ඉතින් කොහොමද යාලුවනේ? හැමදාම වගේ මේ පැත්තේ ආව ගියාට කවදාවත් පොස්ට් එකක් දාන්න බැරි උනානේ. ඉතින් හිතුවා දාන පළවෙනි පෝස්ට් එකම උපසිරැසි එක්කම දාන්න. මුලින්ම කියල ඉන්න ඕනේ මේ මගෙ පළවෙනි උපසිරැසි ගැන්වීම. ඒක නිසා අඩු පාඩු නම් ගොඩක් ඇති ඒකට ඉතින් සමාව භාජනයක දාල දියකරල දෙන්න කියල ඉල්ලනවා.. හරි එහෙනම් ඔය…

ඉතින් කොහොමද යාලුවනේ? හැමදාම වගේ මේ පැත්තේ ආව ගියාට කවදාවත් පොස්ට් එකක් දාන්න බැරි උනානේ. ඉතින් හිතුවා දාන පළවෙනි පෝස්ට් එකම උපසිරැසි එක්කම දාන්න. මුලින්ම කියල ඉන්න ඕනේ මේ මගෙ පළවෙනි උපසිරැසි ගැන්වීම. ඒක නිසා අඩු පාඩු නම් ගොඩක් ඇති ඒකට ඉතින් සමාව භාජනයක දාල දියකරල දෙන්න කියල ඉල්ලනවා..
හරි එහෙනම් ඔය කියෙව්ව ඇති. අපි ෆිල්ම් එක ගැන බලමුකෝ. මේක ගැන කියනවනම් මම මේ වෙනකන් බලපු තෙලිඟු ෆිල්ම්ස් වලින් නම් සුපිරිම එකක්. IMDb රෑන්ක් එක 7.2 ක් ලබාගෙන තියෙනවා. ඉතින් සුපිරිතාවය කෙතරම්ද කියල හිතාගත හැකිනේ. මෙකේ ප්‍රධාන චරිතයට පන පොවන්නෙ ඔයල ඔක්කොම දන්න සුපිරි නලු Allu Arjun සමග kajal Agarwal. තව Navdeep ත් රංගනයෙන් දායක වෙනවා.
බයිස්කෝප් එකේ ස්ටෝරිය ගැන කියනවනම්, ආර්යා ඒ කිව්වෙ Allu Arjun යි, අජේයි ඒ කියන්නෙ Navdeep යි පොඩි කාලෙ අනාත මඩමකදි හමුවෙන යාලුවො දෙන්නෙක් (යාලුකම පටන් ගන්න හැටි බලලම දැන්ගන්නකෝ). ආර්යා අජේට පණ වගේ ආදරෙයි. ඒත් අජේ ආර්යාව තුට්ටුවකට ගනන් ගන්නේ නෑ. හැබැයි කොහොමහරි අජේට තමන්ගෙ කොම්පැනි එකේම ආර්යට රස්සාවක් දෙන්න වෙනවා. ඔය අතරෙ තමයි ඔය දෙන්නට ගීතව හම්බ වෙන්නේ. ඒ කිව්වෙ Kajal Agarwal ව. හැබැයි වැඩේ කියන්නේ මේ දෙන්නගෙම හිත යන්නෙ ගීතට. ඉතින් ගීත කැමති වෙන්න කාටද අජේටද? ආර්යටද? ඒක දැන ගන්නනම් බාගෙනම බලන්න වෙනවා. අයියෝ ඔය කිව්ව හොඳටම ඇති. තව කිව්වොත් බලන්න දෙයක් නැති වෙනවා.
තව දෙයක් මේ ෆිල්ම් එක ගැන කියනකොට මියුසික් ගැනනම් අමතක කරන්න බෑ. මාරම ලස්සන සින්දු ටිකක් තියෙන්නේ. අහලම බලන්නකෝ…
කලින් කිව්වා වගෙ යාලුවනෙ මේක මගෙ පළවෙනි පරිවර්තනය නිසා අඩුපාඩුනම් ගොඩක් ඇති. තව මම මේකේ සින්දු වලටනම් සබ් දැම්මේ නෑ වෙලා මදි උන නිසා. මොකද වැඩේ බාර ගතතට පස්සේ තාම තෙරුණේ අමාරුව. අනික මේක 2h 42min තිබ්බ නිසා සබ් දාන්න ගොඩක් කල් ගියා. ඉතින් ඒකාලෙ වාසල සහෝ මට දුන්න හෙල්ප් වලට ස්තූති කරන්න ඕනේ. ඉතින් යාලුවනේ නිකන්ම බාගෙන යන්නෙ නැතුව කොමෙන්ටුවකුත් දාල යන්න හොඳේ.

