ඔන්න එහෙනම් අද මං අරගෙන එන්නේ හැමෝම මගබලාගෙන හිටිය චිත්‍රපටියක්. හැමෝම කියන්නේ මාත් ඇතුලුව. මොකද මගෙ උපසිරැසි ජීවිතයේ දෙවෙනි කඩයිම පසුකරන්නයි මේ සූදානම. ඒ කියන්නේ 100 වෙනි උපසිරැසි නිර්මානය. මං මේකට එකතුවුන හැටි කියලම කතාව පටන්ගන්නම් එහෙනම්. (කියවන්න අපහසු කෙනෙක් ඉන්නවනම් කෙලින්ම උපසිරැසිය ගන්න පුල…

ඔන්න එහෙනම් අද මං අරගෙන එන්නේ හැමෝම මගබලාගෙන හිටිය චිත්‍රපටියක්. හැමෝම කියන්නේ මාත් ඇතුලුව. මොකද මගෙ උපසිරැසි ජීවිතයේ දෙවෙනි කඩයිම පසුකරන්නයි මේ සූදානම. ඒ කියන්නේ 100 වෙනි උපසිරැසි නිර්මානය. මං මේකට එකතුවුන හැටි කියලම කතාව පටන්ගන්නම් එහෙනම්. (කියවන්න අපහසු කෙනෙක් ඉන්නවනම් කෙලින්ම උපසිරැසිය ගන්න පුලුවන්, මගේ කිසිම අකමැත්තක් නෑ) ඔන්න එහෙනම් ඉදිරියට යන්නයි හදන්නේ, මට ලිපියක් ලියාගන්නවත් නොතේරෙන හින්දා අතරමග අඩුපාඩු එහෙම තිබුනොත් වැඩිය ගනන් ගන්න එපා…
මගෙ පලවෙනි උපසිරැසිය බයිස්කෝප් අඩවියේ පල උනේ 2013 මැයි 31 වෙනිදා. හප්පච්චියේ… සෑහෙන කල්නේ… ඔව්. දැනට අවුරුදු 7කට කලින්. එහෙනම් මෙච්චර කල් ගියේ මොකද කියලා ඔයාලා හිතනවා ඇති. මේකයි කතාව. මගෙ පලවෙනි උපසිරැසිය නිර්මානය කලේ මං 10 වසරේ ඉන්නකොට. ඒ දවස් වල නිකන් ආසාවට එකක් දෙකක් කරලා වැඩේ නැවැත්තුවා සාමාන්‍ය පෙල විභාගය නිසා. ඔහොම ඉඳලා විභාගෙ ඉවර උනාම ආයෙ නිකන් තුන හතරක් කරන්න පටන් ගත්තා… නිකන් කහනවට වගේ… වැඩිය උනන්දුවක් තිබුනෙත් නෑ මේ ගැන. නමුත් අර අනිත් අය කඩයිම් පසුකරද්දී ඇතිවුන උනන්දුව නිසාද මන්දා කොහොමහරි ආයෙත් ටිකක් ට්‍රැක් එකට වැටුනා. ඔහොම ඉද්දී උසස් පෙල කරන්න පටන්ගත්තා. හැබැයි වැඩේ අතාරින්නෙ නැතුව මාස තුන හතරකට එකක් හරි කරලා දැම්මා. ඉතින් ඔය ටික එකතුවෙලා කොහොමහරි පල්වෙනි කඩයිම, ඒ කියන්නේ උපසිරැසි 50 පසුකරන්න ලැබුනා 2017 නොවැම්බර් 22 වෙනිදා… ඔන්න එදා ඉඳන් තව අවුරුදු දෙකහමාරක් වගේ ගෙවිලා තමයි අද මේ 100 වෙනි උපසිරැසිය දක්වා ආවේ… 2017 න් පස්සේ රස්සාව කරන්න පටන්ගත්තු නිසා මේ තාක් කල් ගියා මේ කඩයිම දක්වා එන්න. හැබැයි ඉස්සරට වඩා දැන් උනන්දුවෙන් කරනවද මංදා කියලා මටත් සමහරවෙලාවට හිතෙනවා.
