Watch Trailer

I Kill Giants (2017) Sinhala Subtitles | යෝධයින් මට්ටු කරන කෙලි පොඩ්ඩ…!! [සිංහල උපසිරසි සමඟ]

අපි යම් දේකට ගොඩක් ආසා කරනකොට, ඒ දේට වැඩි අවධානයක් දක්වනකොට ඒ දේ අපේ ජීවිතේ කොටසක් බවට පත්වෙනවා. තේරුණේ නෑ නේද? මෙහෙම හිතන්නකෝ අපි චිත්‍රපට බලන්න ගොඩක් ආසයි නම්, පුරුද්දක් විදිහට අපි නිතරම චිත්‍රපට බලද්දි ඒ චිත්‍රපට වලින් අපිට දකින්න ලැබෙන චරිත වලට ඇළුම් කරන්න පටන්ගන්නවා, සිනමා ක්ෂේත්‍රය ගැන, සිනමා…

අපි යම් දේකට ගොඩක් ආසා කරනකොට, ඒ දේට වැඩි අවධානයක් දක්වනකොට ඒ දේ අපේ ජීවිතේ කොටසක් බවට පත්වෙනවා. තේරුණේ නෑ නේද? මෙහෙම හිතන්නකෝ අපි චිත්‍රපට බලන්න ගොඩක් ආසයි නම්, පුරුද්දක් විදිහට අපි නිතරම චිත්‍රපට බලද්දි ඒ චිත්‍රපට වලින් අපිට දකින්න ලැබෙන චරිත වලට ඇළුම් කරන්න පටන්ගන්නවා, සිනමා ක්ෂේත්‍රය ගැන, සිනමාවේ නළු නිළියන් ගැන ඒ වගෙම විවිධ චිත්‍රපට ගැන තොරතුරු හොයල බලනවා. ඇතැම් වෙලාවට ඒ තොරතුරු එක්කාසු කරනවා.කොටින්ම කියනව නම් ෆිල්ම් පිස්සෙක් බවට පත්වෙනවා.අන්න ඒ වගේ යම් දෙයක් පිළිබඳව වැඩි ඇල්මක් ඇති වුණාම අපි ඒ දේත් එක්ක වෙනම ලෝකයක් ගොඩනඟා ගන්නවා. සමහර විට ඔයාලගෙ යාළුවොත් ඇති එහෙම උදවිය. අපරාදෙ කියන්න බැහැ මගේ ජීවිතේ නම් ඔය කියන විදිහෙ විත්‍රපට, පරිගණක ක්‍රීඩා එක්ක වෙනම ලෝකෙක ජීවත්වෙන ෆිල්ම් පිස්සො, ගේම් පිස්සො ඕනි තරම් මුණගැහිල තියෙනවා. ඉතින් මේ වගේ කල්පිත ලෝක ගොඩනාඟාගෙන ඒ ලෝක වල ජීවත්වෙන උදවිය සාමාන්‍ය කට්ටියට වඩා පොඩ්ඩක් විතර වෙනස්. මොකද කිව්වොත් එයාලගේ හැසිරීම් රටාව, කරන කියන දේවල් ටිකක් වෙනස් නිසයි. ඉතින් බාහිර ලෝකයේ ඉන්න ඇතැම් කෙනෙකුට මේ අයගෙ හැසිරීම් රටාව විහිළුවක් වගේ පේන්න පුළුවන්.ඒත් මේ අයගෙන් අපේ ජීවිතේට ලබාගන්න පුළුවන් දැනුම, අත්දැකීම් නම් එමටයි…

