මේක තමා මගේ පළමු උපසිරසි නිර්මාණය. හැමදාම බයිස්කෝප් එකට ඇවිත් උපසිරස බාගන්න එකේ මටත් හිතුන චිත්‍රපටයකට උපසිරස නිර්මාණයක කරන්න. ඒත් ඒක හිතන තරම්ම ලේසි නෑ කියල තේරුනේ ටිකක් කරගෙන යනකොට තමයි. බයිස්කෝප් එකේ සෙට් එක අපිට උපසිරසක් දෙන්න කොච්චර නම් කට්ටක් කනව ඇතිද කියල තේරෙන්නෙ දැන් තමයි. මේ ටිකේ පොඩි නිව…

මේක තමා මගේ පළමු උපසිරසි නිර්මාණය. හැමදාම බයිස්කෝප් එකට ඇවිත් උපසිරස බාගන්න එකේ මටත් හිතුන චිත්‍රපටයකට උපසිරස නිර්මාණයක කරන්න. ඒත් ඒක හිතන තරම්ම ලේසි නෑ කියල තේරුනේ ටිකක් කරගෙන යනකොට තමයි. බයිස්කෝප් එකේ සෙට් එක අපිට උපසිරසක් දෙන්න කොච්චර නම් කට්ටක් කනව ඇතිද කියල තේරෙන්නෙ දැන් තමයි. මේ ටිකේ පොඩි නිවාඩුවකුත් හම්බුන නිසා වැඩේ දිගටම කරගෙන ගියා. මට සතියක් වගේ ගියා මේක ඉවර කරන්න.
ඇත්තටම මම මේකෙ උපසිරස කරන්න හිතුවෙ මේකෙ දෙවන චිත්‍රපටය විදියට Beetlejuice 2 ලබන අවුරුද්දෙ තිරගත් වීමට තියෙන නිසයි. මේකත් එක්ක ඒකෙ සම්බන්ධයක් තීනවද කියල නම් මම දන්නෙ නෑ.
චිත්‍රපටය ගැන පොඩ්ඩක් කිව්වොතින්, මේක 1988 තිරගත වෙච්ච චිත්‍රපටයක්. ටිකක් පරණයි වගේ පෙනුනට මේකට හිමිවෙලා තීන IMDb අගය දැක්කම පෙනෙයි මේක සුපිරි කතාවක් කියල. ඒවගේම මේක ඔස්කාර් සම්මාන එකක් හා තව සම්මාන හතකට හිමිකම් කියල තීනව වගේම තවත් සම්මාන දහයකට නිර්දේශ්වෙලා තීනව. මේක අධ්‍යක්ශනය කරල තීන්නෙ Tim Burton අධ්‍යක්ශවරය විසින්. මේ නම අපහපු ගමන්ම මතක් වෙනවනෙ Miss Peregrine’s Home for Peculiar Children (2016 ), ඒවගේම 2017 තිරගත විමට නියමිත Beetlejuice 2 චිත්‍රපටයත් මෙයාගෙම තමයි.
කතාව ගැනත් කෙටියෙන් කියනවනම්, තරුණ ජෝඩුවක් හදිසි අනතුරකින් මිය යනව. ඒත් එයාල මේ ගෙදරම ඉස්සර වගේම ජීවත්වෙනව. ඒ අතරෙ මේ ගෙදරට අලුත පදිංචියට අලුතෙන් කට්ටියක් එනව. ඉතින් ඒ කට්ටිය එලව ගන්න මේ ගොල්ලො භූත කට්ටඩියෙක් ගෙන්නවනව. ඉතින් ඒ කට්ටඩියත් එකක් මේගොල්ලො කරන වැඩ තමයි මේකෙ තීන්නෙ.
විශේෂයෙන්ම කියන්න මේක මගේ පළවෙනි උපසිරස නිර්මාණය. ඒක නිසා වැරදි අඩු පාඩු ගොඩාක් ඇති. ඒවට සමාවෙන ගමන් comment එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා.
Due to copyright issues, we do not provide any torrent links.
Beetlejuice.1988.BluRay.720p.x264.YIFY
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
225 downloadsDownload Beetlejuice.1988.Baiscopelk.com_.zip37 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/01/SusithaPushpa-e1483571924793.jpeg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුසිත පුෂ්පකුමාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සුසිත පුෂ්පකුමාර
Subtitles
37 comments
Web-බුවා
සුසිත
ස්තුතියි සහෝ! පලවෙනි එක නිසා එතරම්ම රසවත් නැතුව ඇති. ඊලග එක තවත් හොදට කරන්න උත්සහ කරනවා
Tharaka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ!
ජය වේවා!
බුදු සරණයි!සුසිත
ස්තුතියි සහෝ!
සනත් ගුණතිලක
thanks bro
සුසිත
ස්තුතියි සහෝ!
Susitha Pushpakumara
ස්තුතියි සහෝ!
දිනේෂ් අකලංක
පලවෙනි ෆිල්ම් එකම හොද කොමඩියක් තෝර ගෙන..ජයවේවා සහෝ..ඉස්සරහට තව සබ් කරන්න..
Susitha Pushpakumara
ස්තුතියි සහෝ!
