හම්මෝ.. හුඟ කාලෙකට පස්සේ ඔන්න ආයෙත් ආවා තවත් ජනප්‍රිය චිත්‍රපටියක් අරගෙන මේ පැත්තට. මං හිතන්නේ මාස ගණනාවකින් පස්සේ තමයි මං බයිස්කෝප් අඩවියට මේ ගොඩවෙන්නේ. අරගෙන එන්නේ එසේ මෙසේ චිත්‍රපටියක් නෙවෙයි. අවුරුදු දෙකක් විතර පුරාවටම බලාගෙන හිටපු සුපිරිම චිත්‍රපටියක් අරගෙන බාහුබලි කිව්වම නොදන්නා කෙනෙක් නෑනේ.…

හම්මෝ.. හුඟ කාලෙකට පස්සේ ඔන්න ආයෙත් ආවා තවත් ජනප්‍රිය චිත්‍රපටියක් අරගෙන මේ පැත්තට. මං හිතන්නේ මාස ගණනාවකින් පස්සේ තමයි මං බයිස්කෝප් අඩවියට මේ ගොඩවෙන්නේ. අරගෙන එන්නේ එසේ මෙසේ චිත්‍රපටියක් නෙවෙයි. අවුරුදු දෙකක් විතර පුරාවටම බලාගෙන හිටපු සුපිරිම චිත්‍රපටියක් අරගෙන බාහුබලි කිව්වම නොදන්නා කෙනෙක් නෑනේ. ඉතින් අන්න ඒකෙ දෙවන චිත්‍රපටය අරගෙන තමයි මේ එන්නේ. පලවෙනි එක නොබලපු කෙනෙක් නැතුව ඇතිනේ මෙතන.
Baahubali 2-The Conclusion(2017) චිත්‍රපටය ලොව පුරා තිරගත වෙන්නේ අප්‍රේල් 27 වෙනිදා. දිනක් තුල ඉන්දියාවේ චිත්‍රපටියක් ඉපයූ වැඩිම ආදායම උපයමින් අරඹන මෙම චිත්‍රපටියේ ගමන් මග අවසානයේ කෙලවර වන්නේ එතෙක් මෙතෙක් ඉන්දියාවේ චිත්‍රපටියක් ලොවපුරා තිරගත වෙමින් ඉපයූ වැඩිම අදායමට හිමි බොක්ස් ඔෆිස් වාර්තාවද සමගින්. මෙතෙක් කල් PK චිත්‍රපටය තබා තිබු එම වාර්තාව දින කීපයක් තුල බිඳ හෙලන්නට බාහුබලි දෙවැන්න සමත් වෙනවා. මේ මොහොත වනවිට ඉන්දියානු රුපියල් කොටි 1250 සීමාව පසුකරගොස් ඇති මෙම චිත්‍රපටය තබා ඇති වාර්තාව තවත් වසර ගණනාවකට බිඳ හෙළිය හැකි වේ දැයි ඉන්දියානු සිනමා ලෝලීන්ටත් සැකයක් ඇති කරන්නක්.
ඒ කොහොම වෙතත් චිත්‍රපටිය චිත්‍රපටිය රිලීස් උන ගමන්ම අන්තර්ජාලයට නිකුත් වුනු පිටපතක් අරගෙන මම හෙමිහිට වැඩ පටන් අරගෙන යද්දී පසුගිය දිනක හොඳ ඩීවීඩි පිටපතක් හදිසියේම පිට වුනා. ඉතින් මම හෙමිහිට ලයින් හදාගෙන ගියපු වැඩේ ටිකක් ඉක්මන් කරන්න සිද්ද උනා. ඒ සමගම ඉංග්‍රීසි උපසිරසියකුත් පිට උනාට ඒකේ දෙබස් වල ලොකු අඩුවක් තිබුනා. ඒ නිසා මට ඒකෙන් හරි හමන් ප්‍රයෝජනයජ් ගන්න බැරි උනා. බාගෙට තියෙන ඉංග්‍රීසි උපසිරසියට සබ කරලා දෙන්න තිබුනත් බාරගත්තු වැඩේ කොලිටියටම තියෙන්න ඕන නිසා පරක්කු වෙලා හරි දෙබස් ටිය සම්පූර්ණ කරලා ඔන්න දැන් අරගෙන ආවා.
