Watch Trailer

Ballerina (2023) Sinhala Subtitles | නාට්‍යාංගනාව [සිංහල උපසිරසි]

අපි තවත් චිත්‍රපටයක් බලන්නයි මේ සූදානම් වෙන්නේ. ඒක තමයි Ballerina Ballerina 2023 ඔක්තෝම්බර් 5 වෙනිදා 28 වැනි බුසාන් ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේ Korean Cinema Today – Special Premiere’ කොටසේ විශේෂ මංගල දර්ශනය තිරගත වුන අතර 2023 ඔක්තෝබර් 6 වෙනිදා ඉඳන් ගෝලීය වශයෙන් Netflix වලදී බලන්න අවස්ථාව උදා වුනා.…

 

අපි තවත් චිත්‍රපටයක් බලන්නයි මේ සූදානම් වෙන්නේ. ඒක තමයි Ballerina

Ballerina 2023 ඔක්තෝම්බර් 5 වෙනිදා 28 වැනි බුසාන් ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේ  Korean Cinema Today – Special Premiere’ කොටසේ විශේෂ මංගල දර්ශනය තිරගත වුන අතර 2023 ඔක්තෝබර් 6 වෙනිදා ඉඳන් ගෝලීය වශයෙන් Netflix වලදී බලන්න අවස්ථාව උදා වුනා. දකුණු කොරියානු ක්‍රියාදාම ත්‍රාසජනක චිත්‍රපටයක් වෙන මේ නිර්මාණයට Lee Chung-hyun අධ්‍යක්ෂණයෙන් දායක වුන අතර Jeon Jong-seo, Kim Ji-hoon වගේම Park Yu-rim රංගනයෙන් දායක වුනා.

කතාව ගැන කියනව නම්,

Jang Ok-ju කියන්නෙ හිටපු ආරක්ෂක නිලධාරිනියක්. ඇයට අහම්බෙන් පාසල් මිතුරියක් වෙන Choi Min-hee ව ඇයගේ උපන්දිනය දවසේ හමුවුනාට පස්සේ මේ මිතුරියන් දෙන්නගෙ මිතුරුකම ආයෙත් අලුත් වෙනවා. දවසක් Min-hee ඇමතුමක් දීලා Jang Ok-ju ට කියනව ඇයව හමුවෙන්න එන්න කියලා. ඉතිං කාලෙකින් තමන්ගෙ මිතුරියව හමුවෙන්න සතුටින්  යන Jang Ok-ju ට දකින්න වෙන්නේ තමන්ගේ ගේ ඇතුලෙම දිවි තොරකරගෙන ඉන්න Min-hee වයි. සිද්ද වුන දේ හිතාගන්න බැරුව දුකින් ඉන්න  Ok-ju ට මිතුරිය තමන් වෙනුවෙන් තියල ගිය අන්තිම පණිවිඩය හම්බෙනවා. ඒක තමයි,

 

කරුණාකරල මම වෙනුවෙන් පළිගන්න!

මම හිතනවා ඔයාට ඒක කරන්න පුළුවන් කියලා. මම ඔයා එක්ක බීලා ගොඩක් විනෝද වුණා

 

මේ පණිවිඩය දකින Ok-ju බොහොම දුකෙන් වගේම තරහකින් එතනින් පිට වෙලා යන්නේ අධිෂ්ඨානයක් ඇතුව. ඒ තමයි තමන්ගෙ මිතුරියගෙ අන්තිම ඉල්ලීම ඉෂ්ට කරන එක. ඉතිං කතාව බලලා ඔයාලා දැනගන්න එයාට ඒක කරන්න පුලුවන් වෙයිද කියලා…..

හැමදාම වගේ අදත් උපසිරැසියෙ අඩුපාඩු කියාගෙන යන්න!!

 

 

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි NF WEBRip පිටපත් සඳහා පමණක් අදාළ වේ.

11,855 downloadsDownload Ballerina-2023.zip24 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2014-08-23
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

 

Subtitles by

කනිෂ්කා පෙරේරා

Subtitles

11,855 downloadsDownload Subtitles24 KB

9 comments

  1. Hiran Ganepalla

    උපසිරසියට බොහොම ස්තූතියි කනිශ්කා අක්කේ. ජය වේවා !

  2. Buddhika Lakmal

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට සිස්...☺☺♥♥

  3. lakshan

    thanks .................

  4. Anonymous

    Thanks sis

  5. Udara Damith

    එල

  6. Malith samarawickrama

    Thanks sub ekata

  7. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..

  8. Dewadithya

    Thanks for Sub!

  9. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P