Watch Trailer

Black (2015) Sinhala Subtitles | කලුවෝ [සිංහල උපසිරසි]

ආයුබෝවන් නෝනාවරුනි මහත්වරුනි, මෙන්න මගේ 16 වෙනි සබ් එක අරගෙන ආවා, දන්නවනෙ මම කාලයක් මේ වැඩෙන් අයින් වෙන්න හිතල ආයෙත් ආවා දාල යන්න බැරි මිනිස්සු ටිකක් නිසා. හැබැයි මේ පාර නම් සමහරවිට මේ මගේ අන්තිම එක වෙන්නත් පුළුවන්.ඒකට හේතුව මේ ලිපිය ලියන මම මේ වෙද්දි කොරෝනා රෝගියෙක්. අදට මම පොසිටිව් වෙලා හතරවෙනි ද…

ආයුබෝවන් නෝනාවරුනි මහත්වරුනි, මෙන්න මගේ 16 වෙනි සබ් එක අරගෙන ආවා, දන්නවනෙ මම කාලයක් මේ වැඩෙන් අයින් වෙන්න හිතල ආයෙත් ආවා දාල යන්න බැරි මිනිස්සු ටිකක් නිසා. හැබැයි මේ පාර නම් සමහරවිට මේ මගේ අන්තිම එක වෙන්නත් පුළුවන්.ඒකට හේතුව මේ ලිපිය ලියන මම මේ වෙද්දි කොරෝනා රෝගියෙක්.

අදට මම පොසිටිව් වෙලා හතරවෙනි දවස යන්නෙ.. මුල් දවස් දෙකේ තරම් අමාරු නැති උනත් මේ වෙද්දි හුස්ම ටිකක් ලාවට හිරවෙන ගතිය එනවා, ඒත් මට තදටම අමාරුවක් නෑ,හොස්පිටල් ඉඩ මදි නිසා ගෙදර තමයි ඉන්නෙ. කාමරේට වෙලා ලොක් වෙලා ඉද්දි දවල් දවසෙම කරන්න දෙයක් නෑ. ඒක නිසා මම මේ ෆිල්ම් එක කරන්න හිතුවා.. මට ගොඩක් රෝග ලක්ෂන එන්නෙ රෑට. දැන් මේ ලියුම ටයිප් කරද්දිත් අවුලක් නෑ, ඒත් රෑ එක දෙක වෙද්දි තමයි හුස්ම වලට දුවන්න ගන්නෙ.. මම නම් හිතන්නෙ නෑ මම මැරේවි කියල, සමහරවිට කියන්නත් බෑ. කොහොමත් අපි මැරෙනවනෙ කවදහරි, ඒක නිසා මම ලෑස්තිපිටම ඉන්නෙ.

එහෙනම් අද මම ගෙනාපු ෆිල්ම් එක බෙල්ජියම් රටේ එකක්, IMDB 7.1 ක් අරගෙන තියෙන මේක සුපිරිම එකක් කියල කටපුරා කියන්න පුළුවන්. කතාව ගැන නම් මම කොහොමත් කියන්නෙ නෑ කියල ඔයාල දන්නවනෙ. ඒක නිසා ෆිල්ම් එක බලලම ඉන්න කියල මම ආරාධනා කරනවා. වර්ගවාදයට හොඳම කණේ පාරක් මේ ෆිල්ම් එකෙන් ගහල තියෙනව, ඒක බලද්දි ඔයාලට තේරෙයි. ඒක නිසා බලලම ඉන්න.

