මගේ හැත්තෑ වෙනි සිංහල උපසිරැසිය ලෙස මේ උපසිරැසි ගැන්වුයේ Reptile (2023) නම් අපරාධ පරීක්ෂණ ගණයේ ත්‍රාසජනක ඇමරිකානු චිත්‍රපටයටයි. මිනිත්තු 136ක ධාවන කාලයක් මුළුල්ලේ ත්‍රාසය, භීතිය සහ කුහුල දනවමින් මෙහි දිගහැරෙන්නේ මිනීමැරුමක තතු හෙළිදරව් කරගැනීමේ ප්‍රයත්නයක් ගැනයි. ටොම් නිකොලස් නම් අපරාධ පරීක්ෂකයා වි…

මගේ හැත්තෑ වෙනි සිංහල උපසිරැසිය ලෙස මේ උපසිරැසි ගැන්වුයේ Reptile (2023) නම් අපරාධ පරීක්ෂණ ගණයේ ත්‍රාසජනක ඇමරිකානු චිත්‍රපටයටයි. මිනිත්තු 136ක ධාවන කාලයක් මුළුල්ලේ ත්‍රාසය, භීතිය සහ කුහුල දනවමින් මෙහි දිගහැරෙන්නේ මිනීමැරුමක තතු හෙළිදරව් කරගැනීමේ ප්‍රයත්නයක් ගැනයි. ටොම් නිකොලස් නම් අපරාධ පරීක්ෂකයා විසින් ස්කාබරෝ නගරයේ දේපළ වෙළඳාම් තැරව්කාරියකගේ සාහසික ඝාතනයක අභිරහස හෙළිදරව් කිරීමේ උද්වේගකර ප්‍රයත්නයක නිරත වන ආකාරය මෙහි ගොඩ නගා තිබෙන අතර ඒ පරීක්ෂණයේ ඉදිරියට යත්ම තමා ගෙවන ජීවිතයේ සුන්දර මතුපිට යටින් දිවෙන බිහිසුණු යථාර්තයක් අනාවරණය කරගැනීම හා බැඳුණු කතාවක් මේ සිනමා පටයට පාදක වෙනවා. ග්‍රාන්ට් සිංගර් විසින් අධ්‍යක්ෂණය කළ Reptile හි තිර පිටපත එහි අධ්‍යක්ෂක ග්‍රාන්ට් සිංගර් ඔහුගේ සහයක රචකයන් වන බෙජමින් බ්රූවර් සහ බෙනිස්හියෝ ඩෙල් ටොරෝ සමඟ රචනා කර තිබෙනවා. IMDb හෙවත් අන්තර්ජාල සිනමා දත්ත සංචිතයේ 6.9/10 ක අගයක් ලබාගන්නට සමත් වෙනවා. ජනප්‍රිය ගායකයෙක්, ගීත රචකයෙක් සහ නළුවෙක් වන Justin Timberlake විසින් රංගනයෙන් දායක වන මේ සිනමා පටය දිගු කලකට පසු ඔහු රංගනයෙන් දායක වුණු හොඳම සිනමාපටයක් ලෙස රසික ජනාදරයට පාත්‍ර වන්නට සමත් වෙනවා. මීට අමතරව ජේම්ස් කැමරන්ගේ Titanic චිත්‍රපටයේ රෝස්ගේ මව වන රූත් බියුකේටර් ලෙසින් රංගනයෙන් දායක වුණු Frances Fisher ද මෙහි ප්‍රධාන චරිතයක් නිරූපණය කරනවා. 2023 සැප්තැම්බර් 07 වැනි දින ටොරොන්ටෝ ජාත්‍යන්තර සිනමා උළලේ මෙහි මංගල දර්ශනය පැවැත්වුණු අතර 2023 සැප්තැම්බර් 22 වැනි දින තෝරාගත් සිනමාහල්වල පමණක් තිරගත කිරීම ආරම්භ වුණා. අනතුරුව සැප්තැම්බර් 29 වැනිදා, Reptile නෙට්ෆ්ලික්ස් ඔස්සේ විකාශනය කෙරුණා.
