සයිබර් හැකර් කෙනෙකු සහ වෙනත් විදියක ආයුධයක් භාවිතාකර බැංකුවක් මංකොල්ලකන කෙනෙකු අතර වැඩි වෙනසක් නැත. ඔවුන්ගේ එකම අරමුණ සොරකම් කිරිමයි. ඩිජිටල් ලෝකයට සාදරයෙන් පිළිගනිමු! ඔබ මේ ජීවත් වෙන්නේ ඩිජිටල් යුගයකයි.ඒ ඩිජිටල් ලෝකයේ අප අපගේ සියලූම දෛනික කටයුතු පෞද්ගලික තොරතුරු එකී මෙකී නොකී සෑම දෙයක්ම අන්තර්ජාලය…

සයිබර් හැකර් කෙනෙකු සහ වෙනත් විදියක ආයුධයක් භාවිතාකර බැංකුවක් මංකොල්ලකන
කෙනෙකු අතර වැඩි වෙනසක් නැත. ඔවුන්ගේ එකම අරමුණ සොරකම් කිරිමයි.
ඩිජිටල් ලෝකයට සාදරයෙන් පිළිගනිමු!
ඔබ මේ ජීවත් වෙන්නේ ඩිජිටල් යුගයකයි.ඒ ඩිජිටල් ලෝකයේ අප අපගේ සියලූම දෛනික කටයුතු පෞද්ගලික තොරතුරු එකී මෙකී නොකී සෑම දෙයක්ම අන්තර්ජාලයේ දත්ත ගබඩා වල තැම්පත් කර අන්තර්ජාලය හරහා සෑම සේවාවක්ම පහසුවෙන් සිදුකර ගන්නට පටන් ගත්දා පටන් අපට නොපෙනෙන පිරිසක් අපටත් නොදැනීම අපව පාලනයට නතුකරගෙන තිබෙන බව ඔබ දන්නවාද? හිතාගන්නත් බෑ නේද? මා දැන් කීමට උත්සහා කරන්නේ හැකර්ලා ගැනම නෙවෙයි. මුලින්ම බලමු මුලින් කී අපට නොපෙනෙන පිරිස කොහොමද අපිව පාලනය කරන්නේ කියලා.
සරළවම මෙහෙමයි වෙන්නේ ඔයා නිතරම ආහාර අන්තර්ජාලය හරහා ඇණවුම් කරන කෙනෙක් ඔයා නිතරම ඇණවුම් කරන්නේ ඔයා වැඩිපුරම කැමති ආහාරනේ ඉතින් මේක ගැන ඔයා වගේම ඔයා ආහාර ඇණවුම් කරන්න පාවිච්චි කරන අන්තර්ජාලයේ තිබෙන ඇප් එක හරි වෙබ් අඩවිය හරි අයිති සමාගමත් දන්නවා ඔයා කැමති ආහාර වර්ග මොනවද? ඔයා උදේට වැඩිපුර කන්නේ මොනවද දවල්ට රෑට මොනවගේ දේවල්ද ආදීවශයෙන්! මේක ඔයාට මහලොකු දෙයක් නෙවෙයි කියලා හිතෙන්න පුලුවන් නමුත් මේක තව කෙනෙක්ට මහ මෙරක් මොකද අන්තර්ජාලය හා සම්බන්ධ අපරාධයන් ගැන නිර්වචනය කරද්දි නිතර අහන්නට ලැබෙන වාක්‍යයක් තමයි Information Is Wealth (තොරතුරු ධනය වේ) කියන්නේ! ඇත්තට ඔයාගේ මේ දත්තයන් පාවිච්චි කරලා මොනවා කරන්න බැරිද? තව උදාහරණයක් දෙන්නම් ඔයා තවත් අන්තර්ජාල සේවා සපයන තැනක ඔයාගේ පෞද්ගලික තොරතුරු හැමදෙයක්ම ඇතුලත් කරලා තියනවා ඔයා හිතන්නේ මේක දන්නේ තොරතුරු ඇතුලත් කරපු සමාඟම විතරයි කියලා ඔයාට අනුව එහෙම තමයි ඇතැම් අවස්ථාවලදි ඒ සමාඟමවත් දන්නේ නෑ තමන්ගේ පරිශීලකයින්ගේ තොරතුරු අවභාවිතා වෙන බව, මොකක්ද මේ දත්ත අවභාවිතාව