විනී ද පූ. නම කිව්ව හැටියෙ නොදන්නවා වෙන්නනම් බැහැ. ඒත් එාහම කියලා නොදන්න අයව අතරමං කරන්න බෑනේ… ඒ නිසා මුලින්ම අපි කවුද මේ පූ සහ ඔහුගේ අතීතය ගැන හොයලා බලමු… “විනී ද පූ” එහෙමත් නැත්නම් “පූ වලහා” (Poo Bear) කියන්නේ ලොව පුරා බොහෝ පිරිසක් ආදරය කරන චරිතයක්. පූ කියන්නේ ඉංග්‍රීසි ජාතික රචකයෙක් වන A.A Miln…

විනී ද පූ. නම කිව්ව හැටියෙ නොදන්නවා වෙන්නනම් බැහැ. ඒත් එාහම කියලා නොදන්න අයව අතරමං කරන්න බෑනේ… ඒ නිසා මුලින්ම අපි කවුද මේ පූ සහ ඔහුගේ අතීතය ගැන හොයලා බලමු…
“විනී ද පූ” එහෙමත් නැත්නම් “පූ වලහා” (Poo Bear) කියන්නේ ලොව පුරා බොහෝ පිරිසක් ආදරය කරන චරිතයක්. පූ කියන්නේ ඉංග්‍රීසි ජාතික රචකයෙක් වන A.A Milne විසින් ලොවට දායාද කළ ප්‍රබන්ධමය චරිතයක්. anthropomorphic teddy bear හෙවත් මනුෂ්‍යත්වය ආරෝපණය කළ ටෙඩි බෙයාර් කෙනෙක් විදියට තමයි පූ නිර්මාණය වන්නේ. රතුපාට කමිසයක් හැඳි කහපාට වලස් පොඩ්ඩා නොදන්නා කෙනෙක් නොමැති තරම්.
ලෝකයට පූ මුල්වරට පැමිණෙන්නේ 1924 පැමිණි When We Were Very Young පොත තුලින්. ඉතින් A. A. Milne විසින් මේ චරිතය නිර්මාණය කරද්දී අදටත් ආදරය කරන මේ චරිතය සිතුවමට නගන්නේ E. H. Shepard විසින්. කවි පොතක් වෙච්චි මෙහි 38 වෙනි කවිය තමයි “Teddy Bear”. මේ කවිය මුලින්ම පළවූයේ 1924 ම Punch සඟරාවේ. පසුව 1926 දී Winnie-the-Pooh නමින් ස්වකීය ප්‍රබන්දයකින් පූ පැමිණෙනවා. එය ඇසුරෙන් Now We Are Six (1927) The House at Pooh Corner (1928) Return to the Hundred Acre Wood (2009) The Best Bear in All the World (2016) Winnie-the-Pooh Meets the Queen (2016) ලෙසින් පොත් බොහොමයකින් පූ දැකගන්නට ලැබෙනවා.
පූ සමඟ එන චරිත බොහොමයක්ම තිබෙනවා. Milne විසින් පූ චරිතය මෙන්ම එයට සම්බන්ද චරිත කිහිපයක්ම නිර්මාණය කරන්නේ ඔහුගේ පුතාගේ සෙල්ලම් බඩු ඇසුරෙන්. Christopher Robin Milne තමයි පුතාගේ නම. ඔව් හැමෝම දන්නා පූගේ මිනිස් යාළුවා වන ක්‍රිස්ටෝපර් රොබින් චරිතය නිර්මාණය වන්නේ මේ සැබෑ චරිතය ඇසුරෙන්ම තමයි. Milne විසින් තම පුතාගේ සෙල්ලම් බඩු මෙන්ම පුතාවද තම නිර්මාණය තුලට එකතු කරගෙන තියෙනවා. ඉතින් සෙල්ලම් ටෙඩී ඇසුරෙන් තමයි 1924 දී පූ චරිතය නිර්මාණය වන්නේ. ඊට අමතරව තම පුතාගේ Piglet, Eeyore, Kanga Roo සහ Tigger යන සෙල්ලම් බඩු ඇසුරින් milne විසින් පූ ගේ මිතුරන්ගේ චරිත නිර්මාණය කරනවා. එමෙන්ම පූ සමඟ හඳුන්වා දුන් Owl සහ Rabbit චරිත දෙකනම් milne විසින් නිර්මණය කළ චරිත දෙකක්. එමෙන්ම පසු කලෙක ඩිස්නි ආයතනය පූ ගේ අයිතිය ලබාගත් පසු Gopher යන චරිතයද එක් කරනවා. අද වන විට Christopher Robin Milne ගේ සෙල්ලම් සතුන් නිව්යෝර්ක් පොදු පුස්තකාලයේ ප්‍රධාන ශාකාවේ තැන්පත් කර තිබෙනවා. රොබින් ඔහුගේ සුරතල් ටෙඩී ට නම තබා ඇත්තේ ලන්ඩන් සත්තු වත්තේ සිටි විනී නම් වලසා සහ සංචාරයකදී හමු වූ පූ නම් හංසයා ගේ නම් ඇසුරිනුයි.
