර්මාණය කළ යුද්ධ භූමියේ අවසන් දිනවල කලාකරුවන් 3000කට ආසන්න සංඛ්‍යාවක්, අලි සහ අශ්වයන් දුසිම් ගනනක් සිටි දර්ශන තිබුණි. නැවතත් මෙවැනි ලස්සන සලරුවක් අරන් ඒමේ බලාපොරොත්තුවෙන් අදට මු ගන්නවා. සියලු දොට තෙරැවන් සරණයි.
ලිපිය ලිව්වේ- පුබුදු පුසන්න.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HD පිටපත් සඳහා අදාළ වේ.
6,135 downloadsDownload Mamangam-2019.zip44 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදය සමන් කුමාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-04-15
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
උදය සමන් කුමාර
Subtitles
27 comments
Sameera Diyashan
gayan215
bohoma sthuthi saho...
ela sinhala sube ekata thanks {disco raja 2020}telugu film ekatath sube dannko.
Anonymous
thanks sahoo....loku wistharayak ekkama dila thiyenawaa
oshanda
thanks sahoo...loku wistharayak ekkama dila thiyenawa
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
බලලම කියන්නම් ෆිල්ම් එක කොහොමද කියලා...Kavinu
මමූතිගේ All-Time Highest Grossing ෆිල්ම් එක! නොබලා කොහොමද ඉතින්...
බොහොම ස්තූතියි උදේ අයියේ...
පුලුවන් නම් කෝටි 40+කට එහා හොයපු ප්‍රිත්විගේ බ්ලොක්බස්ටර් එක Ayyappanum Koshiyum (2020) මලයාලමටත් සබ දෙන්න
ජය වේවා!!!Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :) :) ....
ජය වේවා.!Lalani Maduwanthi
Godaaak pin,,,thank you
Prasadmdrnga01
Thanks... Disco raja ektath sub ek one
Kolitha4
Thanx bro
රංගික සිනෙත්
ස්තුතියිිි සහෝ සුපිරියක් .ජයම වේවා
arawindasunimal
thanks sub ekata
isuru srinath sjs
පට්ටම සහො .. බොහොම ස්තුතියි උපසිරැසියට .. ජය වේවා !!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Shashika Weerasinghe
sub eke issue ekak tiyenawa bro. mn 1.6gb eka file eka tamai download kare .. sub eke time waradi. khomda hada ganne
Anonymous
Sub eka thiyana rip ekata අදාල වීඩියෝවක්ද ඒක
Anonymous
Ow rip ekata adala video 1k
දමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොමත්ම ස්තුතියි සහෝ.
ජයෙන් ජයම වේවා!gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
tharidu16
thanks machiii
tharidu16
1.6 gb ekata error ekak enawa neda
Nethini123
බොහොම ස්තුතියි සබ් එකට
D.Chamara
bohoma sthuthi
gayanarti
me sub eka dila thiyena link ekata set wenne nane
chandima Ambanwala
ස්තුතියි
ශසිත් සඳරුවන්
සබට තුති වේවා...
දිගටම සබ් දෙමු ආ...
ජය!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Mamangam (2019) AKA Seetha Sinhala Subtitles | මාමාන්ගම් දේශයේ වීරයන්ගේ සටන! [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/03/Mamangam-2019.jpg)
Ayyappanum kaushium 1 tath sub 1 hadapanko bn..film 1 pattalu..godak honda reviews tynawa..me awrudde apu blockbuster 1k.prithuviraj sukumarange..honda copyakuth awith tynne...anyway sub 1ta thanks...