Watch Trailer

Annadurai (2017) Sinhala Subtitles | නිවුන් සහෝදරයන් දෙදෙනා… [සිංහල උපසිරසි සමඟ]

මුලින්ම මම අපේ තරිඳු අයියගෙන් ලොකූ සමාවක් ගන්නවා. මොකද එයා මේ උපසිරැසිය වෙනුවෙන් කැප වෙලා වැඩ කළත් මට මගේ කොටස හරියාකාරව කරගන්න බැරි වුණු එකට. මේ චිත්‍රපටයේ උපසිරැසිය කරන්න බාර අරගෙන තිබුනේ මම. නමුත් බයිස්කෝප් සමාජ සත්කාර වැඩ මුළුවේදී තරිඳු අයියා කැමති වුනා මේ චිත්‍රපටයේ උපසිරැසිය මාත් එක්ක එකතු වෙ…

මුලින්ම මම අපේ තරිඳු අයියගෙන් ලොකූ සමාවක් ගන්නවා. මොකද එයා මේ උපසිරැසිය වෙනුවෙන් කැප වෙලා වැඩ කළත් මට මගේ කොටස හරියාකාරව කරගන්න බැරි වුණු එකට. මේ චිත්‍රපටයේ උපසිරැසිය කරන්න බාර අරගෙන තිබුනේ මම. නමුත් බයිස්කෝප් සමාජ සත්කාර වැඩ මුළුවේදී තරිඳු අයියා කැමති වුනා මේ චිත්‍රපටයේ උපසිරැසිය මාත් එක්ක එකතු වෙලා කරන්න. පළවෙනි පැය මම වගේම දෙවැනි පැය එයා කරන්නයි අපි කතා කරගත්තේ. නමුත් ඔය අතරේ මම ඉගෙන ගනිමින් හිටපු උපාධි උත්සවය ආවා, ඒක ඉවර වුණාට පස්සේ අපේ ආච්චි නැති වුනා, ආච්චිගෙ මල ගෙදරටත් ගිහින් ආවට පස්සේ අපේ අක්ක කෙනෙක්ගෙ මගුල් ගෙදරක් තිබුනා. අනේ ඔයාලට කියන්න මේ වගේ ගොඩක් දේවල් වලට පස්සෙ තමයි මන් මගේ උපසිරැසිය කරන්න පටන් ගත්තේ. ඔය අතරේ තරිදු අයිය එයාගෙ කොටස කරල මැසේජ්, කෝල් ගොඩක් දුන්නා. ඒ වගේම අපේ බයිස්කෝප් ඇඩ්මින් මඩුල්ලගෙනුත් මට අවසාන දැනුම් දීමකුත් ආවා. කොහොමින් කොහොම හරි මීට කලින් දෙන්න තිබුන උපසිරැසියක් මගේ වැරැද්දෙන් ඔන්න අද තමා දෙන්න පුලුවන් වුනේ. ඉතින් මම හිතනවා තරිඳු අයියා මාත් එක්ක තරහ නැතුව ඇති වගේම මාත් එක්ක මේ වගේම හවුලේ තවත් උපසිරැසියකුත් කරන්න ඒවි කියල. 🙂

IMDB මීටරේ 5.1 අගයක් ගත්තු මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය වගේම චිත්‍රපටයේ කතාව ලියලා තියෙන්නේ G. Srinivasan විසින්. ඒ වගේම තෙළිඟු භාෂාවේ දෙබස් ලියලා තියෙන්නේ Bhashyasree (telugu dialogue) විසින්. කතාවේ ප්‍රධාන නළුවාට ඉන්නේ අපි කවුරුත් හොදින් දන්න Vijay Antony. ප්‍රධාන නිළියන්ගේ චරිත Diana Champika සහ Jewel Mary විසින් ඉදිරිපත් කරනවා. තෙළිගු භාෂාවෙන් නිකුත් වුණු මේ චිත්‍රපටයේ නම Indrasena.

