How to Train Your Dragon (2025) Sinhala Subtitles ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ, ඔබ මම ඇතුළු බහුතරයක් දෙනාගෙ පුංචි කාලේ ලස්සන කරපු, ප්‍රේක්ෂක අපිව වෙනම ලෝකයකට අරන් ගියපු අති දැවැන්ත සුපිරිම ගණයේ 3D ඇනිමේෂන් ෆ්‍රැන්චයිස් එකක ප්‍රති-නිර්මාණක ලයිව්-ඇක්ෂන් චිත්‍රපටයකට උපසිරැසි. ඒ මොකක්ද කියලා ඔබ මේ වෙනකොට…

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ, ඔබ මම ඇතුළු බහුතරයක් දෙනාගෙ පුංචි කාලේ ලස්සන කරපු, ප්‍රේක්ෂක අපිව වෙනම ලෝකයකට අරන් ගියපු අති දැවැන්ත සුපිරිම ගණයේ 3D ඇනිමේෂන් ෆ්‍රැන්චයිස් එකක ප්‍රති-නිර්මාණක ලයිව්-ඇක්ෂන් චිත්‍රපටයකට උපසිරැසි. ඒ මොකක්ද කියලා ඔබ මේ වෙනකොටත් දන්නවා. ඔව්’ ඒ තමා How to Train Your Dragon (2025) චිත්‍රපටය. බහුතරයක් දෙනාගෙ පුංචි කාලය’ කියල මං සඳහන් කළේ මම හිතන්නෑ මේක ෆ්‍රැන්චයිස් එක නොබලපු කෙනෙක් ඇති කියලා. ඉතිං මේ චිත්‍රපටයෙ අධ්‍යක්ෂණයත් සුපුරුදු පරිදිම 2010 වසරේ, මේ ෆ්‍රැන්චයිස් එකට අඩිතාලම දමමින් නිර්මාණය කෙරූ How to Train Your Dragon චිත්‍රපටයෙ අධ්‍යක්ෂක Dean DeBlois මහතා විසින්මයි. එතැනින් පසු DreamWorks ඔස්සෙ මේ ෆ්‍රැන්චයිස් එකට අදාලව චිත්‍රපට සහ කතාමාලා කීපයකින් Dragon verse එකක්ම නිර්මාණය වුනා. ප්‍රධාන චිත්‍රපට ත්‍රිත්වයේ පෝස්ටර සහ අනෙකුත් අතුරු කතාමාලාවන් වල නම් පහළින් සඳහන් කරන්නම් ඔයාලට බලාගන්න පුළුවන් වෙන්න.
- How to Train Your Dragon (2010) – Movie
- How to Train Your Dragon: Ridersnof Berk (2012) – Series
- How to Train Your Dragon: Defenders of Berk (2013) – Series
- How to Train Your Dragon Legends (2013) – Seires
- How to Train Your Dragon 2 (2014) – Movie
- Dragons: Race to the Edge (2015) – Series
- How to Train Your Dragon: The Hidden World (2019) – Movie
- Dragons: The Nine Realms (2021) – Series