කියන්නේ? ඒක ඔයාටම බලාගන්න සරළ ක්‍රමයක් කියන්නම්. ඔයා සමාජජාලා වෙබ් අඩවි පාවිච්චි කරන කෙනෙක් නම් හොඳට බලන්න මොනවා හරි කෑමක් ඇණවුම් කරාම හරි එහෙම නැත්තන් මොනවා හරි නිෂ්පාදනයක් ගැන අන්තර්ජාලයේ සෙවීමක් කරාට පස්සේ හරි පොඩ්ඩක් බලන්න ඔයාගේ සමාජ ජාලා අඩවියට ගිහිල්ලා ඔයා ඇණවුම් කරපු කෑම ගැන ඔයා හොයපු නිෂ්පාදනය ගැන ගොඩක් දැන්වීම් ඔයාගේ සමාජජාලා පිටුව එහෙම නැත්තන් ඊමේල් ගිණුම පිරිලා තියෙයි.
කොහොමද එහෙම වෙන්නේ? ඔයා ඇණවුම් කරද්දි එහෙම නැත්තන් සෙවීම කරද්දි ඔයා ගැන තව කෙනෙක් තව පිරිසක් එහෙමත් නැතිනම් පරිගණක ඇල්ගොරිතමයක් බලාගෙන ඉන්නවා. ඔයාගේ තොරතුරු ග්‍රහණය කරගන්නවා. ඊට පස්සේ ඔයා කැමති කැමති දේවල් පෙන්නලා ඔයාව ඒවා ගැන බලන්න, මිලදි ගන්න යන්නට යොමුකරවනවා. අපිට උවමනා කරන දෙයක් ගැන දැන්වීමක් දෙකක් එන එක ගැටළුවක් නොවෙන්න පුලුවන් නමුත් අපිට කියන්නේ නැතුව අපේ ගෙදරට ඇවිල්ලා කවුරුම හරි අපේ දෙයක් අරගන්නවට අපි කැමතිද? නෑ නේද? ඒවගේම අපේ විස්තර අපිට කියන්නේ නැතුව අරන් අපටම විරුද්ධව හරි පක්ෂව හරි පාවිච්චි කරන එක හරිද? උත්තරය ඔයාම හිතාගන්න. පක්ෂව පාවිච්චි කරාට කමක් නෑ විරුද්ධව පාවිච්චි කරොත්?
ඉතින් කොහොමින් හරි අද ලෝකේ 99% ක්ම වැඩ කරගන්න යද්දි අන්තර්ජාලය හරහා සේවා සපයන අයගේ සහයෙන් තමයි කරන්න වෙලා තියෙන්නේ! ඒ අතර ආහාර පාන,ඇඳුම් පැලඳුම්,භාණ්ඩයන් වගේම විවාහ මංගල යෝජනා පවා තිබෙනවා. මේ සේවාවන් අන්තර්ජාලයෙන් අපට එපා කියලා අයින් වෙන්න බැරි අවස්ථා ඕන තරම් තියෙනවා. එහෙම කරොත් එක්තරා විදියකට අපි තනිවෙනවා. උදාහරණයකට ඔයාට ඊමේල් ලිපිනයක් නැතුව ඉන්න පුලුවන්ද කියන්න? හිතා ගන්නත් බෑ නේද? ඇතැම් සමාගම් තමන්ගේ දත්ත සංචිත වලින් පරිශීලකයින්ගේ සංවේදි තොරතුරු දත්තයන් තවත් අයට විකුණලා තමන් ඒ ගැන දන්නේ නෑ වගේ ඉන්නවා. ඒ වගේ තමයි බොහොමයක් සමාගම් තමන්ගේ දත්ත සංචිත වල තිබෙන ආරක්ෂාකල යුතු දත්තයන් විකුණන කොට ඇතැම් සමාගම් තමන්ගේ දත්ත සංචිත ආරක්ෂාකරන්න ගන්න ඕන කරන නිසි ක්‍රියාමාර්ග ගන්නට පවා උනන්දු වෙන්නේ නෑ. හේතුව තමයි අධික වියදමක් දැරීමට සිදුවීම සහ තමන් සපයන සේවාවෙන් එන ආදායමට වඩා වැඩි ආදායමක් පෞද්ගලික දත්ත විකිණීමෙන් ලබාගැනීමට හැකිවීම.
