Watch Trailer

Atonement (2007) with Sinhala Subtitles | හිතට,හිත ඇතුලට! [සිංහල උපසිරසි සමඟ]

නාමික සඳරුවන් සොයුරා විසින් ලියන ලද ලිපිය. පුද්ගලිකව කිවුවොත් මේක මගේ හිත කම්පාවට පත් කල කතාවක්.. ” කෙනෙක් කරන එකම එක දෙයකින් පවා වෙනත් කෙනෙකුගේ ලස්සනට ගලාගෙන යන්න තියන අහිංසක ජීවිතයක් කොච්චර කටුක අමිහිරි එකක් බවට පත් කරන්න පුලුවන්ද, ඒ වගේම ඒ දේ කරපු කෙනාටත් කාලයක් ගියාට පස්සේ තමන්ටම සමාව දීගන්න බැ…

Atonement (2007)

නාමික සඳරුවන් සොයුරා විසින් ලියන ලද ලිපිය.

පුද්ගලිකව කිවුවොත් මේක  මගේ හිත කම්පාවට පත් කල කතාවක්.. ” කෙනෙක්  කරන එකම එක දෙයකින් පවා වෙනත් කෙනෙකුගේ ලස්සනට ගලාගෙන යන්න තියන අහිංසක ජීවිතයක් කොච්චර කටුක අමිහිරි එකක් බවට පත් කරන්න පුලුවන්ද, ඒ වගේම ඒ දේ කරපු කෙනාටත් කාලයක් ගියාට පස්සේ තමන්ටම සමාව දීගන්න බැරි තරම්ම ඒක කොයි තරම් වධ දෙනවද කියලත් හිතලා බලන්න.”

‘රොබී’ කියන්නේ ‘සිසීලියා’ ගේ ගෙදර ප්‍රධාන මෙහෙකරු ගේ පුතා. නමුත් හොඳ අනාගතයක් ලබන්න හිටපු කෙනෙක්. සිසිලියා සහ රොබී ආදරය කරනවා. කතාව ගලාගෙන යන්නේ මේ දෙදෙනා වටා ගෙතෙන සිදුවීම් ඔස්සේ.

‘රොබී ‘ සහ ‘ සිසීලියා ‘, ජීවිතේ ලස්සනම කාලේදී තමන්ගේම කියලා  අළුත් ජීවිතයක් පටන්ගන්න හිටියේ, නමුත් දෛවය කියන්නේ ඒ තරම් ලස්සන දෙයක් නෙමෙයි. වෛද්‍ය විද්‍යාලෙට යන්න තිබුණ රොබී ගේ සිහිනය බොඳ වෙලා, එකතු වෙලා හොඳ ජීවිතයක් ගත කරන්න සිසිලියා ගේ තිබුණ සිහිනයත් බොඳ වෙලා යන්නේ නොසිතූ ආකාරයටයි. දෛවෝපගතව වෙන් වෙන්න සිදු වුනත් ඔවුන් බලාපොරොත්තු නැති කරගන්නේ නෑ. ඔහු නිරන්තරයෙන්ම හිතන්නේ ඇය ගැනමයි. ඇය හිතන්නෙම ඔහු ගැනමයි. ඔවුන් ජීවත් වෙන්නේ කවදා හෝ එක් වන සිහිනය සිහිනය ඇතුලේ. ඒ සිහිනයට මොනවා නම් වෙන්න පුලුවන්ද? සිසීලියා ගේ නංගී තමයි ‘බ්‍රයනි’ කියන්නේ, මේ කතාව ඇය විසින් විස්තර කරන බවක් තමයි පෙන්නේ. ඇය පොඩි කාලේ ඉඳන්ම ලේඛණ කලාවට යොමු වුන කෙනෙක්. මේ විස්තර කල චරිත තුන තමයි මේ සිනමා රුවේ ප්‍රධාන චරිත තුන.

මෙතනින් එහා වැඩි විස්තරයක් කියන්න අමාරුයි, එහෙම වුනොත් බලන අයට දැනෙන දේ වෙනස් වෙන්න පුළුවන්. නමුත්, චිත්‍රපටයේ අන්තිම කොටස මගේ හිත මොහොතකට නතර කළා. ඒක මොන වගේද කියලා අත්විඳලාම බලන්න.

