Watch Trailer

Brake (2012) Sinhala Subtitles | සතුරා, සැමදා සතුරෙක්මය [සිංහල උපසිරැසි සමඟ]

ජෙරමි රෙයින්ස් නිව් යෝර්ක් නගරයට සාමාන්‍යයෙන් එන්නේ සූදු කෙලින්න. එහෙම සූදුවට ගිහින් මෝර්ගන් කියන පුද්ගලයාට ණයත් වෙනවා. හැබැයි මේදා පාර නම් නිව්යෝර්ක් වලට ආවේ එහෙම දෙයකට නෙමේ. මොර්ගන්ට තියෙන ණය ගෙවල දාලා සූදුව නිසාම දෙදරමින් තියෙන තමන්ගේ විවාහ දිවිය නැවත හරිගස්සගෙන… තමන්ගේ ආදරණිය බිරිද මොලිට හොද ස්…

ජෙරමි රෙයින්ස් නිව් යෝර්ක් නගරයට සාමාන්‍යයෙන් එන්නේ සූදු කෙලින්න. එහෙම සූදුවට ගිහින් මෝර්ගන් කියන පුද්ගලයාට ණයත් වෙනවා. හැබැයි මේදා පාර නම් නිව්යෝර්ක් වලට ආවේ එහෙම දෙයකට නෙමේ. මොර්ගන්ට තියෙන ණය ගෙවල දාලා සූදුව නිසාම දෙදරමින් තියෙන තමන්ගේ විවාහ දිවිය නැවත හරිගස්සගෙන… තමන්ගේ ආදරණිය බිරිද මොලිට හොද ස්වාමිපුරුෂයෙක් වෙන්න. අනාගතය හොදින්, සතුටින් ලස්සනට ගතකරන්න. රෙයින්ස් ඔහොම අනාගතය ගැන දහසක් දේවල් හිතේ මවාගෙන අපනශාලවකින් හොදට සප්පායම් වෙලා එයින් එලියට එනවා.

මත් ගතිය නිසාම ඔහුට එතනින් එහාට කිසි දෙයක් මතක නැහැ. ඔහු නැවත සිහිය ලබන්නේ කළුවර, ඝනකම් විදුරු වලින් හදපු පෙට්ටියක් තුල. ඔහු දකින එකම දේ ඩිජිටල් ඔරලෝසුවක් වගේ දෙයක්… තප්පරෙන් තප්පරේ වෙලාව අඩුවෙමින් ඔහුට ඉහලින් ක්‍රියාත්මක වෙනවා…සාමාන්‍ය පුද්ගලයෙක්ට නම් මෙහෙම කලා කියලා කාටවත් වැඩක් නැති වෙයි. එත් ඇමෙරිකාවේ ජාතික රහස් සංවිධානයේ විශේෂ නියෝජිතයෙක්ව හිරකරල ඔහුගෙන් ලබාගන්න පුළුවන් රහස් කොතරම් තිබේවිද… විශේෂ නියෝජිත ජෙරමි රෙයින්ස් කියන අපේ කතා නායකයාව විදුරු පෙට්ටියක හිරකරලා, ත්‍රස්තවාදී කණ්ඩායමක් උත්සහ කරන්නෙත් ඒ වගේ ඉතාමත් වැදගත්, ඇමරිකානු ජනාධිපතිගේ ජිවිතයට තර්ජනයක් එල්ල කරන්න පුළුවන් රහසක් ගැන. ධාවනය වෙමින් තිබෙන කාර් එකක ඩිකියක විදුරු පෙට්ටියක හිර වෙලා, ඉන්න තැනක්, යන තැනක් ගැන නොදන්නා, කොටින්ම එළියේ මොනවා වෙනවද කියලා කිසිම දෙයක් ගැන නොදන්නා…. කොටින්ම, තමන්ව මෙහෙම පැහැරගෙන වද දෙන්නේ කවුරුන්ද කියලවත් නොදන්නා මේ රහස් අංශයේ නියෝජිතයාට ජීවිතය බේරගන්න පුළුවන් එකම ක්‍රමය, ඉල්ලන දෙයක් දීලා පණ බේරගන්න ඒක විතරයි. එත් ඔවුන් ඉල්ලන්නේ එසේ මෙසේ දෙයක්ද… හදීසි ආරක්ෂක තත්වයකදී හෝ සතුරු ප්‍රහාරයකදී ජනාධිපති සහ ඔහුගේ පවුලේ අයත්, ඉහල ආරක්ෂක නිලධාරීන් සියලු දෙනාත් ආරක්ෂාව පිණිස සැගවෙන අධි ආරක්‍ෂිත “රූලේට්” නමින් හදුන්වන බංකර පද්ධතියක පිහිටීම පිළිබද විස්තර. මේ විස්තර දුන්නොත් ඇමෙරිකාවේ ජනාධිපති ඇතුළු ප්‍රධානින් ගණනාවකම ජිවිත අනතුරේ, නොදුන්නොත් තමාගේ ජිවිතේ අනතුරේ… සමහර විට තම ආදරණිය බිරිදගෙත්..

