මේ වසරේ නිකුත් වුන තවත් එක් DC කොමික් ඇනිමේෂන් චිත්‍රපටයක් අරගෙනයි අදත් මේ හමුවෙන්න යන්නේ. ඒත් බැට්මෑන් කිලින් ජෝක් එක ගෙනාවට පස්සේ මෙච්චර ඉක්මණට මේකත් එයි කියලා නම් හිතුවේ නැහැ. මේක ඇවිල්ලයි කියලා දැනුවත් කරලා මටම මේක බාරදුන්නට ස්තුතිය හිමිවෙන්න ඕනේ විමාට. මේ චිත්‍රපටිය නිකුත් වුණේ 2016 අගෝස්තු 30…

මේ වසරේ නිකුත් වුන තවත් එක් DC කොමික් ඇනිමේෂන් චිත්‍රපටයක් අරගෙනයි අදත් මේ හමුවෙන්න යන්නේ. ඒත් බැට්මෑන් කිලින් ජෝක් එක ගෙනාවට පස්සේ මෙච්චර ඉක්මණට මේකත් එයි කියලා නම් හිතුවේ නැහැ. මේක ඇවිල්ලයි කියලා දැනුවත් කරලා මටම මේක බාරදුන්නට ස්තුතිය හිමිවෙන්න ඕනේ විමාට.
මේ චිත්‍රපටිය නිකුත් වුණේ 2016 අගෝස්තු 30 වෙනිදා. එනම් ඉකුත් අගහරුවාදා දිනයි. IMDb දර්ශකයේ 6.1/10 ක අගයක්ද ලබාගෙන තියෙනවා. පැයකුත් විනාඩි පහළොවක් පුරාවට දිවෙන මෙම චිත්‍රපටය පුරුදු පරිදිම Animation, Action, Sci-Fi යන ඝන වළට අයත්වෙනවා.
කලින් චිත්‍රපටියක පෙන්ගුයින්ව අයිස් ලනත්යකට එළවලා දැම්මා මතකද මන්දා!? ඇත්තටම පෙන්ගුයින්ලා ගොඩක් එක්ක. මං කියන්න යන්නේ නැහැ මතක් කරලම බලන්නකෝ. පෙන්ගුයින් තාමත් එහෙට වෙලා මිස්ටර් ෆ්‍රීස් එක්ක තමයි ඉන්නේ. මේකා අලුත් යාලුවෙක්ව හොයාගෙන. ඇත්තම පෙන්ගුයින් කෙනෙක්. :3 කෙටියෙන්ම කියලා දාන්නම්කෝ කතාව. මිස්ටර් ෆ්‍රීස්ට ඕනේ හුදකලා වෙලා තනියම එයාගේ පරීක්ෂණ කර කර ඉන්න. නමුත් වෙයින් සමාගමේ කට්ටිය එයා ජීවත් වෙන ප්‍රදේශයේ තෙල් ආකරයක් හදන්න වැඩ කරගෙන යනවා. මේකට එයාට තරහ ගිහින් ඒ මිනිස්සුන්ව එලවගන්න හැදුවත් ඒක කරගන්න බැරි වෙනවා. මෙයා එක එක විදිහේ උපකරණ හදනවා. ප්‍රධාන වශයෙන් එක උපකරණයක් එකක් හදනවා, ඒකෙන් පුලුවන් පුංචි සතෙක් උනත් අතිවිශාල සද්දන්තයෙක් කරන්න. නමුත් ඔස්වෝල්ඩ් එයාට ඒත්තු ගන්වලා ආකම් හිරගෙදරට කඩාවැදීමක් කරලා, කිලර් ක්‍රොක්, ක්ලේෆේස්, කෙමෝ හා බේන් මේ කට්ටියව නිදහස් කරන් එක්කගෙන යනවා. මේ හතරදෙනා ලගම තියෙන්නේ වෙනම වූ සංරචක කිහිපයක්. ඩොක්ටර් ෆ්‍රීස්, කිලර් ක්‍රොක්ගෙන් හැරෙන්න අනිත් අයගේ සංරචක අරගෙන තනි සංරචයක් හදලා ඒක ක්‍රොක්ට විදලා එයාව තව තවත් ශක්තිය ලබා දීලා හෙන සයිස් යෝධයෙක් කරලයි නවතින්නේ. ඊටපස්සේ කෙමෝටත් මේ ටික කරලා එයාලව ගෝතම් වළට යවලා තනිකරම අයිස් ලන්තයක් කරනවා. අනිත් දෙන්නට එහෙම නොකළේ ඒ දෙන්නා මේ සංරචක වළට සමගාමී ප්‍රතික්‍රියා නොකරන නිසයි. මොකද එහෙම වුණොත් මේ අය අස්ථායි වෙන්න පුලුවන්. දන්නවනේ ඔස්වෝල්ඩ්ට ඕනේ ගෝතම්වල පාලනය අතට අරන් රජා වෙන්න. ඒ නිසා ඉතින් මිනිහා මිස්ටර් ෆ්‍රීස්ටත් එරෙහි වෙනවා. ඔතනින් තමයි සුපිරි වීරයෝ ටික බහින්නේ. බැට්මෑන්, රොබින්, නයිට්වින්ග්, ෆ්ලෑෂ් වගේම ඇරෝ මේ මෙහෙයුමට දායක වෙනවා. ඒ විතරක් ඈ මාවේල් උන්දලා කෑ ගහන හලක් බ්ලස්ටර්ට හරියන්න අපිට දැකබලාගන්න පුලුවන් බැට් බ්ලස්ටර්වයි, ඇරෝ බ්ලස්ටර්වයි. ඔය මං බ්ලස්ටර් කිව්වට මුන් නිකන් පැසිෆික් රීම් එකේ හිටිය රොබෝලා වගේ හෙන සයිස්. බලලම ඉන්නකෝ එහෙනම්.