ඉතින් මම අද කියන්න යන්නෙ ඔය උඩ කියල තියන ආකාරයේ හිතේ මවාගත්තු දේවල් එක්ක ජීවත්වෙන තරුණ දැරිවියක්ගෙ කතාවක්, කතාව ගැන ලොකු විස්තරයක් නම් කියන්න යන්නෙ නැහැ, මොකද මේක කියවනවට වඩා බලන්න වටින කතාවක්. බාබරා කියන්නෙ දරුවො තුන්දෙනෙක් ඉන්න පවුලක බාලම ගැහැණු දරුවා. මෙයාට අක්ක කෙනෙකුයි අයියා කෙනෙකුයි ඉන්නවා. බාබරයි එයාගෙ අයියා ඩේව්යි බලාකියාගන්නෙ එයාලගෙ අක්කා කැරන්. බාබරා ටිකක් අමුතු විදිහෙ ළමයෙක්. එයා කරන්නෙ නම් ටිකක් පිස්සු වැඩ. දාදු කැට සෙල්ලමටයි, ඔය මායාකාර දේවල් වලටයි තමා වැඩි ආසාවක් තියෙන්නෙ. එයාට ගෙදර ඈයො නම් එච්චර කැමති නැහැ, වැඩියෙන්ම එයාගෙ අයියා ඩේව් තමයි. ඉතින් ස්කෝලෙ කියලත් වෙනසක් ඇත්තෙ නැහැ ස්කෝලෙ ඉන්න ළමයිනුත් මෙයාට කැමති නැහැ. ඉතින් මේ හේතු නිසා බාබරා හැමවෙලාවෙම වගේ ඉන්නෙ තනියම. එයාගෙ තනිකම මකාගන්න එයා කරන්නෙ නම් ටිකක් අමුතු තාලෙ වැඩ කිඩ ටිකක්. මෙයා යෝධයෝ ගැන විස්තර හොයනවා. යෝධයෝ කිව්වෙ අපි ජන වහරේ අහල තියන ස්වරූපයේ කට්ටිය නම් නෙවෙයි. මේ කියන්නෙ පුරාණ ග්‍රීක මිත්‍යා කතාවල සඳහන් කරල තියන යෝධයෝ ගැනයි. ඉතින් බාබරා මේ විදිහට යෝධයෝ ගැන තොරතුරු හොයාගෙන යද්දි එයා දැනගන්නවා එයාල ජීවත්වෙන නිව් ජර්සි ටවුන් එකට යෝධයෙක් පහරදෙන්න එනව කියල. එයා මේ ගැන දැනගන්නෙ එයාට පේන පෙර නිමිති වලින්. ඊට පස්සෙ තමයි බාබරා වැඩ පටන් ගන්නෙ. එයා මේ යෝධයාව අල්ලගෙන මරන්න සූදානම් වෙනවා. එයාට ඒකට ලොකු සැලැසුමකුත් තියෙනවා. මේ විදිහට යෝධයෙක් දඩයම් කරන්න ලක ලෑස්තිවෙද්දි බාබරාට එංගලන්තෙ ඉඳන් ආපු අපූරු කෙලි පොඩ්ඩක් මුණගැහෙනවා. කොහොමින් කොහොමහරි මේ දෙන්නා යාළුවෝ වෙනවා. දැන් දෙන්නෙක්ම ඉන්න නිසා දඩයම ලේසි වෙයිද… අපෝ නැහැ බාබරාට ප්‍රශ්න මහ ගොඩකට මූණදෙන්න සිද්දවෙනවා. නොහිතන විදිහෙ දේවල් ගොඩක් සිද්දවෙනවා. ඉතින් පුංචි බාබරාට එයා ආදරේ කරන අය ඉන්න ටවුම යෝධයාගෙන් බේරගන්න පුළුවන් වෙයිද, සියල්ල ඔබට බාරයි.