මම මෙච්චර වෙලා කිව්වේ 2012 වසරේ නිකුත් වූ අලුත්ම සිනමා නිර්මාණයක් ගැන. Gabe Torres නම් ඇමෙරිකානු සිනමා අධ්‍යක්ෂක විසින් නිර්මාණය කෙරුණු මෙම නිර්මාණයට Stephen Dorff, Chyler Leigh සහ JR Bourne යන ශිල්පීන් සහභාගී වෙනවා. මෙම නිර්මාණයේ කැපී පෙනෙන දෙයක් විදිහට රංගන ශිල්පීන්ගේ අඩුවත්.. දර්ශන තල සීමිත වීමත් මම දකිනවා. එත් මේක බලන්න වාඩි වුනොත් නම් ඉවර වෙනකම්ම නැගිටින හිතෙන එක නැහැ.

පොඩි අවවාදයක් දෙන්නම්… මෙහි අවසානයට වෙන දේ ගැන බලල ඉවර කරන්න කලින් තීරණයකට එන්න එපා. මම මොකද ඔබ හිතන දෙය කීයටවත් සිද්ද වෙනේ නැහැ. ඔබ දැන් හිතපු දේත් වෙන්නේ නැහැ 😀 . කොටින්ම හිත හිත ඉන්න නැතිව බාගෙන බලන්න. මේ සිනමා නිර්මාණය ගැන කියපු විකි අයියටත්, මේ අවස්ථාව ලබල දෙන බයිස්කෝප් අඩවියේ ගුරා සහොටත්, මට දිරිදෙන ඔබ සැමටත්… මගේ හද පිරි ස්තුතිය… සැමට ජය….!! 😀

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.

1,898 downloadsDownload Brake.2012.Sinhala.Baiscopelk.zip40 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/සමන්-කළුබෝවිල..jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමන් කළුබෝවිල” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2012-10-12

Subtitles

1,898 downloadsDownload Subtitles40 KB

49 comments

  1. ruwanthicellular

    නියමයි මචං

  2. ගයාන් තාරක

    ඔන්න මාත් ගත්තා.. පේන්නෙනම් පට්ට වගේ.... ස්තූතියි මචන් සබ්වලට.. එලම තමා.. දිගටම වැඩේ කරගන යන්න.. ජයවේවා බයිස්කෝප්..

  3. Prasad

    Thank u very much brother.

  4. indika perera

    thank's very much

  5. extrme

    Mn ada 1k hitha ganna ba, thnkz bro........... , patta film eka

  6. sanju lakshan

    thanks

  7. හොට්ටා

    පට්ට පට්ට මචං

  8. mihin ලංකා

    ජයම වේවා :)

  9. ccnp

    Thanks

  10. Ishan Gihantha

    thanks machan

  11. f_live

    ලොවෙත් පට්ටම එකක් වගේ....

  12. දිනිඳු සම්පත්

    නියමයි මචං. මාත් ඔන්න බාගන්නවා.. කතාව නියමයි වගේ. බොහොම ස්තූතියි සමන්. ජයවේවා!

  13. was

    බොහොම තුති මචං සුපිරි ෆිල්ම් එකක් වගේ...

  14. උදාර

    බොහොම තුති මචං ....

