All We Imagine as Light (2024) Sinhala Subtitles ආයුබෝවන්. ඔබ සැමට සුභ නව වසරක්. ඉතිං අද ඔබට ගෙන එන්න අදහස් කලේ ඊයෙ OTT නිකුත් කල මේ වසර තුල ඉන්දියාව නිකුත් වූ විශිෂ්ඨතම මලයාලි චිත්‍රපටයක්. මේක සාමාන්‍යයෙන් ඔබ දකින මලයාලි ඇක්ෂන්, ත්‍රිලර්, සස්පෙන්ස්, කොමඩි හෝ රොමැන්ටික් චිත්‍රපටයක් නම් නෙමෙයි ඊට එහ…

All We Imagine as Light (2024) Sinhala Subtitles

ආයුබෝවන්. ඔබ සැමට සුභ නව වසරක්. ඉතිං අද ඔබට ගෙන එන්න අදහස් කලේ ඊයෙ    OTT නිකුත් කල මේ වසර තුල ඉන්දියාව නිකුත් වූ විශිෂ්ඨතම මලයාලි චිත්‍රපටයක්. මේක සාමාන්‍යයෙන් ඔබ දකින මලයාලි ඇක්ෂන්, ත්‍රිලර්, සස්පෙන්ස්, කොමඩි හෝ රොමැන්ටික් චිත්‍රපටයක් නම් නෙමෙයි ඊට එහා ගිය ජීවිතයෙ යතාර්ථයට සමීප ඉතා සියුම් එහෙත් ගැඹුරු කතාවක්. කොටින්ම ඉන්දියාව තුල ගිය වසරෙ නිකුත් උන හොඳම චිත්‍රපටයක් ලෙස ලෝකය පුරා කතා උන චිත්‍රපටයක්.

ගිය වසරෙ සුප්‍රකට 77 වන කාන්ස් සම්මාන උළෙලේ Palme d’Or සම්මානයට 1994න් පසු නිර්දේශ උන ප්‍රථම ඉන්දීය චිත්‍රපටය මේක. ඒ වගේම එම චිත්‍රපට උළෙලේ දෙවන ප්‍රධානතම සම්මානය වන Grand Prix සම්මානයට පාත්‍ර වෙන්නෙ මේ චිත්‍රපටය. ඉන් අනතුරුව ලොව පුරා චිත්‍රපට උළෙලවල් රාශියක සම්මාන වලට මෙන්ම නිර්දේශයන්ට ලක් උන මේ චිත්‍රපටය මේ වන විට 82 වන Golden Globe සම්මාන උළෙලේ හොඳම විදෙස් චිත්‍රපටය, හොඳම අධ්‍යක්ෂනය යන සම්මාන වලට නිර් දේශ වෙලා තියෙනවා. මේ වසරෙ ඉන්දියාවෙ නිකුත් උන හොඳම ගුණාත්මක චිත්‍රපටය වූ මෙය මෙවර ඇකඩමි සම්මාන උළෙල සඳහා ඉන්දියාව සිය නියෝජනය ලෙස ඉදිරි පත් කරනු ඇතැයි බොහෝ දෙනා සිතුවත් ඒ වෙනුවට ඉතා සරල විනෝදාත්මක චිත්‍රපටයක් වන LAPAATA LADIES ඉදිරිපත් කිරීම දැඩි විවේචනයට භාජනය උනා වගේම එය එම උළෙලේ තරඟකාරී අංශයේ අවසන් වටයට සුදුසු කම් නොලබා ගැලවී ගියා. මේ චිත්‍රපටය ලබා ගත් සහ නිර් දේශිත සම්මාන ලයිස්තුවේ ස්ක්‍රීන් ශොට් එකක් දෙන්න උත්සාහ කලත් ලැයිස්තුව දිග වැඩි නිසා ඒ අදහස අත හැරියා. ඉතිං ඔබ හොඳ සම්මාන ලාභී චිත්‍රපට නරඹන කෙනෙක් නම් මෙන්න එහෙම එකක්.

මේ චිත්‍රපටයෙන් කියැවෙන්නෙ කේරළයෙන් රැකියාවක් සඳහා මුම්බායි ගිය මලයාලි ජාතික කාන්තාවන් තිදෙනෙක් ගැන කතාවක්. දෙදෙනෙක් හෙදියන් ලෙසත් අනිත් කෙනා ඒ රෝහලේම සුළු සේවිකාවක් ලෙස කටයුතු කරනවා. තිදෙනාටම එකිනෙකාට වෙනස් කතාන්තර තුනක් තිබුනත් ඔවුන් තුල ඇති මිත්‍රත්වය සහ බැඳීම මේ චිත්‍රපටයට පාදක වෙනවා. කාර්‍ය බහුල මුම්බායි නගරයේ දුක සතුට අග හිඟ කම් ප්‍රශ්ණ මැද ඔවුන් සිය ජීවිත ගෙන යන ආකාරය මෙන්ම ඔවුන් අතර බැඳීම ඉතා සියුම් ලෙස මෙහි විග්‍රහ කරනවා. මේ පිළිබඳ විචාරයන් ඉස්සරහට අපිට බලන්න පුළුවන් වෙයිනේ.

පයාල් කපාඩියා නම් අධ්‍යක්ෂිකාවගේ ප්‍රථම අධ්‍යක්ෂනය වන මේ චිත්‍ර පටයෙ කානි කුස්රුති, දිව්‍ය ප්‍රභා, ඡායා කදම් ප්‍රධාන චරිත රඟනවා

ඉතිං නව වසරේ තවත් උනුසුම් උපසිරැසි රැසක් බලාපොරොත්තු වන්න,

මා ගත් විරාමයේදී මට මග හැරුණු චිත්‍රපට කීපයකම උපසිරැසි ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා. ඉතිං නැවත හමු වෙමු.

All We Imagine as Light (2024) Sinhala Subtitles

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම උපසිරැසිය WEBRip පිටපත් සඳහා පමණක් වලංගු වේ.

3,051 downloadsDownload All-We-Imagine-As-Light-2024.zip27 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2023-09-10
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

All We Imagine as Light (2024) Sinhala Subtitles

Subtitles by

BANDULA K

Subtitles

3,051 downloadsDownload Subtitles27 KB

11 comments

  1. Supun Thiwanka

    සුපිරි මෙ වගෙ ඒවට දිගටම දෙන්නකො. කට්ටිය ගොඩක් බැලුවෙ නැතත් බලන කට්ටියට දෙන්නකො සබ් කරන මහන්සිය අපරාදෙ කියල හිතන්නෙ නැතිව. තෑන්ක්ස්.

  2. Buddhika laKMal

    ස්තූතියි බන්දුල සහෝ මේ වගේ විශිෂ්ඨ මලයාලි මූවි එහෙකට සිංහල සබ් දුන්නට

  3. Sandaru Hasaranga

    පළවෙනි ඩවුන්ලෝඩ් එක මගෙන් ❤️

  4. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ...!

  5. Isuru

    Thanks puluwannam Ka telugu (2024) ,oru nodi (2024) tamil film ekatai sub denna

  6. Lakshan Gunathilake

    Samahara than wala subtitles nane

  7. Ruchira

    Thanks for the sub!

  8. Rajitha Abeysinghe

    Thanks

  9. ishan

    subtitle walata isthutie. eeth subtitel complete na godak than wala subtitle naha

  10. Akila

    කෝ බං මේකෙ සබ් එකෙන් බාගෙට බාගයක් නෑනෙ. අපරාදෙ ලස්සන ෆිල්ම් එක

  11. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..❤