නිදහසින් පසු සිදුවූ ඉන්දියා-පාකිස්ථාන බෙදුම්වාදයට බෙංගාලය ද හසු විය. මේ නිසා, හින්දු මූලික බටහිර බෙංගාලය ඉන්දියාවටද, මුස්ලිම් මූලික නැගෙනහිර බෙංගාලය පාකිස්තානයටද හිමි විය. කැරළි කොළාහල පිරි ඒ අඳුරු යුගයෙන් පසු බෙංගාලයේ දරිද්‍රතාවය, කුසගින්න සහ මරණ ඉහළ ගියේය.ඒ සමඟම අවතැන්වූවන්ගේ ක්‍රමික ගලා ඒම බෙංගා…

නිදහසින් පසු සිදුවූ ඉන්දියා-පාකිස්ථාන බෙදුම්වාදයට බෙංගාලය ද හසු විය. මේ නිසා, හින්දු මූලික බටහිර බෙංගාලය ඉන්දියාවටද, මුස්ලිම් මූලික නැගෙනහිර බෙංගාලය පාකිස්තානයටද හිමි විය. කැරළි කොළාහල පිරි ඒ අඳුරු යුගයෙන් පසු බෙංගාලයේ දරිද්‍රතාවය, කුසගින්න සහ මරණ ඉහළ ගියේය.ඒ සමඟම අවතැන්වූවන්ගේ ක්‍රමික ගලා ඒම බෙංගාලයේ සමාජ ව්‍යුහයට විශාල හානියක් විය. මෙම වටපිටාව මධ්‍යයේ, මධ්‍යම පාන්තික බෙංගාල ජාතික තරුණයින් රජයට එරෙහිව නැගී සිටියහ. නමුත් ඒ උල් ආයුධ අත දරාගෙන නොව, ඔවුන්ගේ මොට පෑන සහ කඩදාසි තුලින් කාව්‍ය පද බැඳීමෙනි. මේ විප්ලවය “හංග්‍රියලිස්ට් මූව්මන්ට්” නම් විය.
1961 තරුණ බෙංගාලි කවියන් කීපදෙනෙක්ගෙන් ආරම්භ වුණු මේ ව්‍යායාමය, ඉන්දියාවේ බෙංගාලි සාහිත්‍ය හා සංස්කෘතික සංස්ථාපිතයේ මූලයන් සොලවා දැමීමට සමත් විය. මොවුහු සැලකිය යුතු ලෙස ඉන්දියානු සාහිත්‍යයෙහි භාවිතා වන භාෂාව සහ වචන මාලාවේ වෙනසක් ඇති කළහ. මේ හංගේරියල්වරුන්ට අවශ්‍ය වූණේ යටත් විජිත මානසිකත්වයෙන් පිරි තිබුණු බෙංගාල පාඨකයන්ගේ මොළ සේදීමයි. එසේම ඔවුහු බෙදුම්වාදය නිසා අවතැන් වූ පුද්ගලයන් වෙනුවෙන් පෙනී සිටිමින් රජයට දැඩි ලෙස බලපෑම් කිරීමටද සමත් විය.
1964 සැප්තැම්බර් 2 වන දින හංග්‍රියලිස්ට් මූව්මන්ට් හා සබැඳි කවියන් 11 දෙනෙකුට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු නිකුත් කරන ලදී. සාහිත්‍යයේ අසභ්‍ය වචන සහ රාජ්‍යයට එරෙහි කුමන්ත්‍රණකාරී කටයුතු මෙම චෝදනාවලට ඇතුළත් විය. උසාවියේ නඩුව වසර ගණනාවක් පුරා පැවති අතර එය ලොව පුරා අවධානයට ලක් විය. මෙම “හංග්‍රියලිස්ට් මූව්මන්ට්” ව්‍යාපාරය හින්දි, මරාති, අසාමාස්, තෙළිඟු සහ උර්දු සාහිත්‍යයන්ටද බලපෑම් කිරීමට සමත් විය.
1964 දී මේ ව්‍යාපාරය නැති වී ගියද අද වනතුරුත් බෙංගාලි කවියන් අඩු වැඩි වශයෙන් ජනතාවගේ ප්‍රශ්න ආමන්ත්‍රණය කිරීමට ‘කවිය’ යොදා ගන්නවා…
“හංග්‍රියලිස්ට් මූව්මන්ට් හි මූලාරම්භකයින්”
වර්ෂය 2011යි…
ශ්‍රීලංකාව පරදා ඉන්දියාව ක්‍රිකට් ලෝක කුසලානය ජයග්‍රහණය කර ඇත.
නමුත්,
බෙංගාලයේ කල්කටා නගරයේ සාහසික දාම ඝාතකයෙක් සැරිසරයි.
“අවුරුදු දහස් ගණනක් පුරා
මම මහ පොළවේ සැරිසරා තිබේ.
සිංහල සාගරයේ සිට මලය මුහුද දක්වා
මම සංචාරය කර ඇත.
බිම්බිසාර හා අශෝක අධිරාජ්‍යයන්ගේ
විනාශ වී ගිය රාජ්‍යයන් පවා දුටුවෙමි.
අන්ධකාරයෙන් වැසුණු
විධර්ගා නගරයටද ගියෙමි.
මා වෙහෙසට පත් ප්‍රාණයකි.
සාගරය හා සබැඳි ජීවිතයක්
මා වටා නිර්මාණය වෙමින් පවතී.
මා මගේ සැනසිලිදායක මොහොතවල්
නටොරේ හි බනලතා සෙන් සමඟ ගෙවමි.”
ජිබානන්ද දාස් විසින් ලියා ඇති මේ කාව්‍ය හමුවෙන්නේ ඒ දාම ඝාතකයා විසින් මරා දමූ ගණිකාවක් අසල තිබීයි.
මේ ඝාතකයාගේ විශේෂත්වය වනුයේ ඔහු මරන සෑම පුද්ගලයෙක් අසලම මෙවැනි කවියක් දමා යාමයි. වෙනත් කිසිම හෝඩුවාවක් නැත.
සාක්ෂි නොමැතිකම නිසා අසරණ වු පොලීසිය…
සත්‍ය දාම ඝාතකයෙක් සමඟ සම්මුඛ සාකච්ඡාවක් කිරීමට තොරතුරු හොයන මාධ්‍යවේදීන් දෙපළක්…
මේ කවි සහ මිනීමැරුම් අතර තිබෙන්නේ මොනවගේ සම්බන්ධයක්ද?

