මේඝේ ධකා තාරා චිත්‍රපටය පිළිබඳව පළමුවෙන්ම මට අසන්නට ලැබුණේ මගේ ආචාර්යවරයකු වන රජරට විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය සූරියබණ්ඩාර ගොඩිගමුව මහතා වෙතිනි. සිනමා සංගීතය පිළිබඳව සාමාන්‍ය කතාබහක යෙදී සිටින අතරතුර ඔහු “ලස්සන මියුසික් තියෙන චිත්‍රපටයක් තියෙනවා හැකිනම් සොයා දෙන්න” යනුවෙන් මගෙන් ඉල්ලීමක් කළේ මේ චිත…

මේඝේ ධකා තාරා චිත්‍රපටය පිළිබඳව පළමුවෙන්ම මට අසන්නට ලැබුණේ මගේ ආචාර්යවරයකු වන රජරට විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය සූරියබණ්ඩාර ගොඩිගමුව මහතා වෙතිනි. සිනමා සංගීතය පිළිබඳව සාමාන්‍ය කතාබහක යෙදී සිටින අතරතුර ඔහු “ලස්සන මියුසික් තියෙන චිත්‍රපටයක් තියෙනවා හැකිනම් සොයා දෙන්න” යනුවෙන් මගෙන් ඉල්ලීමක් කළේ මේ චිත්‍රපටයේ තොරතුරු සඳහන් කරමිනි. ඒ අනුව බාගත කරගත් චිත්‍රපටය නරඹද්දී මට සිතුණේ සංගීතය කලාත්මකව යොදාගැනීමට කතාන්ථරය තුලින් සිනමාකරුට සලසා ඇති ඉඩකඩ ඔහු නිසි පරිදි ප්‍රයෝජනයට ගෙන ඇති බවයි. සිනමාකරු ඍත්වික් ඝටක් ද විශිෂ්ට සංගීතඥයෙක් වීම එයට හේතු වන්නට ඇත. චිත්‍රපටයද ගීතයක බඳු රිද්මයකින් යුතුව ගලා යයි. පවුලේ යහපත වෙනුවෙන් තමන්ගේ අනාගතය කැප කරන දියණියගේ කතාව දකුණු ආසියානු සමාජයේ සුලභ අත්දැකීමක් වුවත් ඇගේ ආත්මය විනිවිද දකින්නට තරම් සංවේදීවන පුද්ගලයින් ඒ සමාජය තුල අල්පය. මවුපියන්, සහෝදරයින් හෝ පෙම්වතා පවා ඒ පිළිබඳව කොපමණ දුරකට සංවේදී වන්නේද? මේ දැනුම මනා සංයමයෙන් යුතුව හසුරුවා සුවිශේෂී සිනමා අත්දැකීමක් තුල ප්රේක්ෂකයා සහානුභූතියකට ලක් කරන්නට ඝටක් සිනමාවේදියා සමත් වී ඇත.
චිත්‍රපටය පළමුවරට නැරඹීමෙන් පසු නැවත නැවතත් නැරඹීමට සිත තුලින් ඇති වූ පෙළඹවීම නිසා වඩාත් පහසුවෙන් නරඹනු පිණිසත්, එය සමග යම් ආකාරයක ඇසුරක් පවත්වාගනු පිණිසත් එහි ඉංග්‍රීසි උපසිරැසි සිංහලට නැගීමට පටන් ගත්තෙමි. ඊට පෙර උපසිරැසි පරිවර්තන කාර්යයක යෙදී පළපුරුදු නැති නිසාත් යොදන වචන සම්බන්ධයෙන් වැඩි සැලකිල්ලක් දැක්වීම නිසාත් එම කටයුත්තට සැලකිය යුතු කාලයක් ගතවිය. මගේ මව, අන් අයට පළමුව සිංහල උපසිරැසි සහිත චිත්‍රපටය රස විඳින්නටත් එහි රූප සහ සංකේතවලින් පැවසෙන සියුම් දෑ පවා හොඳින් ග්‍රහණය කරගැනීමටත් සමත් වූවාය. චිත්‍රපටයේ කේන්ද්‍රීය චරිතය වූ නීතාගේ පෙම්වතා නිවසට පැමිණෙන විට ඇගේ මවගේ සිත තුල ඇතිවන ගින්න සංකේතවත් කරන අවස්ථා එබඳු සංකේතාත්මක රූපරාමුවලට එක් උදාහරණයකි.
