ඔන්න ඉතිං තවත් සිංහල උපසිරැසියක් අරගෙන ආවා. ඔක්කොටම කලින් කියන්න ඕනේ ලැබුවා වූ සිංහල හින්දු නව වසර බයිස්කෝප් ප්‍රේක්ෂකයන්ට සුබම සුබ නව වසරක් වේවා කියලා. ඉතිං හැමදාම වගේ අදත් අරගෙන ආවේ හරිම ලස්සන ළමා චිත්‍රපටයක්. කොටින්ම කිවුවොත් සුපිරිම කොමඩි චිත්‍රපටයක්. මොකද මේකේ රංගනයෙන් දායක වෙන්න ජනප්‍රිය සහ ස…

ඔන්න ඉතිං තවත් සිංහල උපසිරැසියක් අරගෙන ආවා. ඔක්කොටම කලින් කියන්න ඕනේ ලැබුවා වූ සිංහල හින්දු නව වසර බයිස්කෝප් ප්‍රේක්ෂකයන්ට සුබම සුබ නව වසරක් වේවා කියලා. ඉතිං හැමදාම වගේ අදත් අරගෙන ආවේ හරිම ලස්සන ළමා චිත්‍රපටයක්. කොටින්ම කිවුවොත් සුපිරිම කොමඩි චිත්‍රපටයක්. මොකද මේකේ රංගනයෙන් දායක වෙන්න ජනප්‍රිය සහ සුපිරි නළු Adam Sandler. ඇඩම්ගේ චිත්‍රපටයක් කොහොමද කියන්න ඕනේ නෑනේ. මෙයාගේ ෆිල්ම් බලලා තියෙන අය නම් දන්නවා ඇති මෙයාගේ ෆිල්ම් කොහොමද කියලා. දැන් අපි පොඩ්ඩක් මේ ෆිල්ම් එකේ විස්තර ටිකක් බලා ඉමු. කට්ටියනම් කතාව දන්නවා ඇති, මොකද මීට කලින් සයිට් එකේ ලිපියක් පල වෙලා තිබුණ නිසා.
මේක රිලීස් කරලා තියෙන්නේ 2008 වර්ෂයේ. අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Adam Shankman විසින්. මේක ඩොලර් 80,000,000 වියදම් කරලා නිෂ්පාදනය කරලා තියෙන්නේ. ලොව වටා සම්පූර්ණ ආදායම ඩොලර් 212,874,442 ක් ලෙස සටහන් වෙනවා. IMDb දර්ශකයේ මේ සුපිරි චිත්‍රපටයට 6.1 ක අගයක් ලැබිලා තියෙනවා. Comedy, Family, Fantasy යන වර්ගීකරණයන්ට අයත් මෙම චිත්‍රපටය PG ඛාන්ඩයටයි අයත් වන්නේ. ධාවන කාලය පැය 1යි විනාඩි 39 ක්. මේක නිෂ්පාදනය කරලා තියෙන්නේ අපි හැමෝම ආදරය කරන Walt Disney ආයතනය.
චිත්‍රපටය තුළ අපිට ජනප්‍රිය නළු නිලියන් රැසක දකින්න ලැබෙනවා. මේකේ ප්‍රධාන චරිතය වන ස්කීටර් බ්‍රොන්සන්ට රංගනයෙන් දායක වෙන්නේ Adam Sandler විසින්. ජිල් ලෙස Keri Rusell ද, කෙන්ඩල් ලෙස Guy Pearce ද, මිකී ලෙස Russell Brand ද, බැරී නොටින්හැම් ලෙස Richard Griffiths ද, වයලට් නොටින්හැම් ලෙස Teresa Palmer මෙන්ම ඇස්පන් ලෙස Lucy Lawless සහ වින්ඩී ලෙස Courteney Cox තමයි අනෙක් චරිත. ඒ ව්අගේම අපිට මේකේ දකින්න ලැබෙන ළමා චරිත වන පැට්‍රික් සහ බොබී සඳහා පිළිවෙලින් Jonathan Morgan Heit සහා Laura Ann Kesling තමයි දායක වෙන්නේ.
