ඔන්න එහෙනම් ආයෙමත් උපසිරසියකින් හමු වෙන්නේ තවත් මට විශේෂ එකක් එක්කයි. ඒ හින්දි සිනමාවකට උපසිරසි ගන්වන මගේ පලවෙනි එක. මුලින්ම මට මේකට උපසිරසි ගන්වන්න අවස්ථාව ලබාදුන්න හසන්ත වික්‍රමරත්න අයියටත්, බයිස්කෝප් ඇඩ්මින් මණ්ඩලයටත් පලමුවෙන්ම ස්තූති වන්ත වෙනවා.මේක කරන්න බාර අරන්නම් ටික දවසක් වෙනවා, ඒත් ඉක්මනට…

ඔන්න එහෙනම් ආයෙමත් උපසිරසියකින් හමු වෙන්නේ තවත් මට විශේෂ එකක් එක්කයි. ඒ හින්දි සිනමාවකට උපසිරසි ගන්වන මගේ පලවෙනි එක. මුලින්ම මට මේකට උපසිරසි ගන්වන්න අවස්ථාව ලබාදුන්න හසන්ත වික්‍රමරත්න අයියටත්, බයිස්කෝප් ඇඩ්මින් මණ්ඩලයටත් පලමුවෙන්ම ස්තූති වන්ත වෙනවා.මේක කරන්න බාර අරන්නම් ටික දවසක් වෙනවා, ඒත් ඉක්මනට දෙන්න බැරිවුනාටනම් සමාවෙන්න ඕනෑ. කොහොම හරි මේක කරන්න බාර අරන් උපසිරසියට ගැලපෙන පිටපතක් බලද්දි එක උපසිරසියක්වත් එකම පිටපතකටවත් ගැලපුනේ නැති නිසා සබ කරලා ආයෙත් පිටපතකට ගැලපෙන්න හදාගන්න වුනා.
2019 වර්ෂයේ ජුනි 14 වෙනිදා ලොව පුරා තරගත කෙරු ලස්සන චිත්‍රපටයක් තමයි අද ඔයාලා වෙනුවෙන් අරගෙන ආවේ.චිත්‍රපටය අධ්‍යක්ෂණය වන්නේ ආනන්ද ජායිත්පාල් නම් අධ්‍යක්ෂකවරයා අතින්. සිනමා ක්ෂේත්‍රයට අළුත් මුහුණුවරක් කියා අපිට මේ අධ්‍යක්ෂකවරයා හදුන්වා දෙන්න පුළුවන්. ඔහුගේ පලමු චිත්‍රපටය වන මෙය 2006 වර්ෂයේ කිතුත් වූ Luck Number Slevin නම් හොලිවුඩ් චිත්‍රපටයේ ප්‍රති නිර්මාණයක් ය. චිත්‍රපටයට රංගනයෙන් දායක වන්නේ පන්කජ් ත්‍රිපාටි, අනුප්‍රියා ගෝළුන්කා හා එව්ලින් ෂර්මා වැනි ප්‍රකට නළු නිලියන් මේ චිත්‍රපටය සදහා සහභාගි වී තිබෙනවා.
චිත්‍රපටයේ පලමු නිල පෝස්ටරය මැයි මස 29 වනදා නිකුත් වූ අතර, නිල ට්‍රේලරය ඊට පසු දින Zee Music ආයතනය විසින් රසිකයන් සදහා නිකුත් වූයේය. IMDB දර්ශකය යටතේ 4.6/10 සංඛ්‍යාතයක් ලබා ගැනීමට මෙම චිත්‍රපටයට හමු වී තිබෙනවා. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමු.
මේක ටිකක් අන්තිම වෙනකන් හිතාගන්න බැරි කතාවක් තියෙන එකක්. අන්තිමට තමයි තේරුම් ගන්න පුළුවන් වෙන්නේ මේකෙ සිද්දිය. කතාව පටන් ගන්නේ සිරකරුවකු පොලිස් නිලධාරින් විසින් බන්ධනාගාර බස් රථයක අරගෙන යන තැනකින්. චුට්ටන් (පංකජ් ත්‍රිපාති) තමා අත් අඩංගුවට ගත් කාන්තා පොලිස් නිළධාරිණියට සමච්චල් කරමින් කියා සිටින්නේ ඔහු අල්ලාගෙන ඇත්තේ වැරදි මිනිසා බවයි. ඇය ඔහුව රැගෙන යන පොලිස් රථය ටයර් වල පැච් එකක් යෑම හේතුවෙන් මාර්ගයේ නවතා තැබීමට සිදුවේ. තවත් වාහනයක් ගෙන්නා ගන්නා තුරු ඔවුන් ඒ අසල ඇති තේ කඩයක් තුලට ගොඩ වේ. එහිදී චුට්ටන්ගේ දෘෂ්ඨිකෝණයෙන් ඔහු පොලිස් නිලධාරිණියට සැබෑ කථාව පවසයි.
චුට්ටන් පවසන්නේ ඔහුගේ කාර්්‍ය භාරය වුයේ එක් කල්ලියක් අනෙක් කල්ලියට එරෙහිව දක්ෂ ලෙස හැසිරවීම බවයි. Kissebaaz යනු ඉතා සූක්ෂම ලෙස සාදන ලද මැර කල්ලියක් වන අතර, චිත්‍රපටයේ ඇති අභිරහස නම් හර්ෂ් නම් තරුණයෙකි. ඔහු බොහෝටිව වැරදි රාම්ලාල් ලෙස වටහා ගනී. ඔහු කියා සිටිනුයේ ඔහු නිර්දෝෂි බවයි.ඔහු නයිනා නම් ගැහැණු ලමයෙකු සමග විවාහ වීමට බලාපොරොත්තුවෙන් සිටී. රාම්ලාල් කියා වැරදි වැටහීමක් ඇති කරගත් හර්ෂ්ට මොකද වෙන්නේ, එයාගේ ආදරයට මොකද වෙන්නේ කියලා දැනගන්නනම් මේක බලන්නම වෙනවා.
අදට මම සමුගන්නවා. තවත් වෙනස්ම උපසිරසියකින් හමුවෙනතුරු සියළු දෙනාට තෙරුවන් සරණයි..
චිත්‍රපටය පිළිබද විස්තර බිදක්.
අධ්‍යක්ෂණය : Annant jaaitpaal
කාණ්ඩය : Acton, Crime, Comedy
නිෂ්පාදනය : Divya anand, Sanjaya Anand
කථාව රචනය : Shankar Ramesh
රංගන ශිල්පීන : Pankaj Tripathi, Evelyn sharma
ධාවන කාලය : 2h 03min
තිරගත කල දිනය : june 14 th, 2019
IMDB අගය :4.6/10

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
5,579 downloadsDownload Kissebaaz-2019.zip46 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදය සමන් කුමාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-04-15
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
උදය සමන් කුමාර
Subtitles
11 comments
Kantha_DLA
Prabodha
Sthuthi obata
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!! බුදු සරණයි!!indika75
thanks..
isuru srinath sjs
දැන් හින්දි වලටත් බැහැලා වගේ නේද බං..?? එලම එලම.. ඔහොම යමු.. බොහොම ස්තුතියි සහො සිංහල උපසිරැසියට .. ජය!!
sagara
ela ela mamat fb eke post 1 dakka gaman awit film 1 balanawa
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
D.Chamara
bohoma sthuthi
Shane de Silva
Thanks for the subtitle. Keep it up the good work.
ශසිත් සඳරුවන්
සබට තුති වේවා...
දිගටම සබ් දෙමු ආ...
ජය!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!