ජාත්‍යන්තර IMDb අගය 7.8 ක් ලබා ගත් මේ සිනමා රුවේ අධ්‍යක්ෂණය ‘joe wright’ විසින් සිදුකර තිබෙනවා. ‘රොබී’ ගේ චරිතය පණ ගන්වන්නේ ‘james macavoy’ විසින්. ‘සිසිලියා ටැලිස්’ ගේ චරිතය ‘Keira Knightley’ විසින් පණගන්වනවා. ‘බ්‍රයනි ටැලිස්’ ගේ චරිතය ‘Saoirse Ronan’  විසින් පණ පොවනවා. ඒ වගේම මේ සිනමා රුව ඔස්කාර් සම්මාන ගණනාවකට නිර්දේශ වී තියනවා.

මුලින්ම ස්තුති වන්ත වෙන්න ඕනේ මේ චිත්‍රපටය ගැන මුලින්ම ලිපියක් පල කළ සොහොයුරාට. අන්තර්ජාලයේ ඉන්න වෙලාවක අහම්බෙන්  ඇහැ ගැටුන මේ සිනමා රුව  ගැන අදහසක් ලබා ගත්තේ ඒ ලිපියෙන්. උපසිරසක් තිබුනේ නැති නිසා අනිවාර්යයෙන්ම දෙන්න ඕනේ කියලා හිතුනා. හරි එහෙනං, ඔයාලා කලින් පළ කළ ලිපියත් කියවලා මේ ගැන අදහසක් ලබාගන්න. එහෙනං දැනට මං නවතිනවා.

ඔබට ජය !

පොතේ ගුරා සොහොයුරා විසින් ලියා තිබූ ලිපිය.

මේ කියන්න යන්නෙ හිතන්න යමක් ඉතුරු කරල ඉවර වෙන ෆිල්ම් එකක් ගැන..මම මේ ගැන ගොඩක්ම විස්තර කියන්න යන්නෙ නෑ,මොකද එක වචනෙකින් මුලු කතාවෙම රසය නැති වෙන්න පුලුවන්..මේක ආදර කතාවක්,ඒ වගෙම මේ ආදර කතාවත් එක්කම යනව ජීවිතයේ ගැඹුරු පැත්තක් ගැන කතිකාවතකුත්..ඒ නිසයි මේ චිත්‍රපටය විශෙෂ එකක් වෙලා තියෙන්නෙ..මම එහෙනම් කතාවෙ මුල් ටික කියන්නම් ඔයාල හොදයි කියල හිතනව නම් බාල බලන්න.. මෙන්න මෙහෙමයි කතාව..එක්තරා විශාල ගෙදරක පවුලක් ජීවත් වෙනව..වැඩකරුවන් ආදිය පිරිවරාගෙන ජීවත්වෙන මේ පවුලේ බාල දියණියගෙ ජීවිත කතාව තමයි අපිට බලන්න තියෙන්නෙ..මේ ගෙදර වැඩ කරන තරුණයෙක් සමග මේ පවුලේ වැඩිමහල් දියණිය ආදරයෙන් බැදෙනව..මේ ආදර කතාවත් ඇගේ නංගිගේ වැරදි වැටහීමක් නිසා වන සිද්දියකුත් මත තමයි කතාව ගලාගෙන යන්නෙ..මම මුලින් කිව්ව වගේ වැඩිය කියන්න යන්නෙ නෑ මේ කතාව ගැන..හිමින් ගලාගෙන යන නාට්‍යමය කතා වලට කැමති අය විතරක් මේක බලන්න..අනික් අයට මේක කම්මැලි හිතෙයි..කතාව අන්තිමට ඔබට හිතන්න දෙයක් ඉතුරු කරයි ..සමහරවිට ඔබ දවස් ගානක් ඒ ගැන හිතයි.

Atonement (2007) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Atonement (2007) [720p] [YTS.AG]

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

1,925 downloadsDownload Atonement2007.Baiscopelk.com_.rar33 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නාමික සඳරුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.


Subtitles by

නාමික සඳරුවන්

Subtitles

1,925 downloadsDownload Subtitles33 KB

55 comments

  1. c4

    අද දවසට පොතේ ගුරාගේ පිහිටෙන් බාගන්න 3 වෙනි ෆිල්ම් එක මෙක තමයි. බලමු එකත් අනිත්වා වගේ හොදයිද කියලා

  2. රොයිලි

    ඔන්න මමත් එහෙනම් බාන්න දැම්මා. හිතන්න දවස් කීයක් වෙන්කරන්න වෙයිද දන්නේ නෑ. :D

  3. මනුශාන්

    බලන්න ඔනේ හොද කතවක් වගේ

  4. සුභාෂ්

    මම ආස කරන ජාතියෙ ෆිල්ම් එකක් වගේ. අද රෑම බාගන්න ඕන. බොහෝම ස්තූතියි මල්ලියා.