ඒ වගේම කියන්න ඕන මේ ලෙඩේ සුළුවට හිතන්නෙපා.. සෞඛ්‍ය උපදෙස් පිළිපදින්න.උණුවතුර බොන්න. මාස්ක් එක දාන්න. හැමෝම බේරෙමු. එහෙනම් ඉතින් මම ගිහින් එන්නම්. ජීවත් වෙලා හිටියොත් ආයෙත් හම්බෙමු, මම යන්නම ගියොත් මම හිතනව මම ඔයාල හැමෝගෙම හොඳ මතකයක් වේවි කියල. එහෙනම් හැමෝටම නිරෝගී සුවය වේවා. දීර්ඝායුෂ වේවා.. තෙරුවන් සරනයි.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසිය BR පිටපත සඳහා අදාළ වේ.

1,901 downloadsDownload Black-2015.zip29 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දමින්ද ගමගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-01-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Subtitles by

දමින්ද ගමගේ

Subtitles

1,901 downloadsDownload Subtitles29 KB

62 comments

  1. Nimo

    මචo හොදට හුමාලෙ අල්ලපන් දෙහි කොල එහෙම දාල,පුලුවන් තරම් විටමින් C ගනින් 1000mg උනත් කමක් නෑ දවසට,ඉගුරු කොත්තමල්ලි සුදුලුණු තම්බල බීපන්,පස්පන්ගුව තම්බල බීපන්, පුලුවන් තරම් හොදට කාපන් හැමතිස්සෙම. ඔය ලෙඩේට බය වෙන්න එපා පලවෙනි දේ ඒක නිකන් උන කැස්ස හෙම්බිරිස්සාවක් විදිහට හිතපන්. අනික සෙම ගතිය අඩු කරන සිoහල බෙහත් වර්ග ගනින් මේකට ගැලපෙන බෙහෙත් වර්ග අපේ සිoහල වෙදකමේ ඕන තරම් තියෙනව අපේ මිනිස්සුන්ට හොද මදි උනාට.ඔලුව රිලැක්ස් වෙන එක කොයි ලෙඩේටත් හොදයි,මේ සේරම අත්දැකීමෙන් කිඋවෙ මචo කැන්සර් 2ක් එක්ක දියවැඩියාවත් තියෙන අම්මව පොසිටිව් වෙලා දවස් 6ක් ගෙදර තියාගෙන ඉදල තමා නිරෝධායන මධ්‍යස්ථානයකට ගෙනිච්චෙ, බුදුන්ගෙ දෙවියන්ගෙ පිහිටෙන් අම්ම හොදින් ඉන්නව අම්මට පස්සෙ මට පොසිටිව් උනා අම්මව ගෙදර ගේන කොට මාව අරන් ගියේ අද අපි දෙන්න RECOVER වෙලා මාස 5කට වැඩි අම්මයි මායි හොදවෙලා ආවට පස්සෙ ගමේ මිනිස්සු අම්මට කිඋවෙ"ඔයාට මොකුත් උන්නැති හින්ද අපිත් දැන් කොරෝන වලට බය නෑ කියල"ඔන්න ඔහොමයි මිනිස්සු.පුලුවන් තරම් සිoහල බෙහෙත් පාවිච්චි කරපන් ඒක තමා හොදම.පරිස්සමින් ඉදපන් බුදු සරනයි.

    1. Daminda Gamage

      Sthuthiy machan.danata godak hondai ban.ammatath saneepa wei ikmanatama.

    2. chamara fdo

      supiri

  2. Naveen

    කොරෝනා උවදුරෙන් ඉක්මනින් සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරමි!
    උපසිරසියටත් ස්තුතියි සහෝ

  3. සුභාෂිණි මල්ලව ආරච්චි

    උපසිරසියට බොහොම ස්තුතියි. ඉක්මන් සුව ප්‍රාර්තනා කරනවා. නිරෝගී සුව ලැබේවා.

  4. Anonymous

    God bless you man..keep strong

  5. Ashanherath

    thnks mcho parissamin inna bs

  6. nirosha

    ikmanin suwawenna kiyala prarthana karanawa

  7. Oshada

    ඉක්මන් නීරෝගී සුව පතනවා සහෝ
    සබටත් තෑන්ක්ස් සහෝ

  8. Thushara

    Ikman Suwa Bro..