ඉතිං ඉහළ සඳහන් කළ පරිදි චිත්‍රපට වගේම කතාමාලාවන් ගණනාවක්ද මේ ෆ්‍රැන්චයිස් එක ඇතුලත නිර්මාණය වෙලා තියෙනවා. අන්න ඒ ඔස්සෙ තමා මෙහි අධ්‍යක්ෂකවරයා වන Dean DeBlois මහතා මෙම චිත්‍රපටයෙ ලයින්-ඇක්ෂන්, එහෙමත් නැතිනම් සජීවීකරණ-ක්‍රියාදාම චිත්‍රපටය ප්‍රතිනිර්මාණය කිරීමට තීරණය කරන්නෙ. ඉතිං මේ ගැන නිව්ස් එක එලියට එද්දි හුඟ දෙනෙක් අකමැති වුනා ඇනිමේෂන් ෆිල්ම් එකෙම ප්‍රති-නිර්මාණයක් ලයිව්-ඇක්ෂන් තුළින් අනවශ්‍ය බවත් එය පලමු නිර්මාණයට කරන හානියක් යැයි ප්‍රකාශ කරමින්. එම ඇනිමේෂන් චිත්‍රපටය නිර්මාණය කෙරුණේ ඇමරිකානු ඩොලර් මිලියන 165 ක පිරිවැයකින් වෙද්දී, ලයිව්-ඇක්ෂන් චිත්‍රපටය ඊට අඩු පිරිවැයකින් තමා නිර්මාණය වී තිබෙන්නෙ. ඒ අගය ඇමරිකානු ඩොලර් මිලියන 150 ක්. පිරිවැය අඩු අගයකින් නිර්මාණය වුනා කිව්වම කාටහරි හිතෙන්න පුළුවන් ලයිව්-ඇක්ෂන් චිත්‍රපටය තුළ ඇනිමේෂන් ගතිය හෝ යම් යම් අඩුපාඩු ඇනිමේෂන් චිත්‍රපටයට සාක්පේක්ෂව අඩුවක් ඇතියි කියලා. එහෙම කිසිඳු අඩුවක් නෑ කියලා කියන්න පුළුවන්. ඉතිං වරින් වර පළ වූ trailers, short clips හමුවේ අපිට බලාගන්න ලැබුනා How to Train Your Dragon ඇනිමේෂන් ෆිල්ම් එකට කිසිඳු ආකාරයෙන් හානියක් නොවන අන්දමින් මේ ෆිල්ම් එක නිර්මාණය කරලා තියෙනවා කියලා. කොටින්ම කියනවා නං මේක මං හිතුවට වඩා හොඳට කරලා තිබුන චිත්‍රපටයක්. ඉතිං How to Train Your Dragon ලොකු රසිකයෙක් විදිහට මේ ලයින්-ඇක්ෂන් මූවි එක නිර්මාණය වෙන කරුණ අහන්න ලැබුනු දවසෙ ඉඳලා මං ඉවසිල්ලක් නැතුව හිටියෙ. 3D ඇනිමේෂන් වලින් දැකපු මකරු ටික ලයිව්-ඇක්ෂන් බලාගන්න ලැබෙනවා කිව්වම How to Train Your Dragon රසිකයෙක්ට ආයේ ඉතිං තව වෙන මොනවද ඕන?! ඇනිමේෂන් චිත්‍රපටයෙ තිබුනු සමහර රූපරාමු එහෙමත් නැත්තම් ශොට්ස් ඒ විදිහටම ලයිව්-ඇක්ෂන් එක තුලදි දකින්න ඇහැට කඳුළක් ඉනුවේ නැතුවාම නෙමේ.
Dean DeBlois මහතා ප්‍රේක්ෂකයාව එහෙමත් නැත්තම් රසිකයාව කිසිඳු ආකාරයකින් කලකිරීමකට පත්වන අයුරින් මේ චිත්‍රපටය නිර්මාණය කර නොමැති වීමත්, එක අතකින් මම මෙහි දකින විශේෂත්වයක්. ඒ වගේම මට මේ චිත්‍රපටය උපසිරැසි ගන්වන්න වෙන් කරවා දුන්නු බයිස්කෝප් සහෘද කැළේ සමාජික සහෝදරයන් වත් ආදරෙන් මේ වෙලාවේ මතක් කළ යුතුමයි වගේම ඔවුනට ස්තූතියි.
How to Train Your Dragon හි ප්‍රධාන මකරු කීප දෙනාව නම සහ වර්ගය රූප සටහන් මඟින් මේ විදිහට පහළින් බලාගන්න පුළුවන්.
01 Night Fury (TOOTHLESS)