  5. සුභාෂ්

    රසල් ක්‍රොව් රගපාන A Good Year(2006) කියන ෆිල්ම් එකත් හරි ලස්සන අමුතු විදිහක ආදර කතාවක් තියෙන ෆිල්ම් එකක්. පුලුවන් කමක් තිබුනොත් බාගෙන ෆිල්ම් එක බලල කතාවක් ලියන්න.

  6. Uraj Deemantha

    කට්ටිය මේ පොතේ ගුරාට මෙහෙම ෆිල්ම්ස් ගැන විස්තර එවන්න එපෝ........!! :( මගේ රවුටරේට කෙල වෙයි දෙයියනේ......!! :D

  7. තරිදු චැට්

    මටනම් සෙට් වෙන්නේ නෑ වගෙ..............................

  8. පොතේ ගුරා

    @c4! හික් හික්..එළ එළ!
    @රොයිලි !ඒක ෂුවර් නෑ..බෙන්ජමින් බට්න් ෆිල්ම් එකේ වගේ දෙයක් හිතන්න ඉතුරු කර‍යි
    @මනුශාන් !එළ එළ මචන්..
    @සුභාෂ් !අයියා නම් මේකට ආස වෙයි ෂුවර්..
    @Uraj! හික් හික්..කට්ටිය ෆිල්ම් බලන එක හොදටම වැඩි වෙලා වගෙ..රවුටරේ වගේද මචන් එළ ෆිල්ම් එකක්! :P
    @තරිදු! එල මචන්..මටත් හිතුන හැමෝටම මේක අල්ලල යන එකක් නෑ කියල..නාට්‍යමය කතා වලට කැමති අයට විත‍රක් අල්ලල යයි.. :)

  9. බුධාජීව

    මට අල්ලල යන එකක් නෑ වගේ නේ ද ? :-(

  10. zoniczz

    මේ ටිකෙ ලව් ඉලව් වෙලා තියෙන්නෙ....බලමුකො මේ ෆිල්ම් එකෙන්වත් උදව්වක් ගන්න...මම වැඩිය මේ වගෙ ඒවට කැමති නෑ...මොලේ ටිකක් relax කරගන්න පුලුවන් වෙයි කියල තමා බාන්නෙ...හිතන්න දෙයක් තියෙනවනම් ටිකක් relax වෙයිනෙ??

  11. බුධාජීව

    Uraj Deemantha පවසන්නේ:
    2009 මැයි 27 දින ප.ව. 9:14 ට
    "කට්ටිය මේ පොතේ ගුරාට මෙහෙම ෆිල්ම්ස් ගැන විස්තර එවන්න එපෝ……..!! :( මගේ රවුටරේට කෙල වෙයි දෙයියනේ……!! :D "

    @ Uraj :
    ඒක ඇත්ත.. මේ පොතේ-ගුරා ට අපේ රවුටර් එක්ක පරන කෝන්තරයක් තියනව වගේ.

    රවුටර් වලට බඩු හරි උනොත් කස්ටිය ම පොතේ-ගුරාගෙන් අලාබ ඉල්මු !

  12. පොතේ ගුරා

    @බුධාජීව ! ඒක නම් හ‍රියටම හිතාගන්න අමාරුයි බන්.. :S
    @zoniczz! ලව් ඉලව් වෙලා නම් උබට මේක කම්මැලි හිතෙයි ද දන්නෙ නෑ..හිමින් ගලාගෙන යන එකක් නිසා හිත relax වෙන්න නම් මේක හොදයි.. :D
    @බුධාජීව! මූ ළගදිම අපේ පැත්තෙ සුදු වෑන් එකක් එවයි වගේ.. :P

  13. පිටස්තරයා

    මචන් මම ආසම තවත් ෆිල්ම් එකක්. පුදුම විදියට කතාව යන්නේ. අන්තිමට හදවතේ ලොකු හිඩැසක් ඉතුරු වෙනවා. අපිට දවස් ගානක් යනකම් පුරවන්න බැරි. Atonement කියන්නේ සමාව ගැනීම වගේ තේරුමක්.