Drama | Fantasy | Thriller යන සිනමා වර්ගීකරණයන්ට අයත්ව නිර්මාණය වූ I Kill Giants ලොව වටා තිරගත කිරීම අරඹන්නේ 2018 මාර්තු 23දා සිටයි. Anders Walter නම් අධ්‍යක්ෂකවරයා විසින් මෙම සිනමාපටයේ අධ්‍යක්ෂණය සිදුකර ඇති අතර Joe Kelly විසින් රචිත ඇමෙරිකානු කොමික් කතා මාලාවක් වන “I Kill Giants” පාදක කර ගනිමින් නිර්මාණය කර ඇති මෙම චිත්‍රපටයේ තිර පිටපත් නිර්මාණය සිදුකර ඇත්තේ Joe Kelly සහ J.M. Ken Niimura දෙදෙනා විසිනුයි. Guardians of the Galaxy චිත්‍රපට ද්විත්වයේ Gamoraගේ චරිතයට රංගනයෙන් දායක වන Zoe Saldana හා The Conjuring 2 චිත්‍රපටයේ Janet Hodgsonගේ චරිතයට රංගනයෙන් දායක වූ Madison Wolfe මෙම සලරුවේ ප්‍රධාන චරිත ද්විත්වය රඟදක්වන අතර සෙසු රංගන ශිල්පීන් වශයෙන් Imogen Poots,Sydney Wade හා Rory Jackso තම රංගනයෙන් දායක වී තිබෙනවා. මිනිත්තු 106ක කාලයක් පුරාවට ගලායන කතා පුවතක් රැගත් මෙම සිනමාපටය IMDb දර්ශකයේ 7.0/10ක අගයක් හා Rotten Tomatoes හි 79%ක ප්‍රතිශතයක් හිමිකරගෙන තිබෙනවා. බෙල්ජියමේදී රූගතකිරීම් සිදුකර ඇති මේ සලරුවේ නිෂ්පාදන කටයුතු සිදුකර ඇත්තේ 1492 Pictures,Ocean Blue Entertainment හා XYZ Films යන සමාගම් මඟින් වන අතර බෙදාහැරීමේ කටයුතු සිදුකර ඇත්තේ RLJE Films,The Jokers හා XYZ Films යන සමාගම් මඟිනුයි.

“මම යෝධයින්ව හොයාගන්නවා,
මම යෝධයින්ව දඩයම් කරනවා,
මම යෝධයින්ව මරනවා.”
– බාබරා.

~~Destiny Is All~~
~~සියල්ල දෛවයයි~~

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි BR / WEBRip / HDRip පිටපත් සඳහා අදාළ වේ.

10,383 downloadsDownload I-Kill-Giants-2017-BR.zip68 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/02/Isuru-Sampath-Sirisena-2018.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු සම්පත් සිරිසේන” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-07-13
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

10,383 downloadsDownload Subtitles68 KB

63 comments

  1. Yohan Lakmal

    thanx for sub

  2. Nadeesha Chanuka

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට...... ජය වේවා!!!

  3. D.Chamara

    aniwa balanna oni bohoma sthuthi sahooo

  4. Kanchaka

    Thanks bro.......

  5. Sherlock holmes

    Thanks

  6. Bhathiyawijesundara

    Thankss....macho sub ekata.jaya wewa....!

  7. kapila darshana

    maru

  8. vas0303

    Thank you

  9. sachintha

    Sub ekata thanks sahoo
    Jaya

  10. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  11. nisalt

    Thanks bro,
    Waiting for Blu Ray Rip

  12. nisalt

    Congratulations and thanks bro......
    Waiting for Blu Ray Rip

  13. nisalt

    Congratulations and thanks bro......
    Waiting for Blu Ray Rip
    ජය වේවා.......

  14. Panther

    Thanz brother

  15. අසංක ප්‍රදීප් රණතුංග

    ඔයා උඩ කියල තියෙන දේට සම්පුර්ණයෙන් එකඟයි මම. සමහර චරිත තියෙනවා හිත්වලට තදින් වදින. ඒත් ඒක තේරුම් ගන්න ගොඩක් අයට බැහැ. ඒ හින්දම අය අනිකුත් පුද්ගලයන් අතරේ විහිලුවට ලක්වෙන වෙලාවල් පවා තියෙනවා. ඒක අත්දකින කෙනෙක් විදියට ඔයා අර පලවෙනි චේදයේ අවසානයේ කියල තියෙන දේ හරියටම හරි.

