Watch Trailer

Bend It Like Beckham (2002) Aka Kick It Like Beckham Sinhala Subtitles | ඉන්දියානු යුවතියගේ පාපන්දු සිහිනය [සිංහල උපසිරසි]

අයුබෝවන් යාළුවෝ හැමෝටම.. තවත් ලස්සන සුබ දවසක් වේවා.. මම 50වෙනි උපසිරසියට ලං වෙලා ඉන්න කාලේ දවසක් ලෂාන් සහෝදරයා මාත් එක්ක චැට් කරලා මේ චිත්‍රපටය අරගෙන කරන්න, ලස්සනයි කියලා කිව්වා. එවෙලෙම මං චිත්‍රපටය බාගත්තත් බාර අරන් තිබුණු චිත්‍රපට හා මං පෙලගස්වන් හිටිය චිත්‍රපට නිසා ටිකක් විතර පරක්කු වුනා සිංහල ස…

අයුබෝවන් යාළුවෝ හැමෝටම.. තවත් ලස්සන සුබ දවසක් වේවා..

මම 50වෙනි උපසිරසියට ලං වෙලා ඉන්න කාලේ දවසක් ලෂාන් සහෝදරයා මාත් එක්ක චැට් කරලා මේ චිත්‍රපටය අරගෙන කරන්න, ලස්සනයි කියලා කිව්වා. එවෙලෙම මං චිත්‍රපටය බාගත්තත් බාර අරන් තිබුණු චිත්‍රපට හා මං පෙලගස්වන් හිටිය චිත්‍රපට නිසා ටිකක් විතර පරක්කු වුනා සිංහල සබ් හදන්න. අවසානයේ අද මං ඔයාලට ඒ චිත්‍රපටය අරන් ආවා. ලෂාන් සහෝ.. ඔයාට බොහොම ස්තූතියි.. මේ චිත්‍රපටය මට හඳුන්වා දී මේ චිත්‍රපටය සඳහා උපසිරසි වෙන් කරදී දැකුවූ සහයෝගයට.

Bend It Like Beckham

ඉන්දියානු සංස්කෘතිය තුල බොහෝවිට දකින්න තියෙන්නේ ගැහැණිය ගෙදරටම කොටු වී ස්වාමියාගේ දරුවන්ගේ වැඩ පල කරන ඒ සඳහාම කැපවී සිටින කෙනෙක් ලෙසයි. ඇයට ක්‍රීඩාව නම් තහනම්. එය ඉන්දියාවෙන් පිටත වුනත් වෙනත් රටක ස්ථිර පදිංචිව සිටියත් බම්රා පවුලටනම් ඒ නීතිය එහෙමමයි. ඒත් බම්රා මහතාගේ දෙවනි දුව පාපන්දුවට දැඩි ආශාවක් ඇතුවා සේම පාපන්දු ක්‍රීඩාවටද දක්ෂකම් දක්වනවා. යන එන වෙලාවේ ඉඩ පහසුකම් ඇති වෙලාවක ඇය ටිකක් සෙල්ලම් කරනවා. පසුව ඇය ගෙදරට හොරා, රහසේම තම පුහුණුවීම් කටයුතු කරගෙන යන්නේ මගදි හමුවන ජූල්ස් නම් යහළුවෙක් සමගයි. දහසක් නීති අතරේ, තම ජාතියේත් පවුලේත් ගෞරවයටත්, තම උපන් රටේ නාමයටත් කැළලක් නොවෙන ලෙස පාපන්දුවෙන් ලොව දිනන්න වෙර දරන ඉන්දියානු යුවතිය ජෙස්ම්නිදර්ගේ කතාව තමයි මේ.

චිත්‍රපටයේ කතාව සහ අධ්‍යක්ෂණය Gurinder Chadha විසිනි. තවද ඇය නිෂ්පාදනයෙන් හා තිර රචනයෙන්ද සහය වී ඇත. ඇයට අමතරව නිෂ්පාදයෙන් Deepak Nayare සහ රචනයෙන් Paul Mayeda Berges, Guljit Bindra එකතු වී ඇත. සංගීතය Craig Pruess විසිනි. රංඟනයෙන් ජෙස් බම්රා ලෙස Parminder Nagra, ජුලියට් ලෙස Keira Knightley, ජෝ ලෙස Jonathan Rhys Meyers, මෝහන් බම්රා ලෙස Anupam Kher, ටෝනි ලෙස Ameet Chana ඇතුළු නළු නිලියන් රැසක් එකතු වී ඇත.

මෙම චිත්‍රපටය ප්‍රථමයෙන් 2002 අප්‍රේල් 12 වන දා එක්සත් රාජධානියේත්, 2002 ඔක්තෝබර් 3 වන දා ජර්මනියේත් සහ 2003 මාර්තු 12 වනදා ඇමරිකා එක්සත් ජනපදයේත් තිරගත වී ඇත. විනාඩි 112ක ධාවන කාලයකින් යුත් මෙම චිත්‍රපටයේ නිෂ්පාදන පිරිවැය ඇ.ඩොලර් මිලියන 6 ක් වන අතර බොක්ස් ඔෆීස් ආදායම ඇ.ඩොලර් මිලියන 104.6 ක් පමණ වේ. IMDb දර්ශකයේ 6.6ක්, Rotten Tomatoes 85% ක අගයක් ලැබී ඇත. Google පරිශීලිකයින්ගෙන් 85%ක කැමැත්ත මෙම චිත්‍රපටයට ලැබී ඇත.