පූ ගේ කතා නිර්මාණය වන්නේ එංගලන්තයේ ඈශ්ඩවුන් වනාන්තරය ඇසුරිනුයි. පසු කලෙක තම ජීවන කතාව ලියන කිස්ටෝපර් එහි පවසනවා පූ ගේ කතාන්දර වල සඳහන් වනාන්තරය සහ ඈශ්ඩවුන් වනාන්තරය සම්පූර්ණම සමාන බව. එනම් සැබෑ වනාන්තරයේ ස්ථාන කතාන්දරය තුලද එලෙසම නිර්මාණය කර ඇති බවයි.
පොත් වලට අනුව පූ කියන්නේ නොන්ජල් සහ දේවල් සෙමින් තේරුම්ගන්නා චරිතයක්. නමුත් ඔහු සෑමවිටම මිත්‍රශීලීයි, කරුණාවන්තයි සහ විශ්වාසදායි වනවා. නමුත් පූ සහ ඔහුගේ මිතුරන් එක දෙයකට එකඟ වනවා. ඒ ඔහුට “මොළයක් නෑ” කියන දේටයි. එත් වෙලාවකට ඔහුට නුවණැති අදහස් පැමිණෙනවා. සාමන්‍ය දැනීමෙන් සමහර දේවල් සිදු කරනවා. ඒකට නිදසුනක් විදියට දිනක් ක්‍රිස්ටෝපර් රොබින්ගේ කුඩයෙන් මඩවගුරක ගිලෙමින් සිටි ඌරු පැටියව බේරගන්න එක දක්වනවා. පූ කෑම වලට ලොකු කැමැත්තක් දක්වනවා. විශේෂයෙන්ම පැණි වලට “පෙරේතයි”. ඒ වගේම මුදවපු කිරි සහ අනෙක් දේවල් වලටත් කැමතියි. පූ සමාජශීලී කෙනෙක්. ඔහු නිතරම මිතුරු ක්‍රිස්ටෝපර් හෝ ඌරුපැටියා සමඟ කාලය ගත කරනවා. ඒ වගේම පුරුද්දකට වගේ අනෙක් සතුන් බැලීමටද යන්නට කැමතියි. ක්‍රිස්ටෝපර් රොබින් තමයි පූගේ මිනිස් මිතුරා. ඔහු පාසල් යාම සඳහා බෝඩිම් පාසලකට යන තුරුම පූ සමඟ වනයේ කාලය ගත කරනු ලැබුවා.
1930 දී Stephen Slesinger විසින් “Winnie-the-Pooh” වෙළඳ නාම අයිතිය ලබාගන්නවා. ඒ ඩොලර් 1000 ක අත්තිවාරමකට සහ අදායමෙන් 66% ක මුදලකටයි. මේ අතියිය ඇමරිකාව සහ කැනඩාව තුල වෙළඳ බඩු වලට, පටිගතකිරීම් වලට සහ රූපවාහිනිය සඳහා විය. 1931 නොවැම්බර් වන විට පූ වසරකට ඩොලර් මිලියන 50 ක ව්‍යාපාරයක් බවට පත් වූවා. ස්ටෙෆන් විසින් වසර 30 කට වඩා පූ ගේ වෙළඳ නාම අයිතිය හිමිව සිටියා. මේ කාලයේ පළමු පූ ටෙඩී බෙයාර් නිර්මාණය කරනු ලැබුවා. එමෙන්ම පටිගත කිරීම්, පුවරු ක්‍රීඩා, ප්‍රෙහේලිකා, ගුවන්විදුලි විකාශන, ඇනිමේෂන් නිර්මාණ සහ චලන සිනමාපට නිර්මාණය වූවා.