මගේ තුන්වන උපසිරැසි නිර්මාණය ලෙස ඔබවෙතට ගෙන ආවත්, මේඝේ ධකා තාරා චිත්‍රපටය වෙනුවෙන් කරන ලද උපසිරැසිය මගේ පළමු උපසිරැසි නිර්මාණයයි. එය අවසන් කොට මේ වන විට වසරකට වැඩි කාලයක් ගත වී ඇතත් මෙතෙක් ඔබ වෙත ඉදිරිපත් කිරීමෙන් වැලකී සිටීමට හේතු වූ කාරණා දෙකකි. පළමුවැන්න මෙය මගේ පළමුවැනි උපසිරැසිය බැවින් එහි බොහෝ අඩුපාඩු ඇතැයි යනුවෙන් යම්කිසි දෙගිඩියාවක් මගේ සිත තුල පැවතීමයි. දෙවැන්න මෙයට ප්රේක්ෂකයන් ද දක්වන ප්‍රතිචාර කෙබඳු වනු ඇතිදැයි යන චකිතයයි. “තිතාෂ් එක්ඨී නොදීර් නාම්, ෆිසා, සහීබ් බිබි ඖර් ගුලාම්” වැනි චිත්‍රපට සඳහා උපසිරැසි නිර්මාණය කිරීමෙන් අනතුරුව මේ උපසිරැසිය ඔබ වෙත ගෙන එන්නට මම තීරණය කළෙමි. සැබැවින්ම ඉහත චිත්‍රපටවල උපසිරැසි ඔබ වෙත ඉදිරිපත් කරන ලද්දේ ද නිර්මාණය කර සැලකිය යුතු කලකට පසුවය.
මේ චිත්‍රපටය නැරඹීමෙන් අනතුරුව ඝටක් සිනමාවේදියාණන්ගේ චිත්‍රපට සොයමින් නැරඹීමට මා තුළ නැඹුරුවක් ඇති විය. අතිශය ජනප්‍රිය වූ මධුමතී හිංදි චිත්‍රපටයේ තිර කතා රචකයාද වන ඝටක් ජීවිත කාලය තුල නිර්මාණය කළ සිනමා නිර්මාණ හතකි. තිතාෂ් එක්ඨී නොදීර් නාම්, කෝමල් ගාන්ධාර් යන චිත්‍රපට ඒ අතර ප්‍රමුඛ වේ. වංග සිනමාවේ පළමු කලාත්මක චිත්‍රපටය ලෙස සැලකිය හැකි නාගරික් (1952) ඔහුගේ පළමු නිර්මාණයයි. ඔහුගේ කෙටි ජීවිතය අඩු නිර්මාණ ගණනකින් සෑහීමකට පත්වන ලෙස අපට බල කර ඇත. වංග සිනමාවේ අසහාය සිනමාවේදියකු වූ “ශ්‍රී ඍත්වික් කුමාර් ඝටක්” සැබැවින්ම තරුවකි. වංග මහා සිනමාකරු සත්‍යජිත් රායි එම තාරුකාව දැවටූ වළාකුළ යැයි සිතේ. ඒ බැව් පසුව කතා කරමු.
මෙබඳු නිර්මාණයක් අප වෙත තිලිණ කිරීම සම්බන්ධයෙන් ඝටක් සිනමා වේදියාණන්ට පළමු ස්තූතිය හිමි විය යුතු ය. මට මේ චිත්‍රපටය හඳුන්වා දීම සම්බන්ධයෙන් සූරියබණ්ඩාර ගොඩිගමුව ගුරුතුමන්ට මගේ විශේෂ ස්තූතිය පුද කරන අතරම මෙම උපසිරැසි ඔබ වෙත ගෙන එන්නට අවස්ථාව සලසා දුන් www.baiscope.lk වෙබ් අඩවියටද මගේ විශේෂ ස්තූතිය පිරිනමමි. මා සමග එක්ව මේ චිත්‍රපටය රස විඳින ලෙස ඔබ සැමට ආරාධනා කරමින් නවතිමි.
Due to copyright issues, we do not provide any torrent links.