කතන්දරේ ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ. ඔයාලට මතක ඇති පලවෙනි චිත්‍රපටියේ අවසානයේ කටප්පා බාහුබලි මරණ තැනින් තමයි ඉවර වෙන්නේ. ඉතින් ඇයි කටප්පා එහෙම කරන්නේ කියන කුතුහලය සමගින් අවසන් වුනු පළමුවැන්න, ඒ කුතුහලය දෙවන්නට භාර කරනවා. ඔයාලට මේ චිත්‍රපටිය නැරඹීමෙන් කලින් එකේදී ආපු සියලු සැකයන් දුරු කරගන්න පුළුවන්. කතාව විස්තර කරන්න කරන්න මේකේ තියෙන අගය නැති වෙනවා ඒ නිසා අපි කතාව නතර කරමු.
යන්න කලින් අවසාන වශයෙන් මතක් කරන්න ඕන අපේ ඇඩ්ඩින් මණ්ඩලය. සයිට් එක පැත්තට එන්න යන්න බැරි උනාට, බාරගත්තු ෆිල්ම් එකක් ආවම කෙසේ හෝ දැනුම් දෙන්න කටයුතු කරනවා. ඉස්සර වගේ නිතරම උපසිරැසි දෙන්න බැරි උනාට, පුළුවන් හැම වෙලාවකම අඩවියට වෙනුවෙන් යමක් කරන්න උපරිම උත්සහ දරනවා. සහෝදර උපසිරැසි කරුවන්ගේ සේවයත් මේ වෙලාවේ ගොඩක් අගය කර මතක් කරන ගමන් මම අදට සමුගන්නවා ආයෙත් උපසිරසියක් සමගින් හමුවනතුරු ජයෙන් ජයම වේවා…!!!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
117,637 downloadsDownload Baahubali-2-The-Conclusion-2017-Blu-Ray.zip60 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තාරක නුවන් දිල්‍හාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
තාරක නුවන්
Subtitles
172 comments
චමිල්
SUN VIDEO
thanks
Nishshannka
super brother thank you very much
tharindu
Ela ela bro me dvd pita patha pahadilida.
Kulanjana Maduranga
ahhh....THARAKA saho sahena kalekin....niayamai…denakm balan hitapu filumak..br 1ka enkm innawa.thanks THARAKA saho..sub ekata..digatama sub demu.jaya wewa……
Charli Max
Thanks mcn sub ekata..
Kaviya
Tq bro
KAVINDA GAMAGE
බොහොම ස්තූතියි .
සුපිරි බොහෝම ස්තුතියි මහන්සිවෙලා සබ් දුන්න හැමෝටම .
ඔයාලට වචනයෙන් කියන්න බැරි තරමට ස්තූතියි. මේකේ බ්ලුරේ 1080p පික්සල් එකට.ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
දිගටම කරගෙන යමු…
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා .
තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
සුබපැතුම්avindu umesh
Thanx bro sub ekata ela digatama wade karan yamu jayama wewa!!
Dil
Godak Pin sahoo....
Thilina chamara
බොහොම ස්තූතියි...
Gathsara Umesh Kumara
Bohoom sthuthiy shoo
Lushan Kuruppu
එලකිරි බ්‍රෝ...
ජය වේවා...!!!රංගික සිනෙත් කාරියවසම්
එල මචන්.සබ එනකමි හිටියෙ. ෆටිට වැඩක්.
Hasindu
Thanx saho enakn balagena hitiye elamh
Sanindu Lakkitha
***බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට***
~~බුදුසරණයි..ජය වේවා~~thisan
thx
Gayan
Tnx bro...Fttai
vimu
thnx sub ekata
chameera
tnx saho.....
