Watch Trailer

Bicycle Thieves (1948) with sinhala subtitles | ලොව මෙතෙක් බිහි වූ හොඳම චිත්‍රපට සියය තුළින් එකක්. [සිංහල උපසිරැසි සමඟ]

ඇන්ටෝනියෝ රිචී නම් පුද්ගලයාට පෝස්ටර් අලවන්නකු ලෙස රැකියාවක් ලැබේ. එම රැකියාවට පා පැදිය අත්‍යවශ්‍යම විය. ඒ වනවිට ඔහු විසින් පා පැදිය උකස්තබා තිබුණි. තම බිරිඳගේ යෝජනාවක් අනුව නිවසේ තිබූ රෙදිපිළි උකස් තබා, එම මුදලින් පා පැදිය බේරා ගත් ඔහු ඉතා අශාවෙන් රැකියාව කරගෙන යයි. ඉන්ධන ගබඩාවක සේවය කරන තම පුතා ද…

Bicycle Thieves (1948)

ඇන්ටෝනියෝ රිචී නම් පුද්ගලයාට පෝස්ටර් අලවන්නකු ලෙස රැකියාවක් ලැබේ. එම රැකියාවට පා පැදිය අත්‍යවශ්‍යම විය. ඒ වනවිට ඔහු විසින් පා පැදිය උකස්තබා තිබුණි. තම බිරිඳගේ යෝජනාවක් අනුව නිවසේ තිබූ රෙදිපිළි උකස් තබා, එම මුදලින් පා පැදිය බේරා ගත් ඔහු ඉතා අශාවෙන් රැකියාව කරගෙන යයි. ඉන්ධන ගබඩාවක සේවය කරන තම පුතා ද සෑම උදෑසනකම ඇන්ටෝනියෝ සමඟ රැකියාවට පිටත්ව යයි. ඇන්ටෝනියෝ තම සේවා ස්ථානයට අයත් පෝස්ටර් අලවද්දී හොරෙක් පා පැදිය පැහැරගෙන යයි. ලුහුබැඳ ගියත් හොරා අසුනොවේ.

ඉන් පසුව ඇන්ටෝනියෝ තම පුත්‍රයා සමඟ මුළු නගරය පුරා පා පැදිය සෙව්වත් එය හමු නොවේ. ඔවුන් පල්ලියට, පොලිසියට, අනාවැකි අසන්නන් ළඟට ගියත් පිහිටක් නොලැබේ. මේ අතර දී අන්ටෝනියෝට හොරා අතටම අසු වුවත් සාක්ෂි නොමැති නිසා පොලිසිය හොරා නිදහස් කරයි. පා පැදියක් අතවශ්‍යම වූ ඔහු ඊළඟට කරන්නේ කුමක් ද කියා ඔයාලා මෙය නරඹලාම දැනගන්න.

කූතුහලය පිරි කතාවක් රැගත් මෙම හැඟුම්බර ඉතාලි චිත්‍රපටය ඔබ ඉතා කැමැත්තෙන් නරඹනු ඇතයි මා සිතන්නෙමි. නව පරපුර වෙනුවෙන් ම සියලු නිර්මාණ කරන අවදියක මට සිතුනා මෙම අගනා පැරණි කලාත්මක නිර්මාණයට උපසිරසි කරන්නට. එකළ “පැරණි බයිස්කෝප් වෙබ් අඩවිය” තුළ මෙවැනි අගනා නිර්මාණ සඳහා උපසිරසි කරණය සිදු වුවත් අද එම තත්වය නොමැතිවීම පිළිබඳව අවංකවම කනගාටු වෙමි.

1948 වර්ෂයේ තිරගත වූ මෙම චිත්‍රපටය ලොව විවිධ සිනමා සම්මාන 15 ක් පමණ දිනා ගන්න ලදී. IMDb සිනමා දර්ශකයේ 8.3 ක් අගය කිරීමක් පවතී. මාගේ පස්වන සිංහල උපසිරසිකරණයවන මේ චිත්‍රපටය පිළිබඳව ද ඔයාලාගේ අදහස් දක්වන්න. ස්තූතියි!

 

Bicycle Thieves (1948) on IMDb

 

 

705 MB කොපිය මෙතනින් බාගන්න

fa08598f21d6a057b68a1537cd423a94936837f3 ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

1,910 downloadsDownload Bicycle-Thieves-1948.zip315 B

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/03/PriyanthaD.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “විතානගේ ප්‍රියන්ත දයාකීර්ති” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

විතානගේ ප්‍රියන්ත

Subtitles

1,910 downloadsDownload Subtitles315 B

28 comments

  1. Kulanjana Maduranga

    niayamai…good work bro...thanks PRIYANTHA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  2. Jack

    නියමයි මචෝ..
    බොහෝම ස්තුතියි සබ් එකට.
    ජය..

