හැමදාම වගේ අපිට බලන්න ලැබෙන්නෙ එකම විදියෙ ආදර කතානෙ. ඒව බලලම දැන් ඔයාලට එපා වෙලත් ඇති. ඉඩෝරයට මහ වැස්සක් ඇද හැලෙනව වගේ අද මම ඔයලට අරන් ආව හිංදි සිනමාවෙ මෑතකදී බිහිවුනු, ආදරය, සිනහව සහ කඳුළ කැටි වුනු ලස්සන චිත්‍රපටයක්. IMDbහි ලකුණු 8.7/10 ක ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් මේකට ලැබිල තියනව. අධ්‍යක්ෂණය කරල තිය…

හැමදාම වගේ අපිට බලන්න ලැබෙන්නෙ එකම විදියෙ ආදර කතානෙ. ඒව බලලම දැන් ඔයාලට එපා වෙලත් ඇති. ඉඩෝරයට මහ වැස්සක් ඇද හැලෙනව වගේ අද මම ඔයලට අරන් ආව හිංදි සිනමාවෙ මෑතකදී බිහිවුනු, ආදරය, සිනහව සහ කඳුළ කැටි වුනු ලස්සන චිත්‍රපටයක්. IMDbහි ලකුණු 8.7/10 ක ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් මේකට ලැබිල තියනව. අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ අනුරාග් බාසු විසින්, රන්බීර් කපූර්, ප්‍රියන්කා චොප්රා, රූපාලි ගංගුලි සහ ඉලේනා යන නලු නිලියන් රඟපෑමේ නිරත වෙනව.
ආදරය කියන්නෙ සාමාන්‍ය මිනිසුන් අතර පමණක් ඇතිවන දෙයක් නෙමෙයි. ඒකට බලපාන්නෙ හිතේ ඇතිවන හැගීම සහ හොඳ හදවතක් විතරයි. ඒ දේ තමයි මේ චිත්‍රපටයෙන් පෙන්වන්න උත්සාහ කරල තියෙන්නෙ. බර්ෆි, ජිල්මිල්, ශෲති කියන මේ තුන්දෙනා අතර තමයි මේ තුන්කොන් ප්‍රේමය දිග හැරෙන්නෙ. ජිල්මිල් කියන්නෙ ඔස්ටිම් කියන රෝගයෙන් පෙලෙන කෙනෙක්, එයාට මොලයේ සහ සන්නිවේදනයේ ආබාධයක් තියනව. බර්ෆිගෙ කන් ඇහෙන්නෑ, කතා කරන්න බෑ. ඒත් ශෲති එහෙම නෑ. එයා සාමාන්‍ය කෙනෙක්. ජිල්මිල් තමයි පුංචි කාලෙ ඉඳන් බර්ෆිගෙ යාලුව. බර්ෆිට ශෲති හමුවෙන කොට ශෲති විවාහ ගිවිසගෙන ඉන්න කෙනෙක්. ඉතින් ඔයාලම බලන්නකො ඒක මෙයාල අතරෙ ආදරයක් ඇති වෙන්න බාධාවක් වෙයිද? සන්නිවේදන දුර්වලතා තිබුනත් එයාලගෙ හදවත් වලට ආදරේ
දැනෙන්නෙ කොයි විදියටද? මේ තුන්කොන් ප්‍රේමයේ අවසානය කෙසේ සනිටුහන් වෙයිද කියල. හැමදාම ගහ ගන්න, මරාගන්න, වෙඩි තියාගන්න ෆිල්ම් බලන එකේ නරකද වෙනසකටත් එක්ක මේ වගේ හරවත්, ජීවිතයට යමක් එකතු කර ගන්න පුලුවන් විදියෙ ච්ත්‍රපටියකුත් බැලුවොත්.