එවැනි තොරතුරු පිටවීමක් උනා කියලා ප්‍රසිද්ධ උන සැනින් ඒ අදාල සමාගම කියන්නේ එකම එක දෙයයි! පෞද්ගලික තොරතුරු අපට දුන්නේ ඔයාලා අපි ඔයාලගෙන් බලෙන් ගත්තේ නෑ, ඔයාලා තමයි අපේ සේවාවන් ලබාගන්න තොරතුරු ලියාපදිංචි කරලා තියෙන්නේ! ඉතින් තොරතුරු පිටවෙනවා හැක් කරනවා කියන්නේ අද කාලේ සාමාන්‍ය දෙයක්! ඔන්න ඔය වගේ සිල්ලර කතා ටිකක් කියලා වරද ඔයාගේ පිටින්ම දාවි. ඒ උනාට ඔයාගේ පෞද්ගලික තොරතුරු ලියාපදිංචි කරන සමාගමකින් ඇහුවොත් කියයිද අපි සමාගමට දෙන අපේ පුද්ගලික තොරතුරු වල ආරක්ෂාව ගැන සමාගම මොනම විදියකින් හරි වගකීමක් ගන්නේ නෑ කියලා?
ඇත්තටම අපි පරිස්සම් වෙන්න ඕන කාගෙන්ද? හැකර්ස්ලාගෙන්ද? මම නම් කියන්නේ අපි පරිස්සම් වෙන්න ඕන අපෙන් කියලා. පරිගණක අන්තර්ජාලය පාවිච්චියේදි විතරක් නෙවෙයි තව කෙනෙක්ගෙ කැමරාවකින් හරි ෆෝන් එකකින් හරි අපේ ගන්න පින්තූර! ඒ විතරක් නෙවෙයි පිටතැනකින් අපි ගන්නා අපේ වැදගත් ලියකියවිලි වල ඡායා පිටපත් (Photo Copy) ඉතින් අපි අපේ පෞද්ගලික තොරතුරු තවත් පාර්ශවයකට දෙන එක ගැන මොහොතක් හිතලා බැලුවොත් මේ හැකර්ලා පරද්දන එක හරිම සරළ වැඩක් වෙයි!
සුභ දවසක් වේවා බයිස්කෝප් සිංහලෙන් දමිළ සිනමා රසික රසිකාවියනි. ඔබ කවුරුත් නැරඹීමට බලාසිටි මේ වසරේ නිකුත් වූ තවත් Action,වර්ගීකරණයට අයත් Cyber Crime සහ e-commerce scams (සයිබර් අපරාධ සහා ඊ වාණිජ වංචා) පදනම් කරගෙන නිර්මාණය වූ දමිළ සිනමාපටයක් සඳහා සිංහල උපසිරැසි නිර්මාණය කරගෙනයි අද මා බයිස්කෝප් සිංහලෙන් අඩවිය වෙත පැමිණියේ. එසේ සුපරුදු පරිදි අසාලිවීමක් ලෙසින් උපසිරැසි නිර්මාණය කර ඔබ වෙත ගෙන එන මෙම චිත්‍රපටයේ අන්තර්ගතය ගැන ලියු දිගු විස්තරයකින් පසුව චිත්‍රපටයේ අනෙකුත් තොරතුරු කෙසේදැයි විමසා බලමු.