  14. සුභාෂ්

    Machnla

    Have u ever watched a movie called Crying Free man???
    pls try to find that
    That’s one of nice movie I have ever watched.

  15. sithu

    Mama meka Kalin balala thiyanawa...mama balapu hondama film walin 1k..me kathawa sampurnayenma pasuthaweemak.....hama pattenma ela katawak

  16. පොතේ ගුරා

    @පිටස්තරයා !ඔව් මචෝ..එළ ෆිල්ම් එකක්..:)
    @සුභාෂ් ! එළ එළ..බලමු කොහොම හ‍රි හොයාගෙන බලන්න..තැන්කූ වෙන්න ඕන.. :D
    @sithu! අන්න නියම වචනෙ(පසුතැවීමක්ම තමයි) ..කලින් මතක් උනා නම් දාන්න තිබ්බ මාතෘකාවට! :)

  17. Chamitha

    පට්ට... කියලම වැඩක් නෑ. මාර දුක හිතෙන කතාවක්. ගොඩක් දේව්ල් හිතන්න ඉතුරු කරනව තමයි. එකම අවුල කඩ්ඩ නම් ටිකක් දරුණු වැඩියි. කීරා නයිට්ලි තත්පරේකට වචන 5ක් විතර කියවනවනෙ, හික් හික්....

  18. Sahan Liyanage

    Nice Movie!

  19. gessy

    elakiri movie ekak wage...thankx wewaa machan

  20. Viraj

    බොහොම ස්තූතියි

  21. isuru

    wawoooooooooooooo pattaaaaa pata pata.thankssssss.

  22. Harsha viraj

    Good.

  23. maduka

    කතාව පට්ට .සිංහල උපසිරැසි දන්නකෝ.

  24. Thisara Buddhika (තිසර නියෝ)

    නියමයි
    :P
    තුති……. :)

  25. Priyadarshana

    film eke subtitle file eka thiyanawada yaluwane ?? thiyanawanam plz msg me..

  26. Hiran

    Mata meke sup file eka ganna link eka dennko..

  27. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  28. BlackSnow

    එක වාරයක් නෙමෙයි මචං දහස් වාරයක් ස්තූතිය් මේක downlod කරලා සෑහෙන කල්. පට්ට දිගටම කරමු මචං.

  29. nadun

    සබ එනකන් බලන් හිටියේ... බොහෝම ස්තූතියි......
    දිගටම කරගෙන යං......

  30. Krishan NiShalya

    aththatama sub eka enakammai hitiye
    niyamayi
    sub ekata thanks
    Good Luck ...!
    ☺☺☺☺

  31. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    බුදු සරණයි.. !

    2015-2016 අලුත් චිත්‍රපට සඳහා
    උපසිරසි යොදනමෙන් කාරුණිකව ඉල්ලමි.
    ස්තූතියි.......

  32. Chami

    Thank you very much...

  33. Sajith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ
    ජයෙන් ජයම වේවා...!!

  34. Rakitha Ranathunga

    සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ....
    හොඳ ෆිලුමක් වගේ....

  35. අසිත

    මේක දෙනකම් හිටියේ බොහොම පින්.
    එලම සහෝ තෑන්ක්ස්.

  36. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  37. Vihanga Raveen

    bohoma sthuthiyi saho

  38. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  39. nidi

    eththatama hada sasala karawana, kampa karawana, denethwalata kandulu purawana, jeewithya gena hithanna polambawana supiri film ekak. godak sthuthi karanawa Namikata me wage film ekakin site eka serasuwata. mata nam thawamath film eka deneth idiriye penenawa penenawa wage! thanks again!

  40. thivanka

    thank you,,,and all the best

  41. LSM HUSKAA

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  42. Heshan

    THANk you AIYE.....
    Digatama mehema sub denna!!!!!!!

  43. SAjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  44. anunethu

    Superb ..

  45. muditha gayan

    Thankzzzzzzzz

  46. Prageeth Gaya

    sub eka nm maru
    puluwannm tulip fever ekatath denna yaayuuu

  47. MAALnath

    Thanks ...................good luck ........................

  48. Dhanushka Prabath

    Thanks bn

  49. Lakshansilva18

    හරිම ලස්සන film එකක් අන්තිමට වෙන්නෙ හිතපු නැති දෙයක්

  50. ricadodamien

    Thank U Namika Brother & baiscope team for the sub, it was beautiful.

Load more comments