මේ වසරේ නිකුත් වෙන්න කියලා තියෙන්නේ තවත් චිත්‍රපට දෙකයි. එකක් තමයි “Batman: Return of the Caped Crusaders” හා “ Justice League Dark” චිත්‍රපටයයි. එහෙනම් ඒ චිත්‍රපට වලින් ඉදිරියේදී හමුවෙමු. මිස්ටර් රොබට් දෙන්නත් බැරි වුණානේ. ඉක්මණින් ම ඒකත් අරන් එන්නම්. හැමෝටම. ජය! සුභ සතිඅන්තයක් වේවා!
Due to copyright issues, we do not provide any torrent link.
Batman.Unlimited.Mech.vs.Mutants.2016.720p.WEBRip.x264.AAC-ETRG
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
1,193 downloadsDownload Batman.Unlimited.Mech_.vs_.Mutants.2016.Baiscopelk.com_.rar31 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චාමර සම්පත්
Subtitles
21 comments
එල්.සී. දමැල්
Sajith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි
ජයෙන් ජයම වේවා..!!!Chalana Rukshan
thnx bro..
Madusha
ස්තුතියි සහෝ
මාලින්ද
එල බන්. මම සබ් එක කරන්න හිටියෙ මේකට. එතකොට දැනගන්න හම්බුනේ මේක බාරගෙන කියලා. ෆිලුම බෑවා. දැන් බලනෝ.
රවිඳු රුක්ෂාන්
thxxx saho sub ekta
Edward Kenway
thanks bro
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
බුදු සරණයි.. !2015-2016 අලුත් චිත්‍රපට සඳහා
උපසිරසි යොදනමෙන් කාරුණිකව ඉල්ලමි.
ස්තූතියි.......Tharaka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ! සියළු සිතුම් පැතුම් ඉටු වේවා යන ප්‍රාර්ථනයද සමඟින් බයිස්කෝප් වෙබ් අඩවියයේ සැමටත්, ඔබටත් සදා ජය හා නීරෝගී සුව පතමි.
Asitha
elama saho thanks
Lahiru Lakmal
Thanks for sub.
moksha
Sub ekata thank's bro
moksha
Ice age ekath ikmanata one
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
yohan
thanks machan sub eka ta
Rasitha Pradeep Somasiri
උපසිරැසියටත් බොහොම ස්තූතියි සහෝ……….
LAKSHAN
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි
Asanka
Tnx sub ekata.
Dragon ball cartoon series eke sub danna puluvandaAmalka Himeshan
බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට
මගුල තමා මාවල්ල හල්ක් බස්ටර් ගෙනාවෙ ෆිල්ම් එහෙකින් :Pරොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Anonymous
බොහොම ස්තූතියි සහෝ උපසිරැසිය.... ඉදිරි ගමනට ජය වේවා...❤️❤️❤️
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Thankz...