පසුගිය වසරේ තිරගත වන්නට නියමිතව තිබුණු Chakra චිත්‍රපටය ලොවපුරා පවතින කොවිඩ් 19 වසංගත තත්වය හමුවේ තිරගත කිරීම කල් දැමුනු අතර මේ වසරේ Ott මාධ්‍ය ඔස්සේද නිකුත් කිරීමට සූදානම් කර තිබුණ නමුත් චිත්‍රපටය හා පැන නැගුනු නිත්‍යානුකූල ගැටළු කිහිපයක් නිසා Ott මාධ්‍ය හරහාද නිකුත් නොවුන අතර මේ වසරේ ජනවාරි මස 13 වනදා දකුණු ඉන්දීයාවේ දමිළ සිනමාවේ පෙරලියක් ඇතිකරමින් තිරගතවුන Master 2021 චිත්‍රපටය නිකුත්වූවාට පසුව 2020 වසරේ කල් දැමුනු චිත්‍රපටයන් රැසක් තිරගත කරන්නට සූදානම් කෙරුණු අතර බොහොමයක් චිත්‍රපට තිරගතවන දිනයන් පවා ප්‍රචාරය කරනු ලැබුවා. කෙසේ හෝ ට්‍රේලරය පවා නිකුත් කර සැලකිය යුතු කාලයක් ගතවූ මේ චිත්‍රපටයද 2021 පෙබරවාරි මස 12 වනදා තිරගත වන බවට ප්‍රචාරය කල නමුත් 2021 පෙබරවාරි 19 වනදා නියත වශයෙන් තිරගතවන බව නැවතත් ප්‍රචාරය කලා. ඒනමුත් අවසාන මොහොතේ චිත්‍රපටයට සඳහා තවත් සිනමාපට නිෂ්පාදන සමාගමක් විසින් එල්ල කල චෝදනාවක් නිසාවෙන් මෙහිි නිෂ්පාදකයින් අධිරණය වෙත පවා ගොස් එම ගැටළුව නිරාකරණය කරගනිමින් ඉතාමත් සාර්ථක ලෙස දමිළ මෙන්ම තෙලඟු සහ හින්දි භාෂා ද්විත්වයෙන්ද හඬකවා ලොවපුරා ප්‍රදර්ශණය ආරම්භකලා.
Chakra චිත්‍රපටය අධ්‍යක්ෂණය සහ රචනය MS Anandan විසින් සිදුකර ඇති අතර මෙහි ප්‍රධාන චරිතය දමිළ නළු Vishal විසින් හොබවනවා. මෙහි නිෂ්පාදනයද Vishal විසින් සිදුකරන අතර 2018 වසරේ මෙවැනිම වර්ගීකරණයක් යටතේ නිකුත්වූ Vishal විසින්ම රඟදැක්වු Irumbu Thirai 2018 සිනමාපටයේ spin-off කතාවක් ලෙසද සඳහන්ව තිබෙනවා. චිත්‍රපටයේ සංගීත අධ්‍යයක්ෂනය ප්‍රවීණ දමිළ සංගීත අධ්‍යක්ෂක Yuvan Shankar Raja විසින් සිදුකර ඇති අතර චිත්‍රපටයේ පසුබිම් සංගීතයෙ ඇති සුවිශේෂි භාවය ගැන බොහෝමයක් සිනමා විචාරකයින් සහ සිනමා විචාරක වෙබ් අඩවි මෙන්ම ප්‍රේක්ෂකයින් අතර පවා කතා බහට ලක්වුනා.චිත්‍රපටයේ සෙසු චරිතයන් Shraddha Srinath,Regina Cassandra,Robo Shankar යන නළු නිලියන් පිරිස විසින් හොබවන අතර ධනාත්මක ප්‍රතිචාරයන් හමුවේ චිත්‍රපටය සාර්ථකව තිරගතවූ අතර ඉන්දියාවෙන් පිටත සිනමාශාලා 1500 කටත් වඩා වැඩි ප්‍රමාණයක තිරගතවන බව සඳහන් කෙරුණා.
