Watch Trailer

Athiradi (2026) Sinhala Subtitles | සැණකෙළියේ ගිණිකෙළිය [සිංහල උපසිරැසි]

Athiradi (2026) Sinhala Subtitles ඔන්න ඊයේ නිකුත් උන අළුත්ම චිත්‍රපටියක උපසිරැසියක් අද ගෙන එනවා. මේ වසරේ දිගින් දිගටම හිට් වෙන මලයාලි චිත්‍රපට අතර මේකත් හිට් එකක්. කෝටි 30ක බජට් එකකින් කෝටි 71ක් හොයපු මේක කෙළින්ම කොමඩියක්. බැසිල් ජෝශප් නිශ්පාදනය කරල රඟපානව කිව්වම ආයෙ ඉතිං ඒ කොමඩිය ගැන අහන්න දෙයක් ඉ…

Athiradi (2026) Sinhala Subtitles

ඔන්න ඊයේ නිකුත් උන අළුත්ම චිත්‍රපටියක උපසිරැසියක් අද ගෙන එනවා. මේ වසරේ දිගින් දිගටම හිට් වෙන මලයාලි චිත්‍රපට අතර මේකත් හිට් එකක්. කෝටි 30ක බජට් එකකින් කෝටි 71ක් හොයපු මේක කෙළින්ම කොමඩියක්. බැසිල් ජෝශප් නිශ්පාදනය කරල රඟපානව කිව්වම ආයෙ ඉතිං ඒ කොමඩිය ගැන අහන්න දෙයක් ඉතුරු වෙන්නෙ නෑ. ඒක කොමඩියක්ම තමයි.

ටිකක් දිග ධාවන කාලයක් තියෙන මේක පටන් ගන්න කොට ටිකක් හෙමින් කම්මැලි ගතියකින් ගියාට ක්‍රමක්‍රමයෙන් උණුසුම් ලස්සන කතාවක් බවට පත් වෙලා හොඳ ක්ලයිමැක්ස් එකක් එක්ක අවසන් වෙනවා. ඒ නිසා කම්මැලි නැතුව බලන්න පුළුවන්.

විශ්ව විද්‍යාලයක කතාවක් මේකෙ තියෙන්නෙ. අළුතෙන් පත් වෙලා එන ඉංජිනේරු ශිෂ්‍ය කණ්ඩායමක් ඔවුන්ගෙ  විශ්ව විද්‍යාලයේ කලින් සිදු වූ මාරාන්තික අනතුරකින් අත් හිටුවා තිබුණු වාර්ෂික සැණකෙළිය නැවත පණ අරඹන්න උත්සාහයක යෙදෙනවා, බැසිල්  ජෝශප් හෙවත් සාම් කුට්ටි තම සම්පූර්ණ අධ්‍යන කාල සීමාව වැය කරන්නෙ ඒ සඳහා අවසරය ගන්න. අවසානයේ ඒ අවසරය ලැබෙන කොට ඔවුන් අවසන් වසරේ. ඉතිං ජයටම සංවිධානය කරන මේ සැණ කෙළිය සාර්ථක වෙයිද කියන එක තමයි මේ කතාවෙන් බලන්න වෙන්නෙ.

බැසිල් ජෝශප් එක්ක, ටොවිනෝ තෝමස්, සරීන් ශිහාබ් සමග විනීත් ශ්‍රීණිවාසන් විනීත් ශ්‍රීණිවාසන් හැටියටම ලස්සන රඟපෑමක් කරනවා. ඒ වගේම මෑත් කාලයේ රසික ආදරය දිනාගත් සර්වම් මායා චිත්‍රපටයෙ ඩෙලුලු       රියා ශිබූත් මේකෙ ප්‍රධාන චරිතයක් රඟපානවා. අරුන් අනිරුධන්ගෙ අධ්‍යක්ෂණයක්. ඉතිං මේ සති අන්තය මේ ලස්සන චිත්‍රපටයට වැය කලාට පාඩුවක් නෑ

තවත් නව උප සිරසියකින් හමු වෙමු. ආයුබෝවන්

Athiradi (2026) Sinhala Subtitles  

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම උපසිරැසිය WEBRip පිටපත් සඳහා පමණක් වලංගු වේ.

1,912 downloadsDownload Athiradi-2026.zip91 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2023-09-10
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Athiradi Sinhala Subtitles

Subtitles by

BANDULA K

Subtitles

1,912 downloadsDownload Subtitles91 KB

3 comments

  1. Kevin D...

    Thank You…

  2. Buddhika laKMal

    සබ්එකට තෑන්ක්ස් බන්දුල අයියේ

  3. Viraj

    Thanks