  3. කේ.යූ.ජී. උදාර

    වටින නිර්මාණයක් මචෝ...........
    සිංහල සබට බොහොම ස්තූතියි.

  4. tiron

    niyama kathaawak....thankzzzzzzzzzzzzzzzzzzzzzz

  5. Kapila Janaka Bandara

    Dear Friend, thank you for your great contribution. This movie was one of my favorite in early era. It touched our heart, our mind and even our censers to re-think about human life. Thank you again and hopefully meet with other great movie.

  6. Dinithi pramoda

    මෙය ගොඩක් වටිනා චිත්‍රපටයක්. සබ් එකට ගොඩක් ස්තුතියි! ඉදිරියේ දී IMDb චිත්‍රපට 250 න් තවත් එකකට සබ් දෙන්න බලන්න.

  7. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!
    ජය!!!

  8. prabhath

    ela thanks

  9. Udamith Damith (b\k )

    Star Wars: Episode II – Attack of the Clones meketh sinhala sub denawada plz.............

  10. Chami

    වටින නිර්මාණයක් මචෝ
    සිංහල සබට බොහොම ස්තූතියි.

  11. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  12. dasuni

    lassana kathawak wage.sub dunnata thankz

  13. Kasun Tharaka

    Thankz....

  14. pabasara lihini

    lassana kathawak wage.thankz

  15. pabasara lihini

    jamaica inn kiyala mini series ekak thiyenawa wenasma widihe kathawak eka loka prashidda nawa kathawak allala hadapu nirmanayak.2014 apu ekak ep 3 thiuenne.puluwannam sub denna

  16. ධනු

    ගොඩ කාලෙකට පස්සේ මේ පැත්තට ඇවිත් ඉන්නේ...එළ වැඩක්...
    මීළග එකත් නොබෝ දිනකින් ලැබෙන්නෙ සලස්වයි කියල හිතනවා...ජය!

  17. මොහොට්ටි

    “පැරණි බයිස්කෝප් වෙබ් අඩවිය” තුළ මෙවැනි අගනා නිර්මාණ සඳහා උපසිරසි කරණය සිදු වුවත් අද එම තත්වය නොමැතිවීම පිළිබඳව අවංකවම කනගාටු වෙමි.විතානගේ ප්‍රියන්ත දයාකිර්ති කියන මේ කතාව ඇතත.රොයිලි සහ තවත් අය සබ් දුන්න මුල් යුගයේ ඉතා හොඳ සිනමා නිර්මාණ මම බැලුවා දැන් මාසයකට එකක් වත් නැහ.මේ උපසිරසියට ප්‍රියන්තට බොහොමත්ම ස්තුතියි

  18. රොයිලි

    බොහොම ස්තූතියි ප්‍රියන්ත සහෝ සිංහල උපසිරැසියට. ගොඩක් අය පරණ චිත්‍රපටි කරන්න කැමති නෑ. ඉතින් පුලු පුලුවන් වෙලාවට අපිවත් මේ වගේ ඒවට උපසිරැසි දාමු. ජය෴෴ :P :P

    1. [email protected]

      මෙම නිර්මාණයට අදහස් දක්වන සහ මෙය බා ගත කරගෙන නරඹන සියලු සොයුරු, සොයුරියන්ට මා විසින් ස්තුති වන්ත වෙමි!

  19. අබා

    පැරණි චිත්‍රපට බලන රසිකයෝ පිරිසක් බයිස්කෝප් සමග තාම ඉන්නවා...ඒ නිසා ඔබේ උත්සාහය අපතේ යන්නේ නෑ..ජයෙන් ජය.....!

  20. Tharaka

    මම මේක කලින් බලලා තියනවා. සිනමා ලෝකයේ බිහි වෙච්ච හොඳම නිර්මාණයක් කියලා කියන්න පුලුවන්. ආසියානු කතාවකට සමානයි. සබ් වලට බොහෝ ස්තූතියි සහෝ. ඉදිරියටත් මෙවැනි විශිෂ්ට නිර්මාණ වලට උප සිරැසි දෙන්න.

  21. wiki

    Thanks.....

  22. James DC

    Me chithrapataya nerambuwa. Eth meke awasanayata chithrapata adyakshawaraya apita laba denna uthsaha kare kumadda kiya mata hariyata therune ne

  23. අසිත

    elama saho thanks

  24. nimal dissanayake

    ඉතාමත් ස්තුතියි, දයාකිර්ති.
    මෙච්චර පරණ වෙලත්
    අගය නම් බිඳක්වත් අඩු වෙන්නේ නැහැ.
    නියමයි; ලස්සනයි!
    ආයෙමත් ස්තුතියි!

  25. ricadodamien

    Thank you Priyantha brother & Baiscope team for the Sub, it was a Beautiful movie to watch.........

  26. nilanka1212

    thanks

  27. Chandika

    Thanks for subtitle