    "ඉතින් මේ වගේ කල්පිත ලෝක ගොඩනාඟාගෙන ඒ ලෝක වල ජීවත්වෙන උදවිය සාමාන්‍ය කට්ටියට වඩා පොඩ්ඩක් විතර වෙනස්. මොකද කිව්වොත් එයාලගේ හැසිරීම් රටාව, කරන කියන දේවල් ටිකක් වෙනස් නිසයි. ඉතින් බාහිර ලෝකයේ ඉන්න ඇතැම් කෙනෙකුට මේ අයගෙ හැසිරීම් රටාව විහිළුවක් වගේ පේන්න පුළුවන්.ඒත් මේ අයගෙන් අපේ ජීවිතේට ලබාගන්න පුළුවන් දැනුම, අත්දැකීම් නම් එමටයි…"

    1. ඉසුරු සම්පත් සිරිසේන

      මටත් ඔය දේ ගැන අත්දැකීමක් දෙකක් තියනව අයියෙ..

  16. Thisara kavinda

    Thanks bro sub ekkata.

  17. Viraj

    sub ekata thanks saho.. jaya wewa!!

  18. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  19. Chamidu praveen

    Thanks saho....

  20. krishanthakumara

    elaaaa

  21. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි ඉසුරු සහෝ.
    ජයෙන් ජය.

  22. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  23. gayan215

    bohoma sthuthi saho...

  24. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
    ජය වේවා!
    බුදු සරණයි!

  25. AsithaDilruwan

    ඇත්ත සහෝ මටත් ඉන්නවා එහෙම යාලුවෝ
    ඒත් අනික් යාලුවෝ සලකන්නේ මානසික ලෙඩ්ඩු විදියට
    කාටවත් කරදරයක් නැත්නම් ඇයි එහෙම කරන්නේ..
    ඔයා කිව්වා වගේ ඒ ගොල්ලන්ගෙන් අපිට ඉගෙන ගන්න දේවල් ගොඩක් තියෙනවා
    ඒ ගොල්ලා ඒ විෂයන් වලට ප්‍රවීනයන් නිසා
    තෑන්ක්ස් සබට
    ජය වේවා!!!

  26. darshana100

    thanks yalu

  27. malith

    Ela ela

  28. Ravindu Rukshan

    thx

  29. pradeep darshana

    Sub ekata jaya the

  30. wajira

    thanks for sub

  31. Lahiru M Shan

    ලබාදුන් සිංහල උපසිරැසියට ගොඩක් ස්තූතියි...!!!
    ඉදිරියටත් ගුණාත්මක සිංහල උපසිරැසි නිර්මාණය කිරීමට ශක්තිය, ධෛර්යය ලැබේවා...!!!

    ඔබට ජයෙන් ජය...!!!

  32. rohanj

    ඉස්ටුටියි

  33. madushangamage

    thankes bro...

  34. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  35. ranga11112

    උපසිරසියට ස්තුතිය සහෝ

  36. bLack_sNow

    Patta thanks bro

  37. NAV33N

    Thanks broooo

  38. Sandeepmadushan

    Thnx saho

  39. Srimalsan

    Sub ekt tnx.

  40. Srimalsan

    X file s3-s10 wenakam sinhala sub hadala Denna puluwand. Masa 5 giyth kamak ne

  41. Ravidusudu

    Thx mcn meee krna detaaa ubaa nam deiyek ummmmmmmmmmmmmma thawa thawaa hodaa ewaa lebanna onee bn ahnm bey bs mchooo

  42. Carlton Bandara

    Thqnkz mcn........

  43. Shammi

    ela ela kolla thanks

  44. gayanmagee

    thanks

  45. MAXR

    thank you bro….

  46. SanjulaJeter

    Thanks

  47. Thushara

    Supirima Ratings ah.. Mage Subapathum Bro. and thanks

  48. Ishan Madusha

    නියමයි.බොහොම ස්තූතියි සහෝ

  49. DilanMax

    තෑන්ක්ස් මචං
    දිගටම කරගෙන යමු..
    ජය

  50. Ara N Madhu

    Thanks alot

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.