Watch Trailer

Fast X (2023) Sinhala Subtitles | විනාශයට මුල පවුලද? [සිංහල උපසිරැසි]

FAST X.. ම් ම් ම්. මේ ගැන මොනාද කියන්නෙ…. මේ ෆැන්චයිස් එක ගැනනම් ‘meh’ කියන ෆීලීන් එක තමයි බහුතරේකට තියෙන්නෙ. හැබැයි ඉතින් කොච්චර අවුල් උනත් මේ ෆිල්ම් වල තියටරිකල් එක්ස්පීරියන්ස් එකනම් උපරිමෙන් තියෙනව. එන්න එන්න ලොජික් ලෙෆ්ට් උනත් තියටර් එකක එක්ස්පීරියන්ස් එක උපරිමෙන් විඳින්න පුලුවන් මේ ෆැන්චයිස් එ…

FAST X.. ම් ම් ම්. මේ ගැන මොනාද කියන්නෙ….

මේ ෆැන්චයිස් එක ගැනනම් ‘meh’ කියන ෆීලීන් එක තමයි බහුතරේකට තියෙන්නෙ. හැබැයි ඉතින් කොච්චර අවුල් උනත් මේ ෆිල්ම් වල තියටරිකල් එක්ස්පීරියන්ස් එකනම් උපරිමෙන් තියෙනව. එන්න එන්න ලොජික් ලෙෆ්ට් උනත් තියටර් එකක එක්ස්පීරියන්ස් එක උපරිමෙන් විඳින්න පුලුවන් මේ ෆැන්චයිස් එකෙනේ.

2001 දි ආපු The Fast and the Furious ෆිල්ම් එකෙන් පටන් ගත්ත ගමන 2023 වෙනකොට අවුරුදු 22 ඇතුලෙ ෆිල්ම් 10ක් වගේම ෂෝට් ෆිල්ම් දෙකක් වගේම එක ස්පින්ඕෆ් ෆිල්ම් එකකිනුත් සමන්විත උනා. ඒ වගේම මේ ෆැන්චයිස් එක බේස්ඩ් කරගත්ත ඇනිමේෂන් සීරිස් එකකුත් නෙට්ෆ්ලික්ස් එකට ආවා.

DVD හොරුන්ගෙන් පටන් ගත්ත ගමන ටික ටික එතනින් එහාට ගිහින් ජාත්‍යන්තර ගේම් කාරයෝ ටිකක් වෙලා තියෙනවා. ඒ ගැනනම් කතා නොකර ඉමු අපි. මුල් ෆිල්ම් පහ අතරේ මේ ෆැන්චයිස් එක අති සාර්තක විදියට ගෙතෙනවා. ඒ වගේම හය සහ හත ෆිල්ම් දෙකත් ශේප් එකේ ගොඩ යනවා. කතාව වෙනස් වෙන්නේ මේ අතරතුරේ. ඒ හත්වෙනි ෆිල්ම් එකේ ෂූටින් අතරමැද තියෙන කාලයේ ප්‍රධාන නලුවෝ දෙන්නගෙන් එක්කෙනෙක් උන පෝල් වෝකර්ගේ මරණයත් එක්ක.

7 ෆිල්ම් එකේ ඉතුරු කොටස් පෝල්ගේ සහෝදරයත් එක්ක එකතු වෙලා ඉවර කරනවා. ඒ වගේම ⁣ෆිල්ම් ඉතිහාසෙ අපූරු සංවේදී අවසානයක් එක්ක පෝල්ට ගෞරවනීය අවසානයක් ලබාදෙනවා. බහුතරයක් රසිකයන්ට මේ ෆැන්චයිස් එක ඒ අවසානයත් එක්ක හත්වෙනි ෆිල්ම් එකෙන් ඉවර උනා. මේ ෆැන්චයිස් එකේ කන්ට්‍රෝල් එක අතට ගත්ත වින් ඩීසල් කිව්වා තව ෆිල්ම් තුනකින් පස්සෙ මේ ෆැන්චයිස් එක ඉවරයක් කරනවා කියල. වින් මේක ඇදන් යන්න ලොකුම හේතුව උනේ එයාගේ සාර්තක ෆැන්චයිස් එක මේක උන එක. සල්ලි හම්බෙන චාන්ස් එක මිස් කරගන්න ස්ටූඩියෝ එකවත් කැමති වෙය්යැ. එයාලත් වින්ට සප් එක දෙනවා.

