Watch Trailer

Ankam Attahasam (2026) Sinhala Subtitles | අලුත් රජෙක් [සිංහල උපසිරසි]

Ankam Attahasam Sinhala Subtitle ඉතින් සාදරයෙන් පිළිගන්නවා තවත් මලයාලම් ෆිල්ම් එකකට.ඉතින් තිනුන වැඩත් එක්ක ගොඩ දවසකින් තමයි ෆිල්ම් එකක් අරන් එන්න පුලුවන් උනේ. මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරන්නේ, සුජිත් එස්. නායර් විසින්. තිර රචනය කරන්නේ, සුජිත් එස්. නායර් සහ ජී. අනිල් කුමාර් රාජු විසින්. ඉතින් මේ ෆිල්ම…

Ankam Attahasam Sinhala Subtitle

ඉතින් සාදරයෙන් පිළිගන්නවා තවත් මලයාලම් ෆිල්ම් එකකට.ඉතින් තිනුන වැඩත් එක්ක ගොඩ දවසකින් තමයි ෆිල්ම් එකක් අරන් එන්න පුලුවන් උනේ.

මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරන්නේ, සුජිත් එස්. නායර් විසින්. තිර රචනය කරන්නේ, සුජිත් එස්. නායර් සහ ජී. අනිල් කුමාර් රාජු විසින්. ඉතින් මේ ෆිල්ම් එකේ අපි දන්න ගොඩක් නළු නිළියන් රංගනයෙන් දායක වෙනවා. මෙහි ප්‍රධාන චරිතය රඟදක්වන්නේ, අපි කවුරුත් දන්න මාධව් සුරේෂ් විසින්. ඒ අජේ චන්ද්‍රන් විදියට. තවද අපි කවුරුත් දන්න, සයිජු කුරුප්, ශයින් ටොම් චාකෝ, ඇනා රෙෂ්මා රාජන්, මක්බුල් සල්මාන් වගේ අයත් මෙහි රංගනයෙන් දායක වෙනවා.

ඉතින් කතාව පැත්තට ගියොත්,

අජේ චන්ද්‍රන් කියන්නේ ට්‍රිවෙන්ඩ්‍රම් නගරයේ ජීවත් වෙන වයස අවුරුදු 24ක තරුණයෙක්. ඉතින් මෙයා එක්තරා ගෑනු ළමයෙක්ට ආදරය කරනවා. හැබැයි ඒ ගෑනු ළමයාගේ තාත්තා මේ සම්බන්ධයට පොඩ්ඩක්වත් කැමති නෑ. ඉතින් එයා අජේව මරන්න පාතාල මැරයෙක්ව යවනවා. මේ සිද්ධියත් එක්ක අජේගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම කණපිට පෙරළෙනවා. සාමාන්‍ය තරුණයෙක් විදියට හිටපු අජේට අන්තිමේදී පාතාල ලෝකයේ දරුණු මැරයෙක් වෙන්න සිද්ධ වෙනවා. ඉතින් මේ අතරෙදි අජේට ලොකු කරදර ගොඩකට තමයි මුහුණ දෙන්න වෙන්නේ. ඒ වගේම තමන්ගේම අයගේ පාවාදීම් වලටත් අජේට මුහුණ දෙන්න සිද්ධ වෙනවා.

ඉතින් අජේට මේ සතුරන්ගෙන් බේරිලා තමන්ගේ ආදරය දිනාගන්න පුළුවන් වෙයිද?. පාතාල ලෝකයේ මේ අඳුරු ජීවිතෙන් මිදෙන්න එයාට හැකි වෙයිද?. මේ ඔක්කොම දැනගන්නනම් ෆිල්ම් එක බලන්නම වෙනවා. කම්මැලි නැතුව බලන්න පුළුවන් හොඳ ඇක්ෂන් ත්‍රිලර් ෆිල්ම් එකක්.

ඉතින් එහෙනම් තවත් ෆිල්ම් එකකින් නැවත හමුවෙමු. සුභ දවසක්!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය HDRIP පිටපත් සඳහා ලබා දි ඇත.

373 downloadsDownload Ankam-Attahasam-2026.zip41 KB

width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චතුර සංදීප” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය. 

 

 

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2024-12-17
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Ankam Attahasam (2026)  Sinhala Subtitle Sinhala Subtitle

Subtitles by

චතුර සංදීප

Subtitles

373 downloadsDownload Subtitles41 KB

2 comments

  1. Buddhika laKMal

    තෑන්ක්ස් මචං සබ්එකට

  2. Sahan Gayantha

    thanks a lot Chathura saho sub ekata