Watch Trailer

Ammonite (2020) Sinhala Subtitles | වෙරළ කොනක හිඳ බලා සිටින්නෙමි [සිංහල උපසිරසි] 18+

ආයුබෝවන් නෝනාවරුනි මහත්වරුනි, මෙන්න මම මගේ 19 වෙනි ෆිල්ම් එක අරගෙන ආවා. මේ දවස්වල නැගී එන සංචාරක කර්මන්තය හින්දා අපිට ටිකක් වැඩ සෙට් වේගෙන එන්නෙ. ඒක නිසා මේ ෆිල්ම් එක බාරගෙන ටික දවසක් ගියා. ආයෙ ඉතින් සීසන් එක පටන් ගන්න නිසා සමහරවිට අප්‍රේල් වෙනකන් මුකුත් කරන්න නම් බැරිවෙයි. හරි දැන් මම කියන්නම් පොඩ…

ආයුබෝවන් නෝනාවරුනි මහත්වරුනි, මෙන්න මම මගේ 19 වෙනි ෆිල්ම් එක අරගෙන ආවා. මේ දවස්වල නැගී එන සංචාරක කර්මන්තය හින්දා අපිට ටිකක් වැඩ සෙට් වේගෙන එන්නෙ. ඒක නිසා මේ ෆිල්ම් එක බාරගෙන ටික දවසක් ගියා. ආයෙ ඉතින් සීසන් එක පටන් ගන්න නිසා සමහරවිට අප්‍රේල් වෙනකන් මුකුත් කරන්න නම් බැරිවෙයි. හරි දැන් මම කියන්නම් පොඩි සිදුවීමක් මට උන.

දවසක් මම අපේ සාලෙන් යද්දි ටීවි එකේ චැනල් එකක ඉංග්‍රීසි ෆිල්ම් එකක් යනවා. අපේ තාත්තා ඒක බලනගමන්, මම ඇහුවා තාත්තගෙන් මොකක්ද ඕකෙ නම කියල. තාත්තා කියනවා නම නම් දැක්කෙ නෑ ඒත් නම් දානකොට කටේ වින්ස්ලට් කියල කෑල්ලක් පෙන්නුවලු. මම හිනාවෙලා කිව්වා තාත්තෙ කේට් වින්ස්ලට් වෙන්නැති කියල. තාත්තා කියනවා අපි ඔය ඉංග්‍රීසි දන්නෙ නෑ නෙ ඉතින්. යන්තම් කියවගන්න පුළුවන් උනාට කියල.. ඇත්තටම තාත්තා වගේ ගොඩක් මිනිස්සු මේ රටේ තව ඇති. අන්න ඒ මිනිස්සු වෙනුවෙන් මේ නොදන්න ඉංග්‍රීසි සිංහලට හරවලා දීලා අපි කරන්නෙත් ලොකු සේවයක් නේද කියල මට හිතුනා ඒ වෙලාවෙ.

හරි එහෙනම් දැන් බලමු ෆිල්ම් එක දිහා. මේකෙ ඉන්නෙ අපි දන්න සම්මාන දිනපු නිළියක් වන Kate Winslet. දන්නවනෙ එයා ගැන. TITANIC ෆිල්ම් එකේ අපි හැමෝගෙම පොඩි කාලෙ ක්‍රශ් එක උනේ මෙයා.. කතාව ගැන නම් කියන්න යන්නෙ නෑ මම. ඔයාල දන්නව මම කතාව ගැන සාමාන්‍යයෙන් කියන්නෙ නෑ කියල. එතකොට ඒකෙ ගතියක් නෑ. ෆිල්ම් එක මේ වෙද්දි Imdb රේටින්ග්ස් වල 6.5 ක් අරගෙන තියෙනවා. ඒක නිසා මේක හොඳම කතාවක් කියල කියන්න පුළුවන්. ඊලඟට කියන්න ඕන මේ කතාවට පදනම් උන චරිතය මහාචාර්ය ඇනින්ග් කියන්නෙ ඇත්තම චරිතයක්එ. යාගෙ හොඳම යාලුවා තමයි චාලට් කියන්නෙ. චාලට්ගෙයි එයාගෙයි සම්භන්ධය ඩිරෙක්ටර් පොඩ්ඩක් වෙනස් කරා කියල තමයි ගොඩක් විචාරකයො නම් කියන්නෙ. ඔයාලත් කතාව බලලම ඉන්නකෝ එහෙනම්.

