ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ ශාහිඩ් කපූර් රංගනයෙන් දායක වෙන අළුත්ම චිත්‍රපටය. මේක Sleepless Night(2011) ප්‍රංශ චිත්‍රපටයේ රීමේක් එකක්. ඒ වගේම ඒ ෆිල්ම් එක පාදක කරගෙන thoongaavanam(2015) නමින් දමිල චිත්‍රපටයකුත් Sleepless(2017) නමින් ඉංග්‍රීසි චිත්‍රපටයකුත් නිපද වෙලා තියෙනවා. ඔරිජිනල් එක බැලුවට මේකත් බ…

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ ශාහිඩ් කපූර් රංගනයෙන් දායක වෙන අළුත්ම චිත්‍රපටය. මේක Sleepless Night(2011) ප්‍රංශ චිත්‍රපටයේ රීමේක් එකක්. ඒ වගේම ඒ ෆිල්ම් එක පාදක කරගෙන thoongaavanam(2015) නමින් දමිල චිත්‍රපටයකුත් Sleepless(2017) නමින් ඉංග්‍රීසි චිත්‍රපටයකුත් නිපද වෙලා තියෙනවා. ඔරිජිනල් එක බැලුවට මේකත් බැලුවට පාඩුවක් වෙන්නෑ මොකද මේකෙ ඔරිජිනල් එකට වඩා යම් යම් වෙනස්කම් තියෙනවා. හැබැයි මගේ පෞද්ගලික කැමැත්ත නම් තියෙන්නෙ ඔරිජිනල් ප්‍රංශ චිත්‍රපටයට. එහෙනම් මේ ෆිල්ම් එක පැත්තට හැරෙමු. මේක නිකුත් වුණේ ජූනි 09 වෙනිදා ජියෝ ස්ටූඩියෝස් හරහා. මේක අධ්‍යක්ෂණය කළේ Ali Abbas Zafar විසින්. එයාම තමයි සල්මන් කාන්ගෙ Sultan චිත්‍රපටයත් Tiger Zinda Hai චිත්‍රපටයත් අධ්‍යක්ෂනය කළේ. තව මේකට රංගනයෙන් දායක වෙනවා Shahid Kapoor / Diana Penty / Ankur Bhatia / Sanjay Kapoor / Rajeev Khandelwal / Amy Aela යන අය.ප්‍රේක්ශක මනාප ගැන කතා කලොත් මේ වෙනකොට මේ ෆිල්ම් එකට මනාප 8000 වැඩි ප්‍රමානයකින් IMDb 7.7 ඉහල අගයක් ගන්නත් සමත්වෙලා තියෙනවා. ඒ වගේම මේකෙ තව ලස්සන සිංදු ටිකකුත් තියෙනවා.

කතාව ගැන කියනවා නම්, මේක පටන් ගන්නේ සුමීර් සහ ජග්ගි කියල දෙන්නෙක් කෝටි පනහක් වටින කොකේන් ටිකක් හොරකම් කරන තැනකින්. එහෙම හොරකම් කළාට ඇත්තටම ඒ දෙන්න මත්ද්‍රව්‍ය නිවාරණ දෙපාර්තමීනිතුවේ වැඩ කරන දෙන්නෙක්. මේ හොරකම නිසා සුමීර්ගෙ ජීවිතේ සෑහෙන්න වෙනස් වෙන්න ගන්නවා. ඒ කියන්නෙ එයා අර හොරකම් කරපු කොකේන් ටික අයිති ලොකු බිස්නස්කාරයෙක් වුන සිකන්දර්ට. සිකන්දර් ඒ නැතිවුණ කොකේන් ටික ගන්න සුමීර්ගෙ පුතාව පැහැර ගන්නවා. පස්සෙ සුමීර් තීරණේ කරනවා ඒ කොකේන් ටික ආයෙත් දීල පුතාව අරගන්න. හැබැයි ඒව ඉස්සුව තරම් ආයෙ ඒ ටික දෙන්න ලේසි වෙන්නෑ. ලොකු ලොකු කරදර වලට මුහුන දෙන්න වෙනව වගේම නොසිතූ රහස් ටිකකුත් මේත් එක්කම එළිවෙන්න ගන්නවා. ඒවා බලාගන්න ඕන්නම් මේ ෆිල්ම් එක අරන් බලන්නම වෙනවා.

එහෙනම් මීට වඩා මුකුත් කියන්න යන්නෑ හොඳ ක්‍රියාදාම චිත්‍රපටයක් බලන්න කැමති අය ඉන්නවා නම් මේක අරන් බැලුවට පාඩුවක් වෙන්නෑ. ඒ වගේම මටත් පොඩි ආසාවක් තිබ්බ හින්දි චිත්‍රපටයකට උපසිරැසි යොදන්න, ඔන්න එහෙනම් මේ විදිහට බ්ලඩී ඩැඩී ෆිල්ම් එක හරහා ඒ ආසාවත් ඉශ්ටකර ගත්තා මගේ පලවෙනි ඉන්දියානු උපසිරැසිය විදිහට. එහෙනම් තව උපසිරැසියකින් හමුවෙමු. ජයවේවා!

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා ලබා දි ඇත.

34,456 downloadsDownload Bloody.Daddy_.2023.zip39 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “Bimsara Yashan (ඔලිව)” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2020-01-04

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

Bimsara Yashan (ඔලිව)

Subtitles

34,456 downloadsDownload Subtitles39 KB

15 comments

  1. චමරි

    නියමයි නියමයි ආ හින්දි වලටත් බැස්සා එහෙනම් නේහ්

  2. Achi

    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
    Typing හැකියාව හා English දැනුම තව තවත්
    වැඩිවේවා…✌

  3. Kasun Upeksha

    Thank you Bimsara......

  4. Kasun Widusha

    බොහෝම ස්තූතියි උපසිරසියට

  5. Madusha

    බොහොම ස්තූතියි

  6. Buddhika Lakmal (laKMal)

    තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  7. Sahan Gayantha

    thanks a lot saho sub ekata

  8. Hashan

    Thnx bro❤️

  9. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..

  10. Tharidu sanjana

    Good luck❤️

  11. සාරංග J ලියනගම

    Thanks

  12. Anonymous

    Thanks Brother

  13. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  14. mindika

    Thanks !!!

  15. Shane de Silva

    Thanks for the subtitle. Keep it up the good work.