ඉතින් හත් වසරක් තිස්සේ මෙ අඩවියත් එක්ක එකතුවෙලා ඉන්නැද්දී හඳුනාගත්තු අයනම් බොහොමයි. මුලින්ම සාමාජිකයෙක් වශයෙන් අඳුරගන්න ලැබුනේ <විමා> අයියවයි. ඉතින් ඒ ඇරෙන්න අනිත් හැමෝවමත් මේ වෙලාවේ ඉතා ආදරයෙන් මතක් කරනවා. මොකද නම් වශයෙන් කියන්න ගියොත් සෑහෙන පිරිසක් ඉන්න නිසා. ඒවගේම බයිස්කෝප් අඩවියේ සාමාජිකයින් වශයෙන් සිටින, සිටිය හැම කෙනෙක්වමත් ඉතා ආදරයෙන් මතක් කරනවා. මොකද එක එක්කෙනාගානෙ කියන්න ගියොත් කාගෙ හරි නමක් අමතක වෙනවා, ඒක එච්චර හොඳ නෑනෙ. ඉතින් අවසාන වශයෙන් අනිත් උපසිරැසිකරුවන් කියනවා වගේම අපේ ප්‍රධාන පුරුක, ඒ කියන්නේ ප්‍රේක්ශක ඔබලාවත් මං ඉතා ආදරයෙ න් මේ වෙලාවෙ මතක් කරනවා. මොකද ඔයාලා දාලා යන එක කමෙන්ට් එකකින් පවා මේ උපසිරැසි කරන අයව දිරිමත් කරන්න පුලුවන්. ඒ අපි හැමෝම එහෙම දෙයක් යටිහිතින් හරි බලාපොරොත්තු වෙන නිසා. ඉතින් හැමෝම නැතත් හැමදාම පුංචි කමෙන්ට් එකකින් පවා අපිව දිරිමත් කරන අපේ ප්‍රේක්ශකයින්ට මං ආයෙත් සැරයක් ස්තූති කරනවා. අවසාන වශයෙන් මේ කඩයිම වෙනුවෙන් චිත්‍රපටය වෙන්කරලා දුන්නු ” සිසිල” අයියට මං ස්තූති කරන ගමන් කතාව පැත්තට හැරෙනව.

පැරණි චිත්‍රපට රසිකයෙක්නම්, එහෙමත් නැත්නම් Will Smith, Martin Lawrance ගෙ රසිකයෙක්නම් ඔයාල අනිවාරෙන්ම මීට කලින් නිකුත්වූ Bad Boys චිත්‍රපට ද්විත්වය නරඹලා ඇති. දෙවෙනි එක නිකුත්වෙලා අවුරුදු 17 කට පස්සේ උනත් තුන්වැන්නක් නිර්මානය කරන්න උත්සුක වෙලා තියෙන්නේ මේ ප්‍රධාන නලුවන් දෙදෙනාගේ ජනප්‍රියත්වය සහ මේ කතා තේමාවට ප්‍රේක්ශකයින්ගෙ තියෙන දැඩි ඇල්මයි. දෙවෙනි චිත්‍රපටිය අවසානයේ නීතිවිරෝදී මත්ද්‍රව්‍ය ජාවාරමක් අහවර කිසීමෙන් පසුව නැවතත් තුන්වෙනි කොටසක් ගැන කිසිදු කසුකුසුවක් තිබුනේ නෑ. නමුත් 2008 න් පසුව Will Smith කියලා තිබුනා තුන්වෙනි කොටසක් නිර්මානය කරන්න උවමනාවක් තියෙනවා, නමුත් එකල ඔහුට තිබූ දැඩි ඉල්ලීම මත ඔහුගේ ගනන් හිලව් ඉතාමත් ඉහල මට්ටමක තිබුනු නිසා වැඩේ ටිකක් කල් ගියා. පසුව ගැලපෙන පිටපතක් නොමැතිකමින් නිෂ්පාදන කටයුතු පස්සට ගිහින් තියෙන්නේ කියලා. අවසානයේ සියල්ලන්ගේම මැදිහත්වීම මගින් කාලයට තාලයට ගැලපෙන පිටපතක් නිර්මානය කරගන්න නිශ්පාදක වරුන්ට හැකිවුනා. මේ චිත්‍රපටිය තිරගත වීම ආරම්භ කලේ ජනවාරි 17 ත් වෙනිදා. ඒ Dr.Dolittle කියන චිත්‍රපටියත් සමගමයි. අවුරුද්ද පටන්ගද්දිම මේ චිත්‍රපටි දෙක තිරගත උන නිසා හැමෝම හිතුවේ Dolittle හොඳ ආදායමක් ලබාගනියි කියලයි. නමුත් කවුරුවත් බලාපොරොත්තු නොවුනු ආකාරයෙන් Dolittle අසාර්ථක වෙද්දී Bad Boys හිතුවෙවත් නැති දුරකට ගියා…