අන්නාදොර සහ තම්බිදොර කියන්නේ නිවුන් සහෝදරයන් දෙන්නෙක්. මේ දෙන්නගේ ජීවිතය ගොඩක් වෙනස්. තම්බිදොර ඉස්කෝලයක පී.ටී මාස්ටර් කෙනෙක් විදියටයි වැඩ කරන්නේ නමුත් අන්නාදොරෙයි ආදරේ කරපු එයාගෙ පෙම්වතිය එයාගෙ ඇස් පනා පිටම අණතුරකට ලක් වෙලා මැරෙනවා. ඉතින් ඒ දුකට එයා හැමදාම හොදට බීල සමාජේ බේබද්දෙක් වෙලයි ඉන්නේ. ඔයා අතරේ අන්නාදොරේගෙ යාළුවෙක් ඉන්නවා කර්ණා කියලා. එයාට බිරියානි කඩයක් දාගන්න ලක්ෂ හයක මුදලක් ඕනි කරනවා. ඉතින් අන්නාදොරෙ ඒ මුදල ණයට අරගෙන දෙන්න දයාලන් කියල මැරයෙක් ලගට එයාව එක්කරන් යනවා. ඔය අතරේ දයාලන් කියන මැරයා ටික දවසකින් අනාදොරෙයිගේ යාළුවට ගහලා එයා දුන්නු මුදල් ඉල්ලනවා. අන්නාදොරෙයිට කර කියා ගන්න දෙයක් නැතුව අන්තිමේදී එයාගෙ උදව්වට එන්නේ තම්බිදොරෙයි විවාහ කරගන්න යන කෙනාගේ තාත්තා. එයාගෙ අවවාද වලට අනුව අන්නාදොරෙයි තීරණය කරනවා මීට පස්සේ ආයෙ කිසිම දාවකවත් බොන්නේ නෑ අද තමයි අන්තිම දවස කියලා. නමුත් එදා එයාගෙ අතින් අරක්කු වෙළද සැලේ අයිති කාරය මරණයට පත් වෙනවා. අවුරුදු හතකට හිරේ ගිහින් එළියට එනකොට අන්නාදොරෙයිගේ මුළු පවුලම විනාශ වෙලා. මොකද්ද වෙන්න ඇත්තේ? අන්නාදොරෙයිගේ පවුල විනාශ වුනා කියන එකෙන් අදහස් වෙන්නේ මොකද්ද? එයාගෙ මල්ලි, අම්ම, තාත්තා එයාලට මොනා වෙලා ඇත් ද? ඉතින් මේ හැම දේකටම උත්තරේ චිත්‍රපටය ඇතුලේ තියෙනවා. ඉතින් ආරාධනා කරනවා හැමෝටම චිත්‍රපටය බලන්න කියල.

ඉතින් මේ වෙනකන් මේ චිත්‍රපටයට කිසිම ඉංග්‍රීසි උපසිරැසියක් තිබුනේ නෑ. ඉතින් මටයි අපේ තරිදු අයියටයි සිද්ද වුනා කාල රාමු හදාගෙන අසා ලිවීමක් කරන්න. ඉතින් ආයෙමත් සැරයක් තරිදු අයියගෙන් සමාව ගන්න ගමන් තවත් මේ වගේ ලස්සන උපසිරැසියකින් ඉක්මනින්ම හමු වෙන බලාපොරොත්තුවෙන් මම යනවා. ජය වේවා!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDRip පිටපත සඳහා වලංගු වේ.

6,133 downloadsDownload Annadurai-2017-1.zip168 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/03/RAJ-ft-Tharindu-e1521950683579.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා ” සහ “SNAKE RAJ” සොහොයුරන්ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBERS
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

6,133 downloadsDownload Subtitles168 KB

19 comments

  1. HARSHANA9211

    thanks.....

  2. Kulanjana Maduranga

    niayamai…thanks sahola..sub ekata..digatama sub demu.jaya wewa……

  3. SanjulaJeter

    ela

  4. Nilush Angana

    Sub ekata thanx

  5. madushangamage

    thsnkes...sub ekata

  6. Kavi_madushan

    Sub ekata bohoma sthuthiii,vijay antonyge ekaknam aniwa bemak,jayawewa !!!!

  7. Thilina Chamara

    thank you...

  8. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  9. Panther

    උපසිරසියට ස්තුතිය

  10. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
    ජයෙන් ජය.

  11. malith

    Ela ela

  12. gayanveranga

    tnx bro

  13. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  14. ranga11112

    උපසිරසියට ස්තුතිය සහෝ

  15. N_R

    Thank You.

  16. Gefri

    link 1a dennako meka download kara ganna ?

  17. sadeesha supunprabudda

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴

  18. Aruna Thikarathne

    Subtitles එකට ගොඩක් ස්තුතියි මචන්

    1. Anonymous

      me movie eka tiyena kenek link eka dannako