චිත්‍රපටයේ කතාව දෙසට හැරෙන්නම්.මව් පිය උරුමයෙන් ධනවත් ව්‍යාපාරිකයෙක් වන විල් ග්‍රේඩි (Justin Timberlake) ස්කාබරෝහි දේපළ වෙළඳාම් ව්‍යාපාරිකයෙක් ලෙස කටයුතු කරනවා. ඔහු සමර් එල්ස්වික් (Matilda Lutz) නම්වන දේපළ වෙළඳාම් නියෝජිතවරියක් සමඟ විවහා වීමේ අපේක්ෂාවෙන් දිවි ගෙවමින් සිටිනවා. ඔවුන් දෙදෙනාගේ ආදරය සාමාන්‍ය එකකට වඩා හැලහැප්පීම් ගොඩක් මැද දිවෙන එකක් ලෙසයි පෙනී යන්නේ. විල් ග්‍රේඩි සහ පෙම්වතිය ඉදිරියට ගෙනයන පවුලේ ව්‍යාපාරයට ඔහුගේ මවගේ සක්‍රිය සහයද හිමිවනවා. විල්ගේ මව වන කැමිලි (Frances Fisher) විසින් සොයාගනු ලබන මිල අධික නිවෙස් ඔවුන්ගේ සමාගම විසින් මිලට ගැනීමෙන් අනතුරුව ඉහළ මිල ගණන් වලට විකිණීමයි ඔවුන්ගේ පවුලේ ව්‍යාපාරය. පෙරවරණය හෙවත් Foreclosure නම්වන ගෙවිය නොහැකි වුණු ණය යළි අයකරගැනීමේ ක්‍රියාවලියද එහිදී භාවිතා වෙනවා. එය ණයගැතියාගේ දේපළ වල හිමිකාරිත්වය ඔහුගෙන් ඉවත් කර එම දේපළ වලින් කොටසක් හෝ මුළුමනින්ම විකුණාදමා ණය හිමියා විසින් ණය අයකරගැනීමේ නෛතික ක්‍රියාවලියක්. දිනක් නිවසින් බැහැර රාජකාරියක් නිමා කර යළි නිවෙස බලා එන විල්ට දකින්නට ලැබෙන්නේ තම විවාහාපේක්ෂිත පෙම්වතිය තම නිවෙසේදීම කිසිවෙකු විසින් ඝාතනයට ලක්කර තිබෙන අන්දමයි. මේ සාහසික මිනීමැරුමේ අබිරහස හෙළිකරගැනීම පැවරෙන්නේ අපරාධ පරීක්ෂක ටොම් නිකොලස් (Benicio del Toro) ප්‍රමුඛ පොලිස් නිළධාරීන් කණ්ඩායමටයි. වෝහාරික සහ අනෙකුත් සාක්ෂි එකිනෙක ක්‍රමානුකුලව අධ්‍යයනය කරන ඔහු ඝාතකයා කොටු කරගැනීමේ ක්‍රියාවලියේ ඉදිරියට යනවා. මිනීමරුවා සමර් ගේ හිටපු සැමියා විය හැකිද? නැතිනම් ඇයගේ මළසිරුර මුල්වරට හොයාගත් විල් ග්‍රේඩිම විය හැකිද? කෙසේ වෙතත් අසල්වැසි කාන්තාවකගේ ඇසින් දුටු සක්ෂියකට අනුව මිනීමරුවා පැමිණ ඇත්තේ ක්‍රයිස්ලර් රථයකින්. එහෙත් ඇය ඔහුගේ මුහුණ දකින්නේ නැහැ. පැමිණි තැනැත්තා නොණ්ඩි ගසමින් ඇවිද යන්නෙක් බවයි ඇය දැක්කේ. සමර් එල්ස්වික් ස්කාබරෝ ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය වෙළෙන්දන් ගැන මත්ද්‍රව්‍ය නිවාරණ ඒකකයට පැමිණිලි කර තිබෙන බවට සාධක හමුවන නිසා ඇයගේ ඝාතනය මත්ද්‍රව්‍ය ජාවාරම හා බැඳුණු එකක් වීමේ හැකියාවද ඔවුන් සොයා බලනවා. මේ සියල්ල අතරේ අතර ටොම් ඔහුගේ හිතවතුන් සමඟ ගෙවන සාමාන්‍ය ජීවිතයේ කතාන්දරයද දිගහැරෙනවා. ටොම්ට අපරාධයේ සුලමුල සොයාගනීමට හැකිවේද? සමර් එල්ස්වික් ඝාතනයට හේතු වුණු කරුණු මොනවාද? අපරාධකරු අධිආරක්‍ෂිත මන්දිරයට ඇතුළු වුණේ කෙසේද? මුල සිට අගටම ත්‍රාසය සහ කුතුහලය දනවන අන්දමින් දිගහැරෙන මෙම සිනමාපටය ඔබට මේ ප්‍රශ්න වලට විසඳුම් ඉදිරිපත් කරාවි.
මෙම සිනමාපටයට දායක වන රංගන ශිල්පීන්
- Benicio del Toro රහස් පරීක්ෂක ටොම් නිකොලස් ලෙසින්
- Justin Timberlake විල් ග්‍රේඩි ලෙසින්
- Alicia Silverstone ජූඩි නිකොලස් ලෙසින්
- Michael Carmen Pitt ඊලායි ෆිලිප්ස් ලෙසින්
- Ato Essandoh ඩෑන් ක්ලියරි ලෙසින්
- Domenick Lombardozzi පොලිස් පරීක්ෂක විලියම් ලෙසින්
- Karl Glusman සෑම් ග්‍රිෆරඩ් ලෙසින්
- Matilda Lutz සමර් එල්ස්වික් ලෙසින්
- Mike Pniewski මාර්ටි ග්රූබර් ලෙසින්
- Thad Luckinbill පීටර් ලෙසින්
- Sky Ferreiraරෙනී ලෙසින්
- Owen Teague රූඩි රැකෝසී ලෙසින්
- Frances Fisher කැමිලි ග්‍රේඩි ලෙසින්
- Eric Bogosian කපිතාන් රොබට් ඇලන් ලෙසින්
- Catherine Dyer ඩීනා ඇලන් ලෙසින්
- Michael Beasley වික්ටර් ලෙසින්
- James Devoti බෙනට් රසොල්ෆ් ලෙසින්
එසේනම් අලුතෙන්ම නිකුත් වුණු Reptile සිනමාපටය උණු උණුවෙම සිංහල උපසිරැසි සහිතව රස විඳීමට දැන් ඔබට හැකියාව තිබෙනවා. මෙහි උපසිරැසි ගන්වා ඇත්තේ Reptile.2023.720p.WEBRip.x264.AAC-[YTS.MX] පිටපතටයි. නැවතත් සිංහල උපසිරසියකින් හමුවන තුරු ඔබ සැමට ආයුබෝවන්! තෙරුවන් සරණයි!
Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසිය WEBRIP පිටපත සඳහා ලබා දී ඇත.
11,008 downloadsDownload Reptile.2023.zip54 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රබුද්ධ කේසර විතානගේ” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2016-02-26
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ප්‍රබුද්ධ කේසර විතානගේ
Subtitles
13 comments
Anonymous
vilana
supiri
Asanga kb
supiri film ekak wage.. thank you sub ekata..
Buddhika Lakmal
සුපිරියක් වගේ....
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥Sahan Gayantha
thank a lot saho sub ekata
Aravinda
සිංහල උපසිරස ලබා දුන්නාට බොහොම ස්තූතියි
Rasindu
Good Movie. watched without subtitles before. but, here we go...
අරවින්ද
බොහොම ස්තුතියි
Anonymous
Thanks bro...
Viraj
Thanks
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..Damith niwanthaka Ranasingha
Thanks bro. Jaya wewa....!!!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Reptile (2023) Sinhala Subtitles | විට්කොම්බ් මන්දිරයේ මිනීමැරුම… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2023/10/Reptile-2023-a.jpg)

Thank you for the sub
Request:
Sound of Freedom(2023)