කලින් Marvel කොමික්ලාගේ Black Panther (2010) කෙටි ඇනිමේෂන් රූපවාහිනී කතා මාලාව ගෙනාවා. මේ පාර ගෙනාවේ DC කොමික්චි ඇනිමේෂන් චිත්‍රපටයක්. මේක Batman රසිකයන්ට ගොඩක් විශේෂ චිත්‍රපටයක්. ඒකට හේතුව මෙහෙම විස්තර කරන්න පටන්ගන්නම්. Batman (1966) කියන පරණම රූපවාහිනී කතා මාලාවේ ඉඳලා බැට්මෑන් / බෘෘස් වේන් විදිහට…

කලින් Marvel කොමික්ලාගේ Black Panther (2010) කෙටි ඇනිමේෂන් රූපවාහිනී කතා මාලාව ගෙනාවා. මේ පාර ගෙනාවේ DC කොමික්චි ඇනිමේෂන් චිත්‍රපටයක්.
මේක Batman රසිකයන්ට ගොඩක් විශේෂ චිත්‍රපටයක්. ඒකට හේතුව මෙහෙම විස්තර කරන්න පටන්ගන්නම්. Batman (1966) කියන පරණම රූපවාහිනී කතා මාලාවේ ඉඳලා බැට්මෑන් / බෘෘස් වේන් විදිහට Adam West, බැට්මෑන් රසිකයින්ගේ හිත් ඇදබැඳගත්තා. ඊට පස්සේ Batman (1966) කියන පළමු නාට්‍යමය සජීවී රූ චිත්‍රපටදීත් Adam West බැට්මෑන් රසිකයින් අතරට ආවා.

Adam West සහ Burt Ward බැට්මෑන් සහ රොබින් ලෙස
පසුව The New Adventures of Batman (1977) රූපවාහිනී කතා මාලාවට Adam West බැට්මෑන්ගේ හඬ දායකත්වය දෙනවා. නැවත Legends of the Superheroes (1979) කියන චිත්‍රපටයේ බැට්මෑන් විදිහට රංගනයේ යෙදෙනවා. ඔහු වයසට යාමත් එක්ක අපට ඔහුගේ හඬ පමණයි අහන්න සිදු වෙන්නේ. නැවතත් අපිට බැට්මෑන් / බෘෘස් වේන්ගේ හඬ විදිහට Adam Westගේ හඬ අහන්න ලැබෙනවා Super Friends: The Legendary Super Powers Show (1984), The Super Powers Team: Galactic Guardians (1985) කියන රූපවාහිනී කතා මාලාවලදී. කාලයක්ම අපිට මේ Adam Westගේ හඬ අහන්න නොලැබුනත් Batman: Return of the Caped Crusaders (2016) ඇනිමේෂන් චිත්‍රපටයේදී අපට අර පරණම බැට්මෑන් චිත්‍රපට සහ රූපවාහිනී කතා මාලා සිහිගන්වමින් නැවතත් බැට්මෑන් / බෘෘස් වේන් විදිහට Adam Westගේ හඬ අහන්න ලැබෙනවා. මේ කතාවේ Adam Westගේ පමණක් නෙමෙයි 1966 පරණ චිත්‍රපටයේ සහ කතා මාලාවල රඟපෑ ගොඩක් අයගේ හඬවල් සහ ඒ පසුබිම් ඒ විදිහටම අහන්න දකින්න ලැබුනා. පහුගිය Batman: Return of the Caped Crusaders (2016) චිත්‍රපටයේ ලෙසම ඒ හඬකැවීම් ශිල්පීන්ම හඬ දායකත්වය ලබා දෙන එහි දෙවන චිත්‍රපටය විදිහට Batman vs. Two-Face කියන ඇනිමේෂන් චිත්‍රපටය 2017 වසරේ ඔක්තෝබර් 10වෙනිදා නිකුත් වෙනවා. (ඔව් ඒ චිත්‍රපටියට තමයි මේ උපසිරස ගෙනල්ල තියෙන්නේ ) ඒ වගේම මේ චිත්‍රපටය තමයි Adam Westගේ හඬ බැට්මෑන් රසිකයින්ට අහන්න ලැබෙන අවසාන අවස්ථාව. ලියුකේමියාව කියන රෝගය සමග පොරබදමින් සිටි වයස අවුරුදු 88ක් වූ Adam West එහෙම නැත්නං මේ Bright Knight මිය යනවා 2017 ජුනි 9වෙනිදා.
මම කලින් බැට්මෑන් චිත්‍රපට රසිකයන්ට විශේෂයි කිව්වේ ඔන්න ඔය හේතුව නිසයි. ඉතින් මේ පිලිබඳ මේ චිත්‍රපටයෙ ක්‍රෙඩිට් දර්ශන අවසානයේදි දැකගන්න පුළුවන්…

