Watch Trailer

The Black Stallion (1979) with Sinhala Subtitles|කළු අශ්වයා: උත්සාහය හා අධිෂ්ඨානය… [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද ඉතින්! දන්නවනේ, මම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය එක්ක එකතු වෙලා දැන් හරියටම අවුරුද්දක් වෙනවා. ඉතින් ඔන්න තවත් චිත්‍රපටයකට සිංහල උපසිරස අරගෙන ආවා. හරි සලරුව දෙසට හැරුනොත් මේ තමයි The Black Stallion. නිකුත් වුණේ 1979 වසරේ ඔක්තෝබර් 17. ටිකක් පරණ වුණත් මේ සලරුව දෙන්න හිතුවේ “උත්සහවන්තයා ජය ගනියි…

කොහොමද ඉතින්! දන්නවනේ, මම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය එක්ක එකතු වෙලා දැන් හරියටම අවුරුද්දක් වෙනවා. ඉතින් ඔන්න තවත් චිත්‍රපටයකට සිංහල උපසිරස අරගෙන ආවා.

හරි සලරුව දෙසට හැරුනොත් මේ තමයි The Black Stallion. නිකුත් වුණේ 1979 වසරේ ඔක්තෝබර් 17. ටිකක් පරණ වුණත් මේ සලරුව දෙන්න හිතුවේ “උත්සහවන්තයා ජය ගනියි” කියන එක මේකෙදී හොඳටම පැහැදිලි කරල ලොකු ආදර්ශයක් ලොකු පොඩි කාටත් ලබා දීම නිසයි. Walter Farley ගෙ නවකතාවක් වන මෙය Adventure, Family, Sport කියන වර්ගීකරණයට අයත් වෙනවා. Carroll Ballard අධ්‍යක්ෂණයෙන්ද, Melissa Mathison, Jeanne Rosenberg සහ William D. Wittliff කතාව රචනයෙන්ද දායක වෙලා තියෙනවා. ඇලෙක්සැන්ඩර් රැම්සි ලෙස Kelly Reno ද හෙන්රි ඩේලි ලෙස Mickey Rooney ද ඇලෙක්ගේ මව ලෙස Teri Garr ද ඇලෙක්ගේ පියා ලෙස Hoyt Axton ද රංගනයෙන් දායක වෙලා තියෙනවා.

කතාව පැත්තට හැරුණොත් මෙහෙමයි, ඇලෙක් රැම්සි කියන්නෙ සාමාන්‍ය ළමයෙක්. එයා එයාගෙ තාත්තා එක්ක නැවක සංචාරයක් යන අතරතුරේදී තමයි එයාගේ ජීවිතේ ලොකුම හැරවුම් ලක්ෂයක් සිද්ධ වෙන්නෙ. දවසක ඇලෙක්ට එක නැව් කුටියක ඉන්න කළු අශ්වයෙක්ව හමු වෙනවා. ඇලෙක් සමත් වෙනවා මේ අශ්වයගෙ හිත දිනාගන්න. මේ අශ්වයා නිකංම නිකං අශ්වයෙක් නෙමෙයි අරාබියේ අභිරහස් අශ්වයෙක්. මේ දේවල් හැම එකකින්ම පසුව නැවේ අනතුරක් වෙනවා. ඇලෙක්ගේ පියා මේ අනතුරින් මිය ගියත් ඔහු ගෙ ජීවිතය අශ්වයා නිසා බේරෙනවා. කොහොම නමුත් පසුව හොඳම යාළුවො වන මොවුන් ඇලෙක්ට බ්ලැක්වත් බ්ලැක් ඇලෙක්වත් නැතිව බැරි තත්වයක් උදා වෙනවා. පසුව බ්ලැක් අතුරුදහන් වෙනවා. ඉතින් බ්ලැක්ව හොයාගන්න පුළුවන් වෙයිද කියල බලන්නකො! ඇලෙක් හොයාගෙන යද්දි හෙන්රි ඩේලි කියන හිටපු රේස් පුහුණුකරුවෙක්ව හමුවෙනවා. ඇලෙක්ගෙ හිතෙත් අශ්ව රේස් එකක් යන්න ආශාවක් තියෙනවා. ඒ ලෝකෙ වේගවත්ම අශ්වයන් එක්ක. හැබැයි ඔහුගෙ මවනම් එයට විරුද්ධයි. ඉතින් ඒ හීනේත් සැබෑ වෙයිද? කතාව මොන විදිහට සිද්ධ වෙයිද? කියලා කතාව අරගෙනම බලන්නකෝ…