මේ ෆිල්ම් එකේ රසය ඔයාලට හරියටම දෙන්න ඕනෙ නිසා මම මේකට සබ් දැම්මෙ ඉංග්‍රීසි සබ් එකටම නෙමෙයි. මොකද ඉංග්‍රීසි සබ් එකේ හුඟක් වෙලාවට තියෙන්නෙ හිංදි තේරුමම නෙමෙයි. ඒ නිසා ෆිල්ම් එක බල බල හිංදි තේරුමට හුඟක් සමීප වෙන විදියට තමයි සබ් එක දැම්මෙ. අනිත් ෆිල්ම් වලට සබ් දාන්නෙත් එහෙම තමයි. මොකද මම හැමවිටම උත්සහ කරන්නෙ ගුණාත්මක බවින් වැඩි නිර්මාණයක් ඔයාලට ගෙනැත් දෙන්න. මොකද අපි සබ් දාපු ෆිල්ම් එකක් අපිම ආයෙත් බලද්දි අපිට ඒකෙ අඩුපාඩු තියන බව දැනෙනව නම් ඒක ඒ නිර්මාණයට කරන ලොකු අගෞරවයක්. ඒවගේම ඒව රසවිඳින ඔයාලට කරන ලොකු අසාදාරණයක්. මොකද ඔයාල බයිස්කෝප් එකත් එක්ක එකතු වෙලා ඉන්නෙ ඒ ගැන විශ්වාසයක් ඇතුවනෙ. අඩුපාඩු තියෙන්න බැරි නැහැ. මොකද කවුරුත් සර්ව සම්පූර්ණ නෑනෙ. ඒත් ඒව අවම කරගෙන සාර්ථක නිර්මාණයක් ඔයාලගෙ අතට පත් කිරීම තමයි අපේ යුතුකම වෙන්න ඕනෙ. ඒ නිසා ෆිල්ම් එක බලල ඉවර වෙලා ඔයාල අදහසකුත් ලියල යන්න. ඒක ලොකු ශක්තියක් වෙයි ඉදිරි නිර්මාණ වලට. එහෙනම් තවත් සොඳුරු සිනමා සිතුවමක් සමඟින් හමුවන බලාපොරොත්තුවෙන් මම සමු ගන්නවා. හැමෝටම ජය වේවා෴
චිත්‍රපටිය යන විට ආදරය සහ
ප්‍රීතිය පතුරවන්න සෑම දෙනා අතරම.
ඒත් ඔබේ කකුල් ඕනවට වඩා
ඈත් කරන් ඉන්න එපා.
ඔබේ හදවත සහ කඳුල ක්‍රියාත්මක කර තබා ගන්න…
ඒත් මොබයිල් ෆෝනුයි ළමයින්ගෙ සද්දෙයි
ක්‍රියා විරහිත කර තබා ගන්න
අද කාලෙ ආදරේ කොයි වගේද…
විනාඩි දෙකේ නූඩ්ල්ස් වගේ..
බඩට වැටුනු ගමන් ඉවර වෙනව.
ෆේස්බුක් එකෙන් පටන් අරන්…
කාර් එකේ පස්සෙ සීට් එකේ ගත කරල…
උසාවියෙන් ඉවර වෙනව.
මේ කියන්න යන්නෙ සත්‍ය වෙනස්ම ආදර කතාවක්.
දේදුනු සහ හීන වලින් පිරුණු ආදරයක්…
එය ආත්මාර්ථකාමී ආදරයක් නෙමෙයි…
අපිරිසිඳු ආදරයක්ද නෙමෙයි.
හද කිති කැවෙන කැවෙන ආදරයක්.
චිත්‍රපටිය පටන් ගන්න හදන්නෙ…

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි DVDRip පිටපත් සඳහා අදාළ වේ.
18,987 downloadsDownload Barfi2012.Baiscopelk.zip23 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads//2013/09/දිදුල-Kd-සිල්වා.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිදුල KD සිල්වා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2011-11-30
Subtitles by
දිදුල Kd
Subtitles
119 comments
අශේන් වොකර්
nimesha
thank you very much for the subs.
please bring us more films as barfi.
I enjoyed the film with your subs.
i encourage you to do more and more subs for great films
පහන් තාරක
ඊයෙ බෑව අද සබ් එක දීල මල් 7යි ස්තූතියි :)
uda
උපරිමයි සහෝ...
අපි සහශුද්දෙන්ම දන්නවා මේකේ සබ් දෙන අය; කරන දේ හරියට කරන අය බව!
ඒක නිසා මේකෙ දෙන සබ් ගැන කිසි සැකයක් නෑ අපට.දිදුල කියන්නේ සබ් මැෂිමක් ද කොහේදෝ නේද? :P
තැකු තැංකු මේකටත්!
ජය!| D i N 3 s H | දිනේෂ් ගමගේ
අඩේ මේක දීලා.. නියමයි දිදුල.. ඔයානම් සුපිරි වැඩ්ඩෙක්. කියල වැඩක් නෑ.. ජය වේවා..
hhk
Oyage sub maxxa
chamara
Ela ela maxxxaaaam maxxa machan
නලින්
දිදුල සහෝගේ ලිපිය නම් සුපිරි..එළ..
ඔන්න මමත් සබ ගන්නවා..හේවා ලුණුවිලගේ (ආසිරි)
පට්ටයි machan එලටම ඇති ලිපිය දක්ක්මම තේරෙනවා එක......ලොවෙත් බලනවා.....
damith
aniwa machan hemita wadey karahan...api innawa debakam..jaya
gihan
සබ් එකක් මවන් කරන්න ඕනෙ හොදට.ඔයාගෙ සබ් බලුවම තේරෙනවා හොද්ට කරන බව.
jack
niyamai machan patta kathawak wage unu unuwema dunnata godak sthuthiyi macho
yOung gUnz
thakoooooooooooooo
Ishan Gihantha
thanks machan .....