ඉතින් සුපුරුදු පරිදි Bad Boysරසිකයින්ව කලකිරවන්නේ නැතිව සුපිරිම සුපිරි කොමඩි, ඇක්ශන් චිත්‍රපටියක් බලාගන්න අපිට පුලුවන් උනා. අපි හිතුවෙවත් නැති පැත්තකට චිත්‍රපටිය ගලාගෙන ගියා. ඒවගේම ආරම්භයේ සිටම පුරුදු පරිදි මාර්කස්ගේ ඉල ඇට ඇදෙන විහිලු වලින්නම් ඉවරයක් නැති වෙලා තියෙනවා. මිනිහගෙ කතාවිලාශය, හැසිරීම් පවා සිනාව දනවන සුලුයි. මියාමි නගරයේ පොලිස් නිලධාරින් දෙනෙනෙක් ලෙස එදා ඉඳන් මෙ දෙන්නට සිද්ධවෙන කරදර වලනම් නිමක් නෑ. ඉතින් මිලියන 90 ක නිශ්පාදන පිරිවැයක් ගත්තු මේ චිත්‍රපටය දැනට මිලියන 408 ක ආදායමක් ලබාගෙන තියෙනවා. Columbia Pictures මගින් නිකුත් කරපු Bad Boys පසුගිය ජනවාරි මාසයෙ වැඩිය ආදායම ලබාගත්තු චිත්‍රපටය බවට පත්වුනා. ඒවගේම IMDb දර්ශකයේ 7.2 ක අගයකුත් Rotten Tomatoes හි 77% ක මනාපයකුත් Google පරිශීලකයින්ගෙ 99% මනාපයකුත් ලබාගෙන ඉතා ඉහලින් වැජබෙමින් ඉන්නවා. කලින් කතාවලට ලොකු සම්බන්ධයක් නැතිව වගේ පෙනුනට සෑහෙන ලොකු සම්බන්ධය තියෙනවා කියලා මං කියන්නම්. එහෙනම් මං කතාව ගැන පොඩි හැඳින්වීමක් කරන්නම්.
ඉසබෙල් අරේටස් කියන කනවැන්දුම් කාන්තාව ආර්මන්ඩෝ කියන තමන්ගේ පුතාගේ උදවුවෙන් මෙක්සිකෝවේ හිරගෙදරකින් පැනලා යනව. පස්සේ ඔහුව මියාමි වලට යවනවා ඔවුන්ගේ පියාගේ උරුමයක් වන සඟවලා තියෙන මුදල් ප්‍රමාණයක් හොයාගන්න, ඒ වෙන මොකකටවත් නෙමෙයි, ඉසබෙල්ගේ ස්වාමියා වන බෙනීටෝව සිරගත කිරීම සහ ඒ අතරතුර මියයෑමේ වේදනාවට පළිගැනීම උදෙසා. ඒ අතරේ මියාමි වල මාර්කස්ගේ දියණියගේ පලමු දරු උපතේ සතුට සමරමින් සිටිනා අතරතුර යම් හඳුනානොගත් පුද්ගලයෙක් විසින් මයික්ට වෙඩි තබනවා. ඔහු ජිවිතයත් මරණයත් අතර විශාල සටනක නිරතවෙනවා. ඉතින් කොහොමහරි අවසානයේ ඔහුගේ ජිවීතය රැකුනත් මේ ගැන වැඩිදුර සොයන්න වෙහෙසෙනවා. නමුත් ඒක ඉතා ලේසිපහසු කාර්‍යයික් නෙමෙයි, මොකද මෙවර තමන්ට ලැබිලා තියෙන දුෂ්ඨයා එසේ මෙසේ කෙනෙක් නෙමෙයි. හසුරවන්න ඉතා අපහසුයි වගේම ඔහු මිනීමරන යන්ත්‍රයක් මෙන් ක්‍රියාත්මක වෙන පුද්ගලයෙක්..
