Watch Trailer

Yeh Saali Aashiqui (2019) Sinhala Subtitles | මේ ආදරයට වෛර කිරීමේ හෝරාවයි! [සිංහල උපසිරැසි සමග]

සාහිල්, ඔයාට ඒ ගෑනු ළමයා එක්ක තිබ්බ සම්බන්ධෙ මොකක්ද? සර්, එයා මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්. කොලේජ් එකේ අපි එකටයි ඉගෙනගත්තේ. අපි එකිනෙකාට ගොඩක් ආදරේ කරා. ‘මං ඔයාට ආදරෙයි, මිති!! මාත් ඔයාට ආදරෙයි, සාහිල්” හැමදේම හොඳින් සිද්ධ වුණා සර්. ලස්සනට කාලේ ගතවුණා ඒත්… දවසක් හදිසියේම අපි දෙන්නට වෙන් වෙන්න වුණා. අවුරුදු ත…

සාහිල්,
ඔයාට ඒ ගෑනු ළමයා එක්ක තිබ්බ සම්බන්ධෙ මොකක්ද?

සර්, එයා මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්.
කොලේජ් එකේ අපි එකටයි ඉගෙනගත්තේ.
අපි එකිනෙකාට ගොඩක් ආදරේ කරා.

‘මං ඔයාට ආදරෙයි, මිති!!
මාත් ඔයාට ආදරෙයි, සාහිල්”

හැමදේම හොඳින් සිද්ධ වුණා සර්.
ලස්සනට කාලේ ගතවුණා
ඒත්… දවසක් හදිසියේම අපි දෙන්නට වෙන් වෙන්න වුණා.

අවුරුදු තුනකින් මං එයාව ඇහැටවත් දැක්කේ නෑ සර් එයා කොහෙද ඉන්නේ, මොනාද කරන්නේ මුකුත්ම දන්නේ නෑ මං.

කොලේජ් එකේ සාහිල් කියලා කොල්ලෙක් මට පිස්සු වැටිලා හිටියා
කොයි වෙලෙත් මගේ පස්සෙන්මයි හිටියේ.
දවසක් එයා මගෙන් යාලුවෙන්න ඇහුවා.

“මං ඔයාට ආදරෙයි, මිති
අනේ සමාවෙන්න සාහිල්,
මගේ එහෙම අදහසක් නැහැ”

මං හිතුවේ නෑ, මං බෑ කිව්වම එයා පිස්සුවෙන් වගේ
ළමයිටයි ගුරුවන්ටයි ගහන්න ගනියි කියලා.

එන්න එන්නම එයා දරුණු වෙච්ච නිසා
එයාව මානසික රෝහලට යැව්වා.

දැන් ඒ සිද්ධියට අවුරුදු තුනක් වෙනවා!!

ඒ ගෑනු ළමයා කියනවා තමුන් ඊයේ රෑ එයාගේ ගෙදරට පැනලා,
එයාට පහර දුන්නයි කියලා?

සර්, මං දන්නේ නෑ එයා එහෙම කියන්නේ ඇයි කියලා.

සර්, මං එහෙම එහෙ ආව නම් මොකක්හරි සාක්ෂියක් ඇතිනේ
CCTV වගේ මොනාහරි…
ඒවා බලන්නකෝ!

සර්, ඒ කෙල්ල මාව අහුකරන්නයි හදන්නේ.
අනේ මාව විශ්වාස කරන්න.

එයා මොනාටද තමුන්ව අහුකරන්න යන්නේ?

ඒකට හේතුවක් තියෙනවා සර්.
අපි දෙන්නා ඇරෙන්න කවුරුත්ම නොදන්න හේතුවක්!!!

එකම සිද්ධියක්
කතන්දර දෙකක්.
ඇත්ත කියන්නේ කවුද?
ආදරයට ආදරය කරන්න කියාදෙන කතා අතරේ
ආදරයට වෛර කරන්න හිතෙන
කාලකන්නි කතාවක්.
මේ පාහර ආදරය!!!