  15. නලින්

    නියමයි සමන් සහෝ ඔන්න මමත් බා ගන්නවා
    තැන්ක්ස් වේවා...

    ලිපියත් මැක්සා එකට ලියලා තියෙනවා..

    ජ‍‍යවේවා..

  16. hitha hoda kolla

    ela machan niyama film ekak deela thiyanawa suba bathanawa sahoo000

  17. elakiri

    එල මචං දිගටම කරමු

  18. Dishan

    thanx Meka Mama Yesterday Download Kara Ada Sub Ekkama Balathahaki.. (Trailer link Ekanam Fire With Fire}

  19. samith

    patta film 1 aiye......

  20. wow

    wow supiri machan

  21. chaminda

    Thank you very much...keep it up

  22. mudiya / මුදියා

    සුපිරියි මචං සමන්.ලිපිය කියෙව්වම හිතෙනවා පට්ට ඇති කියලා.ජයවේවා.බොහෝ............ම ස්තූතියි...!

  23. uda

    ස්තුතියි කළුබෝවිල සහෝ!
    මේක ආපු දවස් වල ඉදන් මට දෙගිඩියාවක් ඇති කළ ෆිල්ම් එකක්!

    ගනිම්දෝ... නොගනිම්දෝ... ගනිම්දෝ... නොගනිම්දෝ...

    දැන් ඒක ගියා.
    ගනිම්! ගනිම්!
    ජය!

  24. ediri

    godak dawasakin coment ekakk danne

    wela ne
    mekanam balanawami

    sub walata thakxxx

  25. pasiya

    ela machan thanks sub 1 ta digatama sub denna labewa jaya

  26. sura

    ela macho

  27. Sujeewa Priyantha

    niyamai machan

  28. KAVAN

    Keep it Up

  29. Arjuna

    thanks

  30. යසිරු මධුක

    නියමයි නේ සමන් අය්යේ. අනිවා බලනවා. ස්තුතියි හොදේ :D

  31. අමීර

    Thanks...

  32. me

    Thanks

  33. jina

    patta

  34. champika

    පේන්නෙනම් පට්ට වගේ…. ස්තූතියි මචන්

  35. “චූටී මල්ලි”

    බොහොම තුති සහෝ

  36. රාම් රාජ්

    වැඩ කාරයෙක් නේද.බලමු කොහොමද මෑන් මේකට මුහුන දෙන්නේ කියලා.මේ වගේ ඒවා අවසානය වෙනකන් ගතියක් තියෙනවා.ස්තූතියි සබ් වලට.

  37. dimuthu තරංග ඉලුක්කුඹුර

    ස්තුතියි සහෝ ,ජයවේවා

  38. ajith

    thank you for posting

  39. DAMER

    එළ එළ… 8)
    සිoහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මචන්.. :)
    දිගටම ෆිල්ම්ස් වලට සිoහල සබ් දාන්න.. :D
    ජයවේවා කිවුවා හැමෝටම..! 👍

  40. ajith

    ado machan mokada bn ara kolla anthimata maranne :O danna kenek innawanam kiyapanko :(

  41. රොයිලි

    බොහොම ස්තූතියි සමන් සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බාන්න දැම්මා . :P :P

  42. Isuru Dananjaya

    එල මචන්... තැන්කු වේවා.

  43. Uraj Deemantha

    Trailer එක බැලුවා.... පට්ට වගේ.... මේ වගේ එකකට, මම නම් කියන්නේ, Jason Statham වගේ හිටියා නම් පට්ටෙටම තියෙයි කියලා හිතෙනවා..... :)

  44. Manush

    I downloaded and watched. but i cudnt undestand the final scene. why his wife killed him???
    Pls help me..
    thank u very much for the film. u r doing good job.
    Tnks,
    Manush

  45. Isuru

    Niyamai... thnx...

  46. Jayan Chamal

    patta kathava thzzz

  47. දමිත්

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සමන් සහෝ.
    ජයෙන් ජය.

  48. Lakshansilva18

    අන්තිමට වෙන scene එක තේරැනේ නෑනෙ බන්

  49. Anonymous

    Thanks bro...

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.