කොහොමද කට්ටියට ඉතින්..ඔන්න මගේ තුන්වෙනි උපසිරැසියත් අරන් ආවා. මේ පාර ගෙනාවේ දේශප්‍රේමීන් කණ්ඩායමක් ගැන කතාවක්. චිත්‍රපටය තිරගත වුනේ මේ අවුරුද්දේ මැයි මාසේ. අධ්‍යක්ෂනය කරලා තියෙන්නේ, අපි කවුරුත් හොඳින් දන්න චක් නෝරිස්ගේ පුත්‍රයා වන මයික් නෝරිස් විසින්. හරි එහෙමනම් කතාවට බහිමුකෝ.. ලෝකේ ප්‍රධාන රටවල්…

කොහොමද කට්ටියට ඉතින්..ඔන්න මගේ තුන්වෙනි උපසිරැසියත් අරන් ආවා. මේ පාර ගෙනාවේ දේශප්‍රේමීන් කණ්ඩායමක් ගැන කතාවක්. චිත්‍රපටය තිරගත වුනේ මේ අවුරුද්දේ මැයි මාසේ. අධ්‍යක්ෂනය කරලා තියෙන්නේ, අපි කවුරුත් හොඳින් දන්න චක් නෝරිස්ගේ පුත්‍රයා වන මයික් නෝරිස් විසින්.
හරි එහෙමනම් කතාවට බහිමුකෝ.. ලෝකේ ප්‍රධාන රටවල් වල නායකයකයෝ, “ස්ථාවර ලෝකයක්” කියලා සංකල්පයක් ගේනවා.(මේක දැනටමත් ඇත්ත ලෝකේ තියෙන සංකල්පයක්) කතාවට අනුව, මේ ලෝකෙට දරන්න පුලුවන් උපරිම ජනගහනය මිලියන 500 යි. ඒත් ලෝකේ ජනගහනය බිලියන 7 ත් ඉක්මවලා තියෙන නිසා, මොවුන් තීරණය කරනවා ඒ වැඩිපුර ජනගහන ලෝකයෙන් ඉවත් කරලා දාලා, ස්ථාවර ලෝකයක් ගොඩනගන්න. ඒ සඳහා ඔවුන් මුලින්ම තෝර ගන්නේ ඇමරිකාව. මොකද ඔවුන් විශ්වාස කරනවා ස්ථාවර ලෝකයක් ගොඩ නැගීමට ඇති ප්‍රධානම බාධකය තමයි, ශක්තිමත් ඇමරිකාව කියලා. ඒ නිසා ඔවුන් එක්සත් ජාතීන්ගේ මුවාවෙන්, අවුරුදු ගානක් තිස්සේ මේක සැලසුම් කරලා, ඇමරිකානු ජනාධිපතිවත් මේකට කැමති කරවාගෙන ඔහුගේ අනුදැනුම යටතේ, ඇමරිකාවේ ඉන්න මිනිස්සුන්ව මර්ධනය කරන්න තීරණය කරනවා. ඒ සඳහා ඔවුන් යොදා ගන්නේ EMPප්‍රහාරයක් හෙවත් විද්‍යුත් න්‍යෂ්ඨික ප්‍රහාරයක්. ඒ ප්‍රහාරය නිසා මුලු ඇමරිකාවෙම, ඒ වගේම ලෝකයේම, ඉලෙක්ට්‍රොනික් උපාංග ක්‍රියා විරහිත වෙනවා. විදුලිය ඇණ හිටිනවා, විදුලියෙන් ක්‍රියාත්මක වෙන ඔක්කොම ක්‍රියා විරහිත වෙනවා, මිනිස්සු ගොඩක් අසරණ වෙනවා. ඊට පස්සේ එක්සත් ජාතීන්ගේ මුවාවෙන් එන පිරිස, ඇමරිකාවේ මිනිස්සුන්ව මර්ධනය කරන්න ගන්නවා, ඔවුන් ඇමරිකානු හමුදාවට කියනවා, ඇමරිකානු මිනිස්සුන්ට වෙඩි තියන්න කියලා. කොහොම නමුත් මේ ක්‍රියාවලි වලට විරුද්ධව සුලු හෝ ප්‍රතිරෝධයක් දක්වන්න ටෙක්සාස් වල දේශප්‍රේමීන් කණ්ඩායමක් සමත් වෙනවා. ඔවුන් ඒ අයට විරුද්ධව සටන් කරන අයුරුත් ඇමරිකාව තුල අනාගතයේදී ඇති විය හැකි විශාල සිවිල් යුද්ධයක ඇරඹුමත්, මේ චිත්‍රපටයෙන් නිරූපණය කරලා තියෙනවා..
