Watch Trailer

Bereavement (2010) Sinhala Subtitles | මිනීමරුවෙකුගේ අතකොළුවක් වූ පුංචි මාටින්! [සිංහල උපසිරසි]

Bereavement (2010) Sinhala Subtitles හලෝ යාළුවනේ! ඔන්න අද මම අරන් ආවේ අපි හැමෝම ගොඩක් ආස කරන සුරූපි ඇලෙක්සැන්ඩ්‍රා ඩඩ්ඩාරියෝ අක්කගේ චිත්‍රපටයක්. මේක 2010 වසරේ තමයි නිකුත් වුණේ. Crime | Horror | Thriller වර්ගයන්ට තමයි අයත් වෙන්නේ. චිත්‍රපටයේ අධ්‍යක්ෂණය, තිර රචනය සහ නිශ්පාදනය කියන ඔක්කොම Stevan Mena…

Bereavement (2010) Sinhala Subtitles

හලෝ යාළුවනේ! ඔන්න අද මම අරන් ආවේ අපි හැමෝම ගොඩක් ආස කරන සුරූපි ඇලෙක්සැන්ඩ්‍රා ඩඩ්ඩාරියෝ අක්කගේ චිත්‍රපටයක්. මේක 2010 වසරේ තමයි නිකුත් වුණේ. Crime | Horror | Thriller වර්ගයන්ට තමයි අයත් වෙන්නේ. චිත්‍රපටයේ අධ්‍යක්ෂණය, තිර රචනය සහ නිශ්පාදනය කියන ඔක්කොම Stevan Mena අතින් තමයි සිද්ධ වෙන්නේ. 2004 දී ආපු Malevolence ෆිල්ම් එකේ Prequel එක තමයි මේ, ඒ කියන්නේ පළවෙනි ෆිල්ම් එකේ කතාවට කලින් සිද්ධ වුණු දේවල් තමා මේකෙන් පෙන්වන්නේ. 

විචාරක ප්‍රතිචාර,

  • IMDb අගය: 5.1/10  
  • Rotten Tomatoes: 44%

සිනමාපටයේ තොරතුරු,

  • ප්‍රධාන නළු නිළියන් අතර : 

  1. Alexandra Daddario (ඇලිසන් මිලර්)
  2. Brett Rickaby (ග්‍රැහැම් සටර්)
  3. Kathryn Meisle (කෙරන් මිලර්)
  4. Michael Biehn (ජොනතන් මිලර්)
  5. Chase Pechacek (මාටින් බ්‍රිස්ටල්)
  6. Nolan Gerard Funk (බිලී විලියම්)
  • ධාවන කාලය : පැය 1 මිනිත්තු 47
  • වියදම : $2 Million
  • මුළු ආදායම : $43,712

​කතාව ගැන පොඩ්ඩක්:

ගොඩක් කාලෙකට කලින් ජොනතන් මිලර් සහ එයාගේ සහෝදරයා අතරේ බොහොම විශේෂ පොරොන්දුවක් ඇති කරගන්නවා. ඒ තමයි ඒ දෙන්නගෙන් කාටහරි මොනම හරි කරදරයක් වුණොත්, ඉතිරි වෙන කෙනා අනිත් කෙනාගේ දරුවන්ව බලාගන්න ඕන කියන එක.

​කොහොම හරි හිතන්නේ නැති වෙලාවක සිද්ධ වුණ අවාසනාවන්ත සිදුවීමකින් ජොනතන්ගේ සහෝදරයා විතරක් නෙවෙයි, එයාගේ බිරිඳත් මිය යනවා. අන්තිමට ඉතිරි වෙන්නේ ඒ දෙන්නගේ එකම දරුවා වුණු ඇලිසන් විතරයි. තමන් වුණු ඒ පොරොන්දුව ඒ විදිහටම රකින්න හිතාගෙන, ජොනතන් ඇලිසන්ව තමන් ජීවත් වෙන ප්‍රදේශයට එක්කගෙන එනවා.

​හැබැයි, කාලෙක ඉදන් ඒ ප්‍රදේශයේ පුද්ගල අතුරුදන් වීම් එහෙමත් සිද්ධ වෙනවා. දවසක් ඇලිසන් ජොගින් කරන්න එළියට ආපු වෙලාවක, එයාගේ මාමා “මොනම හේතුවකටවත් යන්න එපා!” කියලා තහනම් කරලා තිබුණු තැනකට මෙයා යනවා. ඊට පස්සේ… හරි ඔය ඇති… ඉතිරි ටික බලලම දැනගන්නකෝ!

නරඹන්නන්ගේ අවධානයට,

​මෙම සිනමාපටය R-Rated ගණයට අයත් වන නිසා, මේකේ පහත දේවල් ඇතුළත් වෙනවා,

  • අතිශය දරුණු ප්‍රචණ්ඩත්වය
  • ලේ වැගිරිම්

(ඒ නිසා මේක කුඩා දරුවන් එක්ක බලන්න නිර්දේශ කරන්නේ නෑ, වයස අවුරුදු 18ට වැඩි අයට තමයි වඩාත්ම සුදුසු වෙන්නේ. ඒ වගේම සංවේදී අයට නම් බලන්න කලින් දෙපාරක් හිතන්න වෙනවා. )

​එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙමු. ජය වේවා! 

Bereavement (2010) Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we no longer provide any download links.

ලබා දී ඇති උපසිරැසි Bluray පිටපත් සඳහා පමණක් අදාළ වේ.

285 downloadsDownload Bereavement-2010.zip29 KB

width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිශාන් සමීර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2026-02-03

SUB-MAKER RATING BY ADMINS

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Bereavement  Sinhala Subtitles

Subtitles by

නිශාන් සමීර

Subtitles

285 downloadsDownload Subtitles29 KB

2 comments

  1. Buddhika laKMal

    තෑන්ක්ස් මචං සබ්එකට

  2. තරිදු දිසානායක

    සුපිරි ෆිල්ම් එකක්, සබ් එකට ස්තූතියි.