ඉතින් ඇඟ කිලිපොලා යන දර්ශන මෙන්ම ඉවරයක් නොවන වෙඩි වරුසා මැදින් ගලාගෙන යන මේ චිත්‍රපටියේ ආස්වාදය මං ඔයාලගෙන් උදුරගන්නේ නෑ. මීට වැඩිය කතාව ගැන කියන්න යන්නෙත් නෑ, පුරා පැය දෙකකට ආසන්න කාලයක් ප්‍රේක්ශකයින්ව ඇඳ බැඳ තබාගන්න තරම් විශිෂ්ට ලෙස නිර්මාණය කර ඇති මේ සිත්තම් නරඹන්න ඔයාලට ආරාධනා කරන ගමන් මං මේ ලිපිය අවසන් කරනවා. අවසානයේ කියන්න තියෙන්නේ, අපි හිතුවෙවත් නැති තරම් සාධාරණයක් සිදුකරමින් අවසන් උන Bad Boys කතාමාලාවා අවසානයක් නොලබා තවත් කොටසක් දක්වා දිගු කර ඇති බවයි. එහෙනම් ඒකත් මතකයේ තියාගෙනම උපසිරැසිය ලබාගන්න. නැවත උපසිරැසියකින් හමුවෙන තුරු ඔබ සැමට සුභ රසවින්දනයක් ප්‍රාර්ථනා කරනවා. බයිස්කෝප් අඩවියට ජය!
-එක්ව පැදයන්න , එක්ව මියයන්න-
-සදාතනික නරකයෝ-

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB / HD / Blu-Ray පිටපත් සඳහා වලංගු වේ.
55,689 downloadsDownload Bad-Boys-for-Life-2020-Blu-Ray.zip236 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රඛිත රණතුංග” සොහොයුරාට සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2013-05-21
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රඛිත රණතුංග
Subtitles
121 comments
sandun512
මයුර
100ට උණුසුම් සුබ පැතුම් සහෝ
තවත් මෙවන් කඩඉම් ගණනාවක් පසු කරන්න ලැබේවායි පතනවා.thilina
ela ela ah thq ahhh .gidatama kramau machan .
pulvnm kauru hari invnm .The Bride (2017) menna mekta denako sub supiri horror ekak plz
PaSindu MaDumal
100* වෙනි උපසිරැසි ගැන්වීමට උණුසුම් සුබ පැතුම් සහෝදරයා..! 150*ත් ඔහොම්ම යමු. උපසිරැසියට තුති..!
sandun512
the outsider ekata sub eka karala dennako bro
Prabodha Madhusankha Hettiarachchi
Congratulations bro 100th subtitles ....
sachintha
100 වෙනි උපසිරැසි නිර්මාණයට හදවතින්ම සුභ පතනවා සහෝ
ඊලග කඩයිමටත් හැකි ඉක්මනින් ලගා වෙමු
ජයHashan M. Priyadarshana
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :) :) ...
ජය වේවා.!Kanchaka
Thanks bro
නලින් පෙරේරා
නියමයි රඛිත මල්ලි. 100 වැන් කඩඉමට සුභ පැතුම්. දැන් රස්සාවත් එක්ක ලැබෙන නිදහස් වෙලාවට හොද හොද නිරමාණ කරන්න ශක්තිය ලැබේවා! ජය වේවා!
Dhanushka Dilranga
Thanksssssssssssssssssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
tharidu16
ජයවේවා 100ට
M,T,R තරිඳු රුක්ෂාන් පෙරේරා
මුලින්ම දෙවැනි කඩඉම නැත්නම් සිය වැනි සිංහල උපසිරැසි නිර්මාණය වෙනුවෙන් සුභ පතනවා.! ඔබ කරන කියන සියළුම කටයුතු සාර්ථක වී යහපත් අනාගතයක් උදා වේවා.! ඉතාමත් ඉක්මණනින් තමන්ගේ උපසිරැසිකරණ දිවියේ ඊලඟ කඩඉම වන 150 වැනි සිංහල උපසිරැසි නිර්මාණය වෙත මීටත් වඩා ඉක්මණින් යන්න ලැබේවායි ප්‍රාර්ථනා කරනවා.! හොඳ පිටපතක් නිකුත් වෙනකල් නොඉවසිල්ලෙන් බලා සිටි චිත්‍රපටයකට සිංහල උපසිරැසි ලබාදුන්නාට ඔබට බෙහෙවින්ම ස්තුතියි.!
Hemantha De Silva
ස්තුතියි රඛිත උපසිරැසියට..
ඒ වගෙම සුභ පැතුම් 100 වෙනි කඩඉමට...
තවත් සුපිරි වාර්තාවක් තියන්න අවස්ථාව ලැබේවා...Gathsara Umesh
100ට හදවතින්ම සුබපතනවා සහෝදරයා....