හරි එහෙනම්, කට්ටියටම ෆිලුම බලන්න කියලා ආරාධනා කරනවා, ඔයාලගේ දිරි ගැන්වීම් තවත් මේ වගේ නිර්මාණ කිරීමට බොහෝ රුකුලක් වේවි..
එහෙනම් නැවත හමුවෙනතුරු, කට්ටියටම ජය වේවා..!
Due to copyright issues, we do not provide any torrent links.
AmeriGeddon.2016.LIMITED.720p.BluRay.x264-ROVERS
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
5,223 downloadsDownload AmeriGeddon-2016.zip43 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/09/RaveenPerera1-e1474176681911.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවීන් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
රවීන් පෙරේරා
Subtitles
25 comments
Wgk Chathuranga
lahiru
Raveen saho thanx sub ekata a......
Global
ඉදිරියටම යන්න සුභ පැතුම්....
ඔබ හට තුති .. බයිස්කෝප් හට ජය..!රයන් ද සිල්වා
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
෴෴ජය වේවා෴෴acmax
thanx bro..jaya wewaa
රවීන් පෙරේරා
ස්තූතියි හැමෝටම
Manura Sathsarindu
thnx saho sub ekata..
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
බුදු සරණයි.. !2015-2016 අලුත් චිත්‍රපට සඳහා
උපසිරසි යොදනමෙන් කාරුණිකව ඉල්ලමි.
ස්තූතියි.......අසිත
elama thanks
rakitha ranathunga
සබට තුති සහෝ...
pasindu
නියමයි සහෝ මගේ උනුසුම් සුබ පැතුම්..........................!
දිගටම සබ් දෙන්නෝ..............!එල්.සී. දමැල්
උපසිරසට ස්තුතියි රවීන් සහෝ...
නැවත උපසිරසකින් හමුවෙමු...Malith
Adeee revolution wAGEDA manda fatta fatta upasirasata gdaak sthuthiii
Sanath Indika
thx brooo
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Sajith
සබට ගොඩක් ස්තූතියි.. ඒ වගේම දෙයක් කියන්න ඕනි. මේ වගේ රේටින් අඩු බාල දෙකයි පනහෙ ෆිලුමකට සබ් කරන්න වැය කරන කාලය. හොද ෆිලුමකට සබ් එකක් කරන්න වැය කරන්න. එහෙම උනාම ඔයාගෙ මහන්සියට වටිනාකමක් ලැබෙනවා. තවමත් සින්හල සබ් නැති සුපිරි ෆිල්ම්ස් මේ සයිට් එකේම තියෙනවා. අන්න ඒ වගේ ෆිලුමකට සබ් එකක් කරන්න..
1.watchmen(2009)
2.The curious case of benjamin button(2009)
3.Green Zone(2010)
4.eden lake(2008)
5.Smokin' Aces(2006)praneeth madu
tnx mco keep going
Kaazz_bat
තෑන්ක්ස් බ්‍රෝ සබට,. එල එලම,.
Bobby
thank you very much friend
udaya
thanks a lott
Amila
Thanks mchn...!
Rajitha
Thank you machan,,.......jayawewa....!
Sajith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි
ජයෙන් ජයම වේවා...!!Sanath Perera
bohoma isthuthiyi saho sab ekata....
jayen jaya.....රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

ස්තුතියි සහො උපසිරැසියට ජය වේවා.