ඒ නිසා ආපු Fate of the Furious සහ F9 ගැන අපි කතා නොකර ඉමු. ඒ අස්සෙ තරහ වෙලා අයින වෙලා ගිය රොක්ට ස්පින්ඕෆ් ෆිල්ම් එකකුත් දෙනවා. ඔන්න ඒ අස්සෙ වින් නිවේදනය කරා අවසානය වෙන්න තිබුනු දහවෙනි ෆිල්ම් එක කොටස් දෙකකට කඩනවා කියල ඒ Fast and furious 10 part 01 සහ part 02 කියල. ඇයි ඉතින් 7-8 දෙකම බිලියන් ඩොලර් ආදායමක් අරන් දුන්නා වගේම කොරෝනා අස්⁣සෙ ආපු 9ත් කොරන්ටීන් අස්සෙ පවා මිලියන 700ක ආදායමක් අරන් දුන්නනෙ. එහෙම එකේ එක දෙක කරල ගන්න එක පාඩුයැ. ස්ටූඩියෝ එකත් උඩින්ම අවසරේ දුන්න නිසා ෆිල්ම් දෙකකට මේක කැ⁣ඩුනා.

මේ ෆැන්චයිස් එක එන්න එන්න අවුල් වෙද්දි වින් ජනප්‍රිය තරු මේකට එකතු කරගන්න පටන් ගත්තා. ජේසන්, ලුක් එවන්ස්, චාර්ලිස් තෙරෝන්, ජෝන් සීනා, කාර්ඩි B, ටෝනි ජා, කර්ට් රසල්, ස්කොට් ඊස්වුඩ් වගේ අය වගේම කලින් ෆිල්ම් එකක මැරුනු හාන් වත් මරනෙන් නැගිට්ටෙව්වා.ඔන්න ඒ විදියට Fast X එකටත් සුපිරි තරු ගණනාවක් එකතු කරගත්තා. ජේසන් මොමෝආ, ඇලන් රිට්ච්සන්, බ්‍රී ලාර්සන් මේ පාර එකතු උනා.

මේ පාර ෆිල්ම් එක පස්වෙනි ෆිල්ම් එකට සීක්වල් එකක් වගේ. Fast Five එක්ක FAST X එක ලස්සනට ගලපලා තියෙනවා. පහේ විලන් උන රේයස්ගේ පුතා විදියට ජේසන් මේ පාර විලන් විදියට එකතු වෙනවා. ඒ අවුරුදු දහයක පලිගැනීමේ ප්ලෑන් එක්ක, නිකම් නෙමෙයි බැකප් ප්ලෑන් බර ගානක් එක්ක

ගොඩක් අය ෆිල්ම් එකේ ප්ලොට් එකට MEH කියල කිව්වත් ප්‍රඩක්ෂන් කොලිට් එක උපරිමෙන් තියෙනව. ඒ වලේම සිංදු ටිකත් ලස්සනට තියෙනවා. Part 2 විදියට 11 වෙනි ෆිල්ම් එක වගේම ස්ටූඩ්යෝ එක ඉල්ලපු විදියට 12කුත් ආවත් තියටර් එකකම බලන්න හිතෙන ෆැන්චයිස් එකක් මේක.

ලිපිය : තිසර නියෝ.

 

Director: Louis Leterrier

Writers: Dan Mazeau, Justin Lin, Zach Dean

IMDB Ratings : 6.0

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය WEB / Blu-Ray පිටපත් සඳහා ලබා දි ඇත.

64,102 downloadsDownload Fast-X-2023-Blu-Ray.zip283 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [විමා]” සොහොයුරාට සහ “රංග ප්‍රසන්න” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

64,102 downloadsDownload Subtitles283 KB

27 comments

  1. Nuwan

    Sub ekata thanks

  2. Sumudu

    ස්තුතියි sub එකට....
    පොඩි request එකක්,
    Ben Affleck ගේ AIR(2023) සහ Ridley Scott Direct කරපු Thelma & Louise (1991) movies 2කට sub දෙන්න.....

    1. Lasantharathnasirirox

      බොහෝම ස්තුතියි ඔබ දෙදෙනාටම..ජයවේවා !!

  3. Shaggy

    Thank you

  4. Madusha

    බොහොම ස්තූතියි

  5. Roshan

    Thnx bro...Great job...Good luck...

  6. Sahan Gayantha

    thanks a lot saho sub ekata

  7. Anonymous

    Air 2023 subtitles upload plz

  8. Anonymous

    Air 2023 subtitles plz

    1. Anonymous

      ♥️

  9. Anonymous

    Thanks brother for the Subtitle.

  10. Buddhika Lakmal (laKMal)

    තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  11. Anonymous

    Meke sub wada nane mchn mona eka gattat ai e

  12. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..

  13. Anonymous

    Thanks Brother

  14. chanaka.n.k

    tanka bro

  15. Nishan

    Thanx bro

  16. Dewadithya

    Thanks for Sub!

  17. Anonymous

    නියම රිවිව් එක තිසර බ්‍රො, ආලවට්ටම් නෑ කියන්න ඔන දේ කෙලින්ම කියක තියනව, සුපිරි :)

  18. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ...!

  19. Anonymous

    Thanks

  20. Arawinda Sunimal

    ස්තුතියි උපසිරසියට ජයවේවා - බුදු සරණයි .......

  21. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  22. Vinusha R

    Thank you...!

  23. SUNI

    THANKS

  24. Sadeepa

    Thanks for the sub.......

  25. Gihan

    උපසිරැසියට ස්තුතියි!