චිත්‍රපටය වෙත ලැබුණු ධනාත්මක ප්‍රතිචාරයන් කිහිපයක්!

අවසාන වශයෙන් බයිස්කෝප් සිංහලෙන් වෙනුවෙන් මේ සිනමාපටය සිංහල උපසිරැසි නිර්මාණය කිරීම සඳහා අවස්ථාව වෙන්කර දුන් බයිස්කෝප් සිංහලෙන් අඩවියේ ප්‍රධාන සංස්කාරකවරයෙකු වන හසන්ත සොයුරාට විශේෂ ස්තුතිය පිරිනමන අතරම සිංහල උපසිරැසි නිර්මාණය සඳහා සහය දුන් බයිස්කෝප් සිංහලෙන් සහෝදර උපසිරැසිකරුවකු වන චාමික මදුශාන් සොයුරාටද ස්තුතිය පිරිනමමින් මෙම ලිපිය හෝ සිංහල උපසිරසිය ඔබට යම් විදියකින් හෝ වැඳගත් උනානම් ඒ ගැන පහල තියෙන කමන්ට් තීරුවේ ලියා තබන්න කියලා ආරාධනා කර සිටිනවා.
පසුගිය දින වල කමන්ට් ලැබීම නම් ටිකක් අඩු මට්ටමක තිබුණා වගේම නොවැදගත් විදියට අදහස් ලියාතැබීම් කිහිපයක් දැකගන්නට ලැබුණා මම මේ කියන්නේ හැමදාම අපිත් එක්ක ඉන්න අපේ අඩවියෙන් දෙන සිංහල උපසිරැසියම බලාගෙන ඉන්න රසික රසිකාවියන් ගැන නෙවෙයි.! සමහර අය හිතනවා සිංහල උපසිරැසි නිර්මාණය කරනවා කියන්නේ අපේ රස්සාව එහෙමත් නැතිනම් රාජකාරියක් කියලා ඇත්තම කියනවා නම් අපිත් ඔයාලා වගේම සාමාන්‍ය මිනිස්සු! සිනමාපටයක් රසවිඳලා ඒක තවත් කෙනෙක්ට පහසුවෙන් රසවිඳින්න පුලුවන් වෙන්න සිංහල උපසිරැසියක් හදනවා කියන එකත් ලේසි පහසු වැඩක් නෙවෙයි. අපෙත් තියෙන වැඩ රාජකාරි මැද්දේ තමයි මේ නිර්මාණ කටයුතුත් උපරිම මහන්සි වෙලා කරන්නේ. සමහර වෙලාවට අපේ අයට චිත්‍රපටියක් බලන්න තියෙන වෙලාව, නිදාගන්න තියෙන වෙලාව කැප කරගෙන තමයි මේ වැඩේ අපි කරන්නෙ. උදාහරණයක් විදියට මම මේ ලිපිය ලියන දවසයි වෙලාවයි කිව්වොත් 2021 මාර්තු මාසේ පලවෙනිදා රෑ 11.40 යි.ඇත්තටම මේ චිත්‍රපටියේ ගුණාත්මක පිටපත නිකුත් වෙන්නේ කවද්ද කියලවත් මම දන්නේ නෑ,නමුත් චිත්‍රපටයේ සිංහල උපසිරැසිය මමයි මගේ මිත්‍රයයි එකතු වෙලා මේ වෙද්දි හදලා ඉවරයි එහෙම කරන්න පුලුවන් උනේ රාත්‍රී කාලයේ එහෙමත් නැතිනම් සති අන්තයේ අපට තිබෙන විවේක කාලය වැයකරලා මහන්සියෙන් වැඩ කරපු නිසා ඉතින් සිංහල උපසිරැසි බාගන්නා රසිකයකු වශයෙන් ඔබගේ වඟකීමක් තමයි කමන්ට් එකක් දාලා උපිසරැසිකරුවාව ඔබගේ අකුරු පෙලකින් දිරිගන්වන එක..