කතාව වෙන්නේ මෙහෙමයි. ස්කීටර් කියන්නේ හෝටල් ව්‍යාපාරිකයෙක්ගේ පුතෙක්. එයාගේ අක්කා තමයි වින්ඩී. ඉතිං මෙයාලා පොඩි කාලේ මෙයාලගේ තාත්තා එයාගේ මොටෙල් එක නොටින්හැම් කියන කෙනාට විකුණනවා. ඒ මොකද එයාගේ ව්‍යාපාරය අසාර්ථක නිසා. හැබැයි ඒක වෙන්නේ පොරොන්දුවක් මත. ඒක තමයි ස්කීටර් ලොකු වෙලා දක්ෂව වැඩ කලොත් අර හෝටලේ එයාට බාරදෙනවා කියන එක. ඉතිං ඔහ්ම කාලේ ගෙවිලා යනවා. ස්කීටර්ගේ හෝටලය දැන් විශාල ව්‍යාපාරයක් බවට පත්වෙලා. ඒත් ස්කීටර්ට එකේ වැඩ කරන්න වෙලා ටියෙන්නේ අළුත්වැඩියා කරන්නෙක් ලෙස. ඉතිං ඔහොම කාලය ගෙවෙද්දී ස්කීටර්ට එයාගේ අක්කාගේ දුවවයි පුතාවයි දවස් කිහිපයකට බලාගන්න ලැබෙනවා. ඉතිං ස්කීටර් එයාලව නිදිකරවන්න කතන්දරයක් කියාදෙනවා. ඒ කතන්දර කියන්නේ එයාගේ සැබෑ ජීවිතයට සම්බන්ධකරලා. ඉතිං පළවෙනි කතාව කියලා පස්සේ දවසෙම ස්කීටර්ට දැනගන්න ලැබෙනවා එයා කියා දෙන කතන්දරය ඇත්තක් වෙනවා කියලා. ඊට පස්සේ… හරි, ඊට පස්සේ කතාව මං කියන්න යන්නේ නෑ. ඒක ඉතිං ඔයාලටම බලලා දැන්ගන්න වෙයි.😃
ඉතිං මේක තමා මගේ පස්වෙනි උපසිරැසි ගැන්වීම. ඉතිං මේකත් කළේ කලින් කරපු චිත්‍රපට හතරේම වගේම ටයිම් ලයින් අළුතින්ම හදලා. ඉතිං, මේ තාක් කරපු චිත්‍රපටවලින් මං ආසාවෙන්ම සබ් කරපු ෆිල්ම් එක තායි මේක. ඉතිං තාම ඔයා මේක බලන්න හිතනවා නම් කියන්න තියෙන්නේ, අනිවාරෙන්ම බලන්න කියලා. මොකද මේක බාගත්තා කියලා ඩේටාවත්, බැලුවා කියලා කාලෙවත් අපතේ යන්නේ නෑ, මොකද මේක හරිම ලස්සන කතාවක් තියෙන ෆිල්ම් එකක්. එක සැරයක් බැලුවොත් අනිවාරෙන්ම තව දෙතුන් සැරයක් බලනවා ෂුවර්😀. පවුලේ හැමෝටම බලන්න පුළුවන් වගේම ඇති තරම් හිනාවෙන්නත් පුළුවන්. ඉතිං යන්න කලින් තව එක දෙයක් කියන්න තියනවා. හැමදාම වගේ කියනවා ඉතිං. ඒක තමා කමෙන්ට් එකක් දාන්න කියලා. චිත්‍රපටය බාගන්න විනාඩි 15 ක් යයි. සබ් එක බාගන්න තප්පර 30ක් යයි. ලිපිය කියෙවුවොත් සමහරවිය විනාඩි 3ක් විතර. ඉතිං චිත්‍රපටය බලන්න විනාඩි 99ක්. ඉතිං ඔය ඉතිං ඔය පැය දෙකකුත් විනාඩි දෙකක් වගේ කාලයට තව තප්පර 30ක් විතර එකත් කරලා කමෙන්ට් අදහසක පල කරන්න. මොකද ඔය උඩ කාලය වගේ දෙතුන් ගුණයක කාලයක් ගත කරලා තමා උපසිරැසිකරුවෙක් උපසිරැසියක් අරගෙන එන්නේ. ඒ ඔබේ අදහසක් විතරක් ගැනීමේ බලාපොරොත්තුවෙන්. හැබැයි සබ් එක 30ක් බාගත්තොත් ඒකෙන් එක්කෙනෙක් වගේ තමයි අදහසක් පල කරන්නේ. ඉතිං කොච්චර මෙහෙම කිවුවත් මේක නොසලකාහැරලා සබ් එක විතරක් බාගෙන යන මිනිසුන් කොච්චර ඇතිද? ආන ඒකයි හැමදාම සිය ගණනක් බාන සබ් එකකට කමෙන්ට් 15ක්- 20ක් වගේ ගාණකින් සීමා වෙන්නේ. ඉතිං අදහසක් පළ කරන් යන්න. අපි ඔබේ අදහසට වෙනම reply නොකලත් ඔය හැම අදහසක්ම එකක් නෑර කියවනවා. ඉතිං එහෙනම් අදහසක පළ කරගෙන යන්න අමතක කරන්න එපා.
හරි එහෙනම් දැන් යන්න තමා යන්නේ. අනිවාරෙන්ම මගහැර ගන්නේ නැතුව Bedtime Stories බලන්න. සුබ දවසක්!
ලැබුවා වූ සිංහල හින්දු නව වසර ඔබ සැමට සුබ නව වසරක් වේවා!
පෙර පලවූ ලිපිය
ඔන්න මට කාලෙකට පස්සෙ හම්බුනා නයිට් ඇට් ද මියුසියම් හා ජුමන්ජි වගේ තවත් කතාවක්..මේක ළමා කතාවක් කියලත් කියන්න පුලුවන්..ඒ වගේම පුංචි ආදර කතාවකුත් මේකෙ තියනව..ඔන්න මම දැන් කතාව කියන්නයි යන්නෙ..දග කරන්නෙ නැතුව අහන් ඉන්න..හික් හික්..එක්තරා සුපිරි හෝටලයක වැඩ කරන පුද්ගලයෙකුට තම සහෝදරියගේ දරුවන් බලාගන්න වෙනව සතියකට…මේ දරුවන් නිදි කරන්න මොහු කථා කියනව..පස්සෙ ඔහුට දැනගන්න ලැබෙනව ඔහු කථා කියද්දි දරුවන් ඒ ගැන කියන දේවල්/දක්වන අදහස් සැබෑ වෙන බව..අමුතුයි නෙද?මම වැඩි විස්තර කියන්නේ නෑ..ඕක තමයි කථාවෙ තේමාව..මෙහෙම බලයක් ලැබුනම මොනවද කරන්න බැරි?නෙද?බලන්නකො කථාව..මල් 7 යි…

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.
4,321 downloadsDownload Bedtime.Stories.2008.zip65 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සචින්ත කල්හාර බෙනට් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2017-12-12
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සචින්ත කල්හාර බෙනට්
Subtitles
59 comments
Tharaka
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ.....!
ඇඩම් සෑන්ඩ්ලර්ගෙ එකක් නං අනිවා බෑමක්....
මෙහෙමයි සහෝ ස්තූතියි කියලා කමෙන්ටුවක් දාන්න බැරි තරං අම්බානක බිසී සිය ගානක් උන මිනිස්සු වෙනුවෙන් නෙමෙයි. ස්තූතියි කියලා යන්න නතර වෙන දහයක් පහලවක් වෙන මිනිස්සු වෙනුවෙන් සබ් කරන්න. මොකද ඒ මිනිස්සු ස්තූතියි කියලා යන්නෙ උන්ගෙ හදවතින්මයි.Jayasanka
Thanks macho sabata.
