Watch Trailer

Hypnotic (2021) Sinhala Subtitles | අදුරු මෝහන විද්‍යාව [සිංහල උපසිරැසි]

Netflix කියල කියන්නෙ හැමදාමත් වගේ වෙනස්ම අදහස් සහ වෙනස් ම රසාස්වාදයන් ප්‍රේක්ෂකයන් වෙත නිරන්තරයෙන් ගෙන එන්න උත්සහ කරන ආයතනයක් නේ. ඉතිං ඔන්න අද මම අරගෙන ආවෙ, netflixල මේ ලගදි තිරගත කිරීම් ඇරඹුව එවැනි වෙනස් ම තේමාවක් යටතේ නිර්මාණය වුනු චිත්‍රපටයක සිංහල උපසිරැසියක්. “මෝහන විද්‍යාව” කියන එක ගැන ඔයාල අහ…

Netflix කියල කියන්නෙ හැමදාමත් වගේ වෙනස්ම අදහස් සහ වෙනස් ම රසාස්වාදයන් ප්‍රේක්ෂකයන් වෙත නිරන්තරයෙන් ගෙන එන්න උත්සහ කරන ආයතනයක් නේ. ඉතිං ඔන්න අද මම අරගෙන ආවෙ, netflixල මේ ලගදි තිරගත කිරීම් ඇරඹුව එවැනි වෙනස් ම තේමාවක් යටතේ නිර්මාණය වුනු චිත්‍රපටයක සිංහල උපසිරැසියක්.

“මෝහන විද්‍යාව” කියන එක ගැන ඔයාල අහල ඇතිනෙ. දන් නැති අයටත් එක්ක මම පොඩ්ඩක් මොකද්ද මේ මෝහන විද්‍යාව කියන්නෙ කියල කියල ඉන්නම්. මෝහන විද්‍යාව කියල කියන්නෙ, විවිද මානසික ආතතීන් වලින් සහ විවිද මානසික රෝගින් සදහා අදකාලෙ ගොඩ දෙනෙක් අනුමත කරන සහ හුග දෙනෙක් පිළිගන්න චිකිත්සක ප්‍රතිකාර ක්‍රමයක්. මේ ක්‍රමය හරහා සිද්ධ වෙන්නෙ, අපේ මොලය සහ ඒ වටා ඇතිවෙලා තියෙනව මතකය පිළිබදව ගැඹුරු විශ්ලේෂණයක් සිදු කෙරෙනවා. අදාල රෝගියාගෙ මානසික පීඩාවට එසේත් නැතිනම් මානසික රෝගීතාවයට හේතුවන කාරකය අදුනා ගන්නවා. පස්සෙ, දීර්ග කාලීන හෝ කෙටි කාලින මානසික චිකිත්සක සැත්සම් මගින් අදාල රෝගියාගෙ මනස තුල තිබෙන අදුරු මතකයක් ඉතා සියුම්ව මකා දමල, එයාලට මානසික සුවතාවය ඇතිකරල දෙනව.

මෝහන විද්‍යාව ගැන කියන්න ගත්තොත් තව ගොඩක් දේවල් තියෙනව. ඒත් කෙටියෙන් කිව්වොත් ඒ වගේ. හරි එහෙනම්, දැන් හැරෙමු ච්ත්‍රපටය දිහාවට. ජෙනිෆර් කියල කියන්නෙ මැදිවියේ පසුවෙන කාන්තාවක්. එයාගෙ ජිවිතේ ඇති වෙන පෞද්ගලික ප්‍රශ්න රැසක් නිසා එයාට මානසික රෝග රැසකට මුහුණ දෙන්න වෙනවා. ඉතිං ඒ අතරතුරේදි, එයාගෙ යාලුවෙක් ගෙ මාර්ගයෙන් එයාට වෛද්‍ය “කොලින් මීඩ්” කියලා මනෝ චිකිත්සකයෙක් ගැන අහන්න ලැබෙනව. පස්සෙ ඉතින් අපේ මේ ජෙනිෆර්, එයාගෙ මාර්ගයෙක් මෝහන චිකිත්සාවක් කරගෙන තමංගෙ මොලයෙ තියෙන අදුරු මතකයක් ඉවත් කරගන්න උත්සහ කරනවා. ඒත් වෙන්නෙ වෙනම දෙයක්. ඒ මනෝ චිකිත්සක වරයා මේ “මෝහන විද්‍යාව ” කියන සංකලිපය වැරදි විදියට ජෙනීෆර් ට යොදා ගන්නවා.

ඉතිං මෙතන ඇත්තටම වෙන්නෙ මොනවද? වෛද්‍ය ඩොක්ටර් මීඩ් ජෙනිෆර් ට වැරදි විදියට මෝහන විද්‍යාව භාවිත කරල මොනවද බලාපොරොත්තු වෙන්නෙ? තීරණය ඔබේ අතේ!

Hypnotic (2021)

*Imdb: 5.3/10
*Rotten tomatoes:25%
* Movie insider: 3/5

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

6,455 downloadsDownload Hypnotic.2021.zip36 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දුලක්ෂ සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2021-10-13
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

දුලක්ෂ සම්පත්

Subtitles

6,455 downloadsDownload Subtitles36 KB

18 comments

  1. Kushan

    Sub akta thanks

  2. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

    Request:

    Ron’s Gone Wrong (2021)
    Hostage: Missing Celebrity (2021) - IMDb
    The Last Duel (2021)
    The Power of the Dog (2021)

  3. Buddhika Lakmal

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  4. Dulmin

    සබ් එකට බොහෝම ස්තූතියි..

    Diary of a wimpy kid
    Rons Gone wrong
    The last duel
    King Richard

    මේ ටිකටත් සබ් දෙන්නකෝ..

  5. Anonymous

    උපසිරැසියට බොහොම ස්තූතියි

    Rons Gone Wrong
    A boy called Christmas
    The last duel
    King Richard
    Spencer
    Diary of a wimpy kid

    පුලුවන් නම් මේ ටිකෙත් සබ් දෙන්නකෝ..

    1. Anonymous

      House of gucci sub ekath dendakoo

  6. Bimsara Yashan(ඔලිව)

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.ජයවේවා!

  7. Vinod

    Last duel 2021 වගේ සුපිරි ෆිල්ම් එකක සබ් දෙන්නෙ නැත්තේ ඇයි

  8. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  9. Hasitha

    සිංහල උපසිරසියට ස්තුතියි සහෝ ..!!

  10. Malith samarawickrama

    Thanks bro sub ekata

  11. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  12. Udara Damith

    ewqarf

  13. mevin

    thanks

  14. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  15. Nishan

    Thanx bro

  16. Dewadithya

    Thanks for Sub!

  17. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!