Fire and Ice (1983) Sinhala Subtitles මට කාලෙක ඉදලම ආසාවක් තිබුනා සිංහල උපසිරැසියක් හදලා බයිස්කෝප් වෙබ් අඩවියට එකතු කරන්න. ඉතින් ඒ සිහිනය සැබෑ කරගන්න ගමන් මම ඔයාලට මගේ පළවෙනි සිංහල උපසිරැසිය විදිහට 1983 වර්ශයේ නිකුත්වුන Fire and Ice ඇනිමේෂන් චිත්‍රපටය අරගෙන ආවා.. මේ චිත්‍රපටය ගැන කියනව නම් IMDB 6.…

මට කාලෙක ඉදලම ආසාවක් තිබුනා සිංහල උපසිරැසියක් හදලා බයිස්කෝප් වෙබ් අඩවියට එකතු කරන්න. ඉතින් ඒ සිහිනය සැබෑ කරගන්න ගමන් මම ඔයාලට මගේ පළවෙනි සිංහල උපසිරැසිය විදිහට 1983 වර්ශයේ නිකුත්වුන Fire and Ice ඇනිමේෂන් චිත්‍රපටය අරගෙන ආවා..
මේ චිත්‍රපටය ගැන කියනව නම් IMDB 6.5 ක අගයක් ගත්ත මේ නිර්මාණය අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Ralph Bakshi විසිනුයි. මොහු කැපී පෙනෙන ඇනිමේෂන් චිත්‍රපට කිහිපයක්ම හදපු අධ්‍යක්ෂකවරයෙක්.ඔහුගෙ වැඩ අතර The Lord of the Rings 1978 චිත්‍රපටය එහෙම ගොඩක් සුවිශේෂයි.
මේක නිර්මාණය කරල තියෙන්නෙ Bakshi සහ Frazetta විසින් නිර්මාණය කරන ලද චරිතයන් පාදක කරගෙනයි. මේකෙ තිරපිටපත ලියල තියෙන්නෙ මාවල් කොමික් වෙනුවෙන් කෝනාන් කතා ලියපු Gerry Conway සහ Roy Thomas කියන දෙන්නා.
මේ චිත්‍රපටය හදන්න මේ පිරිස ගත්ත මහන්සිය මෙන්න මේ යූ ටියුබ් වීඩියෝ පටය හරහා ඔබට දැකබලා ගන්න පුලුවන්..
මේ චිත්‍රපටයේ කතාව ගැන කිව්වොත් මනංකල්පිත දේශයක සීත උතුරු ප්‍රදේශයේ සිටින බලවත් පාලකයෙකු විසින් සමස්ථ ලෝකය තමන්ගෙ යටතට ගැනීම සඳහා කරන විශාල ආක්‍රමණයකුත් , එම ආක්‍රමණයට එරෙහිව පිරිසක් කරන නැගී සිටීමකුත් තමයි මේකෙ තියෙන්නෙ..මීට වඩා මම මේ ගැන කියන්න ගියොත් කතාව ස්පොයිල් වෙනවා..ඒ නිසා මම තව මුකුත් ඒ ගැන කියන්න යන්නෙ නෑ…
2023 අගෝස්තු මාසෙදි මේ චරිත පාදක කරගෙන කොමික් එකකුත් නිකුත් උනා.මේ වෙනකොට නම් තවත් කොමික් කිහිපයක්ම නිකුත් වෙලා තියෙනවා. මේ චිත්‍රපටය පාදක කරගෙන පසුකාලීනව 2010 දි පමණ ලයිව් ඇක්ෂන් චිත්‍රපටයක් හදන්න කතාබහක් ඇතිවුනත් පසුකාලීනව ඒක සිදු නොවෙන තැනට වැඩකටයුතු සිදුවෙලා තියෙනවා.
මේක මගේ පලවෙනි උපසිරැසි ගැන්වීම නිසා සහ ඉංග්‍රීසි උපසිරැසිය සහ චිත්‍රපටයේ තිබුන දෙබස්වල වෙනස්කම් නිසා සමහරවිට අඩුපාඩු තියෙන්න පුලුවන්. මම ඒවා උපරිමයෙන් අවම කරගෙන උපසිරැසිය සකසන්න උත්සාහ කලා , නමුත් එහෙම අඩුපාඩු දකින්න තියෙනව නම් ඇත්තටම මම කණගාටුව ප්‍රකාශ කරනවා. එහෙනං ආයෙත් දවසක තවත් උපසිරැසියකින් හමුවෙමු..
Fire and Ice (1983) Sinhala Subtitles
Due to copyright issues, We do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය Bluray පිටපත් සඳහා ලබා දී ඇත
737 downloadsDownload Fire-and-Ice-1983-Sinhala-Subtitles.zip15 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තරිඳු ලක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2025-01-04
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
Tharindu Lakshan
Subtitles
5 comments
Buddhika laKMal
buddika
thanks bro
එල්. සී. දමැල්
පළමු වැඩේට උණුසුම් සුභ පැතුම් තරිු සහෝ.
සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් උපසිරස කණ්ඩායමට!
දිගටම හොඳ නිර්මාණ තෝරගෙන සබ් කරමු. :)
ජය! ✌Ishan Madusha
බොහොම ස්තූතියි උපසිරැසියට.
Anonymous
පළමු උපසිරැසියට සුබ පැතුම්! සුබ ම වේ වා! මිත්‍රයා... සාමාන්‍යෙයන් උපසිරැසි නිර්මාණය නොවෙන, තරමක් පැරැණි, පැරණි, කෝනාන් වයිබ් එක තියෙන ෆිල්ම් ටිකකට උපසිරැසි කරයි කියල බලාපොරොත්තු වෙනවා...
-වසවර්තී මාර
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
පළවෙනි උපසිරැසියට සුබපැතුම් බ්‍රෝ....
දිගටම ඉඩක්තියෙන වෙලාවට සබ් ගේමු.......
ජයවේවා............