බයිස්කෝප් සිංහලෙන් අඩවිය එක්ක එක් වෙලා අවුරුද්දක් නිමිත්තෙන් තවත් චිත්‍රපටක් ගෙනාවා. මම උපසිරස වැඩියෙන්ම දැනට කරලා තියෙන්නේ ඇනිමේෂන්නෙ. ඒ නිසා අද දිනටත් ඇනිමේෂන් එකක් නොගෙනාවොත් අඩුවක් වගේ දැනුණා. ඉතින් ඒ නිසා ඔන්න ඇනිමේෂන් එකකුත් ගෙනාවා. මුලින්ම කියන්න ඕණෙ, අද එන අළුත් ඇනිමේෂන්වලට වඩා ලොකු වෙනසක්…

බයිස්කෝප් සිංහලෙන් අඩවිය එක්ක එක් වෙලා අවුරුද්දක් නිමිත්තෙන් තවත් චිත්‍රපටක් ගෙනාවා. මම උපසිරස වැඩියෙන්ම දැනට කරලා තියෙන්නේ ඇනිමේෂන්නෙ. ඒ නිසා අද දිනටත් ඇනිමේෂන් එකක් නොගෙනාවොත් අඩුවක් වගේ දැනුණා. ඉතින් ඒ නිසා ඔන්න ඇනිමේෂන් එකකුත් ගෙනාවා.
මුලින්ම කියන්න ඕණෙ, අද එන අළුත් ඇනිමේෂන්වලට වඩා ලොකු වෙනසක් තියෙනවා. මමත් මේක නොබල හිටිය චිත්‍රපටක්. ඒ වුණත් බැලුවට පස්සෙ තමයි උපසිරසත් කරන්න ආසාව ආවේ. ඒ තරම් අමුතුම ලස්සනක්, ආදර්ශමත්බවක් තියෙනවා. පොඩි අය විතරක් නෙමෙයි ලොකු අයත් ගොඩක් කැමති වෙයි මේක බලන්න. ඉතින් ආරාධනා කරනවා මේක බලන්න කියලා.
චිත්‍රපටය පැත්තට හැරුණොත් අධ්‍යක්ෂණය කර තිබෙන්නේ James Algar, Samuel Armstrong, David Hand, Graham Heid, Bill Roberts, Paul Satterfield සහ Norman Wright කියන හත් දෙනා විසිනුයි. අධ්‍යක්ෂකවරුන් හත් දෙනෙක්ගෙන් අධ්‍යක්ෂණය වුණු චිත්‍රපටයක් (හිතාගන්න පුළුවන් නෙ කොහොම ඇතිද කියලා චිත්‍රපටය) ඒ විතරක්ම නෙමෙයි IMDb 7.4ක් ගත්ත මේ චිත්‍රපටයෙ නම Oscar 3කටම නිර්දේශ වෙලා තියෙනවා. ඒ වගේම තව සම්මාන ජයග්‍රහන 4කුත්, තවත් නාම යෝජනා එකකුත් තියෙනවා. මේ කිව්ව ටික චිත්‍රපටය ගැන අදහසක් ගන්න හොඳටම ඇති කියලා හිතනවා.
කතාව මෙහෙමයි, කතාව පටන්ගන්නෙ බැම්බි ඉපදෙනව එක්කමයි. ඉතින් බැම්බි ඉගෙනගන්නවා කැළේට හුරු වෙන්නේ කොහොමද කියලා. කෙළින් හිටගන්නේ කොහොමද කියල පවා මෙයා යාළුවන්ගෙන් ඉගෙනගන්නවා. යාළුවෝ කොච්චර වටිනවද කියලා බලාගන්න පුළුවන්. ඉතින් බැම්බි කුමාරයාත් ටිකෙන් ටික ලොකු වෙනවා. මේ කාලෙදී යම් අනතුරක් වීම නිසා එයා තනියම වැඩ කරගන්න, අධිෂ්ඨානයකින් වැඩකරන්න ඉගෙනගන්න වෙනවා. සිද්ධ වෙච්ච අනතුර මොකක්ද? ඇයි එයාට තනියම වැඩ කරන්න ඉගෙනගන්න වෙන්නෙ? මොකක්ද මේ අධිෂ්ඨානය? බැම්බි කුමරුන් සාර්ථක වෙයිද? ජීවිතය ජයගන්න පුළුවන් වෙයිද කියල දැනගන්න කතාව බලන්න.
අවසාන වශයෙන්, අපේ සහෝදර ඇඩ්මින්වරුන්ට විශේෂයෙන් මේ අවස්ථාවේ මම ස්තුතිවන්ත වෙනවා අද මා එවූ උපසිරස 3ම පළ කිරීම සම්බන්ධව…
එහෙනම් ඉතින් කමෙන්ට් එකක් දාලා යන අයව ගොඩක් අගය කරනවා… තවත් උපසිරසකින් හමුවෙමු…
ජය…
“If you can’t say something nice, don’t say nothing at all.” 😀
550 MB (720p.BR) කොපිය මෙතනින් බාගන්න
46CA6D2A2BB74B56D0930E7453DD720F87BEB395 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
1,414 downloadsDownload Bambi-1942.zip19 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/L.C-De-Mal.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “එල්.සී.දමැල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
එල්. සී. දමැල්
Subtitles
16 comments
Kulanjana Maduranga
thisal
tnxxxxxxxxxxxxxxxxx
අහංකාර සමනළයා
නියමයි මචන්. මං හොය හොය හිටපු බයිස්කෝප් එකක්.. තැන්ක්ස් මචෝ... ඔන්න මං නං බෑව..
Sanath Perera
thanks for sub bro...
Chami.S
Thanks....
DLAkantha
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!රොයිලි
බොහොම ස්තූතියි මැල් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
...ලෝක හොරා....
...ලෝක හොරා....
නියමල් මැලෝ හිටන්…..
දිගටම සබ් දෙමු හිටන්…
අනිව බැලිල්ලක් තමයි හිටන්..
ඔන්න බාන්න දැම්මා හිටන්…..
මැෂිමක් වෙලානෙ කොල්ලා..░░███████
░░█▒▒▒▒▒▒█
░░░█▒▒▒▒▒▒█
░░░░█▒▒▒▒▒█
░░░░░█▒▒▒█
░░░█████████████
░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒███████████
█▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░█▒▒▒███████████
░██▒▒▒▒▒▒▒▒▒▒████
░░████████████හසන්ත මාලිංග
උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ...
ලස්සන කතාවක්
ජය වේවා :Dනලින් පෙරේරා
බොහොම ස්තූතියි මැල් සහෝ සිංහල උපසිරැසියට. පුළුවන් නම් මෙකේ 2 වෙනි කොටසට Bambi II (2006) සබ් කරන්නකෝ. ජය වේවා෴
Johnson
Thanks mchn. meka 1942 wage godak parana unata lassana kathawak
Ras
thanks for sub
නිලන්ත [Rumesh Nilantha Jayaweera]
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴
Ishan Madusha
ස්තුතියි සහෝ
Saranga J. Liyanagama
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි...!!!!
ජයවේවාThisara Prabhath Senarathne
Thnks broh
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

niayamai…thanks LC saho..sub ekata..digatama sub demu.jaya wewa……