1924 සිට කලුසුදු පැහැයෙන් නිර්මාණය වූ පූ 1932 දී මුල්වරට වර්ණ ගන්වනු ලැබුවා. ඒ ස්ටෙෆන් ස්ලෙසින්ගර් විසින්. මෙහිදී ඔහු පූ ගේ කමිසය රතු පැහැයෙන් නිර්මාණය කරනවා. එය කෙතරම් සාර්ථකද යත් අදටත් පූගේ කමිසය පැමිණෙන්නේ රතු පැහැයෙන් ය. 1933 දී පළමු පූ ක්‍රීඩාවක් ද රතු කමිසය සහිතව පැමිණෙන අතර 1940 දී රතු පැහැය සහිත පළමු සේද ටෙඩී නිර්මාණය වනවා.
1953 දී ස්ලෙසින්ගේ මරණයෙන් පසු ඔහුගේ බිරිඳ පූ ගේ කටයුතු කළ අතර ඇය 1961 දී තමන්ට කතෘභාගයක් තබාගෙන වෝල්ට් ඩිස්නි ආයතනයට පූගේ බලපත්‍ර ලබා දෙන අතර එම වසරේම Milne ගේ වැන්දබු බිරිඳ විසින් ඩිස්නි හට පූ ගේ සම්පූර්ණ අයිතිය ලබා දෙනවා. එයට චලන සිනමාපට අයිතිය පවා ඇතුලත් වූවා. මෙයින් පසුව ඩිස්නි විසින් 1966 සිට පූ පාදක කරගත් නිර්මාණ එළිදක්වනට පටන් ගනු ලැබුවා.
ඉහත ලිපිය ලිව්ව තිසර නියෝ සහෝට ස්තුතිවන්ත වෙන ගමන් තවත් කරුණු ටිකක් ගැන බලමු.
මේ තමයි විනී ද පූ පළමු ඇනිමේටඩ් ෆීචර් චිත්‍රපටය. 1977දි නිකුත් වුණු මේ චිත්‍රපටයට IMDbහි 7.6ක ලකුණු ප්‍රමාණයක් හිමි වෙලා තියෙනවා. අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ John Lounsbery සහ Wolfgang Reitherman විසින්. ඉතින් පරණ වුණාට ඉතාමත් ලස්සනට තියෙන, විනෝදයෙන් හිනා වෙලා බලන්න පුලුවන් චිත්‍රපටයක් කියලා අමුතුවෙන් කියන්න දෙයක් නැහැ නෙවැ. මේ දිනවල ගෙදර ඉන්න පොඩ්ඩන්ට බලන්න පුලුවන් මේ නිවාඩුවෙ. ලස්සන කතාවක්.
තවත් දෙයක්, ඔයාලට මතකද දන්නෙ නෑ යාළුවනේ 2017 අවුරුද්දේ නිකුත් වුණ Goodbye Christopher Robin (2017) චිත්‍රපටය. කැමතිනම් ඔයාලා ඒකත් නරඹන්න… කොහොමද විනී ද පූ කියන චරිතය ඉපදෙන්නේ, මොනවද ඒ සඳහා පසුබිම් වුණු කරුණු සහ ඒ පසුපස තිබුණු සුන්දර සහ ඇතැම්විට කටුක අද්දැකීම් අපිට ඒ චිත්‍රපටයෙන් බලාගන්න පුලුවන් වුණා. ඉතින් ඒකත් බලන්න ආරාධනා කරනවා.
මේක බැලුවට පස්සේ බලන්න පුලුවන් තවත් ලස්සන ලයිව් ඇක්ෂන් චිත්‍රපටයක් පහුගිය අවුරුද්දේත් නිකුත් වුණා. ඒක ඉතින් නමින් Christopher Robin (2018) ඒකත් මග ඇරගන්න එපා.
එහෙනම් අදට සමුගන්නවා.
ජය…

![]()
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි සියලුම BR පිටපත් සඳහා අදාළ වේ.
1,479 downloadsDownload The.Many_.Adventures.Of_.Winnie.The_.Pooh_.1977.zip104 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/02/S-lashen-Pic-new.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “එල්.සී.දමැල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2015-02-06
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
එල්. සී. දමැල්
Subtitles
10 comments
සචින්ත කල්හාර බෙනට්
Hashan M. Priyadarshana
Thank you saho
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ......
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
Thilina Jayarathna
thx bn
e vagema The Professor and the Madman mekta denna blnna vatina film 1
Tharaka
THANKS.....................
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!TMK
thanks
TMK
thanks...
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

බොහෝම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට.
කාලෙකින් බලන පරණ ඇනිමේෂන් එකක්.
නියමයි. ජයෙන් ජයම වේවා...!