Meghe.Dhaka.Tara.1400MV.DivX
ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
296 downloadsDownload Meghe.Dhaka_.Tara_.Baiscopelk.com_.rar29 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/09/WajiraRathnayaka2-e1472758691562.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “වජිර රත්නායක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
වජිර රත්නායක
Subtitles
28 comments
geeth udaya
Vajira Rathnayake
මම චිත්‍රපටි අලුත්, පරණ භේදයකින් තොරව රසවිඳින කෙනෙක්. ඒ නිසා වෙනසක් නැතිව උපසිරැසි ලබා දෙනවා. ඔබගේ යෝජනාවට ස්තූතියි.
කේ.යූ.ජී. උදාර
ඝටක්ගේ නිර්මාණයක් මෙහි පලවන පළමු අවස්ථාව ද මන්ද............ කොහොමවුණත් මෙවැනි විශිෂ්ට සලරුවක් සිංහලෙන් හැඩගැන්වීම බොහොම වටිනවා. ඉදිරියටත් මේ වගේ වටිනා නිමැවුම් සිංහලෙන් හැඩ කරමු. සිංහල සබට බොහොම ස්තූතියි වජිර.
Vajira Rathnayake
ඔබට ස්ත්‍රතියි. ඉදිරියටත් ඝටක්ගේ චිත්‍රපට රැගෙන එන්නට බලාපොරොත්තු වෙනවා
Tharaka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ! කාල භේදයකින් තොරව මේ වගේ සිනමා නිර්මාණ නරඹන්න මම හරි ආසයි. මගේ අම්මත් මෙවැනි ඒවාට හරිම ආසයි. කවදාවත් නොදුටු මෙවැනි පැරණි කලාත්මක චිත්‍රපට අපට බයිස්කෝප් වෙබ් අඩවිය නිසා නරඹන්නට ලැබීම ඇත්තටම ලොකු වාසනාවක්. මේ වගේ පැරණි නිර්මාණ වලට සබ් ලබාදෙන කිහිප දෙනෙක්ම බයිස්කෝප් එකේ දැන් ඉන්නවා. ඒ වගේම දැන් මේ වෙබඩවියෙන් අළුත් ඒවාට වගේම ගොඩාක් පැරණි ඒවාටත් සබ් ලැබෙනවා. මට හරිම සතුටුයි ඒ ගැන.. ඉතින් සහෝ, ඉදිරියටත් මේ වගේ හොඳ නිර්මාණ වලට උපසිරැසි ඔබ කරාවියැයි මම බලාපොරොත්තු වෙනවා.
සියළු සිතුම් පැතුම් ඉටු වේවා යන ප්‍රාර්ථනයද සමඟින් බයිස්කෝප් වෙබ් අඩවියයේ සැමටත්, ඔබටත් සදා ජය හා නීරෝගී සුව පතමි.Tharaka
හැකි වේලාවක පුළුවන්නම් රිත්වීක් ඝටක්ගේ Subarnarekha (1965) චිත්‍රපටියටත් සබ් ලබාදෙන්න සහෝ.
Vajira Rathnayake
මමත් කාලයක් තිස්සේ සුබර්ණරේඛා චිත්‍රපටයේ හොඳ පිටපතක් සොයනවා. මට ලැබී තිබෙන්නේ වීඩියෝ කොටස් දෙකකින් සමන්විත ගොණුවක්. හොඳ පිටපතක ලින්ක් එකක් සොයාදෙන්න පුළුවන්නම් මම හැකි ඉක්මනින් ඔබේ ඉල්ලීම ඉටු කරන්නම්.
Tharaka
සහෝ ඔයා මුලින්ම YouTube එකේ Subarnarekha [1965] [ Ritwik Ghatak] නමින් search කරන්න. එවිට search results වල උඩින්ම ලැබෙන වීඩියෝ එකේ ලිංකුව click කර එය open කර ගන්න. ඉන්පසු web browser එකේ තියන address bar එකේ තියන YouTube URL එක copy කර downsub.com වෙබ් අඩවියට ගොස් paste කර Download කියන තැන click කරන්න. ඒට පසු එන web page එකේදී >>Download<< English ක්ලික් කර ඔයාට srt උපසිරැසි පිටපත download කරගන්න පුළුවන්. අදාල වීඩියෝ පිටපත download කර ගැනීමට Subarnarekha [1965] [ Ritwik Ghatak] වීඩියෝ එක open කර web browser එකේ තියන address bar එකේ YouTube URL එක copy කර clipconverter.cc වෙබ් අඩවියට ගොස් Video URL to Download කියන තැනට paste කර Continue කියන තැන click කරන්න. ඉන්පසු Start යන්න click කරන්න. එවිට අදාල clip එක conversion වී අවසානයේදී ඔබට 640.73 MB(480p)YouTube වීඩියෝ පිටපතක් download කරගන්න පුළුවන්. ඔයාට මේ ක්‍රමයට YouTube එකේ උපසිරැසි තියන ඔනෑම වීඩියෝවක් උපසිරැසි සමඟින් වෙන වෙනම download කරගන්න පුළුවන්. torrent හොය හොයා වද වෙන්න ඕන නෑ.