ChamS
Nice Work.Thanks.
& Happy Deepawalikdn
jaya wewa
දිනිඳු සම්පත්
elazz, මේක ගන්න ඕන කියලා උදේ හිතුවා විතරයි. මෙන්න බොලේ සිංහල සබ් එක්කම දීලා. බොහොම ස්තූතියි යාළුවා. ජයවේවා!
me
Thanks
මේලක ලමල්
බොහොම ස්තූතියි යාළුවා මේකට සබ් එක දුන්න එකට බලන්නම උන්න එකක්.
ඒ ඔක්කොටම වඩා සහෝ උඹේ මේකට දාලා තියෙන ලිපිය දැක්කහම තව තවත් බලන්න ආස හිතෙනවා මචෝ...මේ බයිස්කොප් එකට බොහොම ස්තූතියි මචෝ!!!!!!“චූටී මල්ලි”
pattane KD
Menu1024
Thank uuu bro :)
dilan
thanks bro
kk
මොනා උනත් maxxa වදන් ටික.....lol
sanju lakshan
thanks
ns
thanx....
Deshantha
Thanks machanla....me wade digatama karagenna yanna uparima shakthiya labewa kiyala mama hadawathinma prarthana karanawa...mama me site eke daapu 2012 release wuna serama wage films tika baawa...me baanne 43 weni eka....oyalata godak pin me karana wadeta....
Dishan
Adama Balanawa Meka maha Re Hari Jaya Weva..
was
දැන් මේ දවස් වල අනම් මචං හවස නෙට් එන්න තියා හිතන්නත බෑ අකුණු ගහනවා හිටු කියලා....ඔන්න දැන් මේ පැත්තේ එන්න උනේ..පට්ට වැඩක් ජයම වේවා
ccnp
jaya wewa Thanksz
lasidu
ලොවෙත් නෑ මචං ඊයේ වැස්ස නිසා එන්න විදියක් උනේ..නෑ ජය වේවා සුපිරි ඔයාගේ සබ්
quik
Thanks
rusuru | රුසිරු
මචං හවස් වරුවේ නම් දෙනවා නැතිවෙන්න ඒක නිසා පුළුවන් නම් උදේ වරුවේ විතරක් දෙන්න..නැත්තම් වැඩක් නෑ
සබ් ඒකට බොහොම පින්
chamath cafe
පට්ට මචං ඇත්ත බන් හවස නම් 1 ට කලින් වත් දෙන එකක් දියල්ල..නැත්තම් නෙට් තියා කොම් එක ඔන් කරනවත් බොරු.
පට්ට ෆිල්ම් එකක් සබ් වලට බොහෝ පින්
Sam K.
මචන්, මේක මොකක්ද කොපිය ? Dvdrip ot Brrip ?
elakiri
එලම කිරි හොදේ මැක්සා
Dilan
bohoma sthuthi, saho.. ahenam tawa thawath sub denna shakthiya labewa.
jayawewa..!!!wow
wow .... ela
Park
Thanks Machan.
hh
ThnxQ
කැළුම්
එල මචං පට්ටම එකක් සබ් එකක් අනිවා ඇත්තටම හොදම් තේරුම තියෙන්න ඕනේ.අඩු පාඩු අඩුකරගෙන දෙන එක නම් හොද වැඩක්... :)
chamila
Light off kala...
Prasanna Jayasinghe
patta description ekak..... sub ekata thanks
එරංග
එල සහෝ :)
Eranda
මචන් 'ඉලේනා' නෙමේයි මචන් මම දන්න විදිහට එයා "ඉලියානා ඩිකෲස්"
Chamara Nadeeshan
maxxa machan...niyamai.....
chathuwa
onna ehenam mamath bawa..........thanks
කැලුම් ගුණසේකර
එළ එළ දිදුල. හැමදාම මරාගන්න ඒවා බලන එකේ ඉදලා හිටලා මෙහෙම එකක් බැලුවට අවුලක් නෑනේ? නියමයි සහෝ.
harsha
onna banawoooo....elama thama
යසිරු මධුක
අනිවා බලනවා. ස්තුතියි හොදේ.
mudiya / මුදියා
සුපිරියි මචං දිදුල වැඩේ.ඔයාගෙ ලිපියත් මරුම තමයි.කොහොමත් උඹේ සබ් කියලා වැඩක් නෑ පට්ට.දිගටම සබ් දෙන්න පුළුවන් වේවා.ජයවේවා.බොහෝ..................ම ස්තූතියි...!
DAMER
එළ එළ… 8)
සිoහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මචන්.. :)
දිගටම ෆිල්ම්ස් වලට සිoහල සබ් දාන්න.. :D
ජයවේවා කිවුවා හැමෝටම..! 👍
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
patta thx kiwwa saho sub ekata