  9. Praveen Ranasinghe

    ඉක්මන් සුව

  10. nisa

    get well soon brooo

  11. Anonymous

    ඉක්මන් සුවය පතමි

  12. නිර්මාල් ජයසිංහ

    ඉක්මන් සුව.
    අපිට දිගටම ඔයාගෙ උපසිරැසි ඕනි.

  13. Hemantha

    ඉක්මන් සුව ලැබේවා.... !

  14. Anonymous

    Get well soon!

  15. Anonymous

    good luck.

  16. Anonymous

    GET WELL SOON

  17. Anonymous

    ikman suwaya labewa

  18. Kelum

    මල්ලි, හැකි ඉක්මනින් සුවපත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

  19. රනා

    ඉක්මනින් සුවපත් වේවා

  20. Anonymous

    ඉක්මනින් සනීප වෙයන් කොල්ලෝ

  21. Anonymous

    get well soon machan

  22. Nalin

    get well soon malli...

  23. Dinusha Kusum

    ඔබට නිදුක් නීරෝගී, දීර්ඝායුෂම ප්‍රාර්ථනා කරනවා. ඔබට හැකි ඉක්මනින්ම නීරෝගී සුවය ලැබේවා ! බුදු සරණයි ! සියළුම දෙවියන්ගේ පිහිටයි.

  24. charitha

    GET WELL SOON

  25. Anonymous

    ikmanata sanipa weyn mchn

  26. shakuntha adithya

    get well soon. wish you a bright future

  27. Uvi

    නිරෝගි සුවය ඉක්මනින්ම ප්‍රාර්තනා කරනවා සහෝ!!!
    උපසිරසියටත් බොහොම ස්තුතියි

  28. Ranga Abeywickrama

    Get well soon.

  29. Ashan

    ඉක්මනින් සනීප වෙන්න පාර්ථනා කරනවා සහෝ..අසනීපයෙන් හිටියත් උපසිරැසි දුන්න එකට ගොඩාක් ස්තූතියි ඒක ලොකු වැඩක් ආදරෙයි

  30. Pushpakumara

    Get Well soon malli.

  31. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ..... ඉක්මනට සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 😷

  32. Anonymous

    GOD BLESS BROTHER!

  33. indika75

    ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා.උපසිරැසියට ස්තූතියි.

  34. ANNONYMOUS

    get well soon brdh

  35. Achintha

    get well soon bro

  36. Anonymous

    Parissamen godak mahansi Venna epa.

  37. Kantha_DLA

    ikman suwaya labewa......

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  38. Chinthaka Priyadarshana

    Godak sthuthi....ikman suwaya prarthana karanawa..budu saranai..

  39. නිමල් දිසානායක

    ඉක්මන් සුව පතමි!
    සුබවාදීව හිතමු!!

  40. hiru.c

    get well soon bro

  41. Shashi

    Get Well soon bro...

  42. Daminda Gamage

    ස්තූතියි හැමෝගෙම කමෙන්ට් වලට..දැන් මට හොඳටම හොඳයි.ඔයාල හැමෝටමත් නිරෝගී සුවය ලැබේවා..

    1. චතුරංග බුද්ධික

      එහෙම නම් එච්චරයි...

  43. jagath55

    Thanks and get well soon

    1. Anonymous

      Get well soon brother ❤️

  44. Anonymous

    get well soon machan....!

  45. Ranasinghe

    බුදුසරණයි වෙවෙකිව ඉන්න

  46. Krishantha

    Get well soon bro...

    1. Ravindu

      Get well soon bro..

  47. Anonymous

    ඉක්මනට සනීප වෙයි අයියට!!! ලෝකෙ හැමෝමවත් !!!

  48. sumith

    get well soon

  49. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  50. Buddhika Lakmal

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
    get well soon brother......

Load more comments