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි DVD පිටපත් සඳහා අදාළ වේ.
18,307 downloadsDownload Arya.2.2009.Sinhala.Sub_.zip68 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/01/රෙහාන්-චානක.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රෙහාන් චානක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2012/03/15
Subtitles by
රෙහාන් චානක
Subtitles
97 comments
isuru dimantha
Danu
ela ela. thanx.
isuru dimantha
sub 1kata thanks
යසිරු මධුක
නියමයි. අද මම දෙවනියා. පළමු උපසිරසි ගැන්වීමට මගෙන් සුබ පැතුම්. දිගටම සබ් දාන්න. ජය වේවා.
Nimal
thanks machan.....
chamila
thanks....
********
Niyamai saho.....ela
[DiN3sH]
කියලා වැඩක් නෑ. ලොවෙත්. අනිවා බානවා. ගොඩක් ස්තූතියි
කේ. යූ. ජී. උදාර
දිගටම මේ වැඩේ කරගෙන යමු සහෝ.....
පළමු වැඩේට සුබ පතනවා.Theeka
thanks machan
විකියා
බොහොම ඉස්තුතියි...“රෙහාන් චානක” සහෝ..
ඒ වගේම පලවෙනි උපසිරස නිර්මාණයට මගෙන් සුභ පැතුම්!ජයෙන් ජය~!
shehan
bohoma pin yaluwaaa
Kasun
Niyamai saho mama me film eka dwnld kale danata maasa 3kata witara kalin e kiyanne mama badrnaath post karanna hadana dawas wala .etha thawama balanna hambune na ada balanawa bohoma sthuthi !!
වා.මු. නිලන්ත පියසිරි
අම්මපා ඒ පාර තෙළිඟුත් උප සිරැසි එනවා. නියමයි කියන්නේ නියමෙනුත් නියමයි. මම හින්දි, දෙමළ වගේ ඒවට ආස නැති වුනත් මගේ ප්‍රිය සොඳුර කැමැතියි නොවැ. ඒ නිසා බානවා. කොහොම නමුත් සිංහල උප සිරැසි තියෙනවා නොවැ. බොහොම පිං මහන්සි වෙලා මේ වගේ දෙයක් කළාට. තව තවත් උප සිරැසි දැමුමට දිරිය විරිය ලැබේවා. ජයෙන් ජයම වේවා.
kalum gunasekara
පළවෙනි උපසිරැසි නිර්මාණයට උණුසුම් සුබපැතුම්. දැනට විසිවතාවක් විතර බලපු චිත්‍රපටියක් මේක. ඒ වගේම සිංහල උපසිරැසිත් එක්ක තවත් එක වතාවක්වත් බලන්න ඕන. අපේ හැම යාලුවෙක්ටම කියන්නේ මේ ෆිල්ම් එක අනිවාර්යයෙන්ම බලන්න. යාලුකම ආදරය වෙනුවෙන් ගොඩක් කැපවීම් කරන නාහෙට නාහන කොල්ලෙක් ගැන ලස්සන කතාවක්. ස්තූතියි යාලුවා .....
td
ade meka supirima film ekak mn balapu...tamil welata wada niyamai,,,aniva hamoma balanna..........
Dinuka
ජය වේවා.... ගොඩක් ස්තූතියි.
neer
thanks ayye......
Danu
onna denui film eka balala iwara kale. aththatama ela film 1k. kattiyama aniwa balanna.
Shan
ජයවේවා! ඔන්න එහෙනම් අපිත් බාගන්නවා
kantha
thanks sinhala subwalata....jayaweewa....
chathuranga
ela ela thanks denakam balagena hitiye
Asitha
Thnax a lot broo... Specially for da Subtitles...
Really Appreciate ur awesome workදර්ශන
තැන්ක්ස් මචන්....ම්මත් බැවා...තව තවත් සබ් දාන්න ශක්තිය ලැබේවා.....
susantha
thnxxx
Budditha Fernando
බොහොම ස්තුති මචන්.. පලවෙනි එකට බොක්කෙන් සුභ පැතුම්
...Sampath & Ishi from uk
good work bro.....
mudiya
පට්ටම පට්ට මචං.සෙට් එක කියන විදිහට නම් කම්මැලි නැතුව බලන්ඩ පුළුවන් ෆිල්ම් 1ක් වගේ.රෙහාන් චානක බොක්කට තෑන්ස් කරන්න ඕනි හද පතුලෙන්ම.වැඩේ දිගටම කරගෙන යමු.අපි ඉන්නව ගට දෙන්න.බොහෝ.........ම ස්තූතියි...!
prasad
mama meka kalin balala thiyenawa kiyana tharam supiri na, south indian films wala thiyena gon part nam ehenmama thiyenawa
bee
patta...........tnx
චන්ද්‍රයා
පලවෙනි එකට සුභ පැතුම්.....සබ් දන්න කොච්චර අමාරුද.. නමුත් සබ් එකක් දාපුවම හිතට තියෙන සතුට කියල නිම කරන්න බෑ.....සහෝ නියම වැඩක් කරල් තියෙන්නෙ...දිගටම අපිත් එක්ක ඉන්න......ජයෙන් ජය....!!!!