දිගටම සබ් කරමු..අපි හැමදාම ඉන්නව ඔයාල ඔක්කොමල එක්ක.....
150න් මුන ගැහෙමු..........Rasindu Perera
නියමයි….සබ් එකට තැන්ක්ස්…
100 වෙනි උපසිරසියට සුබ පැතුම්!!!
දිගටම සබ් අරගෙන එමු....
ෆිල්ම් එකනම් එනකම් මග බලන් හිටියේ...
Bluray එක ආවහ්මම බලනවා...තාරක නුවන් දිල්හාර
සියවන උපසිරැසිය වෙනුවෙන් හදවතින්ම සුභ පැතුම්..
ඉදිරි වැඩකටයුතු සාර්ථක වෙන්න කියලත් ප්‍රාර්ථනා කර සිටිනවා..
ස්තුතියි උපසිරැසියටත්..
දිගටම උපසිරැසිකරණයේ යෙදෙන්න හැකියාව ලැබෙන්න කියල පතනවා..
ජය...!!!Anonymous
100 වැනි කඩයිම පසුකල ඔබට මාගේ උනුසුම් සුබපැතුම්
gayan215
100ta suba pethum saho..
Anonymous
all the best and thank you
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
100 වැනි උපසිරසියට සුභ පැතුම්chanakaaa
thanks
රංගික සිනෙත්
ජය වේවා සහෝදරයා. 100 වන උපසිරැසි යට සුබ පැතුම්.
Lasantharathnasirirox
කියලවැඩක් නෑ පට්ට කතාව...Bluray කොපියක් ආපුහම පොඩි update එකක් දාන්න...ජයවේවා..
subodha
Thanks
සසිඳු කවීශ ගමපතිරණ
100 වන උපසිරැසියට සුභ පැතුම් සහෝ!
Ayesh Prashan
Thank You
Samidu Tharaka
මගබලන් හිටපු එකක් එලම
ruchiraav
All the best and Thank you bro!
Shaggie
Gd lk & Thnks mchn
සිවෙන්ද්‍ර
Thank you
Anonymous
Sub wada krn nane. Vlc eke. Phone eken blnne
Chat
el bro
දමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොමත්ම ස්තුතියි රඛිත සහෝ.
කඩඉමට උණුසුම් සුබපැතුම්
ජයෙන් ජයම වේවා!Anonymous
sthuthi bn.elama
Ravisara Dharmapala
Ammo pissu peekudu una eka balala pattama movie eka hinawela thma papuwat eka ridenwa 100 weni sub ekta suba pathnawa brother digatma sub krnda shktoya labenda kila wish krnwa.. good luck bro and thnks for the film and sub..
Nicky SL
Thanks
රොයිලි
ඔන්න මමත් උණුසුම් සුබ පැතුම් එකතු කරනවා රඛීත මල්ලි මේ කඩඉම වෙනුවෙන්. හෙමීට වුණත් දිග ගමනක් ඇවිල්ලා. ඔයාගෙ සියළු කටයුතු සාර්ථක වෙන්න පතමින් වෙනද වගේම බොහොම ස්තූතියි කියනවා සිංහල උපසිරැසියටත්. ජය෴෴ :P :P
Harsha
Thank you, bro
santhusha319
thanks bro
YasasPerera
thanks bro..
isuru srinath sjs
100වෙනි උපසිරැසියට සුබ පතනවා .. ඒ වගේම බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට ..ජය වේවා !!
rockz2020
♥..උපසිරැසට බොහෝම ස්තුතියි සහෝ..♥
nish47
ස්තූතියි සහෝ
sathyajith
thanks for the sub
Isuru Madusanka
Thank you bro
oshanda
සුභ පැතුම් සහෝ...දිගටම උපසිරැසි ලබාදෙන්න ශක්තිය ලැබේවා !
Pramukmili
congratulations !!!! Thanxx bro keep it up........
Chamindux
WEB DL එකට Sub එක Update කරන්න සහෝ...!
Dilshant7
Web DL walata sub eka dipan saho
samangamage
WEB rip ekata update ekak dennakoooooooooooooooooo
Anonymous
සුභ පැතුමි සහෝ ....
ජය වෙිවාMaleesha
Saho WEBRIP Update karala dennko plz...
Himalsha
The Way back 2020 sub eka denna mekata thankyou good job
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
thanks sahoo