පහුගිය අවුරුද්දේ හොඳ බොලිවුඩයෙන් ආපු තවත් හැංගිච්ච අමුතුම අමුතු සුපිරිම චිත්‍රපටියක් තමා මේ අරන් එන්නේ. කොටින්ම කිව්වොත් අවතක්සේරු වෙච්ච මැණිකක්. ගොඩක් අයගේ අවධානයට ලක් නොවිච්ච කතාවක්. හැබැයි ඉතින් ආයේ ඇස් කන වෙනකම් බලන් ඉන්න පුළුවන් චිත්‍රපටියක්. ඒ තරමට මේ පැය දෙක හොඳ වින්දනයක් ලබාදෙනවා කියලා කියන්න පුළුවන්. IMDb අගය කිව්වොත් 8.2ක්. චිත්‍රපටිය කර තියාගෙන යන්නේ අලුත්ම සෙට් එකක්. ප්‍රධාන නළුවා, ප්‍රධාන නිළිය වගේම අධ්‍යක්ෂකවරයාගෙත් පළවෙනිම චිත්‍රපටිය තමා මේ පාහර ආදර කතාව. වර්ධන් පූරි, ශිව්ලීකා ඔබරෝයි තමන් නවකයෝ කියලා කාටවත් නොහිතෙනවා විදිහට මේක රඟදක්වනවා කිව්වොත් මං හරි. මේ වර්ධන් පුරි කියන්නේ හින්දි සිනමා ප්‍රේක්ෂකයෝ ගොඩක් දන්න කෙනෙක්ගේ මුණුපුරා. වසර කිහිපයකට කලින් මිය ගිය අමිරිෂ් පුරිව දන්නවා ඇතිනේ කවුරුත්. මතක නැත්තම් බලාගන්නකො පල්ලෙහා ඉන්නවා.

එහෙනම් මේ නොමසුරු ආරාධනය මේ පට්ට පිලුම බලන්න කියලා. හැබැයි ඊට පස්සේ ආදරේට වෛර කරන්න හිතුනොත් ඔන්න අපි නෑ. ජයවේවා!!

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 මෙම ලබා දී ඇති උපසිරසි Web DL පිටපත් සඳහා අදාළ වේ.

18,263 downloadsDownload Yeh-Saali-Aashiqui-2019-1.zip55 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මයුර සුරාජ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

           

Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2014-01-28
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

PHOENIX

Subtitles

18,263 downloadsDownload Subtitles55 KB

17 comments

  1. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :) :) ...
    ජය වේවා.!

  2. Gathsara Umesh

    හම්මෝ....ලිපියටම බලන්න හිතෙනවා...බොහෝම් ස්තූතියි අයියේ..ලිපිය සුප්පා..
    ඊලගට් උපසිඍඅසියෙන් හ්මුව්මු..ජයවේවා........

  3. Lalani Maduwanthi

    Thank you mayura,,,

  4. Kavindu

    Ayyappanum Koshiyum (2020) sub denna puluwn nm :)

  5. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  6. isuru srinath sjs

    සුපිරියක් වගෙ.. බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට ...!!

    1. R_deshan

      ෆිලුම බලලම ඔන්න දානව කමෙන්ට් එක...කතාව නම් සුපිරි.1080p කොපියක් බෑවට පාඩු උනේ නෑ.අන්තිම විනාඩි 30 නම් පට්ට ගති.හැබැයි රඟපෑම් තව පොඩ්ඩක් තාත්වික උනා නම් හොඳයි.මේ වගේ හැංගිලා තියන අපේ අවදානෙට අහු නොවෙන ෆිල්ම් වලට සබ් දෙනවට බොහෝත් ෂුක්රියා බ්‍රෝ!!!!!

  7. nish47

    ස්තූතියි සහෝ

  8. Roshan

    සුපිරි film මෙවිවනේ film කියන්නේ, thnaks, sub එකට

  9. Hasantha_Sajeewan

    සුපිරිම සුපිරි. Thanks සබ් එකට. ❤❤❤❤❤❤

  10. Pramukmili

    Thanxxxxxxx bro.............

  11. tharidu16

    thanks broooooo

  12. mindika

    Thanks !!!!

  13. shanedesilva

    Thanks for the subtitle. Keep it up the good work.

  14. ශසිත් සඳරුවන්

    සබට තුති වේවා...
    දිගටම සබ් දෙමු ආ...
    ජය!

  15. DILmin

    Sub ekata thanks!

  16. Sahan Gayantha

    thanks a lot saho sub ekata..