25002500
Thanks
lakmal chathuranga
tank you sub akata godaaaak niyama film akak wage bagena balanwa a wagema digatama me wage sub karanna jaya wawa !!
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!Kantha_DLA
Request :
High Life (2018)
Storm Boy (2019)
Warfighter (2018)
The Upside (2017)
Welcome to Marwen (2018)
The Perfect Date (2019)
Crypto (2019)
The Upside (2017)Thanks....
yasiru nimsara
Thanks bro sub ekata
waruna123
thank you
malithmadhushan45
බොහොම ස්තුතියි උපසිරසට සහො දිගටම සබ් දෙමු.
කලින් බලල තියෙනවා. අයිමත් සහොගේ සබ් එක්කම බලනව ඔන්න එහෙනම් බගත්තා.හැමෝටම බලන්න කියලා කියනවා සුපිරි ෆිල්ම් එකක් මේක
Kasunsk
Sumuduprasath
තෑන්ක්ස් මචං සබ් එකට, ඉදිරියටත් අපි ඔයාලත් එක්ක
❤️❤️❤️❤️ Good LuckVihanga sathsara
thankss machan sub ekata
MSLS Lucky
Thank You Baiscope!
Hasitha Madush
ස්තූතියි හදවතින්ම
Chanmatara
Thanx සහෝදරයා බලමු Movie එක
Amila...ushan
ළුකෙන් ම පට්ට ස්තුතියි මචං
Crathnayake
Thank u bro
Ranga lakshan
එලම සහෝ. ඔබට ජය
ranga1984
Suba aluth auruddak . Sub good brother ..
raviz
Thank you.....!
ranishkag
Salute for your time and dedication
Wayantha Sandaruwan
thank u saho sub ekata.... jaya wewaa!
Buddhika Lakmal (laKMal)
සබ් එකය බොහෝම ස්තූතියි... ජය වේවා...........
ishaddimuthu.juwana
Thanks bro ,,,balamu comedy eka kohomada kiyala...
harshani11112
ස්තුති මල්ලියා
තෙරැවන්සරණයි
ඉගෙනීමේ කටයුතු එහෙම අතපසු කරගන්න එපා... හොදදPrabhasoft
Thanks Malliya.... Gd Lk......
NimeshGihan
thank you!!
thimira1006
elakiri
Sulakshana Thilakarathna
ඔබගේ මේ කැපවීම ට බොහොමත්ම ස්තූතියි සහෝ!! ජය වේවා.
Sumal Niduka Chandrasiri
Thanks
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
wajira
Thanks for sub
D.Chamara
sub ekata bohoma sthuthi jaya .degatama karagena yamu jaya ...
Thilankadissanayake
thank you
sathnuwan
Thanks
Sandaru welikala
Superb
Dammika alagalla
Ela wadak thawa thawath karagena yan
geethkamal
ela tnx sub ekata. jaya wewa
Sandeepmadushan
Thnx
Rashmika dumidu
Thanx
dil chathu
thanxxxx broooo
veyran
Thank you so much
jagath55
Thanks
sahan wishwajith
thanks bokka
Minethra
සබ් එකට තෑන්ක්ස්
chinthaka_shiwantha
thank uu..best wishes you all,
NishanTharaka
Thnx mchn. thawa sub karanna hakiyawa labewa!!!!!!!!!!!!!!!!!!!
බොබී
නියම වැඩක්. සුබ පතනවා ඉදිරි වැඩ කටයුතු වලට.
Keshara Dilochana
ela ela sub eka patta
Tharu
❤️
Pubudu@0909
Thanks saho sub ekata... hoda movie ekak wage baalama balannamko hodada kyla ...
dragonhero
thanks
Lakshansilva18
උපසිරිසියට බොහොම ස්තුති
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
SUB EKATA GODAK THANKS......