02 Deadly Nadder (STORMFLY)

03 Monstrous Nightmare (HOOKFANG)

04 Gronckle (MEATLUG)

05 Hideous Zippleback (BARF & BELCH)

06 Terrible Terror

ලයිව් ඇක්ෂන් චිත්‍රපටය සඳහා තෝරාගත් නළු නිළි පිරිස සහ ඒ ඒ අදාල චරිතයන්,
01 STOICK (Gerard Butler)
02 HICCUP (Mason Thames)
03 ASTRID (Nico Parker)
04 SNOTLOUT (Gabriel Howell)
05 FISHLEGS (Julian Dennison)
06 RUFFNUT (Bronwyn James)
07 TUFFNUT (Harry Trevaldwyn)
08 GOBBER (Nick Frost)
චිත්‍රපටයට අදාලව නිකුත් වූ Behind the scene වගයකුත් මේ විදිහට බලාගන්න පුළුවන්.
2025 ජුනි මස 13 වන දින ලොව පුරා නිකුත් වූ මෙම චිත්‍රපටය මේ වනවිට $520M ආදායමක් ලබාගෙන තිබෙනවා. ඉතිං Dean DeBlois මහතා මේ වෙද්දි මෙහි දෙවැනි චිත්‍රපටයේ වැඩ කටයුතු ද ආරම්භ කර තිබෙනවා වගේම මේ වෙද්දි එහි නිකුත් වන දිනයද ප්‍රකාශ කර තිබුනේ පලමුවැන්න නිකුත් වීමට මාස කීපයකට පෙර. එතැනින්ම හිතාගන්න පුළුවන් නෙ ඔහුට තිබෙන මේ චිත්‍රපටය ගැන තිබුනු ආත්ම විස්වාසය. ඉතිං මේක පවුලේ සැමට එකට හිඳගෙන බලන්න පුළුවන් සුපිරි චිත්‍රපටයක්. කාලෙකින් පරණ මතක මතක් කරගෙනම ලස්සනට බලන්න පුළුවන් චිත්‍රපටයක්. එහෙනම් ඉතිං ඔයාලට ආරාධනා කරනවා මේක බලන්න කියලා. ඉතිං ඒ නිසාමයි චිත්‍රපටය එනකොටම වගෙ උපසිරැසි ගේන්න කියලා හිතුවේ.
උපසිරැසිකරුවෙකු තවත් උපසිරැසියක් නිර්මාණය කරන්නෙ කිසි යම් දෙයක් බලාපොරොත්තුවෙන් නෙමෙයි. තමන්ගෙ කාලය සහ ශ්‍රමය වැය කරමින් පිදෙන මහන්සියක් තමා ඒ ඔයාලට බලාගන්න ලැබෙන්නෙ. දැන් අපි ලබාදෙන උපසිරැසියකට කමෙන්ට් වැටෙන්නෙ බොහොම අතලොස්සක් වගෙ ප්‍රමාණයක්. වෙලාවකට වැටෙන්නෙම නැති තරම්. ඉතිං උපසිරැසිය ලබාගෙන යන වෙලාවෙන් පොඩි වෙලාවක් වෙන් කරලා පුළුවන් හැමෝම කමෙන්ට් එකක් දාගෙන යන්න කියලා ඉල්ලීමක් කරනවා.
එහෙනම් හැමෝටම සුභ දවසක්! ජයවේවා!
How to Train Your Dragon (2025) Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි HQ HDTS/ WEB-DL සහා BLURAY පිටපත් සඳහා අදාළ වේ.
24,765 downloadsDownload How-to-Train-Your-Dragon-2025-Bluray-Update.zip191 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රුක්ෂාන් ඛාන් (රුකා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2021-09-27
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
How to Train Your Dragon (2025) Sinhala SubtitlesSubtitles by
රුක්ෂාන් ඛාන්
Subtitles
40 comments
Gagan
Anonymous
thanks bro
Supun Thiwanka
තෑන්ක්ස් බ්‍රො. සබ් එක දෙනකම් බලන් හිටපු ෆිල්ම් එකක්. එල අදම බාලා බලනවා. තෑන්ක්ස්
Buddhika laKMal
සෑහෙන්න මහන්සිවෙලා මූවිඑක ගැන ලොකුවිස්තරයක් හොයාගෙන ඒක අපිත් එක්ක බෙදාගත්තට ස්තූතියි මචං.......
ඔයාගේ කාලය වැයකරලා මේකට සබ් හැදුවටත් තෑන්ක්ස් රුක්ෂාන් සහෝ.........
ඔරිජිනල් ආපුහම අප්ඩේට් එකක් ඕනේ.......Anonymous
බොහෝම ස්තුතියි.ඔබට ❤️
Sham
Thank you very much....
gihan
හොද කොපියක් එනකන් ඉන්නව.
Anonymous
Thank you for the details
Chaminda Priyanga
නියමයි සහෝ. thank you
Dulan
Thankzz broo
Bhanuka
Well done bro
Agent 47
Yts ma awama balamu. Anyway thanks for the sub macho...
Arawinda
චිත්‍රපටයක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
………බුදු සරණයි – දෙවි පිහිටයි…….. A S HSahan Gayantha
thanks a lot Rukshan saho sub ekata
Chathuranga
Thanks rukshan aiye sub ekata
Anonymous
Thanks machan
Anonymous
Thanks sub ekata
Sandeep Madushan
Thanks brother.. lipiyath supiri.. ✌
Buddhika laKMal
අප්ඩේට් එකට තෑන්ක්ස් මචං
gihan
උපසිරැසියට බොහෝම ස්තුති
Asanga Basooriya
jayama wewaa.. bohoma sthuthii
Kushan Charuka
ස්තූතීයි උපසිරැසියට ... ඔබට ජය වේවා..
Pushpa Keerthi
ගොඩක් ස්තූතියි යාලුවා සබ් එකට. ජයෙන් ජයම වේවා...!!!♥️
Danushka
Thank You Brother for Sub & Details.. ❤
Bhathiya
Thanksss...macho....️
Anonymous
Great work
Bimsara Yashan (ඔලිව)
එනකල් මාර ආසාවෙන් හිටපු ෆිල්ම් එකක්නේ, කිව්ව විදිහටම වෙඩි වගේ උපසිරසත් දීලා. සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ජයවේවා!
Pubudu
Sub Eanam Supiri
Nimesh Darshana
Thanks Brother!
Bhanuka
දිගටම කරගෙන යමු❤️
suresh
Thanks bro <3
Buddhika laKMal
අප්ඩේය්එකට බොහෝම ස්තූතියි සහෝ
Prabath
maru machan maru
Bhathiya
Bluray up karata Thankss macho.
Anonymous
Thanks
Lakshitha dissanayaka
Niyamai brother
Rumesh Jayaranga
Spiriyak brother
Anonymous
Thank u.
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..❤damith niwanthaka
Thanks bro. Jayawewa.....!!!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![How to Train Your Dragon (2025) Sinhala Subtitles | අපිට ඉන්නෙ මකරු! [සිංහල උපසිරසි] [Bluray Update]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2025/07/HTYD-2025-cover-poster-copy.jpg)

සුපිරි