නැවත වරක් ලෂාන් සහෝදරයාට මගේ ස්තුතිය පුදකරමින් අදට මං ගිහින් එන්නම්. ආපහු දවසක මේ වගේම තවත් චිත්‍රපටයකට සිංහල උපසිරසියක් අරන් එනකන් ඔයාල හැමෝටම නිරෝගිමත් සුබ දවසක් වේවා…

~ ජය වේවා ~

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.

2,291 downloadsDownload Bend-It-Like-Beckham-2002-Aka-Kick-It-Like-Beckham.zip49 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රොෂාන් ශමීර ජයසිංහ ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2019-03-30
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

රොෂාන් ශමීර ජයසිංහ

Subtitles

2,291 downloadsDownload Subtitles49 KB

24 comments

  1. Priyantha Dayakeerthi

    රොෂාන් සමීර ජයසිංහ සොයුර,
    ඔබේ මෙම සිංහල උපසිරසියටත් ස්තුතියි, බොහෝ විට වෙබ් එකට ආවහම බලන්නේ ඔබේ නමින් සබ් එකක් තියනවද කියලා.
    සම්මාන නිර්දේෂිත ඒවාට මමත් කැමතියි. බලන්න ඩවුන්ලෝඩ් කළා. ස්තුතියි ඔබේ වෙහෙසට!!!

  2. indika75

    thanks..

  3. එල්.සී. දමැල්

    මෙව්ව නොබලන දෑස් ඉතින් වැඩක් නෑ. බලන්න ලැබුණු හොඳම ෆිල්ම් එකක්. ස්තුතියි උපසිරසට.

    1. Anonymous

      eththa kathawa

  4. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  5. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  6. Anonymous

    bohoma sthuthiy

  7. nirmal

    English ෆිල්ම් එකක් උනාට මේකෙ හින්දි කට්ටියනෙ බාගයක්ම රඟපාන්නෙ.අපරාදෙ. නැත්තං බලන්න තිබ්බා.මටනං හින්දි අප්පිරියයි.වැරදිලාවත් බලන් නෑ..ශාරුක් හිටියොත් ඇරෙන්න. කලින් දුන්න වගේ English film වලටම සබ් දෙන්න.මොනා උනත් සබට තුති සහෝ..

    1. Anonymous

      සිරාවට? :( ඒක ඉතින් ඔයාගෙ රසවින්දනේ තමා. මේක සම්මානෙකට පවා නිර්දේශ ලබපු සුපිරි ස්ටෝරිලයින් එකක් තියෙන කතාවක්.

    2. nirmal

      හ්ම්ම්..මම දන්නෙත් නෑ ඇයි හින්දි බලන්න බැරි කියල.සමහරවිට ෆිල්ම් එක මැද්දෙන් නටන සින්දු දාන එක,වෙන්න බැරි අතාත්වික ස්ටොරි ලයින්,ගොං ජෝක්,poor cinematography ,සමහර නළු නිළියන්ගෙ poor acting, over-rated movie reviews [සමහර බයිස්කෝප් එකේ ලිපිත් ] හේතු වෙන්න ඇති.සමහරවිට ඉන්දියාව මට පොඩි කාලෙ ඉඳල ඇලජික් හින්ද වෙන්නත් ඇති.කොහොම උනත් ශාරුක්,කාජල්,අමීර් කාන් හිටියොත් නම් ඕන එකක්.අනික 2015න් පස්සෙ ආපු ගොඩක් ෆිල්ම් මෙලෝ රහක් නෑ. ඒව බලල ෆිල්මුත් එපා උනා. 2000ට කලින් ඒව ඇරෙන්න දැන් නම් වැරදිලාවත් හින්දි බැලෙන්නෙ නෑ .හින්දි සිනමාව ගැන කලකිරිල ඉන්නෙ.මොකද ඊට වඩා සිය දහස් ගුණයක් හොඳ වෙනත් භාශා වල සිනමා කර්මාන්ත ලෝකෙ තියෙන හින්ද.English[US,England,canada,Australia],Spanish,Russian,Korean,French,Thai,German also south indian[Malayalam,Telugu & kannada]

  8. ශාමල් මනෝජන්

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.

    හැකි අයුරින් පැරණි චිත්‍රපටම දිගටම ලබාදෙන ලෙස ඉල්ලමි.

  9. akeel

    thank you for the sub..

  10. akeel

    thank you very much for the sub..

  11. Supun Kaushalya

    තෑන්ක්ස් සහෝ

  12. Buddhika Lakmal

    ♠♣...බොහෝම ස්තූතියි උපසිරැසියට... ♠♦

    1. Anonymous

      Thank uou

  13. gayan

    thank you

  14. Anonymous

    Thank you

  15. Anonymous

    Thanks

  16. kanishka

    bohoma sthuthi saho sab ekata.good luck.!!!

  17. chaamikara

    පරණ ෆිල්ම් වලට සබ් දෙන්නෙ බයිස්කෝප් විතරයි..thank you brother.good luck.!!!

  18. Lakshansilva18

    thanks, primal fear ekata sub dennako

  19. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  20. viraj

    thanks..........