Watch Trailer

Die in a Gunfight (2021) Sinhala Subtitles | මැරෙන්න හොඳම විදිහ… [සිංහල උපසිරසි] 18+

ඔන්න එහෙනම් අදත් බයිස්කෝප් අඩවියට ආවේ අළුතෙන් නිකුත් වුන සිනමාපටයකට උපසිරසියක් අරගෙනයි. මුලින්ම චාමර අයියට බොහොම ස්තූතියි මේ සිනමාපටය මට වෙන් කරලා දුන්නට, ඒවගේම මතක් කර කර දිරිගන්වපු හසන්ත අයියටත් බොහොම ස්තූතියි. මේක ටිකක් හදිසියේ ලියන ලියුමක් ඒක නිසා ටිකක් අවුල් වෙන්න පුළුවන්. ඒකට සමාවෙන්න. අපි එහ…

ඔන්න එහෙනම් අදත් බයිස්කෝප් අඩවියට ආවේ අළුතෙන් නිකුත් වුන සිනමාපටයකට උපසිරසියක් අරගෙනයි. මුලින්ම චාමර අයියට බොහොම ස්තූතියි මේ සිනමාපටය මට වෙන් කරලා දුන්නට, ඒවගේම මතක් කර කර දිරිගන්වපු හසන්ත අයියටත් බොහොම ස්තූතියි. මේක ටිකක් හදිසියේ ලියන ලියුමක් ඒක නිසා ටිකක් අවුල් වෙන්න පුළුවන්. ඒකට සමාවෙන්න. අපි එහෙනම් ෆිල්ම් එක ගැන තොරතුරු ටිකක් බලමු.

නිල වශයෙන් නිකුත් වුන දිනය : 2021 ජූලි මස 1 වෙනිදා
අධ්‍යක්ෂකවරයා : Collin Schiffli
වැය වූ පිරිවැය : ඇමරිකානු ඩොලර් මිලියන 4
IMDb අගය : 4.4
කුණු තක්කාලි අගය : 19%

හරි ඔන්න ඒ ටිකත් හරි, රේටින්ස් දිහා බලලා ෆිල්ම් එක බලන්නේ නැතුව යන්න එපා. හැබැයි බලලා ඉවර වෙලා මේක මෙලෝ රහක් නෑනේ කියලා කියන්නත් එපා. මේක…. ටිකක් විනෝදයට බලන්න පුළුවන් එකක්. ඒත් මේක හරියටම රස විඳින්න නම් නිදහසේ හැම දෙබසක්ම හොඳට කියව කියව බලන්න. එතකොට තේරෙයි මේකේ ගැඹුරු තේරුම.

මේ කතාවේ සිදුවීම් කීපයක් එකතුවෙලා එක ලස්සන මොහොතක් හදන හැටි ගැනයි තියෙන්නේ, බලන්නකෝ එයාලා එකතු වෙන විදිහේ ලස්සන. බෙන් ගිබන් කියන්නේ මේකේ ප්‍රධාන චරිතය මෙයාට රඟපාන්නේ Diego Boneta , ඒවගේම මේරි රැත්කාට් කියන්නේ මේකේ අනික් ප්‍රධාන චරිතය ඒක රඟපාන්නේ අපේ Alexandra Daddario අක්කා. ඇත්තටම කිව්වොත් මෙයා නිසාම තමා මම මේක භාරගත්තෙත්. මේ බෙන් ගිබනුයි, මේරි රැත්කාටුයි ආදරවන්තයෝ දෙන්නෙක් ඒත් මෙයාලගේ තාත්තලා දෙන්නා ඒ කියන්නේ හෙන්රි ගිබනුයි, විලියම් රැත්කාටුයි කියන්නේ පවුලෙන් පැවතගෙන එන පරම හතුරෝ. මෙයාලගේ වෛරය එන්නේ දෙවන ලෝක යුද්ධ කාලේ ඉඳලා. මේ අතරේ මේ කතාවට තවත් චරිතයක් එන්ටර් වෙනවා. එයා තමා ටෙරන්ස් උබරාල්.

ඉතින් මේ දෙන්නගේ ආදරයට මේ වෛරය හරස් වෙයිද?
මේ ටෙරන්ස් මොනවගේ කෙනෙක්ද?
එයත් මේ ආදරයට බාධා කරයිද?
ඔයාලා මැරෙන්න කැමති මොන විදිහටද?
මේ බෙන් නම් මැරෙන්න කැමති වෙඩි හුවමාරුවකදි,
ඉතින් ඇත්තටම එයා එහෙම වෙඩි හුවමාරුවකින් මැරෙයිද?
එහෙනම් ඔන්න රස විඳින්න ඇරයුම්..!

“ශ්‍රී ලංකාව තුල ඇතිවී තිබෙන අවදානම් තත්ත්වය පහව යනතුරු සැමදෙනාම සෞඛ්‍ය අමාත්‍යාංශයේ උපදෙස් පිළිපදින ලෙසත් ඉල්ලමින් මම සමුගන්නවා”

පුරුදු පරිදි තවත් උපසිරසියකින් හමුවෙනතුරු ඔබ සැමට ජයෙන් ජය… අඩුපාඩු ගැන කමෙන්ට් කරන්න අමතක කරන්න එපා…

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි BluRay පිටපත් සඳහා අදාළ වේ.

6,427 downloadsDownload Die.in_.a.Gunfight.2021.zip47 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිර්මාල් විමුක්ති (S.K.)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2020-01-19
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

නිර්මාල් විමුක්ති

Subtitles

6,427 downloadsDownload Subtitles47 KB

25 comments

  1. Pasiya

    Thank U Broo...

  2. Anonymous

    Netrikann – 2021 sub plz

  3. Suranjan

    Thanks jayawewa....!

  4. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    Request:
    Vivo (2021)
    Color Out of Space (2019)
    Beckett (2021)

  5. Nishan S Ariyarathna

    තැන්ක්ස් සහෝ

  6. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  7. indika75

    thanks..

  8. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  9. Anonymous

    Sub ekata thanks! 'Beckett' film ekatath sub denna

  10. Anonymous

    thnx

  11. jagath55

    thanks

  12. sanjaya

    aka patta.. thanks malli

  13. Anonymous

    thanks

  14. Pramukmili

    Thanx bro............

  15. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  16. Buddhika Lakmal

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  17. Sahan

    thanks a lot saho sub ekata

  18. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!

  19. Nimza

    Meke download denne nahne wena web walatane ynne

  20. raveen

    ko sub nahne boruwane karnne ,,,wena site walatane ynne

  21. Gayani sanjana

    #Request Braidmaids 2011
    Aneee mekata sub eka dennakoo

  22. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  23. Dewadithya

    Thanks for Sub!

  24. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  25. Janithadilan

    Thanks bro