Watch Trailer

Husbands in Action (2026) Sinhala Subtitles | බිරිඳ වෙනුවෙන් එකතු වුණු සැමියන් දෙදෙනා! [සිංහල උපසිරසි]

Husbands in Action (2026) Sinhala Subtitles “තමන් පණ වගේ ආදරේ කරන බිරිඳව බේරගන්න, ඇගේ ‘හිටපු සැමියා’ එක්ක එකතු වෙලා පිස්සු මෙහෙයුමක් කරන්න වුණොත්??” කොහොමද හැමෝටම? හැමදාම බලන එකම විදිහේ ආදර කතා සහ ක්‍රියාදාම චිත්‍රපටවලින් මිදිලා, බඩ පැලෙනකන් හිනාවෙලා, සුපිරි Action පාරක් බලන්න ආසාවෙන් ඉන්න අයට මෙන්…

Husbands in Action (2026) Sinhala Subtitles

“තමන් පණ වගේ ආදරේ කරන බිරිඳව බේරගන්න, ඇගේ ‘හිටපු සැමියා’ එක්ක එකතු වෙලා පිස්සු මෙහෙයුමක් කරන්න වුණොත්??” කොහොමද හැමෝටම? හැමදාම බලන එකම විදිහේ ආදර කතා සහ ක්‍රියාදාම චිත්‍රපටවලින් මිදිලා, බඩ පැලෙනකන් හිනාවෙලා, සුපිරි Action පාරක් බලන්න ආසාවෙන් ඉන්න අයට මෙන්න නියම බාණ්ඩයක් අරන් ආවා! මේක 2026 ජූනි 19 වෙනිදා Netflix හරහා නිකුත් වුණු, මේ දවස්වල හැමෝම කතා වෙන අලුත්ම Action-Comedy කොරියානු චිත්‍රපටය: Husbands in Action චිත්‍රපටියට උපසිරසි තමයි අද අරගෙන එන්නේ.

මතකද දන්නෑ ඔයාලට 2022 ආපු සුපිරි කොමඩි ෆිල්ම් එකක් වෙන “6/45”? අන්න ඒක අධ්‍යක්ෂණය කරපු Park Gyu-tae අධ්‍යෂකගේ අලුත්ම වැඩක් තමයි මේක. ඒ වගේම “Extreme Job” බලපු අයට මේක තවත් විශේෂයි. මොකද ඒකේ හිටපු සුපිරි නළුවන් දෙන්නෙක් වෙන Jin Seon-kyu සහ Gong Myung තමයි මේකේ ප්‍රධාන චරිත රඟපාන්නේ.

මොකක්ද මේ කතාව?

කතාව පටන් ගන්නේ හරිම සාමාන්‍ය විදිහට. හැබැයි සිදුවීම් පෙළ පෙළගැසෙන්නේ හිතාගන්න බැරි තරම් හාස්‍යජනක විදිහටයි.අපේ කතාවේ ප්‍රධාන කාන්තාව තමයි “හන් සි-නේ”. ඇයට ඉන්නවා සුරතල් දුවෙක්, නම “හ්වං යූ-නා”. හැබැයි සි-නේගේ ජීවිතේ එකම ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි ඇගේ ජීවිතයට සම්බන්ධ පිරිමින් දෙන්නෙක් ඉන්නවා! එක්කෙනෙක් තමයි ඇගේ පළමු සැමියා (Ex-husband), “හ්වං චූන්-සික්”. මිනිහා මත්ද්‍රව්‍ය නාශක අංශයේ වැඩ කරන, හැඟීම් පාලනය කරගන්න බැරි, නිතරම වලි දාගන්න පොලිස් පරීක්ෂකයෙක්.

අනෙක් කෙනා තමයි සි-නේගේ වත්මන් සැමියා, “ලී මින්-සොක්”. මිනිහා හරිම අහිංසක, සන්සුන්, සත්තුන්ට පණ වගේ ආදරේ කරන සත්ව වෛද්‍යවරයෙක්!මේ නොගැලපෙන සැමිවරු දෙන්නා තමන්ගේ දුවගේ පාසල් උත්සවයකදී මුලින්ම මුහුණට මුහුණ හමුවෙනවා. එතනදී මේ දෙන්නා අතර ඇතිවෙන්නේ පුදුම ඊර්ෂ්‍යාවක් සහ තරඟයක්.
හැබැයි මේ සෙල්ලම සීරියස් වෙන්නේ හදිසියේම දරුණු අපරාධ කල්ලියක් විසින් “හන් සි-නේ” සහ දුවව පැහැරගත්තට පස්සේ! මේ පැහැරගැනීම පිටුපස ඉන්නේ “කං හ්යේ-රන්” කියන දරුණු ගැහැණු පාතාල නායිකාවක්.
ඇය “බ්ලූ ඩ්‍රැගන්” කියන අලුත්ම මත්ද්‍රව්‍ය රට තුළට ගේන්න හදන කෙනෙක්.

දැන් තමන්ගේ බිරිඳව සහ දුවව බේරගන්න නම් නිතරම බළලායි මීයයි වගේ රණ්ඩු වෙන මේ සැමිවරු දෙන්නාට එකතු වෙන්න සිද්ධ වෙනවා. ඔවුන් දෙන්නා තාවකාලිකව “හිටපු-වත්මන් සැමි සන්ධානයක්” හදාගන්නවා.
එකෙක් ගාව තියෙන්නේ පොලිස් මොළය සහ තුවක්කු. අනෙකා ගාව තියෙන්නේ සත්තුන්ට විදින සිහි නැති කරන බෙහෙත් සහ සත්ව වෛද්‍ය උපක්‍රම!

මේ නොගැලපෙන දෙන්නා එකතු වෙලා ඉන්චොන් වරායේ අතහැර දැමූ පාළු ගබඩාවක ඉන්න මැරයන්ව මෙල්ල කරලා බිරිඳව බේරගන්නේ කොහොමද? කියන එක ඔයාලම ෆිල්ම් එක බලලම දැනගන්න.

තවත් උපසිරසියකින් ඉක්මනින්ම හමුවෙමු!

ජය වේවා!

Husbands in Action (2026) Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we no longer provide any download links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

1,109 downloadsDownload Husbands-in-Action-2026.zip55 KB

width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තරිදු දිසානායක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2026-03-14

SUB-MAKER RATING BY ADMINS

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Husbands in Action Sinhala Subtitles

Subtitles by

තරිදු දිසානායක

Subtitles

1,109 downloadsDownload Subtitles55 KB

2 comments

  1. Gagan Pabasara

    සිංහල උපසිරස ට ස්තුතිය ❤️

  2. Buddhika laKMal

    මේකනං සබ් දෙනකම්ම හිටපු එකක්…
    තෑන්ක්ස් මචං සබට