ආයුබෝවන් යාලුවනේ. ඔන්න මම මගේ හැට දෙවන උපසිරසියත් අරන් ආව ඉක්මනටම. මේ චිත්‍රපටය මගේ ලිස්ට් එකේ තිබ්බත් මෙච්චර ඉක්මනට දෙන්න ඕන කියල හිතුවේ නැ. එත් පසුගිය දිනක මගේ උපසිරසියකට කමෙන්ට් එකක් දැම්ම ඉශාන් මදුශ මේ චිත්‍රපටය යෝජනා කරලා තිබ්බ හින්ද මම හිතුවා මේක ටිකක් කලින් දුන්න නම් හොඳයි කියල. මොකද කාලයක ම…

ආයුබෝවන් යාලුවනේ. ඔන්න මම මගේ හැට දෙවන උපසිරසියත් අරන් ආව ඉක්මනටම. මේ චිත්‍රපටය මගේ ලිස්ට් එකේ තිබ්බත් මෙච්චර ඉක්මනට දෙන්න ඕන කියල හිතුවේ නැ. එත් පසුගිය දිනක මගේ උපසිරසියකට කමෙන්ට් එකක් දැම්ම ඉශාන් මදුශ මේ චිත්‍රපටය යෝජනා කරලා තිබ්බ හින්ද මම හිතුවා මේක ටිකක් කලින් දුන්න නම් හොඳයි කියල. මොකද කාලයක මේක ඉතාමත් ජනප්‍රිය වෙලා තිබ්බ චිත්‍රපටයක්. ඒ වගේම ඔයාල හොඳින් දන්නා ස්ටීවන් ස්පිල්බර්ග් ගේ සහායකයා වන ෆ්‍රෑන්ක් මාර්ෂල් තමා මේ චිත්‍රපටය නිර්මාණය කරන්නේ. Action, Adventure, Mystery ගණයට අයිතිවෙන මේ චිත්‍රපටය IMDb දර්ශකයේ 5.0 සටහන් කරලා තියනවා.
කතාව නම් ඉතින් ඉන්ඩියානා ජෝන්ස් එකේ වගේ. දියමන්ති හොයාගෙන යන පිරිසක් මහා වනයේ අතුරුදහන් වෙනවා. එයාල හොයන්න සෙවීම් කණ්ඩායමක් පිටත් වෙනවා. එයාලට හමුවෙන්නේ හිතාගන්නත් බැරි දේවල්. ගිනි කන්දක් පාදමේ සොලමන් රජුගේ දියමන්ති ආකාර. ඒවා වටකරන් තියන ඊජිප්තු නටබුන් සහ අතීතයේ සිට ඒවා සුරකින හමුදාවක්. නිකම් හමුදාවක් නෙවි බයානක වානර සේනාවක්. ඒ අතරේම හමුදා පාලනයක් තියන රටක්. ත්‍රස්තවාදී කලබල. ඉතින් චිත්‍රපට ගණනකට කතා මේ එක චිත්‍රපටයේ තියනවා. ඕනෑම වර්ගයක චිත්‍රපට බලන යාළුවන්ට මේ චිත්‍රපටය හොඳටම අල්ලලා යාවි.
මේක සියලුම අන්තර්ජාල ටොරන්ට් පිටපත් වලට හරියනවා. එත් උපසිරසි ගොනුවේ නම විදියට සීඩ්ස් හොඳටම තියන එකේ නම දානවා, ඔයාලට හොයා ගන්න ලේසි වෙන්න. තව ඔයාලට කැමති විදියට වීඩියෝ පිටපත් ලබා ගන්න. යු ටියුබ් සහ වෙන ඕනෑම පිටපතකට මේක හරියනවා. මම කියල තියන වීඩියෝ පිටපත ගත්තොත් ඔයාලට බාසා දෙකකින් චිත්‍රපටය බලන්න පුළුවන්.
මම ඊළඟට දෙන්නේ තවත් සුපිරි ක්‍රියාදාම චිත්‍රපටයක්. ගොඩක් අය දන්නා එකක් උනත් බයිස්කෝප් එකේ මේක නැ කියල බොහෝ දෙනා දන්නේ නැ. චිත්‍රපට මාලාවක පලවෙනි එක. ඉතින් මම එකත් අරන් එන්නම් පුළුවන් ඉක්මනට. මම ගිහින් එන්නම් ඉතින්. සුපුරුදු විදියට කියන්න තියෙන්නේ ඔයාලගේ අදහස් කියන්න අමතක කරන්න එපා. මම ගියා.
බුදු සරණයි …..!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි DVD / Blu-Ray පිටපත සඳහා අදාළ වේ.
4,008 downloadsDownload Congo-1995-Blu-Ray.zip57 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/08/AsankaGAP.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අසංක ප්‍රදීප් රණතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
අසංක ප්‍රදීප් රණතුංග
Subtitles
28 comments
Kasun Weihenage
Chalana Rukshan
thnx bro. torrenthound eke file eka thiyenawa but seeds nan tikak adui..
Tharaka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ! මම මේක බලලා නෑ. ඔන්න බාන්න දැම්මා.
සියළු සිතුම් පැතුම් ඉටු වේවා යන ප්‍රාර්ථනයද සමඟින් බයිස්කෝප් වෙබ් අඩවියයේ සැමටත්, ඔබටත් සදා ජය හා නීරෝගී සුව පතමි. බුදු සරණයි!Kasun Widusha
Tnx bro digatama mewage hoda parana films walata sub denda
Tharaka
මම බාගත්තේ Congo (1995) BluRay 720p 950Mb Mkv පිටපත.. ඒක හොඳ පිටපතක්. මේ සබ් වලට ගැලපෙනවා.