ERa
Movie eka Downloard karana link eka kohada?
Kasun
බොහොම ස්තූතියි සහෝ......
shasith sandaruwan
හම්මේ තාරක සහෝදරයගෙන් කාලෙකින් උපසිරැසියක්.
තාරකගෙන් නම් ඉතින් සුපිරියක් තමයි.
බොහොම ස්තූතියි තාරක උපසිරැසියට.
මේකත් බලන්න ඕන ලිස්ට් එකට දාගන්නවා...
දිගටම සබ් දෙමු ආ...
ඔබට ජය!Akila Udara
mekata har yana film torent ka dennko ikmnta kawuru hari
shasith sandaruwan
ඔය ලිපියේ අන්තිමට දාලා තියෙන්නේ සහෝ.
baiscopedownloads.com වෙබ් අඩවියට ගිහිල්ලා ගන්න.
Ishara
Supiri ahhhh... Thx Brother
Akila Udara
machan ilm eka gnna link ekk dnko
මනුර විමුක්ති
ස්තුතියි සහෝ සබ් එක එනකල් මඟ බලන් හිටියේ ....
Sachithra Udayanga
niyaamaaaaaaaaaaaaaaaaaaaaaai tnx
කෞෂාන් පියුමන්ත
හම්මේ ඉතින් තෑන්ක්ස් ආ
Praneeth Gunasekara
Ela ELa bohoma sthuthi
Eranga Sandaruwan
උප සිරැසියට බෝම ස්තූතියි...
ජය වේවා.....dilan lakmal
Thanks machan sub ekata.ela
Niram Suresh
හම්මේ මම හිතුව පිටපතටම සබ් එකත් දීල තියෙන්නේ. මගබලාගෙන හිටියේ මේක එනකම් එල එකක් මචං එල එකක් ..... <3
Asanka mapa
මෙි සබ දලා හින්දි එකටද ?
ටැමිල් එකටද?
asitha
elaama saho thnaks
Asanka mapa
මෙි සබ දලා හින්දි එකටද ?
ටැමිල් එකටද?g@neo
Baiscopedownloads එකේ තියන 1.4GB direct එක ගන්න. 1.4 කියල තිබ්බය 840MB විතර තියෙන්නේ.ඒක කොලිටී සෑහෙන්න.සබ් එකට ස්තූතියි සහෝ
sineth
eken download karanne kohomada mchan??
Prabuddha Kulatunga
සෑහෙන්න කොලිටි කිව්වට ඒ තරම්ම කොලිටිත් නෑනෙ සහෝ.480p එකක් වත් තරම් කොලිටි නෑ 720p ගහල තිබුනට.. :P
Ishara Keerthirathna
Patta....patta... Thnx bro
dulanga
Thanks
Ravin Laksitha
ammmmmmmmmmmmmmmmmmmmmmmmmmoooooooooooooooooooooooooooooo
awillllllllllllllloooooooooooooooooooooooooooooooooooo
ela ela thanks bro....Rasika Priyashantha Robinson
thelingu version akata sub hadala denna hekinam........ thanx.
Dilusha Nuwan Narasinghe
පට්ටයි ආ.... උඹලගේ ෆ්‍රී වෙලාව අනිත් උන් වෙනුවෙන් වැය කරන එකට තෑන්ක්ස් මචන්.
Eranda
tanku tanku bohoma tanku..
Harsha
Ela bro tks
kushan
tnx bro
Dasun
මෙකෙ තෙලුගු එක නැද්ද
Thusitha
බොහෝම ස්තුතියි සහෝ අපි වෙනූවෙන් මහන්සි උනාට.
Shenin Perera
Thanks bro
Chamath
Thanxxx broo...
shan
bohoma thuthi saho..
meka enakam balan hitiye,,
apu gamanma sub ekath deela...
Chinthana
Thanks yalu oyage welawa api wenuwen wen kalata
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
බොහොම ස්තුතියි ....