කමන්ට් දැම්මේ නෑ කියලා මමවත් අපේ අනෙකුත් සහෝදර උපසිරැසිකරුවන් ඇතුලු කිසිම කෙනෙක් ඔබත් එක්ක අමනාප වෙන්නේ නෑ කියලා කියන්නත් ඕන, එහෙම අමනාප උනානම් මේ වගේ සිංහල උපසිරැසි නිර්මාණයන් ඔබ වෙත නොලැබි තියෙවි. නමුත් මෙතෙක් කාලයක් එහෙම දෙයක් වෙලා නෑ. අපට පුලුවන්තාක් කල් මෙවැනි නිර්මාණයන් ඔබ වෙත ගෙන එනවා…. මොහොතක් ඒ ගැනත් සිතන්නට යැයි කියමින් තවත් සිංහල උපසිරැසි නිර්මාණයක් සමඟින් පැමිණිමේ බලාපොරොත්තුවෙන් අදට සමුගන්නවා.
ඔබ සැමට කඳසුරිඳු පිහිටයි.!
ස්පර්ශක තිර දුරකථනයක් අරන් ඩිජිටල් ලෝකේට කවුරු ආවත් ඒ කෙනාගෙ ඔළුවේ ගාන ෂැම්පු එකේ ඉඳලා
කකුලට දාන සෙරප්පුව ගැන විතරක් නෙවෙයි. තමන් කැමති අකමැති මොනවද ඒ හැම දත්තයක්ම පිටවෙනවා.
මේ තමයි අද කාලේ ඩිජිටල් ලෝකේ කොහෙවත් ලියලා නැති න්‍යාය.

Due to copyright issues, we no longer provide any torrent link.
ලබා දී ඇති උපසිරැසි HD / WEB පිටපත් සඳහා අදාළ වේ.
48,968 downloadsDownload Chakra-2021.zip67 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා” සොහොයුරාට සහ “චාමික මධුෂාන් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles
- #2021
- #Anandan .M.S.
- #Aruldoss
- #Editor's Pick
- #M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා
- #MaxxA
- #Must Watch
- #Regina Cassandra
- #sinhala
- #sinhala sub
- #Sinhala Subtitles
- #Srushti Dange
- #Subtitles
- #උපසිරැසි
- #චාමික මධුෂාන්
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
115 comments
යුරාන් ධනුක (දනුවා)
Anonymous
හම්මෝ සුපිරියක් බස්සලා
නියමයි...Dylan
Thanks a lot
sasanka sathyajith
Thanks for the Sub
Anonymous
Good job! Scam 1992 web series ekatath sub denna.eka hit series ekak
ශාමල් මනෝජන්
Coming 2 America - 2021 ෆිල්ම් එක කවුරුවත්ම දෙන්නේ නැද්ද?
Anonymous
ඔයාගේ පි
Anonymous
ඔයාගේ ප්‍රියන්ත අයියගෙන් ඉල්ලගන්නකො
Anonymous
Good job.scam 1992 series ekatath sinhala sub denna
Dedunu Lakshan
Good job. Scam 1992 series ekatath sinhala sub one
Supun
තොපිට වෙන වැඩ නැද්ද බං මුගෙ කමෙන්ට් අස්සෙ හැමනි හැමනි ඉන්නෙ
Anonymous
ඉතින් යකෝ තෝ කරන්නෙත් ඒකමනේ
Anonymous
ඌ උබේ ගෑනිද??ඌට කිව්වම උබට රිදෙන්නේ
එරංග සඳරුවන්
අඩේහ්..