රෙහාන් චානක
අර කිව්වවගෙ සබ් එකක් දාපුවම හිතට තියෙන සතුට කියල නිම කරන්න බෑ. ඉතින් අදහස් දැක්වූ කට්ටියටම බොක්කෙන්ම ස්තූති කරනවා.. මොකද ඔයාලගෙ අදහස් දැක්කහම තමා තවතවත් සබ් දාන්න හිතෙන්නේ.බොක්කෙන්ම තුති ආ...
ashan suranga
thanks
නිල නේත්‍ර
බොහොම ස්තූතියි යාලුවා සබ් එකට......මේ ෆිල්ම් එක නම් උපරිමයි... සිංහල සබ් එක්ක ආයෙත් කම්මැලිකමක් නැතිව බලන්න පුලුවන් එකක්.....
අමීර
සිංහල උපසිරැසි වලට ගොඩක් ස්තූතියි.........
upul hewagamage
pattama film akak meaaka hemooma balanna.. sub akka mamath aapahu balanna oona... thnx saho wedeta.. jaya weawa tawath maxxa akakata...
me
Thanks
dinnu
bohoma stutie saho.
nuwan
mama nam ithin kalin bala thiya gaththe neha. vinadi 5n bawa. api ithin korea walane. dannawane mehe net speed eka. kohoma wunath ela film ekak wage. thank you subtitle walata. parakku wunata kamak neha thawa thelingu movi walata sub danna. deviyan oba samagai. (Deviyo kiyanne oyage Athmayata. eka pirisiduwa thiyaganna. kalkirena dewal upasirasi gonu walata sidu wunath pirisidu sithin thawath upasirasi net ekata ekathu karanna.
Asanka
Meka Tamilda Mauchan??
Jayan Chamal
bakagena itiye damila ekak enakamai supriri aaaaaaaaaaaa
thnaks a lotganesh
thanks machan ela theligu avata mama asai
sinhala
mama pawdgalikawa kotinta kade yana ewnge film balanna
Dina
බොහොම ස්තුතියි.....ඔබට පිo...
රාම් රාජ්
මේක මම කලින් බැලුවා හොදයි.
රෙහාන් චානක
අදහස් දැක්වපූ කට්ටියටම ස්තූතියි... ඉදිරියටත් තව හොද ෆිල්ම් දෙන්නම්.
@Asanka මචෝ මේක ටැමිල් නෙමේ තෙලෙගු, ටැමිල් වගේම තාම ඒත ටිකක් වෙනස්
@sinhala මේකයි මම හිතන්නේ ඔයා ඔය කියන්නෙ අර විජේගෙ සිද්දිය, ඒත් මේක නම් තෙලෙගු ටැමිල් නෙමේ. අනික මචෝ අගය කලයුතු ටැමිල් ෆිල්ම් එකක් උනත් අගය කරන එක කඩේයාමක් නෙමේ නේද? කමක් නෑ මොනා උනත් ඔයාගෙ අදහස් වලට ස්තූතියි
sujeewa
ela ela.
indika
හරිහරි මල්ලී ඔන්න මමත් බාන්නපටන්ගත්තා පලමු වැඩේ හින්දා වැරදි තිබ්බත් අපි ඒවා ගනන් ගන්නේ නෑ කරපු වැඩේ ඊට වඩා වටිනවා මේ වගේ චිත්තරපටි අපිට කොහොමත් කතාවෙන් තේරැම් ගන්න බෑනේ ඒ හින්දා ඉස්සරහටම යං ජයවේවා මල්ලී........
Nawam
pattama film 1k machan. mama danui balala iwara une. adenawa oiiiiii..... thnx u very much bro me wage lassana film apita sinhala sub 1kka denawata!!!!!!
ama
කියලා වැඩක් නෑ. ලොවෙත් නෑ.Thanks...........
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Arya 2 (2009) with Sinhala Subtitles | නොබිදෙන මිතුදමද… ආදරයද…[සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/03/arya-2-2009.jpg)
huree ada mama 1ka