Times Of India – 4/5
“තෘප්තිමත් රහස් පරීක්ෂක කතාවක් යනු සෑම විටම ලුහුබැඳීමේ කාව්‍යයකි. මෙය වචනානුසාරයෙන්ම රසවත් බලපෑමක් ඇති කරයි.”
IMDb – 8.1/10
බහුතරයක් ගොඩක් බෙංගාලි චිත්‍රපට නරඹලා නැතුව ඇති. හැබැයි එකක් හෝ නරඹා ඇති අය දන්නවා, ඒ නිර්මාණවල ඇති අනර්ඝත්වය. එහෙනම් ආරාධනා කරනවා, බෙංගාලි සාහිත්‍යය හා බැඳුණු අපූරු නිර්මාණයක් සමවදින්න දැහැන්ගත වෙන්න කියා….

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි WEB-DL පිටපත සඳහා වලංගු වේ.
3,049 downloadsDownload Baishe-Srabon-2011.zip59 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නෙතිනි නිමන්තිකා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2018-06-20
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
නෙතිනි නිමන්තිකා
Subtitles
25 comments
මයුර
Nethini123
:-D :-D බොහොම ස්තූතියි
indika75
thanks..
Isuru
Thanks mekata sub dunnata puluwannam Vinci Da 2019 bengal film eka denna supiri film ekak
Nethini123
බොහොම ස්තූතියි
Nethini123
උත්සහ කරන්නම්, බොහොම ස්තූතියි
නිරෝෂ්
ස්තුතියි නෙතිනි.ජයවේවා!
Nethini123
බොහොම ස්තූතියි
Prabodha
Godak sthuthi obata
Nethini123
බොහොම ස්තූතියි
formano
බෙංගාලය හදුන්වන්නේ සෞන්දර්යෙ නගරය විදියට. බෙංගාලී නිර්මාණත් ඒ ආකරයෙන්ම උසස් රසාස්වාදයක් ලබාගත හැකි නිර්මාන. අනිවාර්යෙන්ම මෙයත් එවැනිම උසස් නිර්මානයක් විය යුතුයි, බොහොම ස්තූතියි මෙවැනි සිනමා පටයකට උපසිරසි යොදා බෙදා හදාගත්තාට.
Nethini123
අනිවාර්යයෙන්ම, බෙංගාල නිර්මාණ ජනප්‍රියත්වය අවම උනාට, අනර්ඝ බවින් බොහොම උසස්...
බොහොම ස්තූතියි
D.Chamara
බොහොම ස්තූතියි .... !
Nethini123
බොහොම ස්තූතියි
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි....!
Nethini123
බොහොම ස්තූතියි
යුරාන් ධනුක (දනුවා)
බොහෝම ස්තූතියි නෙතිනි !!!
Nethini123
බොහොම ස්තූතියි
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Nethini123
බොහොම ස්තූතියි
yohan
thanks jootha kahin ka 2019 hindi film ekata sub demu
Nethini123
උත්සහ කරන්නම්, බොහොම ස්තූතියි
jc udara
thanx bro.
Haami 2018 ekath hoda bengali ekak.ekatath sub karamune......jc udara
godak sthutii nethini akke.
"Haami" 2018 bengali ekatath sub karamune.~~Nethini123
උත්සහ කරන්නම්, බොහොම ස්තූතියි :-D
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Baishe Srabon (2011) Sinhala Subtitles | කවිය හා මිනීමැරුම් [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/10/Baishe-Srabon-2011.jpg)

මලයාලම් වලින් බෙංගාලි වලට බැස්සද?
එල එල බෙංගාලි බලපු අය දන්නවා ඒවයේ රහ.
සබට බොහොමත්ම ස්තුතියි නෙතිනි. ජයවේවා!