අසිත
අම්මෝ මේක දෙනකම් කොච්ච්ච්ර කල් බලන් හිටියද??
සබ් නැතිව බලන්න කම්මැලි හිතුනා
ජය වේවා!!!!Susitha Pushpakumara
ස්තුතියි සහෝ!
කවිදු පෙරේර.
ගොඩක් ස්තූතියි මචන්...
Susitha Pushpakumara
ස්තුතියි මචං
අසංක ප්‍රදීප් රණතුංග
ඉස්සෙල්ලම බයිස්කෝප් අඩවියට සාදරයෙන් පිලිගන්නවා. දෙවනුව ගොඩාක් උපසිරසි කරුවන් එච්චර කැමැත්තක් නොදක්වන තරමක් පැරණි එහෙත් ජනප්‍රියක් චිත්‍රපට ඔබගේ උපසිරසිකරණය ආරම්භයට යොදාගැනීම ගැන ස්තුති කරනවා. ඉතින් සුපුරුදු විදියට මම අනිත් ඔක්කොම නව උපසිරසි කරුවන්ට දෙන උපදෙස ඔයාට දෙන්නම්. මේ ගමන යද්දී ඔයාට මල් වගේම ගල් මුල් පවා වදින්න පුළුවන්. ඒක හින්ද ඉවසීමෙන් මේ පටන්ගත්ත ගමන යන්න. පුළුවන් නම් ඔයාටම අවේනික ආකාරයේ චිත්‍රපට උපසිරසි කරණයට යොදා ගන්න එතකොට ඔයාටම වෙන්වූ රසිකයින් පිරිසක් හදාගන්න පුළුවන් වේවි.
ඒවගේම දිගටම පැරණි චිත්‍රපට නම් දෙන්න හිතන් ඉන්නේ කවදාවත් ඩවුන්ලෝඩ් ප්‍රමාණය සහ නරබුම් ප්‍රමාණය ගැන හිතන්න එපා. මොකද අනිවාර්යයෙන් අඩු ගණන් ටිකක් තමා ඔයාට පෙන්නේ චිත්‍රපටය කොච්චර හොඳ උනත්. ඒ උනත් සතුටුවෙන්න සිය දෙනෙක් චිත්‍රපටය බාගත කර ගත්තත්. මොකද ඒ සීයම එම චිත්‍රපටයට ඇත්ත රසිකයෝ හින්ද.
අවසාන වශයෙන් මේ පටන් ගත්ත ගමන දිගටම යන්න අවශ්‍ය වෙලාව සහ ශක්තිය ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා.
බුදු සරණයි....!
Susitha Pushpakumara
බොහොම ස්තුතියි දිරිගැන්වීමට.
Kantha_DLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
ස්තූතියි.......චරිත්
ජය වේවා.. ස්තූතියි සහෝදරයා..
Susitha Pushpakumara
ස්තුතියි සහෝ!
නවින් නිසල්
✦✦✦✦✦උපසිරසියට ස්තුතියි . උබේ හින්දා ඩව්න්ලෝඩ් කරගෙන බලන්නම් . ජය වේවා !! ✦✦✦✦✦
Susitha Pushpakumara
ස්තුතියි සිප්පියෝ !!
Rumesh nilantha jayaweera
උපසිරසියට ස්තුතියි digatama karamu
Susitha Pushpakumara
ස්තුතියි සහෝ!
mithun
The rundown 2003
මෙකට සබ් එකක් දාන්නකො සහෝ ඇයි දන් නෑ මෙච්චර ෆිල්ම් දෙනව මෙවගෙ සුපිරි ෆිල්ම් වලට සබ් නැත්තෙ උපසිරැසි ගන්වල නෑ කවුරුත්බොහොම ස්තුතියි දිගටම සිංහල සබ් කරන්න
Susitha Pushpakumara
ස්තුතියි සහෝ! මම ඕක දෙන්න උත්සහ කරන්නම්.
Kulanjana Maduranga
G’luck for the 1st attempt Bro.Great work & Lot of thanks.Me wge idiriyatath sub denna shakthiya labewa…Baiscope 1th ekka digu gamanak yamu….jaya wewa………..
Susitha Pushpakumara
thankz bro
දිල්ශාන් සචින්ත
නියමයි සහෝ දිගටම සබ් දෙමු ජය
Susitha Pushpakumara
ස්තූතියි මචන්
Nuwan Dewapriya Disanayaka
dan nam site eka supiri saho..digatama wade karagena yamu...
all the bestChalana Rukshan
thnx bro...
Amila Mudalige
Good Luck! chn susithaya Thanks ban sub ekta
Susitha Pushpakumara
තැන්ක්ස් මචං
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
shalika
thanks bro
හීන් බණ්ඩා
පට්ට සහෝ.. ඔයාලට ජයෙන් ජය.. අපි වගේ ඉංග්‍රීස් බැරි උන්ට ෆ්ලිම් එකක් බලන්න සහයෝගය දෙන ඔයාලට පට්ටම ස්තුතියි..
Amalka Himeshan
Thanks sub ekata
sasanka sathyajith
Thanks for the sub
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

පලවෙනි වැඩේට බොක්කෙන්ම සුභ පතනවා සහෝ!
ඔහොම යමු. තද තද :D