යාළුවනේ මම අද ඔයාල වෙනුවෙන් ටිකක් විතර ආන්දෝලනාත්ම රුසියානු චිත්‍රපටියක් ගෙනාවෙ. දෙවැනි ලෝක යුද්ධයේ අතුරු ප්‍රතිඵලයක් විදියට ලක්ෂ ගණනින් අනාථ දරුවන් බිහිවෙනවා. මොවුන්ගෙන් බොහෝ දෙනා කාත් කවුරුවත් නැති අසරණ ජීවිත ගත කරපු අය. ඒවගේම මොවුන්ගෙන් සමහර අය කල්ලි කණ්ඩායම් හැදිලා, හොරකම් කිරීම්, මංකොල්ල කෑම්,…
යාළුවනේ මම අද ඔයාල වෙනුවෙන් ටිකක් විතර ආන්දෝලනාත්ම රුසියානු චිත්‍රපටියක් ගෙනාවෙ. දෙවැනි ලෝක යුද්ධයේ අතුරු ප්‍රතිඵලයක් විදියට ලක්ෂ ගණනින් අනාථ දරුවන් බිහිවෙනවා. මොවුන්ගෙන් බොහෝ දෙනා කාත් කවුරුවත් නැති අසරණ ජීවිත ගත කරපු අය. ඒවගේම මොවුන්ගෙන් සමහර අය කල්ලි කණ්ඩායම් හැදිලා, හොරකම් කිරීම්, මංකොල්ල කෑම්, මිනීමැරුම් වගේ භයානක අපරාධ කරනවා. එවකට සෝවියට් තොරතුරු මගින් රජය දැනුවත් කරපුවම මෙහෙම බරපතල අපරාධ සිදු කරපු ළමා අපරාධ කාරයින් අල්ලල ගෙනිහින් දාන්න වෙනම කඳවුරක් නිර්මාණය කරනවා. මෙම කඳවුරේ සිටින ලමයින් හට බාහිර සමාජය සමග කිසිම ගනුදෙනුවක් තියාගන්න බැහැ. කඳු මුදුනක පිහිටලා තියෙන මේ කඳවුරෙන් පැනලා යන්න කිසිම හැකියාවක් නැහැ. එහෙම පැනලා යන්න උත්සාහ කරල අසුවුනොත් වෙඩි තබා මරා දමනවා. යාළුවන්ට මට දෙයක් කියන්න අමතකවුනා. මෙතනට එන ළමයි හැමෝම අවුරුදු 15ට වඩා අඩු අයයි.
Aleksandr Atanesyan විසින් අධ්‍යක්ෂණය කල මෙම චිත්‍රපටිය රුසියාව තුල මෙන්ම අන්තර්ජාතිකවත් විශාල කතාබහකට ලක්වුනා. ඒ මෙම චිත්‍රපටයට පාදක වුනු Vladimir Kunin ගේ කෘතිය හුදු හිතළුවක් පමණක් බවත් සත්‍ය සිදුවීමක් නොවන බවත් රුසියානුවන් එක හෙලා ප්‍රකාශ කලා. චිත්‍රපටයක පෙන්වන සියලු දේ සත්‍යම වියයුතු නැති බව අනිත් අයගෙ මතයවුනා. මේ චිත්‍රපටියෙ සමහර දර්ශන ඇතුලත් නිසා එවැනි දර්ශන නැරඹීමට හැකියාවක් ඇත්නම් පමණක් නැරඹීම සුදුසුයි. ලමුන් නොමග විට ඔවුන්ගෙ ලමා මානසිකත්වය ගිලිහිලා ගිහිල්ලා නපුරු දරදඬු නොමිනිසුන් සමාජයට බිහිවෙන හැටි මේ චිත්‍රපටයෙන් දකින්න පුලුවන්. මේ වගේ චිත්‍රපටි ඔයාලට බලන්න උපසිරැසි කරන්න ඉඩ ලැබීම ගැන හදවතින්ම සන්තෝස වෙනවා.
චිත්‍රපටිය බලල හැකිනම් ප්‍රතිචාරයක් දක්වන්න, එතකොට තවත් මේවගෙ චිත්‍රපටි උපසිරසි කරන්න මානසික උත්තේජනයක් වේවි. ඔබ සැමට තෙරුවණ් සරණයි!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HD Rip පිටපත් සඳහා අදාළ වේ.
1,231 downloadsDownload Svolochi-2006.zip27 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උවිඳු සත්සර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2013-04-18
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
උවිඳු සත්සර
Subtitles
8 comments
indika75
Suranjan
Thanks jayawewa.....!
isuru srinath sjs
ස්තුතියි මචෝ සිංහල උපසිරැසියට !!
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Rusith Dileepa
Thank you very much for the sub. Good Luck.
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Emi
Thank you
Anonymous
සිංහල උපසිරසට බොහොම ස්තූතියි
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
thanks..