ෆිල්ම් එක ඇවිත් නේ.
එල එල..
උප සිරැසියට බෝම ස්තූතියි..
ජය වේවා..Naveen
Oya gammatama Zombie Reddy filumeth sub demu....
Tamilmv eke copyak dala thynne
Jaya wewa sahola dennatamaAnonymous
Thnkz for this sub
Chamaththialakarathna
Thanks a lot for the subtitles!!!
Silence... can you hear it. Film එකෙත් subtitles දෙන්න පුලුවන් නම්...
තාරක නුවන් දිල්හාර
සුපිරී..
ස්තුතියි දෙන්නටම..
ජයෙන් ජය!Kavindu12345desilva
Thanks sub ekta supirima wadak
isuru srinath sjs
මරු... නියමයි...
දෙන්නටම බොහොම ස්තුතියි..!!Anonymous
Thank you....
ඔබට
ජය..Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!Nilush Angana
Sub ekata thanx
Kevin
Thanks brother
Meka denakan balan hitye
Keep it upAnonymous
විෂාල් කියන්නේ ව්ජේ ලට වැඩිය වැඩ්ඩෙක් කවුරු මොනව කිව්වත්
dilshan
අනිවා මචන්
Vishal ට ඕන චරිතයක් කරන්න පුලුවන්
Dedunu Lakshan
Good job
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
Supun Kaushalya
තෑන්ක්ස් සහෝ
Pramod
Thanks bro sub ekata , jaya weva.
Anonymous
thanks.. sub eka dipu copy eka hardcoded sub thiyena ekakda?
M,T,R තරිඳු රුක්ෂාන් පෙරේරා
Ow Hard code Sub
Sandaru
කාලෙකින් බලපු සුපිරියක් සහෝ
Arawinda Sunimal
ස්තුතියි උපසිරසියට ජයවේවා - බුදු සරණයි .......
Anonymous
Thanks bro
Keep it uptharidu16
thanaks machi
TEP
thanks for sub. comment danna beri une film eka blanna hadissi nisai
Tharaka
Thank you bro...
CHANUX ORB
Many thanks to THARINDU and CHAMIKA
SAhaN
බොහොම ස්තුතියි
Jevan
සුපිරි ෆිලුමක් සහෝ
දිගටම අලුත් ටැමිල් ඒවට සබ් දෙමුAsh
Thank you
Ash
Thank you
Pasan
Sub 1t ගොඩක් ස්තූති සහෝ..
බොබී
මචන් උබලගේ කැපවීම් හදවතින්ම අගය කරනවා. යෝ යෝ
aruna
maru suba pethum obata
Ayesh
උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️
D.Chamara
බොහොම ස්තූතියි .... !
Anonymous
Thnxxx dennatama
sameera
niyamai dihgatama karagena yamu
Hasitha Madush
ඉරම්බු තිරයි ළඟින්වත් තියන්න බෑ..කොල්ලා පොර වෙලා..අර හැකර් කෙල්ල දන්න දෙයක් නෑ..බලාපොරොත්තු සුන් උනා ආයුබොන්ඩ..
T.G
Eka nm atta...hbai lagadi awa ewath ekka bluwoth awlakuth na
Anonymous
Tandav Please?
Anonymous
thank you baiscope!
indika75
thanks..
Samudith Kularathna
Tv එකේ support කරන විදිහට සබ් නෑද්ද
Asitha Dilruwan
thanks bro.ohoma yamu
ගීත් මිහිර
thanks bn sub ekata......
Saman
Thanks bro
Anonymous
thanks for sub
Dinuka
Thnks for the sub
hansaka7788
පට්ට Film එක සුපිරියක්....... ස්තුතියි බ්රෝ Sub එකට
A R
thank you bro sub ekta
Supun Kaushalya
තෑන්ක්ස් සබට
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
බොහෝම ස්තූතියි සහෝලා දෙන්නටම
ජය වේවා !!!