nishadi wickrama
tnx
yeshu
tnx
අසංක ප්‍රදීප් රණතුංග
එලම , ඔය තියෙන්නේ. ඔහොම්මම කරගෙන යමු. සිංහල උපසිරසි පමණක් තියන ලෝකයේ එකම වෙබ් අඩවිය සම්පුර්ණ වෙන්න නම් අලුත් චිත්‍රපට මෙන්ම චිත්‍රපට ඉතිහාසයේ වැදගත් සියලුම චිත්‍රපට තියෙන්න ඕන කියන එක මගේ හැඟීමයි. කාලයත් එක්ක සැඟවිලා ගිය චිත්‍රපට නැවත මතුපිටට ගේන එක මගේ උත්සහයයි. ඔයාත් හින්දි පැත්තෙන් ඒ උත්සාහයේ නිරතවීමට තීරණය කිරීම ඇත්තටම සතුටුයි.
තව දෙයක් සහෝ, අත්දැකීමෙන් කියන්නේ මේ විදියට ගමන යනකොට ප්‍රසංශා විතරක් නෙවි, ටොන් ගානක් ගල් මුල් වදින්නත් පුළුවන්. ඉතින් මගේ උපදෙස සැලෙන්න එපා ඔයා මොනවහරි දෙයක් තීරණය කලාද ඒ මත ඉන්න. තව කියනවා නම්. View ගණන හෝ ඩවුන්ලෝඩ් ගණන ගැන හිතන්න එපා. මොකද සියක් බලලා ඩවුන්ලෝඩ් කරත් අපිට සතුටුවෙන්න පුළුවන් ඒ සියදෙනා ඇත්තටම අදාළ චිත්‍රපටයට කැමතිම සියදෙනෙක් කියල. ඉතින් ඔහොම කරගෙන යන්න. උපසිරසි හෝ වෙනත් උදව් ඕන නම් ඕන වෙලාවක ඒ සඳහා උදව් කරන්න මම ඉන්නවා.
අපි මේ බයිස්කෝප් අඩවිය චිත්‍රපට ඉතිහාසයේ කාලරමුවකට කොටු නොවී යම් කෙනෙක් හොයන ඕනෑම චිත්‍රපටයකට උපසිරසියක් තියන තැනක් බවට පත් කරමු. ඔයාට බුදු සරණයි. උපසිරසියට ස්තුතියි.
Vajira Rathnayake
ඔබට බොහොම ස්තුතියි. අදහස් දැක්වීමෙන් පමණක් නොනැවතී උපකාරයට ඉදිරිපත් වීම සම්බන්ධව
Withanage Priyantha
Geet(1970), Junglee(1961), Aah(1953), Devdas(1955), Dil apna aur preeth paraye(1960), Arzoo(1965), suraj(1966), Azaad(1955) යන පැරණි හින්දි චිත්‍රපට සඳහා මා උපසිරසි කර අවසන්. ඒවා ළඟදීම වෙබ් එකට ලබා දෙනවා. එය මා දැනුවත් කළේ ඒවායින් එකක් තෝරාගෙන ඔබ උපසිරසි කළහොත් මහන්සිය අපතේ යාවිද කියා සිතූ නිසායි. මා හට ශ්‍රී 420 සහ දේව්දාස් සිනමාපට දෙකට එසේ වුවා. ඒ ඊට පෙර මා එම චිත්‍රපට මෙම වෙබ් එකෙන් වෙන්කර ගෙන තිබුණේ නැති නිසා. එය මාගේ වරදක්.
Vajira Rathnayake
අසංක සොහොයුරා එයට උපකාර කළා. ඔබ දෙපළටම ස්තුතියි
Withanage Priyantha Dayakeerthi
අසංක සොයුරා පහත කියා ඇති පරිදි ඔබේ මෙම උපසිරසියට කැමතිම පිරිස අතුරින් එක්කෙනෙක් මම. එයට ස්තුතියි!