මොන දේ සිද්ධ වුණත් අවසානයෙදි කියන්න තියෙන්නෙ උත්සහවන්තයා ජය ගන්නවා. අසමත් වීම්, ප්‍රශ්ණ සහ අභිගෝග එයි. නමුත් වටින්නේ උත්සහයයි. ඒ වගේම විශ්වාසයත් වැදගත්.

එහෙනම් ඉතින් කමෙන්ට් එකක් දාලා යන අයව ගොඩක් අගය කරනවා. තවත් උපසිරසකින් හමුවෙමු. ජය…

The Black Stallion (1979) on IMDb

 

 

1.85 GB (1080p.BRRip) කොපිය මෙතනින් බාගන්න

a8b712a6eca12f873da01e4301ebf1ac3447b791 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

1,043 downloadsDownload The.Black_.Stallion.1979.baiscopelk.zip48 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/L.C-De-Mal.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “එල්.සී.දමැල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

1,043 downloadsDownload Subtitles48 KB

14 comments

  1. Dinidu Ruwanara

    එලම සහො සබට ටෑන්ක්ස්

    තව දෙමු

  2. Kulanjana Maduranga

    niayamai…thanks LC saho..sub ekata..digatama sub demu.jaya wewa……

  3. Dulanga

    Thanks

  4. Withanage Priyantha Dayakeerthi

    මම පැරණි චිත්‍රපට බලන්න ආසයි, ඒවායේ කලාත්මක රසයක් තියෙනවා. මෙයට උපසිරසි ලබා දුන්නාට ස්තූතියි!

  5. Haritha Dayanga

    තෑන්ක්ස් සහෝ

  6. DLAkantha

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  7. රොයිලි

    බොහොම ස්තූතියි මැල් සහෝ සිංහල උපසිරැසියට. සමාවෙන්න ඕනා මේ ෆිල්ම් 3 දෙන්න පරක්කු වුණාට. ජය෴෴ :P :P

  8. Ravin

    Thanks for the sub

  9. ...ලෝක හොරා....

    ...ලෝක හොරා....
    නියමල් මැලෝ හිටන්…..
    දිගටම සබ් දෙමු හිටන්…
    අනිව බැලිල්ලක් තමයි හිටන්..
    ඔන්න බාන්න දැම්මා හිටන්…..
    සමාවෙයන්.. පරක්කු වුණාට.. වැඩ ගොඩක හිටියෙ හිටන්...

    ░░███████
    ░░█▒▒▒▒▒▒█
    ░░░█▒▒▒▒▒▒█
    ░░░░█▒▒▒▒▒█
    ░░░░░█▒▒▒█
    ░░░█████████████
    ░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒███████████
    █▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░█▒▒▒███████████
    ░██▒▒▒▒▒▒▒▒▒▒████
    ░░████████████

  10. නලින් පෙරේරා

    බොහොම ස්තූතියි මැල් සහෝ සිංහල උපසිරැසියට. ජය වේවා෴

  11. Prasad Kandamulla

    සබ්''''''එකට බොහොම ස්තුතියි...සහෝ.'''''''''''

  12. Udara Damith B/K

    ░░███████
    ░░█▒▒▒▒▒▒█
    ░░░█▒▒▒▒▒▒█
    ░░░░█▒▒▒▒▒█
    ░░░░░█▒▒▒█
    ░░░█████████████
    ░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒███████████
    █▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░█▒▒▒███████████
    ░██▒▒▒▒▒▒▒▒▒▒████
    ░░████████████

  13. wiki

    Thanks

  14. Thisara Prabhath Senarathne

    Thanks bro

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.