Watch Trailer

Be Happy (2025) Sinhala Subtitles | සතුටෙන් ඉන්න [සිංහල උපසිරසි]

Be Happy (2025) Sinhala Subtitles කොහොම හැම කෙනෙක්ටම. මටත් විනෝදයට වගේ සිංහල උපසිරසියක් කරන්න හිතුනා. මම ඒ වෙනුවෙන් තෝරාගත්තේ 2025 වසරේ නිකුත් වුණ මේ ලස්සන හින්දි සිනමාපටය. Remo D’Souza තමයි මෙහි අධ්‍යක්ෂකවරයා වෙන්නේ. Race 3, Street Dancer 3D සහ ABCD (Any Body Can Dance) වගේ ප්‍රසිද්ධ සිනමාපට අධ්‍ය…

Be Happy (2025) Sinhala Subtitles

කොහොම හැම කෙනෙක්ටම. මටත් විනෝදයට වගේ සිංහල උපසිරසියක් කරන්න හිතුනා. මම ඒ වෙනුවෙන් තෝරාගත්තේ 2025 වසරේ නිකුත් වුණ මේ ලස්සන හින්දි සිනමාපටය. Remo D’Souza තමයි මෙහි අධ්‍යක්ෂකවරයා වෙන්නේ. Race 3, Street Dancer 3D සහ ABCD (Any Body Can Dance) වගේ ප්‍රසිද්ධ සිනමාපට අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ ඔහු. මේකේ ප්‍රධාන චරිත විධියට අභිෂේක් භච්චන් සහ නෝරා ෆටේහි දෙදෙනා එකතු වෙනවා. ඒ වගේම imdb web අඩවියේ 6.4ක අගයක් ලබාගන්න මේක සමත් වෙලා තියනවා. සාමාන්‍යයෙන් ඉතිං හින්දි සිනමාපට imdb අගයෙන් මනින්න බැරි බව ඔයාල දන්නවා ඇතිනේ. මේ ෆිල්ම් එකේ කතාව ගැන මට තියෙන්නේ මෙන්න මෙහෙම අදහසක්

තමන්ට ඉන්න එකම ගැහැණු පරාණය, තමන්ගේ දුවගේ ජීවිතය වෙනුවෙන් ලොකු සටනක් දෙන.. බිරිඳ අකාලයේ අහිමිවෙච්ච වියෝවට තාම සමු නුදුන්න, ලෝක දෙකක් අතර දෝලනය වෙන අහිංසක තාත්තා කෙනෙක්.. වයසට වඩා ජිවිතය අවබෝධ කරගත්ත, තමන්ගේ එකම හීනය හැබෑ කරගන්න ආසාවෙන් ඉන්න දුවෙක් සහ මිණිපිරියගෙයි බෑණාගෙයි හෙවනැල්ල වගේ පිටිපස්සෙන් ඉන්න, දුක හංගගෙන එයාලව දිරිමත් කරන විනෝදජනක සීයා කෙනෙකුගෙයි කතාවක්

තාත්තලා කොහොමත් දුවලට කියනවනේ. ඒ වගේ මේ කතාවෙත් මේ තාත්තා ඉතිං ඕනෑවටත් වඩා දුවගේ අනාගතය ගැන හිතන කැපවෙච්ච පියෙක්. මුළු කතාව පුරාවටම තැනින් තැන මතුවෙන තාත්තගේ චූටි බලාපොරොත්තු එයා දුවගේ සතුට වෙනුවෙන් නිහඬවම කැපකරනවා. දුවත් උත්සහ කරනවා එයාගේ හීනය පැත්තකට දාලා තාත්තගේ ආශාව ඉශ්ට කරන්න. ඒත් සීයා තමයි පිටිපස්සෙන් මේ හීනෙ හැබෑ කරන යුද්දය මෙහෙයවන්නේ. අර තාත්තත් දුවත් සම්බන්ද කරන හීනි කෙන්ද වැටිලා තියෙන්නේ සීයා මැද්දෙන්. ඒ කෙන්ද තර්කාණුකූලව මෙහෙයවලා දෙන්නවම සමබර කරන විදිය ෆිල්ම් එකේ තැන් දෙක තුනක දකින්න පුළුවන්. ඒ වගේම මේ තුන්දෙනාම, තුන් දෙනාව රකින හැටි.. ඒ බැඳීම.. හරිම සංවේදියි

කෙටියෙන් ගත්තොත් බොහොම හැඟීම්බර කතාවක්. ඇස් වලට කඳුළු ගේන රඟපෑම් සහ දෙබස් පිරිච්ච රසවත් කතාවක්. මම හිතනවා ඒ අවසානය ගැන ඔයාලගේ කැමැත්ත කොහොම වෙයිද දන්නේ නැහැ. හැබැයි මම නම් හිතන්නෙ මේ සිනමාපටය, මේ තරම් ලස්සන ඒ අවසානය නිසාමයි කියල.

එහෙනම් තවත් උපසිරසියකින් ඉක්මනටම හමුවෙමු!

Be Happy (2025) Sinhala Subtitles


 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEBRIP පිටපත් සඳහා පමණක් අදාළ වේ.

1,636 downloadsDownload Be-Happy-2025.zip40 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කල්පනා කෞෂල්‍යා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2025-08-10
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Be Happy (2025) Sinhala Subtitles

Subtitles by

කල්පනා කෞෂල්‍යා

Subtitles

1,636 downloadsDownload Subtitles40 KB

3 comments

  1. Buddhika laKMal

    බොහෝම ස්තූතියි උපසිරැසියට සිස්

  2. එල්. සී. ‎දමැල්

    සමාවෙන්න ඕණා කමෙන්ට් එකක් දාන්න ගොඩක් ප්‍රමාද වුණාට.
    පළමු වැඩේට උණුසුම් සුභ පැතුම් කල්පනා සහෝදරි.
    සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් උපසිරස කණ්ඩායමට!
    දිගටම හොඳ නිර්මාණ තෝරගෙන සබ් කරමු. :)
    ජය! ✌

  3. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    ඉදිරියටත් ගුණාත්මක සිංහල උපසිරැසි නිර්මාණය කිරීමට ශක්තිය, ධෛර්යය ලැබේවා…!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..❤