අසංක සොයුරා විසින් මීට ඉහත ඔබේ නිර්මාණයේ දක්වා ඇති පරිදි "සුජාතා" පැරණි හින්දි සිනමාපටයේ සබ් සහ ලින්ක් සොයාගැනීමට හැකිවුවාද? මා ළඟ මීට කලකට පෙර "යූ ටියුබ්" එකෙන් බාගත් ඉතා පැහැදිලි සුජාතා වීඩියෝ එකක් තිබෙනවා, ඒ වගේම ඉංග්‍රීසි සබ් එකත් තිබෙනවා. ඒවා දැනටත් එම වෙබ් හරහා බාගත කර ගත හැකිව ඇතැයි මා සිතනවා.
Tharaka
මෙම චිත්‍රපටයේ සිංහල උපසිරැසි youtube වෙබ් අඩවියේ Meghe Dhaka Tara (The Cloud-Capped Star) [1960] [Ritwik Ghatak] වීඩියෝ පිටපත සමග හොඳින් ගැලපේ.
Withanage Priyantha Dayakeerthi
ගීත්(1970), ජන්ග්ලී(1961), ආහ්(1953), දේව්දාස්(1955), දිල් අප්නා ඖර් ප්‍රීත් පරායේ(1960), අර්සු(1965), සුරාජ්(1966), අසාඩ්(1955) යන පැරණි හින්දි චිත්‍රපට සඳහා මා උපසිරසි කර අවසන්. ඒවා ළඟදීම වෙබ් එකට ලබා දෙනවා. එය මා දැනුවත් කළේ ඒවායින් එකක් තෝරාගෙන ඔබ උපසිරසි කළහොත් මහන්සිය අපතේ යාවිද කියා සිතූ නිසායි. මා හට ශ්‍රී 420 සහ දේව්දාස් සිනමාපට දෙකට එසේ වුවා. ඒ ඊට පෙර මා එම චිත්‍රපට මෙම වෙබ් එකෙන් වෙන්කර ගෙන තිබුණේ නැති නිසා. එය මාගේ වරදක්.
[email protected] මේ මගේ ඊ මේල් ඇඩ්රස් එක. මටත් ඔයාගේ ඊ මේල් ඇඩ්රස් එක වටිනවා. හැකිනම් එවන්න. මොකද සමහර වෙලාවට මේ වෙබ් එකට කොමෙන්ට් එකක් සහ අදහසක් එවන්න අපහසු තත්වයක් එනවා.
maheshbabu
ane saho......api me parana eva balanne nane........man hithanne goda denek mevani films balanne ne........ithin saho oyage time 1th aparade.............................puluwani nam aluth films demu
Withanage Priyantha Dayakeerthi
මහේෂ් බාබු සොයුරා වෙත,
මෙම වෙබ් අඩවියේ ඇති 7000 පමණවන උපසිරසි ප්‍රමාණය අතුරින් "පැරණි ඒවාට උපසිරසි ඇත්තේ 200" කට ආසන්න ප්‍රමාණයක්. ඉතින් ඔයතරම්ම අලුත් උපසිරසි සපයද්දීත් මේ අන්දමට තදබල විධියට ආත්මාර්ථකාමී වෙන එක හරි නැහැ නේද?
මේ පැරණි උපසිරසි සපයන කෙනාට 100 ක් දෙනා නැරඹුවත් ඒ ඇති. අපි දන්නවා එම උපසිරැසිය සුරක්ෂිතව තබාගෙන නැවත නැවතත් ඒ අය එම සිනමාපට නරඹන බව, ඒ නිසා අපේ මහන්සිය ගැන ඔබ කනගාටුවන්න එපා. අදහසට ස්තුතියි!චතුෂ තුෂර කුමාර
මිනිස්සු හරි පුදුමාකාරයි... :D
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
බුදු සරණයි.. !2015-2016 අලුත් චිත්‍රපට සඳහා
උපසිරසි යොදනමෙන් කාරුණිකව ඉල්ලමි.
ස්තූතියි.......Chalana Rukshan
meke torrent eka hoyaganna hambuna kenek help ekak denna? thnx bro sub ekata. parana aluth kiyala honda nan aniwa balanawa. puluwan nan 1gbta adu files denna balanna..