Adam West (1928 – 2017)
හොඳයි එහෙමනම් අපි චිත්‍රපටයෙ කතාව ගැන බලමු. ගෝතම් නගරයේ බන්ධනාගාරයේ පර්යෙෂණාගාරයක බොහොම විශේෂ සහ රහස් පරීක්ෂණයක් පවත්වනවා. මෙතනට බැට්මෑන් සහ රොබින්ටත් කතා කරලා තියෙන්නේ. මේ පරීක්ෂණය තමයි අපරාධකරුවන්ගේ මොළයේ තිබෙන නපුරු කොටස අයින් කරලා දාලා ඔවුන්ව හොඳ තත්වයට පත් කරන “නපුරු උපුටනය” කියන යන්ත්‍රය ප්‍රථම වරට පරික්ෂා කර බැලීම. මේ යන්ත්‍රයේ නිර්මාණකරුවා තමයි ඩොක්ටර් හියුගෝ ස්ට්‍රේන්ජ්. හාවි ඩෙන්ට්, ප්‍රාදේශීය නීතිඥතුමාගෙ ප්‍රධානත්වයෙන් මේ පරික්ෂණය අරඹනව. බන්ධනාගාරයේ ඉන්න ජෝකර්, පෙන්ගුයින් ඇතුළු මේ බන්ධනාගාරයේ සිරකරුවන් කිහිපදෙනක් තෝරාගෙන මේ යන්ත්‍රයට සවි කරල ඔවුන්ගෙ මොළවල නපුරු සංයෝගය ඉවත් කරන්න උත්සහ කරනව. වෙන්නේ නොසිතූ දෙයක්. මේ සිරකරුවන්ට හැකිවෙනව ඔවුන්ගේ නපුරුකම වැඩි කරලා මේ යන්ත්‍රයේ නපුරු සංයෝගය පිරෙන කොටස විනාශ පිරෙන කොටස විනාශ කරල දාන්න. මේක විනාශ වෙන වෙලාවෙ පිටවන නපුරු සංයෝගය හාවි දෙසට එනව. බැට්මෑන් ඔහුව බේරගන්න උත්සහ කළත් ඔහුගේ මූණෙ එක පැත්තක්ම මේ නපුරු සංයෝගයට ගොදුරු වීම නිසා ඔහු අඩක් නපුරු, නමුත් අඩක් යහපත් කෙනෙක් බවට පත් වෙනවා.
කොහොමනමුත් පසුව හාවි ඩෙන්ට්ගේ හොඳම යාළුවා බෘෘස් වේන් එයාගේ වියදමින් හාවිගේ මූණේ පිලිස්සුනු කැළැල් ශල්‍යකර්මයකින් සම්පූර්ණයෙන්ම සුව කරනව.
කාලයක් ගත වුණු පසු සිදුවන අපරාධ රැල්ලකින් පසු බැට්මෑන් සහ රොබින්ට තේරුම් යනවා මේ පිටුපස හැම විටම ද්විත්වය, අංක 2, දෙගුණය කියන ලක්ෂණ ගෑවිලා තියෙන වග. ඒ කියන්නේ මේව පිටිපස්සෙන් ටූ ෆේස් ඉන්නව කියලද? වෙන්න පුලුවන්ද මෙහෙම? බෲස් ඔහුගේ වියදමින් හාවිව සුව කළානේ? මොකක්ද මේ වෙන්නෙ?
අපි බලමු මේ දේවල්වලට උත්තර බැට්මෑන් සහ රොබින් එකතු වෙලා හොයාගනීවිද කියලා මේ සුපිරි සතුට, ආදරය, සිනහව කියන හැමදේකින්ම පිරිපුන් මේ ඇනිමේශන් චිත්‍රපටියෙන්.
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි සියලුම BR පිටපත් සඳහා අදාළ වේ.
2,616 downloadsDownload Batman-vs.-Two-Face-2017.zip46 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/02/S-lashen-Pic-new.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “එල්.සී.දමැල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2015-02-06
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
එල්. සී. දමැල්
Subtitles
22 comments
Kantha_DLA
Damru Ravihara
උපසිරැසියට ස්තුති.
Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්...
මේක download කරලා තියාගත්තා...සබ් දෙයි කියල හිතුවේ න..සනිඳු ලක්ඛිත
බොහොම ස්තුතියි සහෝ උපසිරසට. බැටාගේ කතාවක් මිස් කරන්නේ කෝමද. අනිව බැලිල්ලක්.!
දමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
විස්තරාත්මක ලිපියටත් ස්තුතියි.
ජයෙන් ජය.AsithaDilruwan
parkku wela unath sub aran awa..
ela ela thanksIshan Madusha
බොහොම ස්තූතියි සහෝ
ජය වේවා!Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Udara Damith Dissanayaka
ලිපියට ස්තුතියි.
බොහොම ස්තුතියි
නිවන් සුවthanula D
තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා......
madhubashana bandara
thanks saho
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
geeganagamage
බොහොම ස්තූතියි
SAjith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!chamith sameera
sub downlode krnna ba ne bro
Dinushalakshan
Thank you
akashadhithya
thanks.......!!!!!!!!!!
Jeevan Suraj
Thanks for the sub
Dewadithya
Thanks for Sub!
YasasPerera
thanks bro
damsara
patta sub eka tankyou
Anonymous
සබ්ටයිට්ල් එකට බොහොම ස්තූතියි බොක්ක... ජය වේවා...❤️❤️❤️
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

උපසිරැසියට ගොඩක් ස්තුතියි.
බුදු සරණයි - දෙවි පිහිටයි..!