තව පොඩි දෙයක් කියන්න ඕන. ගොඩක් අය මගෙන් අහනවා ඇයි මේ වගේ අමුතු ෆිල්ම් වලට සබ් කරන්නෙ කියල. තව අය අහනවා කරන්නෙම ලෙස්බියන් වගේ ඒව නේද කියල. ඔව් වෙන්න පුළුවන්. ඒත් මම මේවයෙ දකින කලාව වෙන ඒවල නෑ සහෝදරවරුනි. රස විඳල බලන්න. ඇබ්බැහිවෙයි.

එහෙනම් මම අදට යනවා. ජයවේවා හැමෝටම.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසිය BR පිටපත සඳහා අදාළ වේ.

4,098 downloadsDownload Ammonite.2020.zip23 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දමින්ද ගමගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-01-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Subtitles by

දමින්ද ගමගේ

Subtitles

4,098 downloadsDownload Subtitles23 KB

19 comments

  1. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  2. indika 75

    thanks..

  3. චතුරංග බුද්ධික

    චිත්‍රපටියේ කතාව දාන්නේ නැති එක නම් හොඳයි...
    සමහර උපසිරැසි විස්තරය කියවන ගමන් ඉබේම කතාව දකිනවා... එතකොට අවුල්...
    ඔයා මෙහෙම කරන්ට, ඔයාට කතාව ගැන දාන්ට ඕනේ නම් මේ විදිහටම විස්තරය දාලා යටින් කතාව ගැන දාන්ට... ඔයාට කතාව ගැන හිතෙන දේත් දාන්ට...
    එතකොට චිත්‍රපටිය බලලා ඇවිත් ආයේ කියවන්ට පුලුවන් යටින් වෙනම තියෙන කොටසත්...

    උඩින් මාතෘකාවක් දාන්ට පුලුවන් නේ කතාව බලපු නැති අය ඒක බලන්ට එපා වගේ දෙයක්...

    අර සාලයේදී දැකපු ඉංග්‍රීසි චිත්‍රපටිය මොකක්ද දන්නේ නෑ නේ???

  4. Anonymous

    Thanks jayawewa.....!

  5. Buddhika Lakmal

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  6. Rusith Dileepa

    Thankz...

  7. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  8. bandara

    Thanks Bro..it's a good film

  9. Unknown

    ගොඩක් අය ලෙස්බියන් එවුවා බලන්න ආස නැතිව ඇති ඒත් ඒකත් ගැහුණු පිරිමි අයගේ ආදර කතා වගේමයි ගොඩක් අය ලෙබියන් මූවිස් දිහා අසභ්‍ය විදිහට බලද්දී මාන් දකින්නේ තවත් දෙදෙනෙකුගේ ආදර කතාවක් ලෙසටයි.සබ් එකට ස්තූතියි.

  10. kumara

    thanks bro

  11. Anonymous

    සිංහල උපසිරසට බොහොම ස්තූතියි

  12. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

    1. Anonymous

      Thank you ayye

  13. Dewadithya

    Thanks for Sub!

  14. Namak නැ

    මේ වගේ ෆිල්ම් වල නම් ටිකක් කියන් යන්ඩකෙ⁣ා

  15. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  16. Mano

    Godak sthuthi..Jaya wewa!

  17. Anonymous

    Attatama maath me wage film wala rasayata abbahi welaa inne

  18. Janitha Suraj

    Thank you ayye