Tharaka
සහෝ මේ ෆිල්ම් එක download කරගත හැකි හොඳ torrent එකක් මටනම් හමු වුනේ නෑ. ඒත් ඔයාට YouTube එකෙන් චිත්‍රපටයේ අඩු MB ගාණක පැහැදිලි පිටපතක් ලබාගන්න පුළුවන්. ඔයාට මේ ක්‍රමයෙන් software එකක් නොමැතිව වීඩියෝ එක බාගන්න පුළුවන්. මුලින්ම YouTube වෙබ් අඩවියට ගිහිල්ලා Meghe Dhaka Tara (The Cloud-Capped Star) [1960] [Ritwik Ghatak] යනුවෙන් search කරන්න. ඊටපස්සේ search results වල උඩින්ම අදාල විඩියෝ එක තිබේවි. ඉන්පසු වීඩියෝ එක open කර web browser එකේ තියන address bar එකේ YouTube URL එක copy කර clipconverter.cc වෙබ් අඩවියට ගොස් Video URL to Download කියන තැනට paste කර continue කියන තැන click කරන්න. ඉන්පසු start යන්න click කරන්න. එවිට අදාල clip එක conversion වී අවසානයේදී ඔබට අදාල 573.06 MB(480p)YouTube වීඩියෝ පිටපතක් download කරගන්න පුළුවන්.
Thilakarathna
මෙම පැරණි, චිත්‍රපට නැවත ගෙන ආවාට මගේ සතුට ප්‍රකාශ කරන්නෙමි. මේවාත් හරියට අපේ පැරණි ගීත වගේ සදාකාලිකවම රස විඳින්න පුළුවන්. අලුත් ගීතයකට ටික කලකින් මොකද වෙන්නේ? ඒ වගේ තමයි වර්තමාන බොහෝ චිත්‍රපටත්…
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Tharaka
අපේ ගෙදර අයත් එක්ක මම මේ චිත්‍රපටිය නැරඹුවා. හරිම ලස්සනයි. අර්ථවත් කතාවක්. අපිත් සිංදු තියන ලස්සන සුරංගනා ලොවක් වගේ පෙන්වන වාණිජ චිත්‍රපට නරඹනවා තමයි. ඒත් මෙවැනි කලාත්මක චිත්‍රපට වලදී අපට ඉන්දියානු සමාජයේ, සංස්කෘතියේ සැබෑ ස්වරූපය දකින්න පුළුවන්. මටනම් මේ කලාත්මක චිත්‍රපටි සිත් ඇදගන්නා හේතුවක් තමයි එය. සබ් එකට මා නැවත නැවතත් ස්තූතිවන්ත වෙනවා. ඉතින් සහෝ, ඉදිරියටත් මේ වගේ හොඳ නිර්මාණ වලට උපසිරැසි ඔබ කරාවියැයි මම බලාපොරොත්තු වෙනවා.
සියළු සිතුම් පැතුම් ඉටු වේවා යන ප්‍රාර්ථනයද සමඟින් බයිස්කෝප් වෙබ් අඩවියයේ සැමටත්, ඔබටත් සදා ජය හා නීරෝගී සුව පතමි.Vajira Rathnayake
එහෙමනම්, මී ලඟට එන තිතාෂ් එක්ඨී නොදීර් නාම් චිත්ර පටයත් නරඹන ලෙස මම ඔබට ආරාධනා කරනවා. එයත් මේ නිර්මාණකරුවාගේම චිත්ර පටයක්. එයත් ඔබේ සිත්ගන්නා නිර්මාණයක් වේවි.
Withanage Priyantha Dayakeerthi
වජිර රත්නායක සොයුර,
ඔබ මෙයට යොමු කරනා සෑම උපසිරසියකදීම, එම උපසිරසියට අදාළ කරගත් වීඩියෝවේ මෙගා බයිට් ගණන සහ වීඩියෝවේ ධාවන කාලය කොමෙන්ට් එකක් ලෙස මුලින්ම, ඔබම යොමු කරනවානම් නම් එය ඩවුන්ලෝඩ් කරගැනීමට පහසු මඟ පෙන්වීමක් වෙනවා යයි සිතන්නෙමි. ඒ මන්ද කොටස් කැපී ඇති ධාවන කාලය වෙනස්වන වීඩියෝවලට, ලබාදුන් උපසිරසියේ ධාවන කාලය වෙනස් වන නිසා.(මේ අදහස යොමු කළේ මම ඒ අපහසුතාවයට මුහුණ දී ඇති නිසා, මෙය සිදුවන්නේ බොහෝ විට පැරණි සිනමාපට සඳහායි)
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

aluth film walata sub daaannakooo