Bharathanatyam (2024) Sinhala Subtitles ආයුබෝවන්. අද මැතිවරණය දවසෙ ප්‍රතිඵල අහන ගමන් බලන්න මලයාලියක් එවනවා. සමහර මලයාලි රසිකයින්ගෙ චෝදනාවක් නෙ මලයාලි චිත්‍රපට ගොඩක් මග ඇරෙනව කියල. ඒක මට අදාළ නෑ මොකද මම පුළුවන්උපරිම විදිහට උපසිරැසි ඉදිරිපත් කරනවා. ඒත් අත ඇරෙන අතලොස්සෙන් ටිකක් හරි හොඳ ඒව තිබුනොත් පහු…

Bharathanatyam (2024) Sinhala Subtitles

ආයුබෝවන්. අද මැතිවරණය දවසෙ ප්‍රතිඵල අහන ගමන් බලන්න මලයාලියක් එවනවා. සමහර මලයාලි රසිකයින්ගෙ චෝදනාවක් නෙ මලයාලි චිත්‍රපට ගොඩක් මග ඇරෙනව කියල. ඒක මට අදාළ නෑ මොකද මම පුළුවන්උපරිම විදිහට උපසිරැසි ඉදිරිපත් කරනවා. ඒත් අත ඇරෙන අතලොස්සෙන් ටිකක් හරි හොඳ ඒව තිබුනොත් පහු වෙලා හරි  වෙලාවක් ලැබුනොත් ඒකට උප සිරැසියක් නිකුත් කරනවා. එහෙම තෝර ගෙන තිබුනු අවසාන එක තමයි මේ. මේකත් ඉතා සරල මලයාලම් පවුල් කොමඩියක් කිව්වොත් නිවැරදියි. මේ වගේ කතා ගියා වසරෙ නම් ගොඩක් නිකුත් උනත් මේ වසරෙ පොඩි අඩුවක් උනා වගේ පෙනුනා. ඒ නිසාම මේ කතාව අළුත් විදිහකට දැනේවි. කොහොම උනත් කාටවත් අහුවෙන්නෙ නැති අළුත් ප්ලොට් හොයන්න ඔවුන්ගෙ තියෙන දක්ෂ කම මේකෙනුත් පැහැදිලි වෙනවා.

මේ කතාවෙ වියපත් දෙමාපිය යුවලක් ඉන්නවා. ඔවුන්ට දරුවන් හතර දෙනෙක්.  බොහොම සාමයෙන් ගත කරපු ඔවුන්ට පොඩි කරදරයක් වෙන්නෙ ඒ තාත්තා අසනීප වී එක්තැන් වීමත් සමග. ඒ උනත් දරුවන්ගෙ විය යුතු යුතු කම් මත කිසි අඩු පාඩුවක් නොමැතිව වෙද හෙද කම් හා සැලකුම් ලබද්දී තාත්තා විසින් හෙළි කරන එක් රහසක් නිසා සියල්ල උඩු යටි කුරු වෙනවා. හැම වෙලාවෙම දොරෙන් එබිකම් කරමින් අනෙකාගේ කටයුතු වලට අත පොවන්න උත්සාහ කරන සමාජයකින් මේ රහස රැක ගෙන ඉදිරියට යන්න කරන උත්සාහයත් ඒ හා බැඳුනු අනිත් ප්‍රශ්ණත් මේ කතාවට පාදක වෙනවා.

ක්‍රිශ්ණදාස් මුරලිගේ කුළුඳුල් අධ්‍යක්ෂණයක් වන මෙහි සයිජු කුරුප්, සායි කුමාර්, කලාරංජිණී, ශ්‍රීජා රවි රඟපානවා.

නැවතත් උණුසුම් මලයාලි උප සිරැසියකින් හමු වෙමු

BANDULA K

Bharathanatyam (2024) Sinhala Subtitles  

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම උපසිරැසිය WEBRip පිටපත් සඳහා පමණක් වලංගු වේ.

4,333 downloadsDownload Bharathanatyam-2024.zip59 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2023-09-10
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

A.R.M (2024) Sinhala Subtitles

Subtitles by

BANDULA K

Subtitles

4,333 downloadsDownload Subtitles59 KB

5 comments

  1. Netflix පිස්සා

    Thanks sahoo, adareii

  2. Buddhika laKMal

    ස්තූතියි සහෝ සබට

  3. Kavi

    බොහොම ස්තූතියි සහෝ
    Adithattu film එකටත් සබ් එකක් දෙන්න
    ජය වේවා!

  4. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..❤

  5. Sahan Gayantha

    thanks a lot Bandula saho sub ekata