මෙය ධාවන කාලය පැය 1 යි, විනාඩි 48 යි, තත්පර 15 ක කාලයක් ඇති පිටපතකි. newhdmovie24.me වෙබ් අඩවියට ගොස් download කරගන්න.Udara Damith B\K
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි
Ishan Madusha
සහෝ ඔයා අගය කරන්න වටිනා කෙනෙක්. ඒවගේම අන් අයගේ ඉල්ලීම්
සලකා බලන අනිවා හොද ඇඩ්මින් කෙනෙක්.ගොඩාක් පිං සබ් එකට
අප වෙනුවන් කරනා මෙහෙයට බෝහෝම ස්තුතියි
ජයම වේවා!අසංක ප්‍රදීප් රණතුංග
නිවැරදි කිරීමක් සහෝ. මම ඇඩ්මින් කෙනෙක් නෙවි. දකින්න ලැබෙන ඕනෑම චිත්‍රපටයක් තේරීමකින් තොරව බලන ඒක චිත්‍රපට පිස්සෙක් විතරයි. මම කවදාවත් චිත්‍රපට බැලීමේදී ඒවගේ අවුරුද්ද, IMDb අගය හෝ වර්ගය හොයන්නේ නැ. ඉතින් එහෙම දැක්ක චිත්‍රපට වලින් ඉතිහාසයේ කාලයත් එක්ක නම මැකීගෙන යන අනිත් අයත් දැක්කොත් හොඳයි කියල හිතෙන චිත්‍රපට ඔයාල අතරට අරන් එන්න ගන්න පුංචි උත්සහයක් විතරයි මේ.
ඒත් ඉතින් අවුරුද්ද බලල ෆිල්ම් ගන්න වෙබ් අඩවියක මේ වැඩේ කොච්චර සාර්ථක වේවිද කියල ගැටළුවක් නම් තියනවා. ඒත් ඉතින් පේන විදියට කිහිපදෙනෙක් හෝ මේවා බලන හින්ද තමා මම මේ උපසිරසි අරන් එන්නේ මේ වගේ චිත්‍රපටවලට. මේ වැඩේ කරන් යනකොට ඔයාල වගේ අය දාන කමෙන්ටු විතරයි අපිට ලැබෙන එකම දේ. අන්න ඒ හින්ද තමා මම හැම තිස්සෙම ඔයාලගේ අදහස් වලට මුල් තැන දෙන්නේ. ඉදිරියටත් ඔයාල මට කමෙන්ට් වලින් මතක් කල චිත්‍රපට බොහෝ ගණනක් උපසිරසි එක්ක ඔයාලට බලන්න පුළුවන්.
කමෙන්ට් දාන ඔයා ඇතුළු ඔක්කොටම ස්තුතියි. බුදුසරණයි.
සාලිය
අසංක අයියා පුළුවන්නමි lost world tv sirius එකටත් සබි කරමුද .. අර ස්වර්ණවායෙ ගියේ....
thilina
ade mamai mekta danna kiyla isellama kive godak kal .kamkna kauru hari meka damma nh .meka dammata patta thx ah .ummma ela ela
thilina
Krodh (2000) 1CD DVDRip x264 AAC mkv.mekta asub denna puluvnm patta film ekak.old is gold nh
Kulanjana Maduranga
niayamai…thanks ASANKA saho..sub ekata..digatama sub demu.jaya wewa……
Jack
පට්ටයි මචෝ.
මේක බලලා නෑ.
බොහෝම ස්තුතියි සබ් එකට.
ජය...Withanage Priyantha Dayakeerthi
නමින්ම ගොඩක් ප්‍රසිද්ධ, මීට කලින් අහලා තියෙන, එහෙත් බලලා නැති සිනමාපටයක්. ඒ නිසා බලන්නම ඕන. උපසිරසියට ගොඩක් ස්තුතියි!
Amila Mudalige
Thank u saho sub ekta
Vajira Rathnayake
උපසිරැසියට ගොඩක් ස්තූතියි. අනිවාර්යයෙන්ම නරඹනවා.
Indira
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි..
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
බුදු සරණයි.. !2015-2016 අලුත් චිත්‍රපට සඳහා
උපසිරසි යොදනමෙන් කාරුණිකව ඉල්ලමි.
ස්තූතියි.......Sajith Anthony
නියමයි සහෝ
උපසිරැසියට බොහෝම ස්තුතියි
ජයෙන් ජයම වේවා...!!Amalka Himeshan
බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට
Kasun Widusha
Tarzan and the Lost City 1998 puluwannam mekatat sub denda Bluray rip ekkata parana film walata sub denakota puluwan tharam bluray rip walata sub denda balanda saho
Aruna Disanayaka
Thank you saho, bohomatma stuti
Aruna Disanayaka
'' blue diomend'' tikak parana supiri film ekak.mekata sub danna puluwannam hondai saho. Iwara wenakanma asipiya nohela balanna puluwan
අසිත
එලම සහෝ තෑන්ක්ස්.
Isuru Nilru Tharanga
patta bro
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
nidi
thanks Asanka! honda wedak.
Dewadithya
Thanks for sub!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
kalekata kalin balapu ekak aye balamu niyamai well done